Sunday, December 28, 2014
Thursday, November 20, 2014
ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සංවිධානයේ ගරු සභාපති ගොඩ්ප්‍රී යොගරාජා පාප් වහන්සේ මුණගැසේ
ගොඩ්ප්‍රී යොගරාජා මහතා ජගත් ක්‍රිස්තියානි ධර්මදානිය සන්දානයේ ආගමික නිදහස පිළිබද කොමිසමේ විධායක අධ්යක්ෂවරයා(WCEA) සහ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්දානයේ වර්ථමාන සභාපතිවරයා වේ. ඔහු පසු ගිය දා ලෝක එවැන්ජලිස්ත සංවිධානයේ ප්‍රධානින් සමග පාප් වහන්සේ හමු විය.
Thursday, October 30, 2014
2 වන පරිච්ජේදය - සෝදිසියේදී දේව කැමැත්තට භාරවීමේ සිත
(02) සෝදිසියේදී දේව කැමැත්තට භාරවීමේ සිත
කි‍්‍රස්තුස් ජේසුස්වහන්සේ තුල තිබුනාවු සිතම නුඹලා තුලත් තිබේවා. ‘‘පියාණෙනි, ඔබ කැමතිසේක් නම්, මේ කුසලාන මාගෙන් පහකළ මැනව. එසේ වී නමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවයි කී සේක.” (ලූක් 22:42)
මේ ආකාර දේව කැමැත්තට භාරවීමක් කුමන අයෙක් විසින් කරන ලද්දේද? කි‍්‍රස්තුස්වහන්සේගේ ජිවිතයම දිගු ස්ව ත්‍යාගයෙන් යුතු ජීවිතයක් විය. එය දිනපතා මරණයට පත්වීමේ ජීවිතයක් විය. බෙත්ලෙහෙම් සිට කල්වාරිය දක්වා එම අත්දැකීම විය. අන්තයේදී කුරුස ගසේදී උන්වහන්සේ ප්‍රාණය පියාණන්ට භාර කළ සේක. මෙම වේදනා විඳීමේ වන්දනා ගමන සිහි කරන්න. සියලූ වේදනාවන් දරා ගත් ජීවිතයක් අතර ජේසුස්වහන්සේ ඒ පිළිබඳ කෙඳිරීමක් නොමැතිව යටත්වු සේක. මාගේ කැමැත්ත ලෙස නොව ඔබගේ කැමැත්ත ලෙස වේවායි පියාණන්ගේ කැමැත්තට භාර වු සේක. ජේසුස්වහන්සේගේ ජීවිතයේ ආදර්ශ පාඨය වුයේ දේව කැමැත්ත කිරීමය. එය විශ්මිත ජීවිතයකි. උන්වහන්සේ මෙළොවට පැමිණීම ප්‍රකාශ වුයේ,
Wednesday, October 29, 2014
1 වන පරිච්ජේදය - ජේසුස්වහන්සේගේ දයා අනුකම්පාවේ සිත
(01) ජේසුස්වහන්සේගේ දයා අනුකම්පාවේ සිත
‘‘මම සමුහයා කෙරෙහි අනුකම්පා ඇත්තෙමි.”(මාර්ක් 8:2)
උන්වහන්සේ ජනයාට කොපමණ අනඟි ආදර්ශයක්ද? උන්වහන්සේගේ මෘදු අනුකම්පාවෙන්, උන්වහන්සේ ලෝකය මැවු සේක. උන්වහන්සේ ලෝකය මිදීමට ආ සේක. බෙතෙස්දා පොකුණ අසල සිටි අන්ධ කොර ආබාධිත යහන්වල වැතිර සිටි ජනයා කෙරෙහි අනුකම්පාවෙන් ඔවුන් සුව කළ සේක. දුක්ඛිත ජනයාගේ හඬ උන්වහන්සේ දෙසවනට සැම දෙසින්ම යොමු විය. බෙතෙස්දා පොකුණ වටා හැසිරෙමින් මනුෂ්‍යයින් කෙරෙහි අනුකම්පාව දක්වමින් ඔවුනට සහනයදීම උන්වහන්සේගේ සතුට විය. දුක් වේදනාවන්ගේ සිහින් ශබ්දයට උන්වහන්සේ නැවතී සවන් යොමු කළ සේක. එම අපරිමිත පේ්රමයයේ උල්පත ඔවුන් වෙත ගලා ගියේය.
කි‍්‍රස්තුස්වහන්සේගේ සිත - හැදින්විම
හැදින්විම
කි‍්‍රස්තුස් ජේසුස්වහන්සේ තුළ තිබුණු සිතම නුඹලා තුලත් තිබේවා. (පිලිප්පි 2:5) දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ජිවත්වන පිණිස එම සිත ආයුධයක් කොට පැළඳගනිල්ලා. (1 පේතෘස් 4:1) ජේසුස්වහන්සේගේ සිත මෙය කෙතරම් අනඟි අධ්‍යයනයක්ද? මෙය යම් පමණකින් හෝ දැනගැනීම දේව දුතයින්ගේ චින්තනය වෙයි. එය ඔවුනට ඉක්මනින් ඉහළ නැඟිය හැකි කරුණක් නොවේ.
උන්වහන්සේගේ පුත්‍රයාණන් ස්වරූපයට සමාන වීම මෙය සදාකාලය සඳහා දෙවියන්වහන්සේ විසින් පුර්වයෙහි සැලසුම් කරන ලද සැලසුම වෙයි. අපි උන්වහන්සේට සමාන වෙමු. මෙය ස්වර්ගය පිළිබඳ බයිබලීය චිත්‍රය වේ. මින් පෙර ප්රකාශණය කි‍්‍රස්තුස්වහන්සේගේ ශී‍්‍ර මුඛයෙන් නික්මුණ කරුණාවේ වඳන් ගැන අපි සැලකුවෙමු. මෙම වර්තමාන අධ්‍යයනයේ අපි උන්වහන්සේගේ ශුද්ධ චරිතයේ මුහුණුවර පිළිබඳ සලකා බලමු. ඒවා උන්වහන්සේගේ ඉගැන්වීම් තුල ඇතුලත්ව ඇත.
Tuesday, October 28, 2014
යේසුස් වහන්සේගේ සිත
යේසුස් වහන්සේගේ සිත
ජෝන් රොස් මැක්ඩෆ් විසින් රචිත යේසුස් වහන්සේගේ සිත නැමැති කෘතියේ සිංහල පරිවර්ථනය කොටස් වශයෙන් හිමිදින මගින් ඔබ හට ඉදිරියේ දී ඉදිරිපත් කරන්නෙමු. ඉතාමත් වැදගත් හා අනගි මාතෘකාවක් ඔස්සේ පලවන ලිපි ඔබගේ ආත්මික පිපාසය සංසිදවිමට මහගු අත්වැලක් වනු නිසැකය.
ජෝන් රොස් මැක්ඩෆ් (1818 මැයි -1895) අප්‍රියෙල් ස්කොට් ජාතික කි්රස්තියානි ලේඛකයෙක් සහ දේවගැතිවරයෙකි. ඔහු බි්රතාන්යයේ එඩින්බරින් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරුවේය. 1843 දී දේවගැතිවරයෙකු ලෙස ආලේපය ලැබීය. ඔහු වර්ෂ 15ක කාලයක් දේශනා කළ අතර වැඩි වර්ෂ ගණනාවක් ලිවීම සඳහා යෙදවීය.
ජෝන් රොස් මැක්ඩෆ් (1818 මැයි -1895) අප්‍රියෙල් ස්කොට් ජාතික කි්රස්තියානි ලේඛකයෙක් සහ දේවගැතිවරයෙකි. ඔහු බි්රතාන්යයේ එඩින්බරින් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරුවේය. 1843 දී දේවගැතිවරයෙකු ලෙස ආලේපය ලැබීය. ඔහු වර්ෂ 15ක කාලයක් දේශනා කළ අතර වැඩි වර්ෂ ගණනාවක් ලිවීම සඳහා යෙදවීය.
Mind of Jesus - යේසුස් වහන්සේගේ් සිත
පරිවර්තනය -සභාපාලක බැසිල් සී' ප්‍රනාන්දු
කතෘගේ අනෙකුත් පොත්
Prophet of fire ගින්නේ අනාගතවක්තෘ
Memories of Bethany බෙතානියේ මතකයන්
Memories of Geneserath ගෙනසරනයේ මතකයන්
Shepherd and his flock ඒඩේරා සහ රැළ
Comfort
Ye සනසාලන්න
Golden Gospel රුවන් ශුභාරංචිය
Morning
& Night Watche උදෑසන සහ රාති‍්‍රයේ මුරය
Story
of a Dewdrop පිණි බිඳුවක කථාව
ශ්‍රී ලංකාවේ කතෝලිත සභාව පිළිබද ඒවැන්ජිකල් (ධර්මදානිය) හා පෙන්තකොස්ත සභා දැක්මේ ප්රතිආවර්ජනාවට ඇරයුම් . හරිම් පීරිස්
ඔවුන් සියල්ලන් ඒකත්වයක් වන පිනිසත් , පියවු ඔබ මා තුලෙහිද මා ඔබ තුලෙහිද සිටින්නාක් මෙන් ම ඔබ මා එවු බවට ලෝකයා විශ්වාස කරන පිනිසත් , අප තුල ඔවුන් ඒකත්වයක් වන පිණිස යාච්ඤා කරමි.
යොහාන් 17:21
සම්පුර්ණ ලිපිය....................
යොහාන් 17:21
සම්පුර්ණ ලිපිය....................
Monday, October 13, 2014
අවසාන කාලය පිළිබඳ හැදැරිමේදි ඔබ අවධානයට ලක් යුතු මුලික කරුණු
අවසාන කාලය පිළිබඳ හැදැරිමේදි
ඔබ අවධානයට ලක් යුතු මුලික කරුණු
අවසානය පිළිබඳ ඉගැන්වීම ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය
එනම්
1 පුද්ගල අවසානය
2 පොදු අවසානය
පොදු අවසානය පිළිබඳ ඉගැන්වීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණිමට අදාල කරුණු හා අලූත් අහස, අලූත් පොළව මැවීම දක්වා කරුණුද ආවරණය වේ.
පුද්ගලයෙකුගේ අවසානය පිළිබඳ ඉගැන්වීමට අදාල වන්නේ පුද්ගලයෙකුගේ මරණයේ සිට ඔහු නැවත නැගිටිමේ ශරීර පැළඳ ගන්නා තුරු කාරණය.
ඡෝන් වැල්වුඩ් නැමති කිතුණු ආචාර්යවරයා මෙසේ ප්‍රකාශ කරයි. එනම්, බයිබලීය අවසාන කාලය පිළිබඳ ඉගැන්වීම විධිමත් දේව ධර්මයේ මුදුන් මල්කඩ ලෙස හැදින්විය හැකිය. එය කිතුණු ඡිවිතය හා බලාපොරොත්තුවේ උච්ච අවස්ථාව පමණක් නොව එය දේව ධර්ම අධ්‍යාපනයේ අධ්‍යාපන අන්තය හා පරිසමාප්තිය ද පමණක් නොව එය දේව ධර්ම අධ්‍යාපන දක්ෂතාවයේ උතුම් ප්රදර්ශණයද වේ. මෙහිදී ක්‍රිස්තුස්වහන්සේගේ පුද්ගලභාවය පිළිබඳ ඉගැන්වීමට අමතරව වෙනත් කිසිම අන්තයකටත් වඩා බයිබලයේ අර්ථය පිටතට ගෙන ඒම, සංකලනය, අර්ථකථනය සහ දේව ධර්ම විදි ප්රකාශණයද සිදුවේ, නිවැරදි විනිශ්චය සඳහා වචනාර්ථයෙන් උගන්වා ඇති දෙය ආත්මික අර්ථයෙන් හා උපහැරණ ලෙස ඉගැන්වු දේ හා සන්සන්ධනය කල යුතුය. පුරාණ ගිවිසුමේ හා නව ගිවිසුමේ දෙවියන්වහන්සේ විසින් දී ඇති මුළු එළිදරව්ව අතර අනුරූපත්වය, අවිරෝධිභාවය ඒ සඳහා පවත්වා ගැනිම අවශ්‍යය. ප්රතිවිරෝධතාවයක් නොමැතිව අනාගත වාක්‍යය සම්බන්ධ ඉතා සියුම් විස්තර පවා සැලකිය යුතුය. සහතික ලෙස හා පැහැදිලි ලෙස එළිදරව් කර තිඛෙන කරුණුු අතර හා තවදුරටත් පැහැදිලි නැති කරුණු අතර ප්‍රවේසම් ලෙස වෙනස නිරික්ෂණය කළ යුතුය. ප්‍රධාන කාරණා, ප්‍රධාන නොවන කාරණාවලින් වෙන්කර හදුනා ගත යුතුය. කරුණු පරික්ෂාකිරීමේදී සම්පුර්ණ වු හා සම්පුර්ණ නොවු අනාගත වාක්‍යයන් පිළිබඳ අවශ්‍යය ලෙස සැලකිලිමත් විය යුතුය. ඉටු වු අනාගත වාක්‍යයන් ඉටුවීමට ඇති අනාගතවාක්‍යයන් සඳහා මඟ පෙන්වයි.
Sunday, September 28, 2014
ශුද්ධාත්ම පුර්ණත්වය ලබාගන්නේ කෙසේද?
ශුද්ධාත්ම පුර්ණත්වය ලබාගන්නේ කෙසේද?
පහත දැක්වෙන්නේ ශුද්ධාත්ම බෞතිස්මය ලැබීම සඳහා ඉදිිරිපත්වු දහස් ගණනකට දෙනු ලැබු උපදේශණයකි. ඔවුන් කෙරෙහි හස්ත තැබීමෙන් අනතුරුව ඔවුන් සෑම අයෙකුම පාහේ ශුද්ධාත්ම බෞතිස්මය ලැබුහ. (කි‍්‍රයා 2:2)
ඔවුන් මෙම පහත සඳහන් උපදෙස් අනුව කි‍්‍රයා කළහ. යහපත් ජනයා වන ඔබ හට මෙම ශුද්ධාත්ම බෞතිස්මය ලැබීම පිළිබඳ කරුණ කථා කිරීමේදී, මා පළමුව විශ්වාස කරන්නේ ඔබ සෑම අයෙක්ම පළමුකොට ගැළවීම ලැබු අය බවය. එසේ නොවන්නේ නම් ඔබ මෙහි සිටීයයි මම බලාපොරොත්තු නොවෙමි.
Wednesday, August 13, 2014
Tuesday, August 12, 2014
Monday, August 11, 2014
ලකුණු ගහන්න අවස්ථාව ලැබෙන්න කියලා දෙවියන්ට යාඥා කළා – ඇන්ජලෝමැතිව්ස්
පකිස්තානයට එරෙහිව ඊයේ (ඉරිදා) අවසන් වූ තරඟයේ අවසන් පන්දු වාර 15ල බාධාවකින් තොරව ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස තමන් දෙවියන්ට යාඥා කරමින් සිටි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
ර්ණයාඥා කරමින් සිටියේ මුළු වෙලාවෙම අපිට ගහන්න ලබෙයි කියලාල අවසන් පන්දුවාර 15 ” පකිස්තානය කඩුළු හතකින් පරාජය කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේය.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භයේ සිට ම වර්ෂාව ඇද වැටීමේ ලකුණු දක්නට ලැබුණු අතර පන්දු යවන්නන්ට මෙන්ම ශ්‍රී ලංකා පිතිකරුවන්ට වර්ෂාව සමග ද සටනක නිරත වීමට සිදු විය.
කෙසේ නමුත් වර්ෂාව ඇදහැලීමට විනාඩියකට පමණ පෙර තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.
"ඕවර 5ක් තියෙද්දී විනිසුරුවන් කිව්වා මේක තමයි අන්තිම ඕවරේ කියලා. මෙතනින් එහාට අපිට ගහන්න බැහැ කියලාල ඉතින් මම යාඥා කළා කොහොම හරි මේ ලකුණු ගහන්න අවස්ථාව ලැබෙන්න කියලා”
"අපිට වාසනාව තිබුනා. මම ජයග්‍රාහී ලකුණ ගත්තත් එක්කම වහින්න පටන් ගත්තා. අපි ඒකට දෙවියන්ට ස්තුති වෙන්න ඕනේ” ඇන්ජලෝ මැතිව්ස් තවදුරටත් පැවසීය.
මෙම ජයග්‍රහණය මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට කළ සේවයට ලබා දුන් තිළිණයක් බව පැවසූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා එම ජයග්‍රහණයට මූලිකත්වය දුන් රංගන හේරත් ගැන ද සදහනක් කිරීමට අමතක නොකළේය.
"පසුගිය තරඟ තුනට පමණක් ඔහු පන්දු වාර 250 කට වඩා යවල තියෙනවාල ඔහුගේ දණහිස් දෙකත් එක්ක ඔහු විශාල කැපවීමක් කර තිබෙනවා. ඒ සේවය විශිෂ්ටයි.” ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කළේය.
2014/8/11 ReadSrilanka Link
Monday, August 4, 2014
යහතින් අවසන් නම් යහපත්.
යහතින් අවසන් නම් යහපත්.
හොඳින් අවසන් නම් හොඳයි.
අපට වරද කළ අයට අප කමා කලාක් මෙන් අපේ වරදට අපට කමා වුව මැනවි (මතෙව් 6:12) කමා කිරිම යනු කෙනෙකු පාපයේ බරින් නිදහස් කරගෙන දෙවියන්වහන්සේ විසින් කෙනෙකු පත්වේයයි අපේක්ෂිත තත්වයට පත්වීම සඳහා නිදහස් අයෙකුවීමයි.
1961 දී තරුණයෝ අතලොස්සක් ද්විතීය පාසැලකින් ස්වාමින්වහන්සේ වෙතට පැමිණියහ. එම කුඩා කණ්ඩායම එම ස්වාධින සභාවේ ආරම්භයට සහ උපකාරයටද ධර්ම දුතික සේවයටද උපකාරක කණ්ඩායම විය. මමද එම කණ්ඩායමේ අයෙක්වු අතර එම තරුණ කණ්ඩායම අතරින් 1968 බයිබල් විදුහලකින් උපාධි ලබා ගත් අයෙක්ද විමි.
දුර නොයනු මැන මා ලඟින්
දුර නොයනු මැන මා ලඟින්
දරා සෝගිනි වෙහෙසවී මහ මාවතේ දුක් වින්දෙමි
සොරෙකු මෙන් මා සැඟව සිටියෙමි නොකල වරදට සමිඳුනි.
දෙමව්පිය සොහොයුරන් මා හැර ගිය බැවින් මා තනි වුනි.
බැලූ සැම දසතකම සංකා හිස් බවින් කළකිරුනෙමි.
පවුරු පදනම් වැටකඩොලූ බාධක යදම් බැද සිරවුනි.
නැති නමුත් සතුරෙක් නසන්නෙක් පලා යන්නට සිදුවුනි.
ඔබට එරෙහිව අකීකරුවු පාපයට කුළියක් ලොවේ
ගෙවන්නට මා අපොහොසත් විය, කිසිදිනක මට හැකි නොවේ.
Sunday, July 27, 2014
Thursday, July 10, 2014
දුර නොයනු මැන මා ලඟින්
දුර නොයනු මැන මා ලඟින්
දරා සෝගිනි වෙහෙසවී මහ මාවතේ දුක් වින්දෙමි
සොරෙකු මෙන් මා සැඟව සිටියෙමි නොකල වරදට සමිඳුනි.
දෙමව්පිය සොහොයුරන් මා හැර ගිය බැවින් මා තනි වුනි.
බැලූ සැම දසතකම සංකා හිස් බවින් කළකිරුනෙමි.
පවුරු පදනම් වැටකඩොලූ බාධක යදම් බැද සිරවුනි.
නැති නමුත් සතුරෙක් නසන්නෙක් පලා යන්නට සිදුවුනි.
Wednesday, July 9, 2014
මැවීම්වාදයේ මිත්‍යාව සහ සත්‍යය- සම්මන්ත්‍රණය -අසේල ගුණරත්න.
මැවීම්වාදයේ මිත්‍යාව සහ සත්‍යය- සම්මන්ත්‍රණය
මැවීම්වාදයේ මිත්‍යාව සහ සත්‍යය යනුවෙන් සංවාදශිලී සම්මන්ත්‍රණයක් පසුගියදා කොළඹ බොරැුල්ල කොටා පාරේ පිහිටි ආචාර්්‍ය ඇන් ඇම් පෙරේරා අනුස්මරණ කේන්දායේදී පැවැත්විනි.
කිතුණු ජනමාධ්‍ය සහ ජනසංනිවේදන පදනම මඟින් සංවිධානය කරන ලද එම සම්මන්ත්රණ මාලාවේ ප්‍රධාන ආරාධිත දේශකතුමා වුයේ කැනඩාවේ බි්රටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයට අනුබද්ධ රීජන්ට් දේවධර්ම විද්‍යාලයෙන් කිතුණු අධ්‍යයන පිළිබඳ ශ්රාස්ත්රපති උපාධිධාරියෙකු වන දශකයකට අධික කාලයක සිට කොළඹ දේව ධර්ම ශ්රාස්ත්රාලයේ කිතුණු දේවධර්මය හා ඉතිහාසය විෂයන් උගන්වන, එමෙන්ම එම ශ්රාස්ත්රාලයේ වර්තමාන උපවිදුහල්පති ධූරය හොබවන ප්‍රබෝ මිහිඳුකුලසූරිය මහතාය.
සර්වබලධාරි දෙවියන්වහන්සේ කෙනෙක් දින හයකින් මුලූ විශ්වයම මැව්වාද? බයිබලයේ මැවීම් කතාවේ සැබෑ අරුථ කුමක්ද? මැවීම් පුවත මානව ශිෂ්ඨාචාරයට කේන්දාිය වන්නේ ඇයි? වෙන්වු මාතෘකා කිහිපයක් ඔස්සේ ප්‍රබෝ මිහිඳුකුලසූරිය මහතා තම දේශනය පැවැත්විනි.
දේශනයේ අවසානයේ එහි අන්තර්ගතය ඒ පිළිබඳව සංවාදය පැවැත්වින. එහිදී අපොස්තලික සභාවේ ජේෂ්ඨ දේවසේවක බැසිල් ප්‍රනාන්දු, වෙරිටේ රිසර්ච් අධ්යක්ෂ නිශාන් ද මෙල් සහ දේශපාලන විශ්ලේෂක හා කථිකාචාර්්‍ය සුමිත් චමින්ද යන අය තම අදහස් පළ කර සිටියහ.
අසේල ගුණරත්න.
මෙතොදිස්ත සභාවේ 200 වැනි සංවත්සරය
තවත් ආගමක් හෙළා දැකීම තමන්ගේ ආගමට කරන නිග්‍රහයක්
අන්තවාදීන් තමන්ගේ ආගමටවත් සාධාරණයක් ඉටු කරන්නේ නැහැ
ගාල්ල කොටුව මෙතොදිස්ත දේවස්ථානය ප්‍රතිසංස්කරණය කැර නැවත භාර දීමේ උත්සවයේ දී ජනපති කියයි
ආගම නිසි ලෙස අදහන කෙනා සාධාරණ සහ යුක්තිගරුක විය යුතුයි
අන්‍යාගමිකයන් නුරුස්සන ජනතාවක් සිටින බව පෙන්වීමට උත්සාහයක්
ආගමික සංහිඳියාව මේ මඟින් ලොවටම පෙන්වන්න හැකි වෙනවා
ධනුෂ්ක ගොඩකුඹුර ගාල්ල සිට.
තවත් කෙනකුගේ ආගමක් හෙළා දැකීම හෝ ඊට විරුද්ධව වැඩ කිරීම තමන්ගේ ආගමට කරන නිග්‍රහයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කෙළේ ප්‍රතිසංස්කරණය කෙරුණු ඵෙතිහාසික ගාල්ල කොටුව, මෙතොදිස්ත දේවස්ථානය නැවත භාර දීමේ අවස්ථාවට ඊයේ (4) එක් වෙමිනි.
දේවස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා සමරු ඵලකය නිරාවරණය කරමින් දේවස්ථානය යළි දේව ගෞරවයට කැප කෙළේය. ශ්‍රී ලංකා මෙතොදිස්ත සභාවේ 200 වැනි සංවත්සරය නිමිත්තෙන් ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම මත රුපියල් ලක්ෂ 40කට අධික මුදල් වැය කැර දේවස්ථානය ප්‍රතිසංස්කරණය කෙරුණේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙනි .
අනතුරුව දේවස්ථානයේ පැවැති විශේෂ දේව මෙහෙයට සහභාගී වූ ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණක් ද ප්රදානය කෙරිණි.
Friday, June 13, 2014
Wednesday, June 11, 2014
පෙන්තකොස්ත මංගල්‍යය
පෙන්තකොස්ත මංගල්‍යය
ඊශ්‍රායෙල් ඡුනයා අතර වු විශේෂිත මංගල්‍යයන් අතර පෙන්තකොස්ත මංගල්‍යය විය. ශි‍්‍ර ලංකාවේ කිතුණු සභාවන් අතර වන පෙන්තකොස්ත භක්තිකයින් පිළිබඳ දැනුවත් වීම වැදගත්ය. මෙම ලිපිය මගින් පුරාණ ගිවිසුමෙහිවු පෙන්තකොස්ත මංගල්‍යය හා නව ගිවිසුමෙහි පෙන්තකොස්ත දිනය පිළිබඳව සලකා බලමුව. මෙය අස්වැන්න මංගල්‍ය ලෙසද දැක්විය හැකිය. ඊශ්‍රායෙල් ඡුනතාව ගොවිතැන් කොට පළමුවෙන් කපාගත් ගොයම් මිටිය දෙවි සමිදුන්ට පුදකල දිනට පසු සබත් දවසේ සිට සබත් 7ක් ගණන් කල යුතු විය. හත්වන දිනට පසු පැමිණෙන පනස් වැනි දිනදිී නව ධාන්‍ය පුඡුාවක් දෙවි සමිදුන්ට පුදකල යුතු විය.
Thursday, June 5, 2014
මහිමයේ භාෂාව
මහිමයේ භාෂාව
එක්වරකදී 50,000 ක් අන්‍ය භාෂාවෙන් කතා කරති.
මම අන්‍ය භාෂාවෙන් කතා කිරිමේ බලය විශ්වාස කරමි. මම එය විශ්වාස කරන්නේ මාගේ ජිවිතයේ එම බලය අත්දැක තිබෙන නිසාත් එමෙන්ම අනෙක් අයගේ ජිවිතවලින් එම අත්දැකිම ලබා ඇති බැවිනුත්ය. එක්තරා රාති‍්‍රයක මම පැය තුනක් පමණ මහත් ඕනෑකමින් හා උද්යෝගයෙන් අන්‍ය භාෂාවෙන් යාච්ඤා කළෙමි. යාච්ඤා කරන්නේ කුමක් ගැනද කියා මා නොදැන සිටියත් මා එක්තරා වැඳගත් කරුණක් සම්බන්ධව ජය පතමින් යාච්ඤා කරන ලද බව මට හැඟි ගියේය. මම භියට පත්ව හෝ කනස්සල්ලට පත්ව නොසිටියෙමි. මම විශ්වාසවන්තව ස්වාමින්වහන්සේ මා නිදහස් කරන තුරු යාච්ඤා කළෙමි.
සෑම කිතුණුවෙකුට ශුද්ධාත්ම බෞතිස්මය ලැබිය හැකිය.
සෑම කිතුණුවෙකුට ශුද්ධාත්ම බෞතිස්මය ලැබිය හැකිය.
ශුද්ධයි........ ! ශුද්ධයි........ ! ශුද්ධයි........ !
යහපත් මනුෂ්‍යයා තමාගේ හිතෙහි වු යහපත් සම්පතෙන් යහපත් දේද, නපුරු මනුෂ්‍යා නපුරු සම්පතෙන් නපුරු දේද, පිටතට ගෙනෙන්නේය. මක්නිසාද මුඛය කතා කරන්නේ හිතේ පුර්ණකමින්ය.(ලූක් 6:45)
අපි කිතුණු ජිවිතයේ සහ චරිතමය ශුද්ධවත්භාවය ගැන උගන්වමු , දේශණා කරන්නෙමු. ශුද්ධාත්ම පූර්ණත්වය සහ කිතුණු ජිවිතයේ හා චරිතයේ ශුද්ධභාවය ඉතා වැඳගත් කරුණකි.
ශි‍්‍ර ලංකාවේ පෙන්තකොස්ත ව්‍යාපාරය
පළමු යුගය - 1907- 1923
ලෝකයේ පෙන්තකොස්ත ව්‍යාපාරයේ ආරම්භක වකවානුවේම ශි‍්‍ර ලංකාවට ශුද්ධාත්ම ජිවනය හා ආලෝකය උදාවීම විශේෂිතය. 1907 දී ශි‍්‍ර ලංකාවට පැමිණි පෙන්තකොස්ත කිතුණුවෙකුවු ඇල්ප්රඞ් ගුඩරිච් ගාර්ගේ දේව සේවයෙන් ඩි. ඊ. ඩයස් වනිගසේකර පෙන්තකොස්ත පණිවිඩය ඇසු අතර ඔහු 1910 දී ඉන්දියාවේියිසබාද්හිදී ශුද්ධාත්ම බෞතිස්මය ලබා ඇත. වනිගසේකරගේ දේව සේවය තුල ගෘහ රැස්වීම්, රෝගිීන්ගේ සුවය සදහා යාච්ඤා කිරිම් හා අන්‍ය භාෂා සහිත ශුද්ධාත්මය අත්දුටු බවට ඔහු වාර්තා කර ඇත. බැප්ටිසම් සංගමයේ ජේ. ජේ. බි. ද. සිල්වා ද මෙම යුගයේදි ඉන්දියාවට ගොස් ශුද්ධාත්ම බෞතිස්මය සෙවු බව වාර්තා වෙයි.
Friday, May 23, 2014
Sunday, May 4, 2014
Saturday, May 3, 2014
Monday, April 14, 2014
මිදිීම පිළිබඳ ධර්මය
චාල්ස් හෝර්න්ගේ මිදිීම පිළිබඳ ධර්මය නැමැති පොත ඉතා ප්‍රයෝඡනවත්" නැවත ප්‍රකාශයට පත්කිරිමේදිී මාගේ ස්තුතිවන්ත හෘදයෙන් වන යාචිඤාව පුද කරමි. මම ආචාර්ය හෝර්න් යටතේ මිදිීම පිළිබඳ ධර්මය 1971 දී හැදෑරුවෙමි. එම ප්රස්ථාවේදිී මෙම පොත අධ්‍යයන ගුරු පොතක් හා මඟ පෙන්වීම් පොතක් ලෙස භාවිතා කළෙමි. එබැවින් ගැඹුරු අගය කිරිමෙන් යුතුව මෙම පොත මම කිතුණු සභාව වෙත ප්රශංසාත්මකව නිර්දේශ කරමි.
මෙහිදී කිතුණු ශිෂ්‍යයා පෞද්ගලික අධ්‍යයනයට පංති කාමරයේ පාවිචිචියට සුදූසු හෝ දහම් පාසැල් අධ්‍යයනයට මඟ පෙන්වන මුලික තාක්ෂණික නොවන රචනයකට යොමු වේ. ආචාර්ය හෝර්න් තුමා එවැන්ඡලිකල් හා ප්‍රතිශෝධිත සභාවන් හී මිදිීම පිළිබඳ වන මහත් ඉගැන්වීමේ සාරය පෙරා යෝග්‍ය ලෙස ඉදිරිපත් කොට ඇත. එතුමා මෙම ඉගැන්වීමේ සංකීර්ණත්වය දැක ඇත. මිදීම පිළිබඳ ධර්මය බොහෝ බයිබලිීය චින්තාවන් වන තෝරා ගැනිීම" කැඳවීම" නැවත උත්පාදනය" හැරීම" යන කරුණුවලින් සමන්විතය. නමුත්" එතුමා එම විෂයේ ඒකීයත්වය සහ සම සුහඳතාවය වෙත නැවත නැවතත් යොමුවීමෙන් වැටුනාවු මනුෂ්‍ය වර්ගයාගේ මිදිීමේ උල්පත දෙවියන්වහන්සේගේ කරුණාව බව දක්වයි.
යෙහෝවා සාක්ෂිකරුවෝ නිවැරදිය?
යෙහෝවා සාක්ෂිකරුවෝ නිවැරදිය?
- යොහෝවා සාක්ෂිකරුවෝ සමහර දේ පිලිබඳව නිවැරදිය. නමුත් දේව වචනයේ සඳහන් ප්‍රධාන ඉගැන්වීම් සියල්ල ගැන වැරදිය.
- බයිබලය දේව වචනය බව පිළිගැනිම පිලිබඳ ඔවුන් නිවැරදිය.
- මුර ටැඹ සමිතිය මඟින් ප්‍රකාශිත ලියවිලිවල උපකාරයෙන් බැහැරව බයිබලය තේරුම් ගැනිීමට නොහැකි බව සිතිීමෙන් ඔවුන් වැරදිය.
- පරිණාමවාදය නොව දෙවියන්වහන්සේ සියල්ල මැවු බව විශ්වාස කිරිම ගැන ඔවුන් නිවැරදිය.
- යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මවනු ලැබු තැනැන්වහන්සේ කෙනෙකු ලෙස විශ්වාස කිරිම සම්බන්ධයෙන් ඔවුන් වැරදිය.
- ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් නැගිටිීම ගැන ඉගැන්වීම ඔවුන් නිවැරදිය.
- ක්‍රිස්තුස් වන්සේ මළවුන්ගෙන් නැගිටිනු ලැබුයේ ආත්ම පුද්ගලයාණන් කෙනෙකු ලෙස ඉගැන්වීම ගැන ඔවුන් වැරදිය.
Sunday, March 16, 2014
ශුද්ධාත්මයාණන්වහන්සේ හඳුන්වන නාම - තනතුරු
(01) දෙවියන්වහන්සේගේ ආත්මය (22වරක්)
උත්පත්ති 1:2, මතෙව් 3:16, 1කොරින්ති2:11-14,
උත්පත්ති 1:2, මතෙව් 3:16, 1කොරින්ති2:11-14,
(02) ප්‍රඥා ආත්මය
නික්මයාම 28:3 ද්විතිය 34:9 යෙසායා 11:2, එපිස 1:17
(03) ආත්මය (113 වරක්)
ගණන් කථා 11:17,25 එසකියෙල් 1:20,2:2 ගලාති 6:4
එපිස 2:22
එපිස 2:22
(04) ස්වාමින්වහන්සේගේ ආත්මය
ගණන්කථා 11:29, ගීතාවලිය 106:33, යෙසායා 48:16,
රෝම 8:11, 1 කොරින්ති 2:10
ගණන්කථා 11:29, ගීතාවලිය 106:33, යෙසායා 48:16,
රෝම 8:11, 1 කොරින්ති 2:10
(05) ඔබට තිබෙන ආත්මයෙන්
2 රාඡුාවලිය 2:9, ගීතාවලිය 104:30, ගීතාවලිය 139:7
Wednesday, March 12, 2014
උපන් දින යාච්ඤාවක්
උපන් දින යාච්ඤාවක්
දෙව් පියාණෙනි,
මාගේ ජීවිතයේ තවත් වසරක ආශිර්වාදයට මා ගෙන ආ නිසා ඔබට ස්තුති කරමි.
අද දවසේ මාගේ උපන් දිනයේදී මා සිහිපත් කළ සියල්ලන්ද , මා හට ශුභ පතන ලද, ශුභ පැතුම් එවන ලද, ත්‍යාගයන් පිරිනමන ලද සියල්ලන් ගැන ඔබට තුති පුදමි.
පසුගිය වසරේදී ඔබගේ කරුණාව කරණකොටගෙන මා හට කළ හැකිවු සියල්ල ගැන ඔබට තුති පුදමි.
පසුගිය වසරේ සියලූ අත්දැකීම් ගැන ඔබට තුති පුදමි. මා නිතර සතුටින් සිහිපත් කළ සාර්ථකභාවයන්, ජයග්රහණයන් ද මාගේ දුර්වලතාවයන් සිහිපත් කරන ලද, මා හට ඔබගේ අවශ්‍යතාවය වඩාත් අවබෝධකරන ලද දුර්වලතාවයන්ද, ජීවිතයේ ප්‍රීතියේ හිරුරැුස් දහරාද, මා ඔබ වෙතට ලංකරන ලද ශෝකී කාලයන් ගැනද ඔබට තුති පුදමි.
දෙව් පියාණෙනි,
මෝටර් රථ පදවන්නන් උදෙසා යාච්ඤාවක්
දෙව් පියාණෙනි,
මා මෝටර් රථයක්, තී‍්‍රවිලරයක්, යතුරු පැදියක් හෝ පා පැදියක් පදවන්නෙකු ලෙස මාගේ වගකීම, මාගේ ආරක්ෂාව පිළිබඳව පමණක් නොව අන්‍යයන්ගේ ආරක්ෂාව ගැන ද සිහිතබා ගැනීමට මා හට උපකාර කළ මැනව.
රථ ධාවනයේදී රථ ඉතා සෙමින් ඉදිරියට ගමන් ගන්නා ප්රස්ථාවලදී එය ඉතා නොඉවසිලිවන්තව අධෛර්්‍යයට පත්කරන අවස්ථාවලදී ඉතා ඉවසිලිවන්තවීමට හා ආචාරශිලීවීමට මා හට උපකාර කළ මැනව.
මාගේ සහ අන්‍යයන්ගේ ජීවිත අවධානමකට ලක්කරමින් හදිසිකමින් ධාවනය කර මාගේ සහ අන්‍යයන්ගේ ජීවිත අවධානමට පත්කිරීමේ පරික්ෂාවෙන් මා මිදුව මැනව.
යේසුස්වහන්සේ හඳුන්වා ඇති නාම/තනතුරු හා නිළනාම.
යේසුස්වහන්සේ හඳුන්වා ඇති නාම/තනතුරු හා නිළනාම.
(01) ආලේපලත් තැනැන්වහන්සේ -ගීතාවලිය 2:2
(02) පරාක්‍රමවත් දෙවියන්වහන්සේ -යෙසායා 9:6
(03) සදාකාල පියාණෝ -යෙසායා 9:6
(04) අපේ ධර්මිිෂ්ඨකම වු ස්වාමින්වහන්සේ -යෙරමියා 23:6
(05)යේසුස් කි්රස්තුස්වහන්සේ -මතෙව් 1:18
සම්පුර්ණ ලිපියම කියවිමට යොමු වන්න.......................
Friday, March 7, 2014
කාන්තාවන් පිළිබඳ දේව අරමුණ
කාන්තා මහිමය
දෙවියන්වහන්සේට අද දවසේ තමන්ගේ ජීවිත මගින් විශ්වාසවන්තව තමන් කාන්තාව සඳහා ආරම්භයේදී අරමුණු කරන ලද මහිමය ප්‍රකාශ කරන කාන්තාවන් සොයන සේක.
ස්ති‍්‍රය පුරුෂයාගේ සහකාරිය ලෙස මහිමය
දෙවියන්වහන්සේ ඒව නමැති ස්ති‍්‍රය මවන විට, උන්වහන්සේ ඇය තම පුරුෂයාට සුදුසු සහකාරියක් ලෙස ලබාදෙන ලදී. (උත්පත්ති 2:18)
මෙම සේවයේ මහිමය අපි දකින්නේ ජේසුස්වහන්සේ අප හට ශුද්ධාත්මයාණන් එවීම ගැන කථා කරන විට ප්‍රකාශ කරන ලද්දේ උපකාරකරුවෙකු සහකරුවෙකු ලෙසයි. (යොහාන් 14:16) ශුද්ධාත්මයාණෝ ඇයට නොපෙනී, නිශ්චලව, සහ බලවත් ලෙස ඇදහිලිවන්තයාට උපකාර කරන ලෙස ස්තී‍්‍රන් ද පුරුෂයාට උපකාර කළ යුතුය. ශුද්ධාත්මයාණෝ පිටුපසින් සිට උපකාර කරන ලෙස ස්ති්රන්ද පුරුෂයාට උපකාර කල යුතුය.
සම්පුර්ණ ලිපිය කියවිමට ..................................
සම්පුර්ණ ලිපිය කියවිමට ..................................
දෙවිවු පියාණන්වහන්සේ හඳුන්වන නාම
01 දෙවියන්වහන්සේ එලෝහිම් - දෙවිවරු - උත්පත්ති 1:1
02 ස්වාමිවු දෙවියන්වහන්සේ - උත්පත්ති 2: 4-22
(යෙහෝවා එලෝහිම්
03 මහෝත්තම දෙවියන්වහන්සේ - උත්පත්ති 14:18-22
04 සදාකාල දෙවිවු ස්වාමින්වහන්සේ - උත්පත්ති 21:33
05 ස්වර්ගයේ දෙවියන්වහන්සේ - උත්පත්ති 24:3
06 පොළවේ දෙවියන්වහන්සේ - උත්පත්ති 24:3, එළිදරව් 11:4
07 ස්වර්ගයේ දෙවිවු ස්වාමින්වහන්සේ - උත්පත්ති 24:7
08 සර්ව පරාක්රමවු දෙවියන්වහන්සේ - උත්පත්ති 28:3, 43:14, 48:3
Thursday, March 6, 2014
උපදේශ දීමේ කි‍්‍රයාවලිය - 04 කොටස
උපදේශ දීමේ කි‍්‍රයාවලිය - 04 කොටස
උපදේශ දීමේ වර්ග අතරින් අපගේ අවදානයේ මෙම පාඩමේදී යෙදෙන්නේ සුභාරංචිය නොව අපගේ මුළු සැලකිල්ල මෙම ඉගෙනුමේදි යෙදෙන්නේ ප්රතිකාරමය ආත්මික උපදේශ සේවය වෙතය. සමහර විටක මෙම උපදේශයටද සුභාරංචිමය හා අයත්විය හැකි වුවද මෙම උපදේශ සේවයේ ඉලක්කය මිනිස් ආවේගයන් හැඟීම් ආදියේ චංචල භාවයට සහනය සැලසීම හා නොනිසි ලෙසට පත්ව ඇති පෞරුෂයන් නැවත ප්‍රතිස්ථාපනය කිරීමය.
මෙම ප්රතිකර්මයීය උපදේශ සේවය සිදුවන්නේ ජීවිතයේ තීව්ර ප්‍රශ්ණයක් මැඳදී හෝ එයින් පසුවය. සමහර අවස්ථාවලදී කෙනෙකුගේ සාමාන්‍ය ජීවිත තත්වයේදි කාරණා විසඳා ගත නොහැකි විටය............................................................
Wednesday, February 26, 2014
සභාව සහ ආත්මික උපදේශණ සේවය- (ආත්මික උපදේශණ සේවය -03- වන කොටස)
මෑත යුගයේදී ඇමරිකා එක්සත් ජනපදයේ එක්තරා සභාපාලකවරයෙක් කෝප උපදවන සුළු ලිපියක් පල කලේය. එහි තේමාව වුයේ "උපදේශණ සේවය කාලය නාස්ති කිරීමකි" යන්නය. ආත්මික උපදේශ දීමේ ඔහුගේ අසමත් වීමෙන් තමන් විසින් දෙන ලද උපදේශ ඔවුන් සමඟ ගතකරන ලද කාලය ඔහුගේ පැමිණිල්ල විය.
එම සභා නායකයා එම අසමත්වීමට හේතු වුයේ පළදායික ලෙස උපදෙස් දීමට ඔහු නොදැන සිටි බව අවංකව පිළිගන්නා ලදී. ඇදහිලිවන්තයකු සහ සභාපාලකවරයකු අතර ධර්ම ඉගැන්වීම පිළිබඳ බයිබලීය සාකච්ජාවක් පැවතිය හැකි බව ඔහු පිළිගන්නේය. එමෙන්ම විවාහයට සුදානම් වන්නෙකු, රෝගී අයෙකූ, ශෝකවන්නෙකු සමඟ පුද්ගලීකව සාකච්ජා පැවතිය හැකි බව පිළිගන්නා ලදී. එසේ වුවද ප්‍රතිඑල ස්වල්පයක් ලබන චාරිත්‍ර ගති, සභාපාලක උපදේශයන්ට ස්ථානයක් නොතිබුණ බව ඔහු පිළිගන්නා ලදී..................
සම්පුර්ණම ලිපිය කියවිමට..................................
සම්පුර්ණම ලිපිය කියවිමට..................................
Saturday, February 15, 2014
පේ‍්‍රම පාරමිතාව
"මා මිනිසුන්ගේද දේව දුතයන්ගේද භාෂාවලින් කතා කරතත් පේ‍්‍රමය මට නැත්නම් මම ඝෝෂා කරන ඝාන්ඨාරයකට හෝ කටුක රාවය දෙන කෛතාලමකට හෝ සමාන වෙමි”.
දිවැසි වැකි දෙසීමේ වරම මට තිබුණත්, සියලූ අබිරහස් ගැන අවබෝධයද සකල ඥානය ද මට ඇතත්, කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත් පේ‍්‍රමය මට නැත්නම් මම හිස් තැනැත්තෙක්මි.
දන් දීම සඳහා මා සතු සියල්ල වෙන් කළත්, මාගේ සිරුර ගිනි පුජාවක් සඳහා බිලි දුන්නත්, පේ‍්‍රමය මට නැත්නම් මට කිසි පලක් නැත.
පේ‍්‍රමය ඉවසිලිවන්තය, කරුණාවන්තය, පේ‍්‍රමය, ඊර්ෂ්‍යා වන්නේ නැත, පාරට්ටු කරගන්නේ නැත. උඩඟු වන්නේ නැත.
පේ‍්‍රමය අවිනීත නොවේ, ආත්මාර්ථකාමී නොවේ, හනික නොකිපේ, නපුර සිතේ ධාරණය කර නොගනියි,
පේ‍්‍රමය, අනුන්ගේ වරද ගැන පී‍්‍රති නොවී, හරි දේ ගැන පී‍්‍රති වෙයි.
පේ‍්‍රමය සියල්ල උසුලයි. පේ‍්‍රමයෙහි, විශ්වාසයට ඉමක් නැත. බලාපොරොත්තුවට නිමක් නැත. ඉවසීමට අගක් නැත.
පේ‍්‍රමය සදාතනිකය. දිවැස් වැකිවුවද පහව යන්නේය. විවිධ ශබ්ද දෙසීම් වුවද නිම වන්නේය. ඥානය වුවද නැති වන්නේය.
මන්ද, අපේ ඥානය අසම්පුර්ණය, දිවැස් වැකි දෙසීමද අසම්පුර්ණය. සම්පුර්ණ දේ පැමිණි විට, අසම්පුර්ණ දේ පහව යන්නේය.
බාල වියෙහිදී මම බාලයෙකු මෙන් කතා කෙළෙමි, බාලයෙකු මෙන් සිතුවෙමි, බලායෙකු මෙන් තේරුම් ගතිමි. එහෙත් මම දැන් වයසින් මුහුකුරා සිටින බැවින් ළාමක දේ අත්හැර සිටිමි. දැන් අපට කැඩපතකින් මෙන් නොපැහැදිලිව පෙනෙන්නේය. මතු අපි මුහුණට මුහුණලා දකින්නෙමු. දැන් මාගේ දැනුම අසම්පුර්ණය. එහෙත් මතු, මා පිළිබඳ දෙවියන්වහන්සේගේ දැනුම මෙන් මාගේ දැනුම ද සම්පුර්ණ වන්නේය.
ඇදහිල්ල, බලාපොරොත්තුව හා පේ‍්‍රමය සඳහටම පවතින ධර්මතා තුනකි. මෙයින් ශ්‍රේෂ්ඨතම වන්නේ පේ‍්‍රමයය. (1 කොරින්ති 13)
Friday, February 14, 2014
ආදර්ශ යාච්ඤාව- උඩගු සිත්ඇත්තන් උදෙසා
උඩඟුකමේ දුර්වලතාවය ඇති කිතුණුවකුගේ යාච්ඤාව
දෙව් පියාණෙනි!උඩඟුකම මා දුර්වලත්වයට පත්කරන මා අසුකරගන්නා පාපයක් බව මම දනිමි.
බොහෝ අවස්ථාවල මා අන්්‍යයන් හෙලාදකිමින් ඔවුන් සුලු කර ඇත.
මම බොහෝ විට මාගේම ප්‍රඥාව ගැනද මාගේම ජයග්රහණයන් හා උසස්කම ගැනද සිතා ඇත.
මා ඥාණවන්ත බවද අන්‍යයන් අඥාණ බවද සිතා ඇත්තෙමි.
දෙව් පියාණෙනී මාගේ උඩඟු අහංකාර හා මා ගැනම උතුම්කොට සැලකීම මාගෙන් ඉවත් කළ මැනව.
මා හට මා අනිකුත් අය සමඟ වැරදි ලෙස සංසන්දනය කිරීමෙන් වලකා මා ජේසුස්වහන්සේ සමඟ සසඳා බැලීමේදී ජේසුස්වහන්සේගේ මහිම අලංකාරයද යහපත්කම නැමති ආලෝකයද ඉදිරියේ මාගේ සැබෑ තත්වය මැන ගැනීමේදී මා හට කිසිසේත් උඩඟු ලෙස සිතීම හෝ කි‍්‍රයාකිරීමට නොහැකි බව මම පිළිගනිමි...................................
Tuesday, February 11, 2014
ලෝකයේ කිතුනුවන්ට හිංසා කිරිමේ ලැයිස්තුවට 2014 දි ශ්‍රි ලංකාවත්
යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝය.
ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය.
මිනිසුන් මා නිසා ඔබට පීඩා කර
නානා විධ අයුතු චෝදනා නගන කළ
ඔබ භාග්‍යවන්තයෝය.
පී‍්‍රති ප්රමෝධ වන්න
මන්ද ස්වර්ගයෙහි ඔබේ ඵලවිපාක ඉමහත්ය.
ඔබට පෙර සිටි දිවැසිවරයන්ටත් ඔවුහු එලෙසම පීඩා කළෝය.
( මතෙව් 5:10-12)
සතුරන් කෙරෙහි මෙත්සිත් වැඩිම
නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න.
ඔබේ සතුරාට වෛර කරන්නැයි කී බව ඔබ අසා ඇත.
එහෙත් මම ඔබට කියමි ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න.
ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න.
(මතෙව් 5:43-44)
ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය.
මිනිසුන් මා නිසා ඔබට පීඩා කර
නානා විධ අයුතු චෝදනා නගන කළ
ඔබ භාග්‍යවන්තයෝය.
පී‍්‍රති ප්රමෝධ වන්න
මන්ද ස්වර්ගයෙහි ඔබේ ඵලවිපාක ඉමහත්ය.
ඔබට පෙර සිටි දිවැසිවරයන්ටත් ඔවුහු එලෙසම පීඩා කළෝය.
( මතෙව් 5:10-12)
සතුරන් කෙරෙහි මෙත්සිත් වැඩිම
නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න.
ඔබේ සතුරාට වෛර කරන්නැයි කී බව ඔබ අසා ඇත.
එහෙත් මම ඔබට කියමි ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න.
ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න.
(මතෙව් 5:43-44)
සටහන
කිතුණු සභා ඉතිහාසයේ කිතුණුවන් විසින් කිතුණුවන්ට හිංසා පීඩා කොට ඝාතනය කර ඇත. යේසුස්වහන්සේව මරණයට පාවා දෙන ලද්දේ එදින සිටි යුදෙව් ආගමික නායකයින් විසින්ය. ඔවුන්ගේ නිගමනය වුයේ ඔවුන් නිවැරදි බවත්, යේසුස්වහන්සේ වරදකාරයෙක් බවත්ය.
කිතුණුවෙනි ඔබ සිතන ප්‍රකාශ කරන සහ ඔබගේ නිගමනයන් සැමවිටම නිවැරදිද?
Subscribe to:
Posts (Atom)