Sunday, September 28, 2014

ශුද්ධාත්ම පුර්ණත්වය ලබාගන්නේ කෙසේද?

ශුද්ධාත්ම පුර්ණත්වය ලබාගන්නේ කෙසේද?


පහත දැක්වෙන්නේ ශුද්ධාත්ම බෞතිස්මය ලැබීම සඳහා ඉදිිරිපත්වු දහස් ගණනකට දෙනු ලැබු උපදේශණයකි. ඔවුන් කෙරෙහි හස්ත තැබීමෙන් අනතුරුව ඔවුන් සෑම අයෙකුම පාහේ ශුද්ධාත්ම බෞතිස්මය ලැබුහ. (කි‍්‍රයා 2:2)
ඔවුන් මෙම පහත සඳහන් උපදෙස් අනුව කි‍්‍රයා කළහ. යහපත් ජනයා වන ඔබ හට මෙම ශුද්ධාත්ම බෞතිස්මය ලැබීම පිළිබඳ කරුණ කථා කිරීමේදී, මා පළමුව විශ්වාස කරන්නේ ඔබ සෑම අයෙක්ම පළමුකොට ගැළවීම ලැබු අය බවය. එසේ නොවන්නේ නම් ඔබ මෙහි සිටීයයි මම බලාපොරොත්තු නොවෙමි.
බයිබලය පැහැදිලිව ප‍්‍රකාශ කරන්නේ ගැළවීම නොලද අය හට ශුද්ධාත්ම බෞතිස්මය ලැබිය නොහැකි බවය. එබැවින් ගැළවීම නොලද හෝ මිදීමේ ආශාවක් නොමැත්තේ නම් මෙම අනර්ඝ දීමනාව ලැබිය නොහැකිය. ඔබ උන්වහන්සේගේ දරුවෙක් විය යුතුය. යොහාන් 14:16-17 ජේසුස්වහන්සේ ප‍්‍රකාශ කරන ලද්දේ ”මම පියාණන්වහන්සේට යාච්ඤා කරන්නෙමි. එවිට උන්වහන්සේ ඔබ සමඟ සඳහටම සිටින පිණිස වෙන සැනසිලිදායකයෙකු දෙන සේක. ඒ සහායදායකයාණෝ සත්‍යතාවේ ආත්මයාණෝය. උන්වහන්සේ පිළිගැනිමට ලෝකයා අපොහොසත්ය. මන්ද ලෝකයා උන්වහන්සේ දකින්නේවත් හªනන්නේවත් නැත. එහෙත් ඔබ උන්වහන්සේ හªනන්නහුය. මන්ද උන්වහන්සේ ඔබ සමඟ නැවතී සිටිමින් ඔබ තුළ වැඩ වසන සේකx” මෙය අපගේ ස්වාමින්වහන්සේගේ පැහැදිලි ප‍්‍රකාශණයකි. එය නම් මිදීම නොලත් ලෝකයාට ශුද්ධාත්මයාණන් ලබාගත නොහැකි බවය.

දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස අපි දෙවියන්වහන්සේගේ වචනය පැහැදිලි ඉගැන්වීම් සහිතව ලබාගත යුතුය. අපි ඇදහිල්ල කරණකොටගෙන ශුද්ධාත්ම පුර්ණත්ව ලබාගැනීමට එය අවශ්‍යය දෙවිපියාණෝ ශුද්ධාත්මයාණන් අපගේ දිව්‍යමය සැනසිලිකරුවාණන් ලෙස එවා ඇත. අප විසින් දැකිය යුතු පළමු ප‍්‍රතිපත්තිය වන්නේ ශුද්ධාත්මයානණ්වහන්සේ අප හට තිළිණ ලෙස දෙනු ලබා ඇති බවය. යොහාන් 14:16 යේසුස්වහන්සේ මෙසේ ප‍්‍රකාශ කල සේක: ”මම පියාණන්වහන්සේට යාච්ඤා කරන්නෙමි එවිට උන්වහන්සේ ඔබ හට වෙනත් සැනසිලිකාරයෙකු දෙන සේක.” නැවතද ලූක් 11:13 අප කියවන්නේ යේසුස්වහන්සේ මෙසේ ප‍්‍රකාශ කල බව හා එනම් ” නපුරුවු නුඹලා නුඹලාගේ දරුවන්ට යහපත් දේ දීමට දන්නාහු නම් ඊට කොපමණ වැඩියෙන් ඔබේ ස්වර්ගීය පියාණන්වහන්සේ තමන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මයාණන් නොදෙන සේක්ද?” 
ඔබ විසින් මෙහිදී සැලකිය යුතු වන්නේ මෙම වදන් අනුව අපේ දෙවිපියාණන්වහන්සේ ශුද්ධාත්මයාණෝ දානය කරන බවයි. එම ගිවිසුම පෙන්තකොස්ත දිනයට පෙර බයිබලය කථා කරන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේ දීම හෙවත් දානය කිරීම ගැනය. දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ට ආත්මයාණෝ දානය කිරීම ගැන අප කියවමු. නැතහොත් මනුෂ්‍යයන් ශුද්ධාත්මයෙන් පුර්ණ කිරීම  ගැන කියවමු. නමුත් අපි වැරදි සහගත යෙදුමක් භාවිතා කරමු. දෙවියන්වහන්සේ පෙන්තකොස්ත දිනයේදී ශුද්ධාත්මයාණෝ දානය කරන ලදී. නමුත් එතැන් සිට මේ දක්වා කිසිදු ජීවමාන ප‍්‍රාණයකට ශුද්ධාත්මයාණෝ දීමක් නොවන්නේය. පෙන්තකොස්ත දිනයේදී මුලූ සභාවටම ශුද්ධාත්මයාණන් දානය කරන ලදී. එම නිසා මෙම යුගයේ ප‍්‍රශ්නය වන්නේ දෙවියන්වහන්සේ විසින් ශුද්ධාත්මයාණන් දානය කිරීමේ කැමැත්ත පිළිබඳව ප‍්‍රශ්නයක් නොවේය. නමුත් ප‍්‍රශ්නය වන්නේ කිතුණුවා ශුද්ධාත්මයාණෝ ලබා ගැනිමට කැමතිවීමයි. පෙන්තකොස්ත දිනයට පසුව අප දකින්නේ මනුෂ්‍යයින් ශුද්ධාත්මයාණන් ලබාගැනීම පිළිබඳ කතාකිරීමය. දීමක් වෙනුවට ලබාගැනීමකි. එය නිතරම ත්‍යාගයක් (තිළිණයක්) පිළිබඳව පදනමකි.

කි‍්‍රයා 2:38 හි පේතෘස්තුමා ප‍්‍රකාශ කරන ලද්දේ ඔබ සෑම අයෙකුම පව්කමාව පිණිස පසුතැවිලිවී යේසුස්වහන්සේගේ නාමයෙන් බෞතිස්මය ලබන්න. එවිට ඔබ ශුද්ධාත්ම දීමනා ලබන්නහුය යනුවෙනි. ඔබ දැකිය යුත්තේ ලැබීම යන වචනයයි. යමෙක් යමක් ලැබීමයි. ලැබීමේදී දානය කරන්නා හා දෙන්නාගේ කි‍්‍රයාව එක් පසකින් වන අතර ලබන්නාගේ කි‍්‍රයාව තවත් එකකිි. කි‍්‍රයා 19:1 පාවුල්තුමා එපීසයේ සිටියාවු ගෝලයන්ගෙන් අසන ලද්දේ ඔබ අදහාගත් පසු ශුද්ධාත්මයාණන් ලැබුයෙහිද? යනුවෙනි. එහිදී පාවුල්තුමා විමසන ලද්දේ දෙවියන්වහන්සේ ඔවුනට ශුද්ධාත්මයාණෝ දෙනු ලැබුයේද යන්න නොව මන්දයත් ශුද්ධාත්මයාණන් එක් වරම දානය කරනු ලබා සිටි බැවිනි. 
දීමනාවක් හෙවත් තිළිණයක් ඇදහිල්ලෙන් ලබාගත යුතුය. ඒවා තමන්ගේ පුණ්‍ය කි‍්‍රයාවන් කරණකොටගෙන ලබාගන්නා ඒවා නොවේය. ඔබ යමක් උපයාගැනීමට වැඩ කරන විට නැතහොත් එය ලබාගැනීමට සුදුසු යහපත් තත්වයකට පත්වීම කරණකොටගෙන ලබන්නේ නම් එය ඔබට වේතනයක් වැටුපක් ලෙස නැතහොත් ඔබගේ යහපත්කමට ත්‍යාගයක් වශයෙන් ලැබෙන්නකි. නැත නැත එහෙත් මිත‍්‍රවරුනි එය එසේ නොවේ. අපි දෙවියන්වහන්සේගෙන් ලබන්නාවු සියල්ල ත්‍යාග පදනම මත තිළිණ පදනම මත ලබන්නෙමු. ඒවා මුලූමනින්ම ඇදහිල්ලෙන් වේ. ගලාති 3 පරිච්ජේදයෙහි මෙය ඉතා පැහැදිලි කරන දේව වාක්‍ය ගණනාවක් ඇත. ගලාති 3:2 ”නුඹලාගෙන් මෙය පමණක් දැනගන්නට කැමැත්තෙමි. එනම් නුඹලා ආත්මයාණන්් වහන්සේ ලැබුයේ ව්‍යවස්ථාවේ කි‍්‍රයා කරණකොටගෙනද නොහොත් ඇදහිල්ලේ පණිවිඩය කරණකොටගෙනද?” සැබවින්ම පිළිතුර වන්නේ ඇදහිල්ලෙන් බවය. දෙවියන්වහන්සේ ආත්මයාණන් එවා ඔබ අතර හාස්කම් කරන්නේ ඔබ ව්‍යවස්ථාව පිළිපදින නිසාද, නැතහොත් සුභ අස්නේ පණිවුඩය අසා එය අදහන නිසාද? (ගලාති 3:5)නැවතද පිළිතුර වන්නේ ඇදහිල්ල කරණකොටගෙන බවයි. ඉන්පසු ගලාති 5:13-14 පදවල මෙම පුදුම ප‍්‍රකාශණ ඇති ගසක එල්ලෙන සියල්ලෝ ශාප ලද්දෝය ලියා තිබෙන ලෙස කි‍්‍රස්තුස්වහන්සේ අප උදෙසා ශාපයක් වී ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදා ගත්සේක. මෙසේ කලේ කි‍්‍රස්තුස් යේසුස්වහන්සේ තුල ආබ‍්‍රහම්ගේ ආශිර්වාදය අන්‍යජාතී කෙරෙහි පැමිණෙන පිණිසත් ඇදහිල්ල කරණකොටගෙන අප විසින් ආත්මයාණන් වහන්සේගේ පොරොන්දු ලබාගන්නා පිණිසය.
ඔබ විසින් සැලකිය යුතු වන්නේ මෙම සෑම ප‍්‍රස්ථාවකදීම ඇදහිල්ල කරණකොටගෙන ආත්මයාණන්වහන්සේ ලබාගන්නා බවයි. අප නැවත සුළු මොහොතකට 5 වෙනි පදය වෙත යොමුවෙමු. එය අප උපුටා දැක්වුයෙමු. එහි ආත්මයාණන් වහන්සේ දෙන්නාවු යන වචනය.
ඔබගේ සභාපාලකවරයා ඔබට දේශණා කරමින් ඔහු ඔබට දේව වචනයෙන් සේවය කරයි. නැතහොත් දේව වචනය ඔබට දෙයි. අපි එම සිතුවිල්ලම මෙහි සාකච්ජා කරමු. කි‍්‍රයා පොතේ 8:18 හි අපි මෙම කි‍්‍රයාවේ ප‍්‍රදර්ශණය අප දකිමු. සීමොන්ද පේ‍්‍රරිතයන්ගේ අත් තැබීම කරණකොටගෙන ශුද්ධාත්මය ලබා දෙන බව දැක ඔවුන් වෙත මුදල් ගෙනවිත් යමෙකු පිට මා අත් තබන්නෙහිද ඔහුට ශුද්ධාත්මය ලැබෙන පිණිස මේ බලය මටත් දියල්ලායයි කීසේක, නමුත් පේතෘස් ඔහුට කථාකොට දෙවියන්වහන්සේගේ දීමනාව මුදලට ගන්න සිතු බැවින් නුඹේ මුදල නුඹ සමඟ විනාශ වේවා කිව් ප‍්‍රකාශය මඟින් අප ඇසු දෙය බොහෝවර අන්‍යයන්ට ශුද්ධාත්මයාණෝ දිය නොහැකි බවය. 
නමුත් අපි මෙහි පැහැදිලිව දකින්නේ අපෝස්තුළුවරුන්ගේ අත් තැබිම කරණකොටගෙන ශුද්ධාත්මයාණෝ දෙනු ලැබු බවයි. යමෙකු ප‍්‍රකාශ කල හැක්කේ එසේය, අපෝස්තුළුවරුන් හට  අන්්‍යන්ට ශුද්ධාත්මයාණන් ලැබිමේදී සේවයකල හැකි බවය. නමුත් ඔබ කවුරුන්ද යන්නය. ඔබ අපෝස්තුළුවරුන් නොවන බවය. අප මෙයට  සම්පුර්ණයෙන් එකඟ නොවන්නේ අපි එම ජනයාට සිහිපත් කරන්නේ පාවුල්තුමා කෙරෙහි හස්ත තබන ලද්දේ ඔහු ශුද්ධාත්මයාණන් ලබා ගන්නා පිණිස අප‍්‍රසිද්ධ ශ‍්‍රාවකයෙකු වන අනනියාස්් විසින් බවය. ඔහු ගැන ශුද්ධ ලියවිල්ලේ අවස්ථා කීපයකදී පමණක් සඳහන් වී ඇත. ඔහු ඔබත් මමත් වැනි ඇදහිලිවන්තයෙකි.

ශුද්ධාත්මයාණන් දීමනාවක් ලෙස තිළිණයක් ලෙස දෙන ලදී. එබැවින් සත්‍ය වන්නේ අපි ශුද්ධාත්මයාණන් ලබාගත්තේ අපගේ පුණ්‍ය කි‍්‍රයාවන්ගේ ශුද්ධවත්භාවය මත නොවන බවයි. බොහෝ විට අපව විශ්වාස කිරීමට පොළඹවන්නේ කිතුණුවන් ලෙසය. අප ශුද්ධාත්මයාණන්ගේ පුර්ණත්වය ලැබිමට යම් යම් දේ කල යුතු බවත් සමහර නපුරු හැසිරීම් වලින් ජය ලැබිය යුතු බැවින් ශුද්ධාත්ම පුර්ණත්වය ලැබිමට තරම් යහපත් අයෙකු විය යුතු බවත්ය. මෙය සම්පුර්ණයෙන්ම ශුද්ධ ලියවිල්ලට පටහැනිය. පළමුකොට ඔබටම ඔබගේ ධර්මිෂ්ඨකමක් නොමැත. ඔබ තුලම යහපතක් නොමැත. ඔබ එසේ වුයේද නැත. ඔබට ඔබ කරණකොටගෙනම යහපත් විය නොහැක. ඔබ හට කි‍්‍රස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම හැරුණු විට වෙනත් ධර්මිෂ්ඨකමක් නොමැත. ඔබ එම ධර්මිෂ්ඨකම ලබාගන්නේ ඇදහිල්ලෙනි. ඔබ හෝ මා යහපත් නොමැති අපෝස්තුළු පාවුල්තුමා ප‍්‍රකාශ කරන ලද්දේ මක්නිසාද මා තුළ එනම් මාගේ මාංශය තුළ කිසි යහපතක් වාසය නොකරන බව දනිමි යනුවෙනි. (රෝම 7:18*
ඔබ ශුද්ධවු පාවුල්තුමාට වඩා මහත් අයෙකුයැයි මම නොසිතමි. අපි මෙම මහත් සත්‍යතාවය තේරුම් ගනිමු. අපි බලාපොරොත්තු රහිත ලෙස පාපිෂ්ඨ අය වෙමු. අප තුළ යහපත්කමක් නොමැත. අපි සම්පුර්ණයෙන්ම අපගේ ආත්මික දිළිදුකමින් යුතුව ස්වාමින්වහන්සේ විශ්වාස කොට ඇදහිල්ලෙන් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ලබා ගනිමු. ඔබ කි‍්‍රස්තුස්වහන්සේ ඔබගේ ගැළවුම්කරුවාණන් ලෙස පිළිගත් මොහොතේ කි‍්‍රස්තුස්වහන්සේගේ පුර්ණ ධර්මිෂ්ඨකම ඔබගේ ගණනට බාර කරන ලදී. ඔබ දෙවි ස්වාමින්වහන්සේ ඉදිරියේ සිටින්නේ යේසුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම මතය. ඔබගේම තම ධර්මිෂ්ඨකම දෙවියන්වන්සේ ඉදිරියේ කිලිටි වැරහැලිය. අප හට දෙවියන්වහන්සේ ඉදිරියෙහි පෙනී සිටිය හැක්කේ කි‍්‍රස්තුස්වහන්සේගේ පවරන ලද (ආරූඪකල) ධර්මිෂ්ඨකම මතය.   
දෙවියන්වහන්සේ විසින් පවරනු ලැබු ධර්මිෂ්ඨකමේ අද සිටීමත් හෙට එසේ නොමැති වීමක් නොවන්නේය. ඔබ සම්පුර්ණයෙන්ම කි‍්‍රස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම මත සිටීම හෝ නොසිටීම වන්නේය. එසේ නොවන්නේ නම් ඔබ පාපයේ නැතිවු අයෙකි. දේව රාජ්‍යයෙන් පිටත සිටින අයෙකි. ක‍්‍රිස්තුස්වහන්සේ අපගේ පාප දරාගත්තේ අප උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ලබන පිණිසය. අපි රෝම 4:5-8 මෙසේ කියවමු. අප ඇදහිල්ලෙන් වන්නාවූ ධර්මිෂ්ඨකම දකිමු. ඉදින් වැඩ කරන්නේ කුලිය ණයක් වශයෙන් මිස කරුණාවක් වශයෙන් ගණන් ගනු නොලැබේ. නමුත් වැඩ නොකරන්නමු. අභක්තිකයන් ධර්මිෂ්ඨයන් කොට ගන්නා තැනන්වහන්සේ අදහාගන්නා අය ඔහුගේ ඇදහිල්ල ධර්මිෂ්ඨකමය. එලෙසම  දෙවියන්වහන්සේ යමෙකුව ධර්මිෂ්ඨකමට කි‍්‍රයා නැතිව ගණන්ගත් සේක්ද? ඔහුගේ ආශිර්වාදකම දාවිත්  දක්වමින් තමුන්ගේ අයුතුකමට කමාවත් පාපයට වැස්මත් ලැබු තැනැත්තෝ ආශිර්වාද ලද්දෝය. ස්වාමින්වහන්සේ විසින් පාපය ගණන් නොතබන තැනැත්තා ආශිර්වාද ලද්දෝ යයි කියයි. (රෝම 10:10)
අප කියවන්නේ මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය. ගැළවීම පිණිස මුඛයෙන් කියා දෙන්නේය. යැවුම්පත‍්‍රයන්හි බොහෝ ශුද්ධ ලියවිලි පාඨ මගින් දක්වන්නේ දෙවි ස්වාමින්වහන්සේගේ පිළිගත් හා එකම ධර්මිෂ්ඨකම කි‍්‍රස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම බවය. එය ඇදහිල්ලෙන් ලබාගන්නාවු එකකි. දැන් කි‍්‍රස්තුස්වහන්සේ විසින් තමන්වහන්සේගේ ජීවිතය පුජා කිරීම කරණකොටගෙන අපහට දෙවියන්වහන්සේ ඉදිරියෙනි පුර්ණව පෙනී සිටිය හැක. අප විසින් වරදවා තේරුම් නොගත යුතු කරුණක් වන්නේ මෙම පරිපුර්ණකමේ අදහස අප පරිපුර්ණත්වය වර්ධනය වීමෙන් ලබා ගන්නා ලද තත්වයක් නොවන බවය. කිතුණු චරිතය ගොඩනැඟීම ජීවිතය මුළුල්ලේ සිදුවන්නාවු කි‍්‍රයාවලියකි. සැබවින්ම අප සෑම අයෙකුගේම ජීවිතයෙහි ඉතාම යහපත්  දෙය බොහෝ වශයෙන් ආශාවීමට ඇත. දෙවියන්වහන්සේ අප හට ශුද්ධාත්ම පුර්ණත්වය දානය කරන ලද්දේ අපගේ කිතුණු චරිතයේ උසස් මට්ටමකට පත්වීම නිසා නොවේය. නමුත් උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ව 
දුර්වල අය හට දානය කරන ලදී. එසේ කරන ලද්දේ ශුද්ධාත්මයාණන්වහන්සේගේ උපකාරයෙන් මඟපෙන්වීමෙන් හා බලයෙන් ඔවුන් කි‍්‍රස්තුස්වහන්සේගේ ස්වරූපයට මාරුවෙන පිණිසය,
ඔබ මෙය සිහි තබාගත යුතුය, එය අපගේ ගණනට භාර කරනු ලැබුවාවු කි‍්‍රස්තුස්වන්සේගේ ධර්මිෂ්ඨකම වේවා, එය අප උන්වහන්සේ කෙරෙහි අදහාගත් විට නැතහොත් දිනෙන් දින අපගේ චරිතය ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් ගොඩනඟන්නාවු ධර්මිෂ්ඨකම වේවා, එය කි‍්‍රස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම මිස ඔබගේ ධර්මිෂ්ඨකම නොවේය. නැවතද ඔබට මා සිහිපත් කරන්නේ ඔබම යහපත් නොවන අතර ඔබගේ එකම බලාපොරොත්තුව උන්වහන්සේ බවය. දෙවිස්වාමින්වහන්සේ මා කි‍්‍රස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමින් පළඳිනු ලබන බව දකින්නේ නම් කි‍්‍රස්තුස්වහන්සේගේ යෝග්‍යභාවය හෙවත් සුදුසුකම වටිනාකම, මනුෂ්‍යය වර්ගයාට දෙනු ලැබුවාවු  ඕනෑම දෙයක් ලබාගැනීමට මා සුදුස්සෙකු කරයි.

බොහෝ විට අපි මෙම ප‍්‍රකාශණය අසන්නෙමු. ශුද්ධාත්මයාණන් වහන්සේ කිසිවිටක අපවිත‍්‍ර භාජන වෙත නොපැමිණෙන සේක. අපි මෙම ප‍්‍රකාශණය සමඟ සම්පුර්ණයෙන් එකඟ වෙමු. නමුත් අපි අසන ප‍්‍රශ්නය නම් භාජනයක් පවිත‍්‍ර හා අපවිත‍්‍ර ලෙස වන්නේ කෙසේද? යනුවෙන්ය. බොහෝ ජනයා ඔවුන්ගේ සිත්තුල ප‍්‍රමිතීන් තබාගෙන ඇත. අන් අය එම මිණුම් දණ්ඩ ප‍්‍රමිතියට නොවන්නේ නම් ඔවුන්ගෙ ප‍්‍රකාශණය අනුව ඔවුන් පවිත‍්‍ර නොවේ. මෙම ජනයා විසින් සිහි තබාගත යුතු කරුණක් වන්නේ කි‍්‍රයා පොතෙහි දැක්වෙන පේතෘස්තුමාගේ අත්දැකීමය. ස්වර්ගයෙන් ඔහු වෙතට පැමිණි පහත් කරනු ලැබු ඇතිරිල්ලෙහි අපවිත‍්‍ර සතුන් හා බඩගා යන සතුන් විය. පේතෘස්තුමා හට දෙවිස්වාමින්වහන්සේගෙන් පැමිණි පණිවුඩය වුයේ දෙවියන්වහන්සේ පවිත‍්‍රකරන ලද කිසිවක් අපවිත‍්‍ර යැයි නොකියන ලෙසටය. 
මිදීම ලැබු සෑම මනුෂ්‍යයාම යේසුස්වහන්සේගේ ලෙයින් පවිත‍්‍ර කරනු ලැබ ඇත. එබැවින් ඔහු හෝ ඇගේ වර්තමාන තත්වයේදි ශුද්ධාත්ම බෞතිස්මය ලැබීමට සුදුසුය. යමෙකු ගැළවීම ලබා ඇති බව ප‍්‍රකාශ කරමින් අනෙක් පසට හැරී එම අය ශුද්ධාත්ම පුර්ණත්වය ලැබීමට නුසුදුසු බව ප‍්‍රකාශ කිරීම කෙතරම් තර්කානුකුල නොවන්නාවු දෙයක්ද? අප විසින් පිළිගත යුතු කරුණක් නම් මනුෂයෙකු ගැළවීම ලබා ඇත්තේ නම් ඔහු දුර්වල ළදරු කිතුණුවෙකු වුවත්,  ඔහු මරණයට පත් වුවහොත් ස්වාමින්වහන්සේ වෙතට යන බවය, තව දුරටත් අප විසින් පිළිගත යුතු වන්නේ ඔහු දෙවියන්වහන්සේ ඉදිරියෙහි වරදටපත් කරනු නොලබා දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ දුතයන් ඉදිරියෙහි කි‍්‍රස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමේන් පළඳනු ලබා ඇති බවය, එමෙන්ම ස්වර්ගීය අලංකාරයෙන් වටකොට ඇති බවය. එසේනම් එබදු මනුෂ්‍යයෙකු හට ඔහු ශුද්ධාත්ම පුර්ණත්වය ලැබීමට නුසුදුසු බව ප‍්‍රකාශ කිරීම කෙතරම් 
අතාර්කිකද? මන්දයත් අප මින් පෙර සඳහන් කරනු ලැබු ලෙස ශුද්ධාත්ම පුර්ණත්වය දානය කරනු  ලබන්නේ යම් අරමුණක් ඉටු කරගන්නා මාධ්‍යයක් ලෙස එම මනුෂ්‍යයා අවසාන ප‍්‍රතිඑලය හෙවත් ගමනේ අවසානය වන ස්වර්ගයට පිවිසීමට සුදුසු වන්නේ නම් යෝග්‍ය වන්නේ නම් එම ගමන් මගෙහි අවශ්‍යය අංගයක් වන ශුද්ධාත්ම පුර්ණත්වය ලැබීමට යෝග්‍ය නොවන්නේ යැයි ප‍්‍රකාශ කරන්නේ කෙලෙසද? එම තැනැත්තා මෙහිදී දැන් ශුද්ධාත්ම පුර්ණත්වය ලැබීමට යෝග්‍ය නොවන්නේද? සියලූ තර්කයන් උන්වහන්සේගේ ජීවිතයේ අවසාන දිනුම වන ස්වර්ගය දුන් සියල්ලට වඩා උත්තරීතර බවය. මෙම අන්තය කරා ගමන් කිරීමට යොදාගන්නාවු සියලූ මාර්ගයන්ට වඩා ස්වර්ගය උසස්ය.   

සියල්ලන්ගේ සිත් තුලට අප විසින් යොමුකරන්නාවු තවත් සිතුවිල්ලක් වන්නේ ශුද්ධාත්ම පුර්ණත්වයේදී අප ලබාගන්නේ පිළිගන්නේ පුද්ගලයාණන්වහස්සේ පමණි. යමක අත්දැකීමක් නොවේය. ශුද්ධාත්මයාණන් වහන්සේ ලබාගැනීම කිතුණුවෙකුගේ කි‍්‍රයා කිරීමේ පළමු සරල අත්දැකීම සමඟ සහයෝගීතාවයකි. මෙහිදී ආරම්භය ලබා ගැනීම වැදගත්ය. එය ශුද්ධාත්මයාණන් වහන්සේ සමඟ සහ සහභාගිත්වයේ පළමු පියවර ස්ථාපිත කරයි. එය මෙම ලෝකයෙහි ජීවත්වන තුරු අඛන්ඩව පවත්නා සම්බන්ධතාවයකි. අප මේ ලෝකයේ ජීවත්වන තුරු අපි ආරම්භක අත්දැකීම් කථා කරන ලද අතර ශුද්ධාත්මයාණන් සමඟ ගමන් කිරීම හා කථාකරන්නෙ ස්වල්පයකි.

අප විසින් සැලකිය යුතුවන කරුණක් වන්නේ ශුද්ධාත්මයාණන් පැමිණෙන තුරු බලා සිටීමට උගන්වනු ලැබුයේ යේසුස්වහන්සෙ විසින් අණ දෙනු ලැබු ගෝලයින් හටය. ඔවුන් බලා සිටින ලද්දේ පොරොත්තු වන ලද්දේ ඒ මහත් ශුද්ධාත්මයාණන් දානය කර නොතිබුනු නිසාය.  ප‍්‍රාථමිකව ඔවුන්ගේ බලාසිටීම ශුද්ධාත්මයාණන් ලබා ගැනීම සඳහා බලා සිටීමකට වඩා ඔවුන් පෙන්තකොස්ත දිනය පැමිණෙන තුරු බලා සිටියහ. දෙවි ස්වාමින්වහන්සේගේ සැලැස්ම ලෙස එය ශුද්ධාත්මයානන් වැගිරවීමේ ප‍්‍රස්ථාව විය. සැලකිය යුතු වන්නේ දේව වචනය ප‍්‍රකාශ කරන්නේ ශුද්ධාත්මයාණන් වගුරවනු ලැබුයේ ඔවුන් සම්පුර්ණයෙන් සුදානම් වු පසු නොව පෙන්තකොස්ත දිනය සම්පුර්ණයෙන් පැමිණි පසුවය. එවිට ඔවුන් කෙරෙහි ශුද්ධාත්මයාණන් පැමිණ ඔවුන් ශුද්ධාත්මයෙන් පුර්ණ වුහ. මෙම යුගයේදී දෙවියන්වහන්සේගේ සැලැස්ම වන්නේ ශුද්ධාත්ම පුර්ණත්වය උදෙසා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයින් බලාසිටීම ලෙස උන්වහන්සේ සැබවින්ම පෙන්තකොස්ත දිනයේදී සියලූ කිතුණුවන් එකඟවන ලෙස සියලූ කිතුණුවන්  බලා සිටින්නේය. අපි මෙම වැදගත් ප‍්‍රශ්ණය අසමු එනම්, පේතෘස්, පාවුල් සහ මුල් ශ‍්‍රාවකයින් ශුද්ධාත්මයාණන්ගේ පුර්ණත්වය සඳහා බලා සිටින්නට යැයි උගන්වනු නොලද්දේ මන්ද යනුවෙනි. පෙන්තකොස්ත දිනයට පසු ශුද්ධාත්ම පුර්ණත්වය පතා බලාසිටින්නට යැයි උගන්වනු නොලද්දේය. ඔබ අභියස සිටින්නාවු කෙනෙකු පැමිණෙන තුරු බලා සිටින්නැයි ප‍්‍රකාශ කිරීම අඥාණකමකි. ශුද්ධාත්මයාණන් පෙන්තකොස්ත දිනයේ සිට අප සමඟ වන සේක. ශුද්ධාත්මයාණෝ ඔබව අයත් කර ගැනීමට මහත් ආශාවෙන් සිටින සේක. ඔබගේ හෘදයේ වාසය කිරීමට ඔබටද වඩා උන්වහන්සේ ආශාවෙන් සිටින සේක. කෙනෙකු තව බලා සිටීමට යැයි කියන විට සැකයක් ඇති වේ. එයින් අදහස් කරන්නේ ශුද්ධාත්මයාණෝ යම් දුරස්ථ ස්ථානයක සිටින බව හා උන්වහන්සෙ පැමිණෙන තුරු මා  බලාපොරොත්තුවෙන් සිටිය යුතු බවය. අප තේරුම් ගත යුත්තේ දැන් උන්වහන්සේ මෙහි සිටින බවය. අප උන්වහන්සේ ලබාගැනීමට ඇදහිල්ලෙන් සුදානම් වූ මොහොතේම උන්වහන්සේගේ පුර්ණත්වය ලබන බවය.  

යම් අයෙකු හට ඔබ කියනා දෙය නම් මා වෙත යම් ආත්මික අඩුකමක් නොවන්නේ නම් ශුද්ධාත්ම පුර්ණත්වය වළක්වන කාරනය කුමක්ද? ඔබ මෙවැනි දෙයක් සිතීම පුදුම සහගත නොවේ. අප හට බොහෝ විට උගන්වනු ලබා ඇත්තේ අප අවශ්‍යය ප‍්‍රමාණයට යහපත් වන විට ශුද්ධාත්මයාණන් ලැබෙන බවය. කෙසේ වුවද මා සිතන්නේ ඔබ හට ශුද්ධාත්ම පුර්ණත්වය ලබාගැනීමට බාධා වන්නේ කුමක්ද යන්න පෙන්වා දීමට අපහසු නැත. ඔබ ඉතා  ඕනැකමින් සොයන ලද්දේ නම් ඔබ හට නොලැබුනේ කෙසේද කියා තේරුම් ගැනීමට දුෂ්කර නැත. ඔබ ශුද්ධාත්මයාණන්වහන්සේ සොයන ලද්දේ නම් උන්වහන්සේ ඔබ කෙරෙහි කි‍්‍රයා කරනු ලබන බව දැනුනේ නම් උන්වහන්සේ පුද්ගලයාණන් වහන්සේ කෙනෙකි. ඔබට හැෙඟන ලෙස උන්වහන්සේ එහිය. අපි ක‍්‍රියා 2:34 පේතෘස්ගේ ප‍්‍රකාශයට යොමු වෙමු. නුඹලා සියල්ලෝම පසුතැවිලිව පව්කමාව පිණිස යේසුස් කි‍්‍රස්තුස්වහන්සේගේ නාමයෙන් බෞතිස්මය ලබාපල්ලා, එවිට ශුද්ධාත්ම දීමනා ලබන්නහුය. මෙම වචනය සලකන්න, එනම් ලබන්නහුය, මෙය යම් අයකුගේ පාර්ශවයෙන් යමක් ලබා ගැනීම පිළිබඳ කි‍්‍රයාවකි අද බොහෝ ජනයාගේ ජීවිතවලට ශුද්ධාත්මයාණෝ පැමිණ ඇත. නමුත් ඔවුන්ගේ පාර්ශවයෙන් උන්වහන්සේව ලබාගැනීම පිළිගැනීම සිදු කර නොමැත. උදාහරණ ලෙස බොහෝ ජනයා හට ඔවුන්ගේ තොල්වෙත බොහෝ අවස්ථාවලදී අන්‍ය භාෂා පැමිණ ඇත. නමුත් ඔවුන් පැහැදිලිව එය පිටතට ප‍්‍රකාශ කර නොමැත. ඔවුන් ශුද්ධාත්ම පුර්ණත්වය නොලැබීමට එකම හේතුව වන්නේ ශුද්ධාත්මයාණෝ ඔවුන් තුල කි‍්‍රයා කරමින් කිරීමට උත්සාහ කරන්නේ කුමක්ද යන්න නිසි ලෙස අවබෝධ කර නොගැනීම නිසාය. යහපත් මිත‍්‍රයිනි, ස්ථිර ලෙසම ඔබ ශුද්ධාත්ම පුර්ණත්වය ලබානොගැනීමට හේතුව එයයි. ඔබ විසින් ශුද්ධාත්මයාණෝ කිරීමට උත්සාහ කරන්නෙ කුමක්දැයි අවබෝධ කර ගෙන නොමැත. බාධාවට ඉතා වැදගත් කරුණක් වන්නේ අප විසින් ශුද්ධාත්මය පුර්ණත්වය ලැබීම සම්බන්ධ වචන යෙදීම් ප‍්‍රකාශන සම්බන්ධයෙන් නොසැලකිලිමත් වීමය. අප විසින් යෙදීම්වල අර්ථය දැන සිටින්නෙමු, නමුත් අපි යම් අයට කථා කරන විට ඔවුන් බොහෝ විට එම යෙදීම් තේරුම් ගෙන නොමැත. 

අප පාවිච්චි කරන එක්තරා වැරදි සහගත  යෙදීමක් වන්නේ අන්‍ය භාෂාව කථා කිරිම සම්බන්ධයෙනි, එය ශුද්ධාත්ම පුර්ණත්වය ලැබීමේ ආරම්භක සලකුණ වේ.  එය ශුද්ධාත්මයාණෝ මනුෂ්‍යයා මගින් කථා කිරිමය. උදාහරණ ලෙස යමෙකු ප‍්‍රසිද්ධ රැුස්වීමකදී අන්‍ය භාෂාවෙන් පණිවුඩයක් ගෙන එන්නේ නම් එහි සිටින කෙනෙක් තවත් අයෙකුට මෙසේ ප‍්‍රකාශ කරයි. සහෝදරයා ශුද්ධාත්මයාණෝ එම මනුෂ්‍යයා තුලින් කථා කරන සේක. ශුද්ධාත්ම පුර්ණත්වය ලබා ගැනීමට පැමිණ සිටින අයෙකුට තවත් අයෙක් ප‍්‍රකාශ කරනු ලබන්නේ සහෝදරයා ඔබ තුලින් ශුද්ධාත්මයාණන්ට කථාකිරිමට ඉඩ හරින්න කියාය. මෙවැනි  ප‍්‍රකාශයන් මඟින් අසා සිටින්නන්ට වැරදි අවබෝධයක් ලැබේ. එයින් පැමිණෙන අදහස වන්නේ කථා කරන මනුෂ්‍යයාගේ කැමැත්තේ කි‍්‍රයාව නොමැතිව ශුද්ධාත්මයාණෝ ඔහුගේ මුඛය තුලින් කථා කරන බවයි. එක් සභාපාලකවරයෙක් මෙසේ ප‍්‍රකාශ කලේය.  එය යමෙක් කුඩා ගුවන් විදුලි යන්ත‍්‍රයක් ගිලගැනීම වැනිය. ශුද්ධාත්මයාණෝ සුදානම් විට ඔහු රේඩියෝව මෙන් කි‍්‍රයාකරන බවය. ශුද්ධාත්ම පුර්ණත්වය සොයන්නන් සමඟ කථා කිරීමේදී මා විසින් සොයා ගන්නා ලද්දේ විස්තර කර ලෙස ශුද්ධාත්මයාණෝ  ගුවන් විදුලියක් මෙන් කි‍්‍රයාකරන බවය. ඔවුන් තමන්ගේ මුඛය මඟින් ශුද්ධාත්මයාණෝ කතාකරන තුරු බලා සිටිති. ඔවුන් තමන්ගේ පාර්ශවයෙන් කි‍්‍රයා නොකරති. මෙය බයිබලය උගන්වන ප‍්‍රතිපත්තියට සම්පුර්ණයෙන්ම පටහැනිය. කි‍්‍රයා 2 පරිච්ජේදයේ 4 ප‍්‍රකාශ කරන්නේ ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව ආත්මයාණන්වහන්සේ ඔවුන්ට කතාකරන්නට පුළුවන්කම දුන් ප‍්‍රකාරයට අන්‍ය භාෂාවෙන් කතා කරන්ට පටන්ගත් බවය. ඔබ විසින් සැලකිය යුත්තේ පුළුවන්කම දුන් ප‍්‍රකාරයට ඔවුන් කතාකල බවය. ඔවුන් අන්‍ය භාෂාවෙන් කතා කළහ. එහි ප‍්‍රකාශ කරන්නේ ශුද්ධාත්මයාණෝ කතාකිරිමට පටන්ගත් බව නොවේය. එහි ප‍්‍රකාශ කරන්නේ ශුද්ධාත්මයාණෝ ඔවුන්ට පුළුවන්කම දුන් ප‍්‍රකාරයට ඔවුන් කතා කල බවය. ශුද්ධාත්මයාණෝ ඔවුන්ට වචන දුන් ප‍්‍රකාරයට කි‍්‍රයා 2:4 වර්තමාන පරිවර්තනවල වඩාත් පැහැදිලිව දක්වා ඇත. ”වේ මවුත්” පරිවර්තනය ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පුර්ණ වූහ.

ශුද්ධාත්මයාණන් ඔවුන්ට වචන දුන් ප‍්‍රකාරයට ඔවුන් අන්‍යභාෂාවෙන් කතාකිරිමට පටන්ගත්හ. ඔබට ප‍්‍රකාශ කිරිමට වචන මම දෙන්නේ නම් කතාකිරිම කරන්නේ මම නොවේය. මම ඔබ කතාකල යුතුදේ පවසන අතර ඔබ එම පවසන දේ කියයි. නව කතෝලික පරිවර්තනය ඒ පිළිබඳ අනගි ලෙස මෙසේ දක්වයි. ”ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පුර්ණව විදේශ භාෂාවලින් කතාකිරිමට ශුද්ධාත්මයාණන් ඔවුන් පොළඹවන ලෙස කතාකිරිමට පටන්ගත්හ.” ඔබ නත්තල් වැඩසටහනක කොටසක් ඉටු කරන ළමයෙකු නම් ඔබ ඉදිිරිපත් කිරිමට ඇති කොටස ඉදිරිපත් කරමින් සිටින විට අමතක වීමක් සිදුවුවහොත් තිරයේ පිටුපස සිටින්නාවු ගුරුවරයා එම ඉදිරිපත් කිරිමේ කරුණ තමන් ඇතේ ඇතිව එම දරුවාව නිවැරදිව ඉදිරිපත් කිරිමට වචන කටට දෙති. නමුත් එම ගුරුවරයා පිටතට පැමිණෙන්නේ නැත. එම දරුවාව පසෙකට දමන්නේ නැත. තමන් විසින්ම එම කොටස කියවන්නේ නැත. ගුරුවරයා උපකාර කරමින් කිය යුතු දේ කියා දේ එවිට ඔබ එය කරයි. මෙම පරිවර්තන දෙක හා තවත් බොහෝ පරිවර්තන කෙනෙකු අන්‍ය භාෂාවෙන් කතා කරන විට සැබවින් සිදුවන්නේ කුමක්දැයි ප‍්‍රකාශ කරයි. එහිදී කතාකිරිම කරන්නේ ශුද්ධාත්මයාණෝ නොවේය. නමුත් ශුද්ධාත්මයාණෝ ස්වභාවෝත්තර ලෙස කතා කිරිමට මඟ පෙන්වයි. මනුෂ්‍යයා තමාගේ කැමැත්තේ කි‍්‍රයාවෙන් කතා කරයි. ඔහු තමාගේ ස්වභාවික භාෂාව කතා කරන ලෙස සැබවින්ම කතා කරයි. පුදුමය වන්නේ මනුෂ්‍යයා කතා කිරිම නොවේය. එය කැමැත්තේ කි‍්‍රයාවකි. පුදුමය වන්නේ මනුෂ්‍යයා කතා කරන දේවල්ය. ඔහු කතාකරන දේවල් සම්පුර්ණයෙන්ම ස්වභාවයට ඉහලය. ස්වභාවෝත්තරය ඔහු කතා කරන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේ මඟපෙන්වන දේය. ඔබ මෙසේ කීමට පුළුවන. අන්‍ය භාෂාවෙන් කතා කිරිම ශුද්ධාත්මයාණන්වහන්සේ මඟපෙන්වීම වන්නේ නම් මම ශුද්ධාත්මයාණන්ගේ මඟපෙන්වීම බලාපොරොත්තු වන්නේ කෙසේද? යන්නය. එය ඔබගේ සිතෙහි තිබිය යුතු ඥාණවන්ත ප‍්‍රශ්නයකි. අපි මෙම ප‍්‍රශ්ණයට ප‍්‍රවේශමින් අවධානය යොමු කල යුතුය. එනම් මඟපෙන්වන ආකාරය පිළිබඳවය, එවිට එය පැමිණිවිට ඔබට අවබෝධකරගත හැකිවනු ඇත.


බොහෝ මනුෂ්‍යයින් මා හට ප‍්‍රකාශ කර ඇත්තේ ඔවුන් ශුද්ධාත්ම පුර්ණත්වය ලැබු විට අන්‍යභාෂාවෙන් කතා කල විට එම කතාකිරිම සඳහා බොහෝ කලක සිට මඟපෙන්වීම තිබු බවය, නමුත් අවබෝධය මඳ නිසා හෝ මනසේ වු වැරදි අදහස් නිසා ඔවුන් එය නිසි ලෙස අවබෝධකර නොගත් බවය.
ශුද්ධාත්මයාණෝ ඔබට මඟපෙන්විය හැකි එක් ආකාරයක් වන්නේ ඔබ තුළමය. එය කොතැනදි දැයි මා හට කිව නොහැකිය. ඔබහට එම වචන පිළිබඳව හැඟීමක් ඇත. ඔබ හට ඒවා කුමනාකාර දැයි කිව හැක්කේ ඔබ ඇසෙන ලෙස ප‍්‍රකාශ කිරිමෙන්ය. බොහෝ මනුෂ්‍යයන් හට මෙම අත්දැකිම ඇති නමුත් ඔවුන් තමන් මාංශයෙන් යමක් කරන්නේ යැයි බිය වෙති. එසේ සිතීමෙන් ඔවුන් ප‍්‍රකාශ කිරිමෙන් වැළකෙති. එලෙස ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් අන්‍ය භාෂාවෙන් කතාකිරිමට පෙළඹවීම වළක්වා ගනිි.

  සාතන් විසින් මනුෂ්‍යයින් අන්‍ය භාෂාවෙන් කතාකිරිමෙන් වැළැක්වීම සඳහා බලවත් වැරදි අවබෝධයන් දෙකක් යොදාගනී. පළමු දෙය නම් ඔවුන් විශ්වාස කරන්නේ ශුද්ධාත්මයාණෝ අන්‍ය භාෂාවෙන් කතාකිරිමට යන බවය, නමුත් එය සත්‍ය නොවේ. දෙවන කරුණ නම් ඔවුන් මාංශයෙන් කතාකිරිමට පොළඹවේය යන අනතුරු ඇඟවීමය. යමෙක් අන්‍ය භාෂාවෙන් කතා කිරිමට ආරම්භ කරන විට සාතන් ඔවුන්ගේ කණට කොදුරා මෙසේ කියයි: ”දැන් නතර කරන්න, නතර කරන්න, ඔබ මාංශයෙන් කතා කිරිමට සුදනම් වෙනවා, ඒ කරන්නේ ඔබයි.” බොහෝ විට මනුෂ්‍යයා කතා කිරිම නතර කරයි. එවිට සාතන් මෙසේ කියයි බලන්න, බලන්න, මම ඔබට කීවා, ඒ ඔබයි. එය ශුද්ධාත්මයාණෝ නොවේය. ඔබට  ඕනෑම විටක නතර කළ හැකිය. බොහෝ ජනයා එම අවස්ථාවේදී නතරවේ. ඔවුන් එම යෝජනාව දෙවියන්වහන්සේ ගෙන් යැයි සලකයි. නමුත් එය පැමිණියේ ආත්මවල සතුරාගෙන්ය. මෙසේ වුවද කතා කිරිම තමාගේ පාර්ශවයේ බව මනුෂ්‍යයා අවබෝධ කරගනා විට ශුද්ධාත්මයාණෝ සිදුකරනු ලබන්නේ කතාකිරිමට මඟපෙන්වීම බව අවබෝධ කරගත් විට ඔහුට නොබියව කතාකළ හැක. දෙවියන්වහන්සේ ඔහුට හෝ ඇයට කතාකිරිමට පොළඹවනු විට එය වැළැක්වීමට උත්සාහ කරන්නේ සාතන් බව අවබෝධ කර ගත යුතුය.

කතාකිරිම සිදුකරන්නේ ශුද්ධාත්මයාණන් නොවන බවට සාක්ෂියක් දෙවියන්වහන්සේ ගෙන් වචනය 1කොරින්ති 14 සඳහන්වේ. එහි කතා කිරිමට සහ නිශ්ශබ්දව සිටීමට නිශ්චිත අවවාදය ඇත. අනාගත වක්තෘගේ ආත්මය අනාගතවක්තෘට යටත් යැයි සඳහන්කොට ඇත. කතා කිරිම කරනු ලබන්නේ ශුද්ධ ආත්මයාණෝ නම් අන්‍යභාෂාව පාලනය කිරිම සඳහා මනුෂ්‍යයාට අවවාද කිරිම ඥණාන්විත නොවේය. 
මේ පිළිබඳ ඉතා නිශ්චිත උපදෙස් ඇති බැවින් එය ඔප්පු කරන්නේ කීකරුවීමේ බලය මනුෂ්‍යයා සතු බවය. මෙම කාරණා පැහැදිලි කරගත් විට ශුද්ධාත්මයෙන් පුර්ණත්වය ලබන්නෝ ඉතා පැහැදිලි හා අලංකාර භාෂාවලින් කතා කරති. 

මනුෂ්‍යයා හට කතා කිරිමට ශුද්ධ ආත්මයාණන් විසින් පොළඹන්නාවු තවත් මාර්ගයක් වන්නේ ස්වභාවෝත්තර ලෙස ඔහුගේ හෝ ඇයගේ තොල් තුළ වචන සැකසීමට පෙළඹීමය. අපි මොහොතකට කතා කිරිම පිළිබඳව  විවිධ කාරණා සලකා බලමු. එවිට අප හට පැහැදිලිව ශුද්ධාත්මයාණන් වහන්සේ කිරිමට උත්සාහ කරන්නේ කුමක්දැයි දැකිය හැක. සියළු කතාකිරිමේ හෙලිකිරිමේ ස්වභාවෝත්තර කතාකිරිමේ විශේෂිත කරුණු දෙකක් ඇත. 

(01)අපගේ දිව සහ තොල් තුළ වචනය ඇතිවීමය. දෙවනුව ශබ්දය නිකුත් කිරිමය. ඔබහට ඔබගේ දිවේ සහ තොල්වල වචනය ඇතිකරගත හැක, නමුත් හඬ පැමිණ නැත. ඔබ යම් සභා රැුස්වීමක සිටින්නේ නම් ඔබහට තවත් අයෙකු හට ඔබ නිවසට යන බවට පණිවුඩයක් දීමට අවශ්‍යවන්නේ නම් ඔබ අන්‍යයන්ට බාධාවන ලෙස මහත් හඬින් කතාකරන්නේ නැත. ඔබ කරන්නේ ඔබහට පණිවිඩය දීමට අවශ්‍ය අය දෙස බලා ඔබගේ තොල්වලින් ශබ්ද නොනගා එම පණිවුඩයට අදාල ලෙස තොල් සෙලවීමය. එවිට පණිවුඩය ලබන්නාට ඔබගේ තොල්දෙස බලා සිටීමෙන් එම පණිවුඩය ලැබේ. 

ස්වභාවික කතාවෙහි දී මනුෂ්‍යයාගේ සිත මෙම කාරණා පාලනය කරයි. මනුෂ්‍යය මනස විසින් තොල්වල වචන හැඬගන්වයි. ඉන්පසු ශබ්දය පිට කිරිමේ අංශය මඟින් අවශ්‍යය ශබ්දය පිට කෙරේ,  නමුත් ස්වභාවෝත්තර කතාවේදී එය එසේ නොවේි. මනුෂ්‍යයාගේ සිත පාලනය කරන්නේ මෙයින් එක් අංශයකි. මනුෂ්‍යාගේ කොටස වන්නේ කතා කිරිමේ ශක්තිය සහ හඬ බලගැන්වීමය. ශුද්ධාත්මයාණන් වහන්සේ කතා කිරිමට මඟපෙන්වීමේ කොටස කරයි, වෙනත් වචනවලින් පවසන්නේ නම් අන්‍යභාෂාවෙන් කතාකිරිම මනුෂ්‍යායා හා ශුද්ධාතමයාණන් අතර කි‍්‍රයාවකි. ශුද්ධාත්ම පුර්ණත්වය ලබන්නාවු මනුෂ්‍යයෙකු ඔබ හොඳින් විමසා බලන්නේ නම් ශුද්ධාත්මයාණෝ එම මනුෂ්‍යයා කෙරෙහි පැමිණෙන විට මා දහස්ගණන් පිළිබඳ දැක අනගි ලෙස ශුද්ධාත්ම මෙහෙය වීම සිදුවන්නේ ඔහුගේ උගුරෙහි නොවේ. ශබ්දය පැමිණෙන්නේ උගුරේ ශබ්දය නිකුත් කිරිම මනුෂ්‍යයා  තමාගේ කැමැත්තෙන් තමාගේ පාර්ශවයෙන් කළ යුතුය, නමුත් ඔබ දැකිය යුත්තේ ශුද්ධාත්මයාණන් මනුෂ්‍යයාගේ වචන නිර්මාණය වන ශබ්දය නිකුත් කරන ස්වරයලයෙහි කි‍්‍රයා කරයි. බොහෝ විට මනුෂ්‍යයා හට එම ස්වරනාලය හකු ප‍්‍රදේශයේ බැඳිමක් මෙන් දැනේ. ඒවා මුඛය විවෘත කරන මාංශ පේශින්ය. යෝජනාව සහ පෙළඹවීම ඔබගේ මුඛය විවෘත කිරිමට පොළඹවයි. ඔබ හට ඔබගේ මුඛය වසාගෙන කතාකල නොහැකිය. ඉන්පසු ඔබ දකින්නේ ස්වභාවෝත්තර ලෙස ඔබගේ තොල් චලනය වන බවය. එම අය මුඛය විවෘත කරන විට එම දිව විශේෂාකාරයෙන් චලනය වනු දැකිය හැක. 


දෙවිස්වාමින්වහන්සේ අඥාණ දේ නොකරන සේක. මෙම වචනය අරමුණක් නිසාය. ඒ ඔහුගේ තොල් චලනය සඳහා ශුද්ධාතමයාණන්වහන්සේගේ පෙළඹවීමය. මනුෂ්‍යයා ශු.වචනය පෙළඹවීමට අනුව කි‍්‍රයා කරන්නේ නම් ඔහු හෝ ඇය තමන්ගේ හඬ නිතුත් කරමින් කතා කිරිම ආරම්භ කරයි. අන්‍ය භාෂාවෙන්  කතාකරයි. ශුද්ධආත්මයාණන් කතාකිරිමට බලය දුන් ලෙස කතාකරයි. ශුද්ධ ආත්මයෙන් ආලෝක කරනු ලැබ පොළඹවනු ලැබ සිටින දහස් ගණන් ජනයා කෙරෙහි අප විසින් හස්ත තැබු පසු ඔවුනට මුඛයට පැමිණෙන්නාවු කුමන හෝ වචන නිකුත් කිරිමට ධෛර්්‍ය කරනු ලැබු විට මෙසේ කීය. දැන් සහෝදරයා සහෝදරිය දරණ හස්තය ඔබගේ අත් ඔසවීද දෙවියන්වහන්සේගේ ප‍්‍රසංශා කරන්නේ ඔවුන් කල්පනා කරන්නේ තමන්ගේ ස්වභාෂාවෙන් ප‍්‍රශංසාකරන්නට හා ඔවුන් එය හොඳින් අරඹයි. ඔවුන් හලෙලූයා,  ප‍්‍රශංසාවේ සහ තවත් වචන පවසයි. සාමාන්‍යයෙන් ටික වේලාවක් එසේ ප‍්‍රශංසාකරමින් සිටින විට ඔවුනට ශුද්ධආත්මයාණෝ තමන්ගේ තොල් වෙනත් දෙයක් ප‍්‍රකාශ කිරිමට පොළඹවනු ලබන බව පෙනේ. එවිට ගැටුමක් මෙන් දැනේ. මෙහිදී ඔහුගේ මනස එක් දිශාවක්ටද,  ශුද්ධ වු වචනය තවත් දිශාවකටද,   යොමු කරයි.   ප‍්‍රතිඵලය වන්නේ ඔහුට ඔහුගේ දිවෙන් මිමිණිම හා පෙරටත් වඩා දුෂ්කර බවක් දැනිමය. ඔහු හෝ ඇය තමන්ගේ මනස යොමුකොට හලේලූයා, ප‍්‍රසංශා වේවා, තවත් වචන ප‍්‍රකාශ කරන අතර ඔහු තමන් ශුද්ධවන්තයින්ට නිදහස් ලෙස කි‍්‍රයාකිරිමට බාධාකරන බව ඔහුට නොතෙරේ. ශුද්ධආත්මයාණන් ස්වභාවොත්තර ලෙස කතා කිරිමට ඔහුව පොළඹවනු ලබන  නමුත් ඔහුට එම අවබෝධය නොමැත, එලෙස පොරබැදිම සිදුවේ. නමුත් මට මෙවැනි අවස්ථාවලදි උපකාර මඟපෙන්වීම සඳහා දෙවියන්වහන්සේ විශ්වාස කරනු ලැබ යොමුකරනු ලැබු විට ඔවුන් ක්ෂණයකින්ම ස්වභාවොත්තර ලෙස අන්‍ය භාෂාවෙන් කතා කිරිම අන්‍යාකාර ආශා සැබැ ඇදහිල්ල නිතරම මාර්ගය සුදානම් කරයි. අප ඉල්ලා සිටින දේ ලබාගැනිමට සුදානම් කරයි. (මා ඉදිරිපිට සිටින්නාවු ජනයා වන ඔබ ශුද්ධ ආත්මයෙන් පුර්ණත්වය ලබා අන්‍ය භාෂාවෙන් කතාකිරිමට බලාපොරොත්තු වෙන් සිටී.* එබැවින් ඇදහිල්ල ප‍්‍රකාශ කරන්නේ ඔබ කෙරෙහි ශුද්ධාත්මයාණෝ පැමිණ කල ඔබ අන්‍ය භාෂාවෙන් කතා කිරිමට සුදානම්ව සිටින ලෙසය. 

කෙසේ වුවද බොහෝ අවස්ථාවල ශුද්ධාත්ම පුර්ණත්වය අපේක්ෂාවෙන් සිටින්නාවු අයට දෙනු ලබන උපදෙස් හා උපකාරයන් ඔවුන් ඇදහිල්ලේ අන්‍යභාෂා කතා කිරිමට බාධාකර ඇති අවස්ථා තිබේ.

මා කෙතරම් වැරදියැයි අවබෝධ කරගැනිමට පෙර කෙනෙකු ශුද්ධාත්ම පුර්ණත්වය ලබා ගැනිමට අපේක්ෂාවෙන් මා වෙත පැමිණි විට මා කිරිම නතර නොකර එවැනි අවස්ථාවල ඔවුන් කෙරෙහි කි‍්‍රයාකරන බව දකිමි. එම බාධක ජයගැනිමට උපකාර කළෙමි. මම බොහෝ විට ප‍්‍රකාශ කරන්නේ මාගේ සහකාරයෙක් ඔහුට නතර කරන්න, නතර කරන්න කියා එක් අයෙක් කියයි, තවත් අයෙක් දැන් භාරවෙන්න කියයි,  තවත් අයෙක් නිදහස් කරන්න කියා ප‍්‍රකාශ කරයි,  තවත් අයෙක් ප‍්‍රකාශ කරන්නේ ශුද්ධ ආත්මයාණෝ ඔබ තුලින් කතා කිරිමට ඉඩ හරින්න කියායි. ශුද්ධ ආත්මයෙන් පූර්ණත්වය අපේක්ෂා කරන්නා අසරණවී ඇත. මා හට බොහෝ දෙනෙක් ප‍්‍රකාශ කර ඇත්තේ මෙබඳු උපදෙස් කරණකොටගෙන ඔවුන් ව්‍යාකුල වු බවයි. එමෙන්ම මේ ආකාරයෙන් වරින්වර උත්සාහ කිරිමෙන් අහක්වීමය. බොහෝ විට එකම උත්තරය ලැබි ඇත. අවසානයේ ඔවුන් ශුද්ධාත්ම පුර්ණත්වය සෙවීම සම්පුර්ණයෙන් අතහැර ඇත. අපි ප‍්‍රවේශමෙන් ඔවුන් හට ශුද්ධ ආත්මයාණෝ ඔවුන්  විසින් කල යුතු දේ ගැන ප‍්‍රවේශමෙන් පැහැදිලි කරදීමෙන් පසුව ඔවුන් සෑම අයෙක්ම පාවේ රීතියේ ශුද්ධාත්ම පුර්ණත්වය ලැබ ඇත. 

මා විසින් මින් පෙර සඳහන් කරන ලද්දේ සෑබෑ ඇදහිල්ල නිතරම ඉල්ලන්නාවු දෙය ලබාගැනිම සඳහා මාර්ගය සුදානම් කරන බවය. අපි මෙම අදහස් තවදුරටත් සලකා බලමු. මාර්ගය සුදානම් කිරිම යන්න පිළිබඳව අදහස් කරන දේ පිළිබඳව ආදර්ශයක් දක්වමි. එක්තරා මනුෂ්‍යයෙකු හට ආබාධිත දරුවෙකු විය. ඔහුගේ එක පාදයක් අනෙකට වඩා අඟල් 4 පමණ අඩුව තිබෙුනේය. එම ළමයා එම අඩුව නිසා අඟල් 4පමණ උස පාවහන් පැළදුවේය. රෝගීන් උදෙසා යාච්ඤා කරන ස්ථානයකට මොහුගේ පියා විසින් කැඳවා ගෙන ආවේය. එම මනුෂ්‍යා රැු්ස්වීමට පැමිණෙන අතරදි ඇදහිල්ලේ කි‍්‍රයාව ලෙස කළේ කුමක්ද? පසුව ලැබීමට සුදානම් කළේ කුමක්ද? ඔහු පාවහන් අලෙවිහලක් වෙත ගොස් එම පුත‍්‍රයාට සාමන්‍ය පාවහන් යුවලක් මිලදී ගන්නා ලදී. මා පෙන්නුම් කරන්නේ කුමක්දැයි ඔබට පෙනේද? ඔවුන් සුවය ලබා ගැනිම ස\හා අවශ්‍ය සියල්ල සුදානම් කරන ලදි. එම ළමයා සුවය ලබා නව පාවහන් සමඟ නිවසට ගියේය. 

දැන් මෙහි සිටින ජනයා වන ඔබ ශුද්ධාත්ම පුර්ණත්වය ලබා අන්‍ය භාෂාවෙන් කතා කිිරිමට බලාපොරෙත්තුවෙන් සිටිති. එබැවින් ඇදහිල්ල ඔබට අණ කරන්නේ ඔබ අන්‍ය භාෂාවෙන් කතා කිරිමට සුදානම් වන ලෙසය. එකවර භාෂා දෙකක් කතාකකිරිම කළ නොහැකි කියා එබැවින් ඇදහිල්ලෙන් ඔබ ගත යුතු පියවර මේය. මම මාගේ ස්වභාවික භාෂාවෙන් වචනයක්වත් නොකියමි. මම ශුද්ධාත්මයාණන්වහන්සේට නිදහස් ලෙස කි‍්‍රයා කිරිමට මාගේ තොල් භාර දෙමි. උන්වහන්සේ එසේ කළ විට මම මාගේ හඬ නගා නොනැවතී, උන්වහන්සේ දෙන වචන කතා කරන්නෙමි. මම එසේ කරන්නේ ප‍්‍රතිඵල සඳහා දෙවියන්වහන්සේ විශ්වාස කිරිමෙනි, එය ඇදහිල්ලය. ඔබගේ පුරුද්ද කියා ඔබගේ ස්වභාවික භාෂාවෙන් කතාකිරිමෙන් වැළකිමට ඔබට නොහැකිය. ශුද්ධආත්මය පොළඹවන විටද ඔබට නොහැකිය. එබැවින් ඇදහිල්ලේ කි‍්‍රයාවක් ලෙස ඔබවම හික්මවා ගත යුතුය. එනම් ඔබගේ ස්වභාවික භාෂාවෙන් කතාකිරිමෙන් හඬ ගෑමෙන් වැළකිය යුතුය.

ඔබ විසින් දැනගත යුතු තවත් කරුණක් ඇත. එය ආනුභාවය පිළිබඳව ප‍්‍රතිපත්ති යට අදාළ වේ. ඇදහිල්ලේ මනුෂයන් විසින් අවබෝධ කරගන්නා ප‍්‍රතිපත්තියක් වන්නේ මනුෂයෙකු හට දෙවියන්වහන්සේ දෙස බලා දිව්‍ය සුවය ආශ්වාස කල හැකි බවය. ආනුභාවය යන වචනය අදහසද හුස්ම ගැනිමය. ශුද්ධ බයිබලයේ දෙවියන්හන්සේගේ හුස්ම පිළිබඳ අදහස බොහෝ තැන්වල ඇත. මා විසින් සොයා දැනගන්නා ලද ප‍්‍රතිපත්තියක් නම් දිව්‍ය සුවය ගැන ප‍්‍රතිපත්තිය ශුද්ධ පුර්ණත්වය ලබා ගැනිමට ද අදාළ බවය. ඔබට දෙවියන්හන්සේ දෙස බලා ඔබගේ මුඛය ඇර ගැඹුරෙන් හුස්ම ගත හැකිය. ඇදහිල්ලෙන් දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගේ බලය  පානය කල හැක. ආරම්භයේදි මා විසින් මනුෂ්‍යයාට ප‍්‍රකාශ කරන ලද්දේ ඔවුන්ගේ මුඛය ස්වල්පයක් විවෘතකොට හුස්ම ගැනිමටය. එසේ කරමින් ස්වාමින්වහන්සේට නමස්කාර කිරිමටය. ශුද්ධආත්මයාණන් දානය කිරිමට මොර නොගැසීමටය. මන්දයත් ශුද්ධආත්මයාණෝ මෙහි සිටිති. ඔබ ඇදහිල්ලෙන් පියවර ගන්නා විට උන්වහන්සේ ප‍්‍රතිචාර දක්වයි. මෑතකදී මා විසින් දක්නා ලද්දේ නිරික්ෂණය කිරිමේදී බොහෝ ජනයා තමන්ගේ මුඛය හොඳින් විවෘත කරන්නා වු අය එසේ නොකරන්නන්ට වඩා පහසුවෙන් පැහැදිලිව අන්‍යභාෂාවෙන් කතා කරන බවය. මුඛය විවෘතකොට හුස්ම ගැනිමෙන් ඇදහිල්ලේ් පියවරට දෙවියන්වහන්සේ ගෞරවය කරයි. මා මෙම සත්‍යතාවය නිරික්ෂණය කලපසු එක සහෝදරයෙක් ගීතාවලිය 119:131 යොමුකරන ලදි. මම ඔබගේ අඥාවලට ආශාවු නිසා කට ඇර හති දැමිමි. මෙහිදී ගීතිකාකරු ප‍්‍රකාශ කරන්නේ මම මුඛය හැර හතිදමමින් දෙවියන්න්සේ පසුපස යමි යනුවෙනි. මා දුටුවේ අපගේ දේව මෙහෙයන් තුළ මෙලෙස පිපාසිත වූවන් කෙටිකලෙකදි ශුද්ධාත්ම පුර්ණත්ය ලැබු බවය. එමෙන්ම ඔවුන් පැහැදිලිව අන්‍යභාෂා කතාකල බවය. නැවතද ගීතිකාකරු 81:10 ”තාගේ කට හොඳටම හරුව, මමද එය පුරවන්නෙමි.” යමෙකු ප‍්‍රකාශ කල හැක්කේ මෙම දේව වචනය ශුද්ධාත්ම පූර්ණත්වය ආදාළ නොවන බවය. අපි මීලඟට මීට අදාල වන්නාවු තවත් දේවවාක්‍ය පදයක් විමසු විට යෝබ් 
  29:21-23 මෙසේ ප‍්‍රකාශ කරයි. මනුෂ්‍යයා මට ඇහුම්කන්දී බලා සිට මාගේ දැනමුතුකම ලබන්නට නිශ්ශබ්ද වුණේය. මාගේ වචනවලට පසු ඔවුහු කතා නොකර සිටියෝය. 

මෙහිදි යෝබ් ප‍්‍රකාශ කරන්නේ ඔවුන් මුඛය නෑර ඔවුන්ට ඇහුම්කන්දෙන අන්තිම වර්ෂාව ලැබෙන මෙන් තමුන්ගේ මුඛය ඇර දැන් ලොව පුරා පුර්ණ සුභාරංචි ජනයා අතර ඇත්තාවු එකඟත්වයක් වන්නේ අන්තිම කාලයේදි ශුද්ධවු මහත්වු වැගිරිමක් අන්තිම වර්ෂාව මෙන් වගුරුවන ලබන බවය. යාකොබ් 5:7 නෙහෙමියා 6:3 සෙකරියා 10:1

එබැවින් ශුද්ධආත්ම පූර්ණත්වය ලබාගැනිම පිළිබඳ සෘජු ප‍්‍රකාශනයක් අපට මෙහි ඇත. අපි යොහාන් 7:37,38 යේසුස්වහන්සේගේ ප‍්‍රකාශනය කියවමු. මංගල්‍යයේ අවසාන මහා දවසේදී, ජේසුස්වහන්සේ නැඟිට හඬ නඟා, ”යමෙක් පිපාසයෙන් සිටිත් නම්, ඔහු මා වෙතට පැමිණ පානය කෙරේවා. ශුද්ධ ලියවිල්ලෙහි කියා තිබෙන පරිදි මා කෙරෙහි අදහන්නා තුළින් ජිිිිිිිිවන දායක ජලධාරා ගලන්නේ යයි ප‍්‍රකාශ කළ සේක.”

මනුෂ්‍යයෙකු පානය කරන්නේ කෙසේද? පළමුව ඔහු තමගේ මුඛය විවෘත කල යුතුය. ඉන්පසු ඔහු භාජනය තොලට තබා ගත යුතුය. ඉන්පසු ඔහු හුස්ම ගත යුතුය. අප විසින් මේ ආකාරයෙන් ශුද්ධාත්මයාණන්වහන්සේ ලබා ගැනිමට යේසුස්වහන්සේ අපේක්ෂා නොකරන ලද්දේ නම් පිපාසිත අය මා වෙත ඇවිත් බීවාවේ යැයි යේසුස්වහන්සේ ප‍්‍රකාශ කර ලද්දේ මන්ද? බොහෝ විට අප විසින් ශුද්ධ ලියවිල්ල එය ලියා ඇති සරල ආකාරයෙන් භාර ගැනිමට අපොහොසත් වෙමු. 1කොරින්ති 12-13 හිදි අප විසින් ශුද්ධආත්මයාණන්වහන්සේ පානය කිරිමේ අදහස දකින්නෙමු. බොහෝ ගණනක් ජනයා මෙම සත්‍යතාවය අසා එම අවවාද ලෙස කි‍්‍රයා කිරිමෙන් පසුව නැවත හැරි පැමිණ තමන් විසින් මහිමවත් ලෙස ශුද්ධ පූර්ණත්වය ලැබු බවද ආත්මයාණන් වහන්සේ හැකිකම දුන් ලෙස අන්‍ය භාෂාවෙන් කතාකල බවද, එසේ සිදුවුයේ තමන් සම්පුර්ණයෙන්ම දෙවියන්වහන්සේ සමඟ තනිව සිටි ප‍්‍රස්තාවකැයි බවද පැවසුහ, ඔබ මෙසේ කරන්නේ නම් මා හට සහතික විය හැක්කේ ඉතා කෙටි කාලයකදි ශුද්ධාත්මයාණෝ කි‍්‍රයාකාරි වන බවය. ශුද්ධාත්ම මඟපෙන්වීම ලෙස ඔබ කි‍්‍රයාකරන විට ඔබගේ මුඛය විවෘත කරන විට ශුද්ධාත්මයාණන්වහන්සේගේ මෙහෙය වීම යටතේ ඔබගේ තොල් කි‍්‍රයා කරවන විට එම මඟ පෙන්වීමේ ආශිර්වාදය ඔබ භුකිත් විදිනවා ඇත. එවිට ඔබ ඔබගේ හඩනඟා ශුද්ධ ආත්මයාණන්වහන්සේ දෙනු ලැබු වචන ප‍්‍රකාර කතා කරනු ඇත. පැමිණෙන දේ කතා කරනු ඇත. එම ශබ්ද ගැන සැලකිය යුතු නොවේ. ඔබ ඉතා අනර්ඝ පැහැදිලි භාෂාවක් ලබනු ඇත. ඔබ අන්‍ය භාෂා කතා කිිරිම ආරම්භ කරන විට නිදහස් ලෙස දෙවියන්වහන්සේ විශ්වාස කර එසේ කරන්න. එය ඇදහිල්ලවේ. එය දෙවියන්වහන්සේට ප‍්‍රසන්න වේ. 

ඔබ අන්‍ය භාෂාව කතා කිරිම ආරම්භ කළ විට කිසිවකින් නොවැළකී නිදහස් හා පැහැදිලි ලෙස කතා කිරිමට තීරණයක්  කරන්න. එසේ කතාකරන තුරු නොනැවතීමට තීන්දු කරන්න. සාතන් ඔබට විරුද්ධව සටන් කළ හැකි බව සිහිතබා ගන්න. ඔබම වචන නිපදවා ගන්නවා යැයි විශ්වාස කිරිමට සාතන් පොළඹනවා ඇත. නැතහොත් ඔබ වෙනත් අයෙකු අනුකරණය කරන බවට සිතිමට පොළඹවනු ඇත. ඔබ මාංශයෙන් කි‍්‍රයාකරනවා යැයි සිතිමට පොළඹවනු ඇත. සාතන්ගේ මෙම කිසිදු යෝජනාවකට ඇහුම්කම් නොදෙන්න. දෙවියන්වහන්සේ සිත දකින බව දැනගන්න. ඔබගේ හෘදයේ ආශාව දෙවියන්වහන්සේ සතුටු කිරිම නම් ඔබ හට ජයග‍්‍රාහණය කරා ගමන් කල හැක. 

අපි දැන් ඇදහිල්ලෙන් යුක්තව දෙවියන් වහන්සේට නමස්කාර කරමු. බයිබලයේ සඳහන් ලෙස පානය කරමු. 
ඔබ ශුද්ධාත්ම දීමනාව ලබනු ඇත.  

For Download ...............
For Download .........Link 2
    

No comments:

Post a Comment

About