Wednesday, October 29, 2014

1 වන පරිච්ජේදය - ජේසුස්වහන්සේගේ දයා අනුකම්පාවේ සිත

(01) ජේසුස්වහන්සේගේ දයා අනුකම්පාවේ සිත

‘‘කි‍්‍රස්තුස්වහන්සේ ජේසුස්වහන්සේ තුළ තිබුනාවු සිතම නුඹලා තුළත් තිබේවා.”(පිලිප්පි 2:5)     
‘‘මම සමුහයා කෙරෙහි අනුකම්පා ඇත්තෙමි.”(මාර්ක් 8:2)
උන්වහන්සේ ජනයාට කොපමණ අනඟි ආදර්ශයක්ද? උන්වහන්සේගේ මෘදු අනුකම්පාවෙන්, උන්වහන්සේ ලෝකය මැවු සේක. උන්වහන්සේ ලෝකය මිදීමට ආ සේක. බෙතෙස්දා පොකුණ අසල සිටි අන්ධ කොර ආබාධිත යහන්වල වැතිර සිටි ජනයා කෙරෙහි අනුකම්පාවෙන් ඔවුන් සුව කළ සේක. දුක්ඛිත ජනයාගේ හඬ උන්වහන්සේ දෙසවනට සැම දෙසින්ම යොමු විය. බෙතෙස්දා පොකුණ වටා හැසිරෙමින් මනුෂ්‍යයින් කෙරෙහි අනුකම්පාව දක්වමින් ඔවුනට සහනයදීම උන්වහන්සේගේ සතුට විය. දුක් වේදනාවන්ගේ සිහින් ශබ්දයට උන්වහන්සේ නැවතී සවන් යොමු කළ සේක. එම අපරිමිත පේ‍්‍රමයයේ උල්පත ඔවුන් වෙත ගලා ගියේය.


ඒ කුෂ්ඨ රෝගියෙක්ද?
එම රෝගයේ නාමය මනුෂ්‍යයින් මිත‍්‍ර සමාගමෙන් මෘදු කරුණාවන්ත වචනයෙන් බැහැරකොට දිගුකාලීන විප‍්‍රවාසයකට පත් කරන ලදී. සමාජයෙන් බැහැර කරන ලදී. නමුත් එම බැහැර කරනු ලැබුවන්ට ඇහුම්කන් දෙන මෘදුකමින් ඔවුන් ස්පර්ශ කරන හෘදයක් විය. එවිට එක් කුෂ්ඨ රෝගියෙක් උන්වහන්සේ වෙතට ඇවිත්, දණින් වැටී, ඔබ කැමති සේක් නම්, මා පවිත‍්‍ර කරන්න ඔබට හැකියයි අයැද සිටියේය. උන්වහන්සේ මහානුකම්පාවෙන් අත දිගු කොට ඔහු පිට තබා, 
මම කැමැත්තෙමි, පවිත‍්‍ර වන්නයැයි වදාළ සේක. එකෙණහිම ලාදුරු රෝගය පහ වී ඔහු පවිත‍්‍ර කරනු ලැබීය. (මාක් 1:40-42)
එය ජෙරිකෝ මාවතේ අන්ධකාරයේ මොරගසන සිඟාකමින් සිටි අන්ධයින් උපකාරය ඉල්ලා මොරගැසීමේ හඬ විය. 

‘‘ස්වාමිනී දාවිත්ගේ පුත‍්‍රයාණෙනි, අපට අනුකම්පා කළ මැනවැයි මොර ගැසුහ.” (මතෙව් 20:31) 
ජේසුස්වහන්සේ ඔවුන්ට අනුකම්පා කර, ඔවුන්ගේ ඇස් ස්පර්ශ කළ සේක. එකෙණෙහිම ඔව්හු පෙනීම ලැබ උන්වහන්සේ පසු පස්සේ ගියහ. (මතෙව් 20:34) 
එය තම එකම පුත‍්‍රයාගේ මරණය හමුවේ වැළපෙමින් ගමන් ගත් නායින් නුවර වැන්දඹුවගේ කදුළද? ජේසුස්වහන්සේ ඇය දුටු විට ඇය කෙරෙහි අනුකම්පා කළ සේක. 
‘‘ස්වාමින්වහන්සේ ඈ දුටු කළ ඈ කෙරෙහි අනුකම්පාකොට අඬන්ට එපායයි ඈට කී සේක.” (ලූක් 7:11)
ජේසුස්වහන්සේ ජෙරුසලමේ විනාශය ගැන දුක් වු සේක. (මතෙව් 23:37) 
පාඨකය, මෙය කියවන ඔබහට මිදුම්කාර ජේසුස්වහන්සේගේ මෘදු අනුකම්පා සහගත වදන් හැඟී යන්නේද? ඒවා ඔබගේ දෙසවනට යොමුවීද? ඔබ මනුෂ්‍යයාගේ දුක්ඛිත කාළකණ්නි තත්වය ගැන කල්පනා කර බලන්න. ඒවා දෙස සංවේදී හැඟීම්බර චිත්තවේදී භාවයෙන් බැලීමෙන් ඇසීමෙන් පමණක් නොනැවතී, මෙම මනුෂ්‍ය වර්ගයාගේ දුක් වේදනාවලින් ඔවුන් නිදහස් කිරීමට ඔවුන් සැනසීමට යමක් කිරීමට තීරණය කරන්න. ඔබගේ අනුකම්පාව ලැබිය යුතු අය කොපමණ ලොව පුරා විසිරී සිටීද? එසේ නම් එහි දිග, පළල කොපමණද? එය ඔබ අසල මෙන්ම ඔබගෙන් දුර ඈතද සිටින අය වෙතය. ඔබට හමුවී නැති මිලියන ගණනකගේ පිළිතුරක් නොලද මොරගැසීම් කොපමණ වේද? ඔබගේ නිවස අසලම මිදීම නොලත් ජනයා නොමැතිද? ප‍්‍රසිද්ධ දයාවේ උපකාර මඳ බැවින් එවැනි උපකාර අවශ්‍ය අයට නොලැබේ. ධර්මදුත සේවය සඳහා අවශ්‍ය මුදල් නොමැතිකම නිසා ධර්මදුතයින් යැවීමට නොහැකිවී ඇත.
සාගින්නේ පසුවන අය කොපමණද? අසල්වැසි දුගී පවුල් අසරණ මව්පිය නැති අය අසරණකම නිසා දුක්විඳින අය පාපයේ ප‍්‍රතිඑල නිසා දුක්විඳින අය තවත් අය රෝගීව ඇඳක වැතිර උපස්ථානය නොමැතිව ඇත. ඔබ අවට සමාජයේ විවිධ දුක්ගැහැටට පත්ව සිටින අය ගැන සිතා බලන්න. බාල, මහලූ අය ගැන සිතා බලන්න. ඔබ අවට ඔබගෙ දයාවේ සුළු ප‍්‍රමාණයක්වත් ලබාදිය හැකි අය නොවන්නේද? දෙව් පියාණන්ගේ සම්පතින් අන්‍යයන්ට බෙදා දීම සඳහා ඔබ සතුට කිසිත් නැතිද? ඔබට මොලොව යම් සම්පතක් ධනයක් වත්කමක් ඇති නම් එය දී තිබෙන්නේ ඔබට ඔබගේ කැමැත්ත ලෙස බුක්තිවීදීමට නොව වැය කිරීමට හෝ නාස්ති කිරීමට නොව ඒවා අන්‍යයන් සමඟද බෙදා ගැනීමටය. ධන සම්පත්ද ඔබට ඇති තලෙන්තු දීමනා වන අතර ඒවායින් ස්වර්ගයට වස්තුව උපයා ගන්න, අන්‍යයන්ගේ ශුභ සෙත සඳහා වියදම් කරන්න. ඒවා ඔබට ලැබී ඇති දිව්‍ය දීමනා ලෙස සලකා ආත්මාර්ථකාමීව භුක්ති නොවිඳ ත්‍යාගවන්තකමින් බෙදා දෙන්න. 


පොහොසත් තරුණයෙක් සදාකාල ජීවනය සෙවීම 
‘‘නුඹ සන්තක සියල්ල විකුණා දිළඳුන්ට දීමෙන් ස්වර්ගයෙහි නුඹට වස්තුව ඇති වන්නේය. නුඹ මා අනුව වරෙන්නැයි ඔහුට කී සේක. එහෙත් ඔහු ඒ කීම නිසා මලානික වී, දොම්නසින් පිරීී එතැනින් නික්ම ගියේය. (මාර්ක් 10:17-22)
දිළිඳු සැදැහැවතුන් ජේසුස්වහන්සේගේ නියෝජිතයෝය. ජේසුස්වහන්සේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් සලකන්නේ තමන්ගේ අවශ්‍යතාවයන් ලෙසය. එම අවශ්‍යතාවයන් සලසන්නන්ට උන්වහන්සේ යහපත් ප‍්‍රතිවිපාක තිළිණයන් දානය කරන සේක. කිතුණු පේ‍්‍රමයේ ඉතා කුඩා ප‍්‍රකාශවීමක් පවා උන්වහන්සේ අගය කරන සේක. වැන්දඹු ස්ති‍්‍රය පඩුරු පෙට්ටියට දැමු ඇයට ජීවත්වීමට තිබු ඒ ඉතා කුඩා මුදල, කුඩා කාසි ප‍්‍රමාණය උන්වහන්සේ අගය කළ සේක. ජේසුස්වහන්සේගේ නාමයෙන් දෙනු ලබන වතුර බඳුන උන්වහන්සේ අගයන සේක. කාරුණික බැලීම එසේය. කාසි නැතිවුන් වතුර පවා නැති නම් කාරුණික බැල්මෙන්වත් අසරණයන්ට සැලකිය නොහැකිද? අපි උන්වහන්සේගේ නාමයෙන් එය කරන්නේ නම් එය ‘‘ජීවනයේ පොතට” ඇතුලත් වේ. එය ස්වාමින්වහන්සේට ණයට දීමක් වන්නේය. එම දිනයේදී පොත් දිග හරින විට එම ණයට දුන් මුදල් පිළිබඳ වාර්තාවක් එහි ප‍්‍රතිඑලත් දැකිය හැකි වනු ඇත. ස්වාමින්වහන්සේ කිසිවෙකුට ණය නොවනු ඇත. දුන් පමණට වඩා නැවත දෙනු ලබනවා ඇත.
‘‘දුප්පතුන්ට අනුකම්පා කරන්නා ස්වාමින්වහන්සේට ණයට දෙන්නේය. ඔහුගේ හොඳ කි‍්‍රයාවට උන්වහන්සේ ඔහුට ප‍්‍රතිඑල දෙනසේක.” (හිතෝපදේශ 19:17) ස්වාමින්වහන්සේට ණයට දෙන අයට හොඳ, පොළියක් සමඟ ණයට දුන් පමණට වඩා ආපසු ලැබෙනු ඇත.

‘‘දිළිඳුන්ට දෙන්නා සමිඳුන්ට ණයට දෙයි. පසුව සමිදාණෝ ඔහුට වැඩි වැඩියෙනුත් දෙන සේක. (හිතෝපදේශ 19:17 -නව අනුවාදය දෙවන සංස්කරණය)


















No comments:

Post a Comment

About