Monday, August 4, 2014

යහතින් අවසන් නම් යහපත්.

යහතින් අවසන් නම් යහපත්.
හොඳින් අවසන් නම්  හොඳයි.

              අපට වරද කළ අයට අප කමා කලාක් මෙන් අපේ වරදට අපට කමා වුව මැනවි (මතෙව් 6:12) කමා කිරිම යනු කෙනෙකු පාපයේ බරින් නිදහස් කරගෙන දෙවියන්වහන්සේ විසින් කෙනෙකු පත්වේයයි අපේක්ෂිත තත්වයට පත්වීම සඳහා නිදහස් අයෙකුවීමයි.

     1961 දී තරුණයෝ අතලොස්සක් ද්විතීය පාසැලකින් ස්වාමින්වහන්සේ වෙතට පැමිණියහ. එම කුඩා කණ්ඩායම එම ස්වාධින සභාවේ ආරම්භයට සහ උපකාරයටද ධර්ම දුතික සේවයටද උපකාරක කණ්ඩායම විය. මමද එම කණ්ඩායමේ අයෙක්වු අතර එම තරුණ කණ්ඩායම අතරින් 1968 බයිබල් විදුහලකින් උපාධි ලබා ගත් අයෙක්ද විමි.

           
එමෙන්ම 1970 සිට 90 මැද භාගය දක්වා එම සභාවේ සභාපාලක ධුරය දැරිමටද මට වරප‍්‍රසාදය ලැබුනේය. නමුත් එහි මාගේ අවසන් සේවා යුගය හොඳින් අවසන් නොවීය. මා ද එම දේවස්ථානයේ ආරවුලක් සඳහා පුරා පැතිර ගිය මත ගැටුමකට මැදිවු අතර සභාව කොටස් ගණනකට කැඩි ගියේය. එම අරගලයේදි මාගේ අගුණ කතා පැතිර මාගේ නමට අගෞරව පැමිණි අතර මා හටත් මා සමඟ සිටි අයටත් මහත් අසාධාරණයක් සිදුවිය. මම වේදනාවෙන් සභාවෙන් ඉල්ලා අස්වු අතර මම ස්වාමින්වහන්සේට ප‍්‍රකාශ කළේ මම උන්වහන්සේට සේවය කරන නමුත් පුර්ණකාලීන සේවයේ නොයෙදෙන බවයි. පසුගිය 12 වසරක කාලයේ පූර්ණකාලීන දේව සේවයේ මහත් අවශ්‍යතාවයක් තිබුනද මා පුර්ණකාලින සේවය පිළි නොගන්නා ලද්දේ ඒ නිසාය. අවුරුදු ගණන් මම සමාව දීම ගැන පොර බැදුවෙමි. මම කමාව දීම ගැන පොත පත කියෙව්වෙමි. කමාකිරිම පිළිබඳ පොතකට පෙරවදනක් ලියු නමුත් මම ප‍්‍රකාශ කළේ මා තවම සම්පූර්ණයෙන් කමා කිරිමට අසමත්ව සිටින බවය. නමුත් දෙවියන්වන්සේ ඉතා විශ්මිත ලෙස කි‍්‍රයා කළ සේක. උන්වහන්සේ තවත් බෙදුන සභාවක සේවය කිරිමට පසුගිය වර්ෂ දෙක තුළ මා හට සලසා මා නිදහස් කරන ලදි. 

         එහි වසර හයකට පමණ පෙර මා ඉල්ලා අස්වූ සභාවේ ජේ්‍යෂ්ඨ සභාපාලකවරයාගෙන් මා හට දුරකථන ඇමතුමක් ලැබුනි. ඉහත සඳහන් කරන ලද මතගැටුම් යුගයේ සභා කවුන්සිලයේ සභාපති වුයේ මෙම සභාපාලකවරයාවු අතර එතුමා ප‍්‍රධාන එදිරිවාදියා විය. අපි වසර 6ක කාලයක් එකිනෙකාව දුටුවේවත් කථාකලේවත් නැත . ඔහු මෙසේ කීවේය. ස්වාමින්වහන්සේ මා පොළඹවා මා ඔබ හට කළ මහත් වරද ගැන කථා කිරිමට කීවා. ඔබ මා හට කමා වෙනවාද? මා කීවේ දෙවියන්වහන්සේට ප‍්‍රශංසා වේවා. උන්වහන්සේ සියළු දේම ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ. (දේශනාකාරයා 3:11* උන්වහන්සේ සියළු දේම ඒ ඒ  කාලයට අනගි ලෙස සකසා තිබේ. 

           මාගේ ප‍්‍රතිකි‍්‍රයාව මටම පුදුමයක් විය. ඔහු මාගෙන් වසර කීහිපයකට පෙර කමාව ඉල්ලා සිටියේ නම් මම එයට සුදානම්ව නොසිටියෙමි. නමුත් පසුගිය වසර දෙකක අත්දැකිම තුළ ස්වාමින්වහන්සේ මා යහපත් ධනාත්මක ප‍්‍රතිචාරයක් සඳහා සුදානම් කරමින් සිටි නිසා එදින මා හට එම පිළිතුර දීමට හැකි විය. ඉතා කණගාටුදායක ලෙස මම වසර 10ක් පමණ කමා නොවීම මා තුළ තබාගෙන සිටියෙමි. එය සතුටින් භුක්තිවිඳිමින් සිටියෙමි. මා හට වීරයෙකුගේ හැඟිම තිබුනේය. එමෙන්ම මා හට මා ධර්මිෂ්ඨකම උදෙසා පීඩා විඳින බවේ සහතිකය විය. නමුත් දෙවියන්වහන්සේට තමන්ගේම සැලසුම විය. මහත් ලෙස භේද භින්නව බෙදිගිය සභාවක ගෞරවනීය පරිමාණයේ සේවයක් කිරිමට මා හට ලැබුන ප‍්‍රස්ථාව තුළ මා හට නවතාවයකින් අප සියල්ලන් කොපමණ පාපිෂ්ඨ හා උඩඟුද යන්න දැකීමට හැකිවිය. වඩ වඩාත් සතුරා විසින් අපගේ පාපිෂ්ඨ ස්වභාවය පාවිච්චි කරමින් අප දුර්වල කළ ආකාරය අවබෝධ කරගතිමි. එමඟින් අපව ස්වාමින්වහන්සේට වඩාත් ප‍්‍රයෝජන නොවන තත්වයට පත්වීම ගැන අවබෝධ කරගතිමි.

              පසුගිය වසර දෙක තුළ මා හට උදාවු අවබෝධය වුයේ කමා කිරිම පාපයේ බරින් කෙනෙකු නිදහස්වීමක් සහ දෙවියන්වහන්සේ යමෙකුගෙන් බලාපොරොත්තු වන තත්වයට නැවත පත්වීමය. මම වෙනස් ලෙස කල්පනා කරමින් සිටියෙමි. මා සිතා සිටියේ කමාව අවශ්‍යව ඇත්තේ අනෙක් තැනැත්තාට බවය. මම කෙතරම් වැරදිද? මා කමාකිිරිමට අකමැතිව සිටිනතාක් මම මගේම කමා නොකිරිමේ පාපයේ සිරකරුවෙක්ව සිටිමි. එමෙන්ම මම දෙවියන්වහන්සේ මා පාවිච්චි කිරිමට බලාපොරොත්තුව සිටින ප‍්‍රයෝජනවත් බවේ අඩුකමින් පවතින්නෙමි. 

මෙම එළිදරව්ව මා හට ලැබුන එමෙන්ම මා අවබෝධකරගන්නා ලද්දේ දෙවියන්වහන්සේට තමන්ගේම කාල වේලාවක් ඇති බවය. උන්වහන්සේගේ මාර්ග අපගේ මාර්ගයන්ට වඩා බොහෝ උසස්ය. උන්වහන්සේගේ සිතිවිලි අපගේ සිතිවිලිවලට වඩා උසස්ය. එය මා හට සැලසුම් කළ නොහැකිව තිබුවකි. මා ගැනම වන මෙම අනගි මාර්ග හා පාඩම් ඉගෙනිමට ක‍්‍රමයක් නොමැත . සභාවේ වේදනාත්මක අත්දැකිම්වල ගතිවේගය නපුරාගේ ක‍්‍රමවේදයන් දෙවියන්වහන්සේ සුදානම් කරන හා මා හට කිරිමට හැකිකම දෙන්නාවු දේවල් ඉගෙනිම හා කි‍්‍රයාවට නැංවීම දෙවියන්වහන්සේගේ ගැඹුරු කරුණාවේ සේවය තුළ උන්වහන්සේ මා හට බෙදුනාවු හා කැඩුනාවු සභාවක සේවය කිරිමට සලසමින් එම අනගි පාඩම් ඉගෙනිමට මා හට සලසන ලදි.

          මා නපුරාගේ කි‍්‍රයාවන් හා  උපායන්් ගැන ඉගෙනුම ලැබුවත් මනුෂ්‍යාගේ පාපී ස්වභාවය ගැන ඉගෙනු ලැබුවත් උඩඟුකමේ භයානක මිලය ගැන ඉගෙනුම ලැබුවත් එමෙන්ම බෙදිම් හා තවත්් බොහෝ දේ ගැන ඉගෙනුම ලැබුවත් මේ සියල්ල ගැන ඉගෙනුම ලැබුවත් දෙවියන්වහන්සේම උගන්වන්නාවු පාඩම් ඉතා විශ්මිතය. නමුත් දෙවියන්වහන්සේ මා තුළ උන්වහන්සේගේ කි‍්‍රයාකිරිම නොමැතිව මෙම කාරණා මා ඇස් ඉදිරියේ සිදුවන විට ඒවා තේරුම් ගැනිමට නොහැකි වනු ඇත. 

           මම දැන් සතුටු වන්නේ ස්වාමින්වහන්සේගේ යාච්ඤාවේ ඉගැන්වු ලෙස අවසානයේදී අතීතය අමතක කර කමාව දීමට හැකිකම ස්වාමින්වහන්සේ මා හට ලබාදිම ගැනය. මම දැන් කමා නොකිරිමේ දුෂ්ඨ පාලනයේ පාපයෙන් නිදහස ලැබ සිටිමි. දැන් මා තුළ පුදුම ආත්මික සුවයක් අත්දකින්නේ සියල්ල යහපත්ව අවසන්වු බවට ඇති සහතිකය හා ආශිර්වාදය නිසාය.

More Pastoral Reflection

දේවධර්මාචාර්්‍ය- විිලියම් වෑන් 

බාටු පහාට් - ජොහෝර්

මැලේෂියාව

2011 ජුනි 16 

දේවගැති බැසිල් සී’ ප‍්‍රනාන්‍දු

No comments:

Post a Comment

About