Thursday, June 5, 2014

මහිමයේ භාෂාව


මහිමයේ භාෂාව


එක්වරකදී 50,000 ක් අන්‍ය භාෂාවෙන් කතා කරති.

මම අන්‍ය භාෂාවෙන් කතා කිරිමේ බලය විශ්වාස කරමි. මම එය විශ්වාස කරන්නේ මාගේ ජිවිතයේ එම බලය අත්දැක තිබෙන නිසාත් එමෙන්ම අනෙක් අයගේ ජිවිතවලින් එම අත්දැකිම ලබා ඇති බැවිනුත්ය. එක්තරා රාති‍්‍රයක මම පැය තුනක් පමණ මහත්  ඕනෑකමින් හා උද්යෝගයෙන් අන්‍ය භාෂාවෙන් යාච්ඤා කළෙමි. යාච්ඤා කරන්නේ කුමක් ගැනද කියා මා නොදැන සිටියත් මා එක්තරා වැඳගත් කරුණක් සම්බන්ධව ජය පතමින් යාච්ඤා කරන ලද බව මට හැඟි ගියේය. මම භියට පත්ව හෝ කනස්සල්ලට පත්ව නොසිටියෙමි. මම විශ්වාසවන්තව ස්වාමින්වහන්සේ මා නිදහස් කරන තුරු යාච්ඤා කළෙමි.


මාගේ සිතින් බර දුරු වු විට මම නැගිට මාගේ කාර්්‍යාලයෙන් පිටත්ව නින්දට ගියෙමි. මා යන විට දුටුවේ මාගේ දියණිය වන ඇනාගේ කාමරයේ ඇය තම වාර පරික්ෂණය සඳහා පාඩම් කරන බවය. මම ඇයට ශුභ රාති‍්‍රයක් ප‍්‍රාර්ථනා කරමින් පිටත්ව යන අතර පසුදා ඇය පාසැලට යන විට මාගේ මෝටර් රථය ඇය පදවා ගෙන නොයන ලෙස කීමට පෙළඹි මම ඇයට එසේ කීවෙමි. මම ඇයට මෙසේ කීවෙමි, ඔයා මමීගේ ජිප් එක ගෙන යන්න. මම කීවෙමි. ඇනා සාමාන්‍යයෙන් උදේ පාසැලට ගියේ මාගේ මොටර් රථයෙනි. මා හට මහත් ගැඹුරෙන් දැනුන හැඟිම හැර ඇයට එසේ කීමට හේතුවක් මම දැන සිටියේ නැත . මම බොහෝ කලෙක සිට මෙම ශුද්ධාත්මයාණන්ගේ පෙළඹීමට අවධානය යොමුකිරිමට ඉගෙන ගෙන සිටියෙමි. මම කීපවරක්ම මාගේ ඉල්ලිම දියණියට කී පසු ඇය හොඳයි ඩැඞී කියා එයට එකඟ වූවාය. 

පැය ගණනකට පසු ඇනා පාසැලට යාමට පිටත්වූවාය. එම විශේෂ දිනයේ ඇය තමන්ගේ සුපුරුදු ගමන් මඟට වඩා වෙනස් ගමන් මඟක වාහනය ධාවනය කිරිමට තීරණය කළාය. එදින උදෑසන වර්ෂාව නිසා මාර්ගය ලිස්සන සුළු විය. හිරු එළිය නිසා ඇගේ ඇසට අපහසුවක් ඇතිවු අතර එක්තරා කුඩා වංගුවකදී ඇයට රථය පාලනය කරගැනිමට නොහැකි විය. එය පාරෙන් ඉවතට පැන අසල ගසක ගැටුනේ කි.මි.35ක පමණ වේගයකදීය. වාහනය සම්පුර්ණයෙන්ම හානි විය. 

මා සහ මාගේ භාර්්‍යාවට මෙම රිය අනතුර ගැන දන්වන ලදුව අප එතැනට යන විට රිය අනතුරුවලදී උපකාර කරන කණ්ඩායම පැමිණ අපගේ දියණිය වන ඈන්ව ජීප් රථයෙන් එළියට ගෙන රෝගීන් ගෙන යන ඇඳක තබමින් සිටිය. ගිනි නිවන ඒකකය සහ පොලිසිය ඒ අවට විය. එහි සිටි එක් අයෙක් ප‍්‍රකාශ කළේ මා මෙවැනි අනතුරු 30ක් පමණ දැක තිබෙනවා. නමුත් එවැනි අනතුරකදි රිය පැදවූ කෙනා ජිවත්ව සිටිනවා දුටු පළමු අවස්ථාව මෙයයි කියාය. එමෙන්ම මෙවැනි කතා තවත් උපකාරක කණ්ඩායම් වෙතින්ද අසන්නට ලැබුනි. ඔවුන්ගේ අත්දැකිම් අනුව මෙවැනි අනතුරුවලදී නිතර බරපතල තුවාල හෝ මරණ සිදු විය. එම ස්ථානයේ සිටි නිළධාරින් වෙතින් වරින් වර අසන්නට ලැබුනේ ඔබගේ දුවණිය ජීවත්ව සිටීම හාස්කමක් යනුවෙනි.

ගිලන් රථය රෝහල වෙත පිටත්ව ගිය පසු එක් පොලිස් නිළධාරියෙක්  විනාශවී තිබුන ජිප් රථය පෙන්නුවේය. අර තිබෙන Airbags  (වායු බඳුන්) ඇගේ ජිවිතය බේරා තිබෙනවා. මාගේ භාර්්‍යාව වන බොනී සහ මා දැන සිටියේ දෙවියන්වහන්සේ තමන් දුතයන්ට අපගේ දියණය රැකගැනිමේ වගකිම පවරා තිබු අතර දේවදුතයින් එය ඉටු කළ බවය. මාගේ මොටර් රථය සාමාන්‍යයෙන් ඇනා පාසැලට රැගෙන යන රථයේ වායු බඳුන් සවිකර නොමැත . ඇය එම උදෑසන මාගේ මෝටර් රථය පදවාගෙන ගියේ නම් සිදුවු අනතුරේ ස්වභාවය මීට හාත්පසින් වෙනස්වීමට ඉඩ තිබුණ’. කරුණු සිදුවු ලෙස එම අනතුරින් ඇනාගේ පාදවලට යම් හානි සිදුවුවත්, ඇයට ජිවිත හානියක් නොවීය. සිදුවු තුවාලවලින් ඇය සුවවු අතර ඒවායේ පසු බලපෑමක් නොවීය.

  උදෑසන මා කලින් දින එම සිදුවීමට පැය ගණනකට කලින්  මහත් බරින් යුතුව යාච්ඤා කිරිමට ආත්මයාණන්වහන්සේ පොළඹවනු ලැබුයේ මන්ද කියා මා හට අවබෝධ විය. ශුද්ධාත්මයාණන් එම අනතුර සිදුවීමට පෙර එය දැන සිටි සේක. මා හට අන්‍ය භාෂාවෙන් යාච්ඤා කිරිමට පෙළඹීමට දුන් මා, එම බර දුරුවෙනතුරු යාච්ඤා කළෙමි. අවදිව සිටින එක් මුරකරුවෙකු හට විනාශවීමට යන නිවසක් එම  විනාශයෙන් බේරාගත හැකිය. 

මැරීමට, සොරාගැනිමට, විනාශකිරිමට පැමිණෙන යක්ෂයා නැමැති සොරා යම් නිවෙස්වල යාච්ඤාවේ පහන් දීප්තියෙන් දැල්වෙනු දැක  එම නිවස පසුකරයයි.

මාගේ වර්ෂ 30 ක සේවය තුළ දේශනාකරන ලද ශුභාරංචිය අසා දෙවියන්වහන්සේ එම පණිවිඩය ලකුණු සහ පුදුම මඟින් ස්ථිර කරනු දැක පසුතැවිල්ලෙන් හා ඇදහිල්ලෙන් කි‍්‍රස්තුස්වහන්සේ වෙතට හැරෙනු දැක ඇත. අන්ධ මනුෂ්‍යයෝ පෙනීම ලදහ. කොර මනුෂ්‍යයෝ ආශ්චර්්‍ය ලෙස ඇවිදිමට හැකිකම ලැබුහ. යක්ෂාවේශවූවෝ මිදිම ලදහ. මින් පෙර ශුද්ධාත්යාණන් පිළිබඳ දැන නොසිටි අය ශුද්ධාත්මයාණන් ගැන අසා සැනකින් ශුද්ධාත්ම බෞතිස්මය ලැබුහ. ශුද්ධාත්ම බෞතිස්මයේ බාහිර ලකුණ වන අන්‍ය භාෂාවෙන් කතා කළහ. මා විදේශ රටක පැවැත්වු දහස් ගණනක් සහභාගි වු ශුභාරංචි රැුස්වීමක් මා හට මතකය’ මම එම අළුතින් හැරිම ලැබු අය ගැන යාච්ඤා කළ විට ඔවුන් ශුද්ධාත්මයාණන් පිළිගත්හ. ශුද්ධාත්මයාණෝ එම ජනයා වෙත පැමිණියහ. එම මහත් ආශිර්වාද රැුල්ල මඟින් එකවර 50,000 ක ජනයා ශුද්ධාත්ම පූර්ණත්වය ලැබ අන්‍ය භාෂාවෙන් කතා කළහ.

පසුගිය ශතවර්ෂයේ සභාව මහත් ශුද්ධාත්ම වැගිරිමක් සහ ශුද්ධාත්ම දීමනාවක් ලැබීමේ අත්දැකිමට පැමිණියහ. ස්වාමින්වහන්සේගේ අභිමුඛය සහ බලය අත්දකිනු ලබා ඇත . දෙවියන්වහන්සේ මහත් දේ කිරිමට බලා සිටින සේක. අන්‍ය භාෂාවෙන් කතාකිරිම එහි එක් කොටසක් පමණය. උන්වහන්සේ කරන දේවල් පිළිබඳ එක් දර්ශකයක් පමණය. 

මහේෂ් චව්ඩා
 Hidden Power of speaking in Tongues


අන්‍ය භාෂාවෙන් කතාකිරිමේ සැඟවුන බලය

දේවසේවක බැසිල් සී. ප‍්‍රනාන්‍දු


මහේෂ් චව්ඩා
මහේෂ් චව්ඩා  (All Nations Church) ඇමරිකාවේ සියළු ජනතා දේවස්ථානයේ ආරම්භක ජේෂ්ඨ සභාපාලකතුමාය. එතුමා අන්තර්ජාතික ශුභාරංචි දේශකයෙකී. ඔවුන් ලොවපුරා 7 00000 ජනයා කි‍්‍රස්තුස්වහන්සේ වෙතට යොමුකොට ඇත . ඔවුන්  Watch of the Lord   ස්වාමින්වහන්සේගේ යාච්ඤා ව්‍යාපාරයට නායකත්වය දෙන අතර ලොව පුරා නායකයින් හට ශුද්ධාත්මයාණන්ගේ ආලේපයෙන් සේවය කිරිමට පුහුණු කරයි.

No comments:

Post a Comment

About