වසර ගණනකට පෙර පළවූ ප්‍රසිද්ධ පොතක මැක්ස්වල් වෝල්ටස් ප්‍රකාශ කලේ ජනයාගෙන් සියයට 95 ක් හීනමානයෙන් පෙලෙන බවය.
ඔහු ප්‍රකාශ කලේ මිලියන ගණන් ජනයා තමුන්ගේ නොවටිනාකම ගැන සිතා බරපතල ලෙස ආබාධිතව සිටින බවය. ඔහු ප්‍රකාශ කලේ ඊට පිළිතුරු තමන් පිළිබඳ වඩාත් ධනාත්මක ( Self Image)ආත්මික ප්‍රතිබිම්බයක් තිබිම යහපත් ජිවිතයක් සඳහා ප්‍රධාන යතුර වන බවය.
ටෝල්ට්ස්ට වසර ගණනකට පෙර මනෝවෛද්‍ය ඇල්ෆඞ් අධිලර් මීට සමාන තීරණයකට එළඹියේය. ඔහු වරක් ප්‍රකාශ කලේ,මනුෂ්‍යයෙකු වීම, හීනමානයේ හැඟිමෙන් නිරතව වසනු ලබන්නක් බවය. (සියල්ලන් පව්කර දේව මහිමයෙන් හිනව සිටිති ).
හීනමාන හැඟිම ඉතා පොදු කරුණක් වන අතර මෙයට සියලූ කි්රස්තියානි උපදේශකයෝ මුහුණ දිය යුතුය.
හීනමානය නමැති ප්රශ්නය ගැන සලකන විට අප විසින් මනෝවිද්‍යාවේ භාවිතා වන වචන පිළිබඳව සැලකිය යුතුය.
ආත්ම සංකල්පය
(01)තමා ගැන මතය (02)ආත්ම මුර්තිය ආත්ම ප්‍රතිබිම්බනය (03) තමා පිළිබඳ හැඟිම ආත්මාභිමානය
ආත්ම සංකල්පය සහ ආත්ම මුර්තිය තමන් පිළිබඳ පින්තූරයක් දක්වයි.
උපදේශණ ලබන්නාගෙන් මෙසේ අසන්න. ඔබ ලියන නවකථාවක ඔබ ප්‍රධාන චරිතය නම් ඔබගැන කියන්නේ කුමක්ද? එම විස්තර කිරිමට ඔබගේ චරිත ගුණ නොඅනුමානව ඇතුලත් වනු ඇත. ඔබගේ ශක්තිය ඔබගේ දුර්වලකම් ශාරිරික ස්වරූපය ආත්ම සංකල්පය සහ ආත්ම මුර්තිය අප තුළ ගලන සිතිවිලි ආකල්ප හැඟිම් ඇතුලත් වේ.
ආත්ම අභිමානය යන්න ඊට වඩා වෙනස් වූවකි. මෙය පුද්ගලයෙක් තමන්ගේ වටිනාකම තමන්ගේ හැකියාවේ වැදගත්කම පිළිබඳ ඇති අගය කිරිමකි. ආත්ම සංකල්පය සහ ආත්ම මූර්තිය තමන් පිළිබඳ විස්තරයක් කරන අතර ආත්ම අභිමානය තමා පිළිබඳ හැඟිම තමා පිලිබඳ තක්සේරු වන අගය කිරිම හෙවත් ගණන් බැලිමක යෙදේ. පැහැදිලිව මේ කරුණ තුනම එකිනෙකට හා සැබැදේ.
මේවා අපේ හිතේ ඇති අතර අත්දැකිම මත වෙනස් වේ. සමහර විට මුරන්ඩු ලෙස සාක්ෂියට විරුද්ධව පවත්වාගෙන යති. සැම විට අප සිතන්නේ කි‍්‍රයා කරන්නේ කෙසේද කියා හැෙඟන්නේ කෙසේද කියා බලපැවැත්වෙයි.
බයිබලය සහ ආත්මාභිමානය- තමා පිළිබඳ තක්සේරුව
Bible and Self Esteem
කිතුනු සමාජය තුළ මනුෂ්‍යයාගේ නොවටිනාකම නොසෑහෙනකම ගැන හැඟිමක් ඇත.
උදා Amazing Grace
සඳහන් කරන්නේ මනුෂ්‍යයාගේ දුබලතාවය ගැනය.
තවත් ගීතිකාව ”උත්ථානයේ මා වැනි පණුවෙකු වෙනුවෙන් තමත් මහිමවත් ගීය.
කිතුනු උපදේශනයේදි මනුෂ්‍යය වටිනාකම ගැන බයිබලීය ඉගැන්වීම තේරුම් ගැනිම ඉතා වැදගත්ය. අප දකින ලෙස බයිබලය අප හට අපගේ ආත්ම අඩුකම ජයගෙන සැබෑ ආත්ම අභිමානයෙක් ගොඩනගා ගත හැකිය.
මනුෂ්‍යය වටිනාකම ගැන බයිබලීය ඉගැන්වීම
x දේව වචනය පුරා සහතික කරන්නේ දේව අභිමුඛයේ මනුෂ්‍යය වටිනාකමය. අපව දේව සමාන කමට මවනු ලැබු අතර අපට ඥණය හැකියාවන් සන්නිවේදන හැකියාවන් තෝරාගැනිමේ හැකියාවන් හොඳ නරක දැනගැනිම සහ වගකීම මැවිල්ල ආන්ඩු කිරිමේ පරිපාලනය කිරිමේ හැකියාව ඇත.
x වැටීමෙන් පසුවත් මනුෂ්‍යයාව විස්තර කරන්නේ දෙවියන්වහන්සේට මදක් පහලින් මැවු බවය. ගෞරවයෙන් හා මහිමයෙන් සරසනු ලැබු බවය.
x දෙවියන්වහන්සේ අපට පේ‍්‍රම කරන නිසා ස්වකිය පුත්‍රයාණන් අපේ මිදිම සඳහා එවමින් අප දෙවිපියාණන් සමඟ සබැඳිතාවය හා සන්නිවේදනය අලූත් කල සේක.
x උන්වහන්සේ අප ආරක්ෂා කරන පිණිස දුතයන් එවා ඇත. අපට මඟපෙන්වන පිණිස ශුද්ධාත්මයාණන් එවා ඇත. ශුද්ධ ලියවිල්ල මඟින් අපි පොළවේ ලූණු බවද ලෝකයේ ආලෝකය බවද ප්‍රකාශ කොට ඇත.
x අප දෙවියන්වහන්සේ විශ්වාස කරන්නේ නම් අපට සුදානම් කර ඇති ස්වර්ගීය ස්ථානයේ සදාකල් ජිවත්වනු ඇත. බෲස් නැර්මෝ මනුෂ්‍යයා තමා විසින් පිළිගැනිම ගැන මෙසේ ප්‍රකාශ කර ඇත :
ලෝකයේ දෘෂ්ඨිය ගැන සසඳන විට කිතුනු ස්වඅභිමානය පිළිබඳ දෘෂ්ඨිය එයටම අදාල වුවකි. එය පමණක් මනුෂ්‍යයාව මෘගයින්ගේ තත්වයෙන් ඉහලට ඔසවයි. එය පමණක් මනුෂ්‍යාගේ ස්ව අභිමානය ගොඩනැගිමට හොඳ අත්තිවාරමක් දමා ඇත. බයිබලීය දෘෂ්ඨිය අපගේ පාප සහ අසමත්කම පිලිගනි. නමුත් එය ජීවමන දෙවියන්වහන්සේ සමඟ අපට ඇති උසස් තත්වය පහත හෙලන්නේ නැත.
x මක්නිසාද අප දේව සමානත්වයෙන් මවා ඇත. අපට මහත් වටිනාකමක් ඇත. වැදගත්කමක් ඇත. අප දෙවියන්වහන්සේගේ පේ‍්‍රමය ලබන්නෝ වමු. අපගේම සහ අන්‍යයන්ගේ පේ‍්‍රමය ලැබිමට සුදුස්සෝය.
පාපය ගැන බයිබලීය ඉගැන්වීම
බයිබලය උගන්වන්නේ ආදම්ගේ වැටීමේ ප්‍රතිඵලයක් ලෙස සියලූම මනුෂ්යින් පව්කරුවන් වී දෙවියන්වහන්සේගෙන් වෙන්ව වරදට පත් කරනු ලබා ඇති බවය. මන්දයත් මනුෂ්‍යයාගේ පාපී ස්වභාවය හා පාපී කි්රයාවන් නිසාය.
පාපය දෙවියන්වහන්සේට විරුද්ධව කැරළිිගැසිමකි. එය දෙවියන්වහන්සේ සත්‍යවාදි බව අවිශ්වාස කිරිම හා උන්වහන්සේගේ සම්පුර්ණ කැමැත්තට අභියෝග කිරිමකි.
x පාපය අන්තර් පුද්ගල ගැටුම්වලට යොමු කරයි. තමාව ධර්මිෂ්ඨකර ගැනිමට උත්සාහ කරයි. අපේ දුර්වලකම්වලට අන්‍යයන්ට දෝෂාරෝපණය කරයි. මනෝ දෛයිනික වචනයෙන්Psychxomatic Problem) ශාරිරිකව හිරිහැර කිරිම අසහනය සහ දෙවියන්වහන්සේ කෙරෙහි ගෞරවය අඩුවීම.
x මේ සියල්ල අප ගැන සිතෙන දේ පිළිබඳ බලපැවැත්වෙයි. බොහෝ විට වරදකාරකම සහ අප තුළ තමන් අඩු තක්සේරුකර ගැනිම හිනමානයෙන් ඇතිවේ.
x පාපය අප දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධතාවය බිඳ දමති. නමුත් දෙවියන්වහන්සේ ඉදිරියේ අප මනුෂ්‍යයින්ය. උන්වහන්සේගේ මැවිල්ලේ අග්‍රඵලය.
උඩඟුකම ගැන බයිබලිය ඉගැන්වීම
x සමහරෙකු සිතන්නේ ස්වය අගය ස්ව අභිමානය උඩඟුකමේ ස්වරූපය බවය.
x තමාගැන අඩුවෙන් තක්සේරුකිරිම -තමන්ගේ වරදකාරකම ගැන තැකිම යටහත්කමක් බවය.
x උඩඟුකමේ චරිත ස්වභාවය -තමන් අඩු අයගේ අවධානයට ලක්වීම ඇති පමණට වඩා ඇති ආශාවකි. එය අහංකාර මානාධික උද්ධච්චම අපහාසාත්මක තමන් ගැන අනික් අය හා සම්බන් කරන විට ඇති තක්සේරුවකි.
x එය තමන් පිළිබඳ උසස් ලෙස සිතා අනික් අය සුළු කර සිතන අනික් අයගේ ආශාවන් අදහස් සුළු කරන ගුණයකි. සාරංශ වශයෙන් පවසතොත් එය තමන්ට මහිමය ලබමින් දෙවියන්වහන්සේට දිය යුතු මහිමය නොදිමකි.
ඊට ප්‍රතිවිරුද්ධ ලෙස යහපත්කම යනු තමන් ගැන නිවැරදි අගයකිරිමක් ඇති අනික් අයගේ අදස්වලට ගරු කරන ඉඩ සලසන අනික් අයට තමන්ට පෙර ප්‍රශංසාව කිරිමට අගය කිරිම.
x යටහත් මනුෂ්‍යා තමාගේ අඩුකම් පාප අසමත්කම් පිළිගන්නා අතර තමන්ට ඇති දීමනා හැකියාවන් ජයග්රහණයන් දෙවියන්වහන්සේ වෙතින් පැමිණි ලෙස පිළිගනි :ිැකෙ බැට්එසදබ* යටහත්කම යනු තමාට ඇති දේ නොසැලකිම නොව තමාව ප්‍රතික්ෂේප කිරිම නොව දෙවියන්වහන්සේ විසින් දෙනු ලැබු ශක්තිය හැකිකම පිළිගැනිමකි.
පාවුල් අපොස්තුලූතුමා තමන්ගේ පාපිෂ්ඨ අතීතය පිළිබඳ ගැඹුරු අවබෝධයකින්ද තමන්ගේ තවදුරටත් ඇති සමහර අසම්පුර්ණකමේ හා දුර්වලතා ගැනද අවධාරණයෙන් සිටිය අතර තමන් දේව කරුණාව තුළ අයත්කර ගන්නා ලද දේ ගැන අවබෝධයක්ද තිබින.
ස්ව පේ‍්‍රමය ගැන බයිබලීය ඉගැන්වීම
බයිබලය අප හට තමන්ට පේ‍්‍රම කිරිම සහ සත්‍යයද ඇති බව පිළිගනි. භාර්්‍යාවන්ට තමන්ගේ ශරිරවලට මෙන් පේ‍්‍රම කළ යුතුය. තමගේ භාර්්‍යාවට පේ‍්‍රම කරන තැනැත්තේ තමාටම පේ‍්‍රම කරන්නේය.
x එම සත්‍යතාවය සමහර කිතුණුවන්ට පිළිගැනිමට දුෂ්කර විය හැකිය. මන්දයත් ඔවුන් එය වැරදි ලෙස ස්ව පේ‍්‍රමය තමන්ම උසස් කරගැනිමේ ආකල්පය තම කැමැත්ත කිරිම තමන් මධ්‍යය කරගත් උඩඟුකම හිතුවක්කාරකම යනාදියට සමාන කරති.
”නුඹට මෙන් නුඹේ අසල්වැසියාට පේ‍්‍රම කරන්න”
ස්ව පේ‍්‍රමය යනු උද්යෝගිමත් තමන්ට ගෞරවය තමන්ගේ මහිමය සෙවීම නොවේය. ස්ව වන්දනාව
x ස්ව පේ‍්‍රමය යනු අපව වටිනා මැවිල්ලක් ලෙස සැලකිමය. දෙවියන්වහන්සේ විසින් අගය කරන පේ‍්‍රම කරන මැවිල්ලකි. කි‍්‍රස්තු සභා ශරිරයේ දීමනාවක් ඇති සාමාජිකයෝය. දේව ස්වභාවය දරන්නෝය.
අප හට අපට පේ‍්‍රම කළ හැකිය. මන්ද දෙවියන්වහන්සේ අපට පේ‍්‍රම කල සේක. අප හට දෙවියන්වහන්සේ දී තිබෙන අවස්ථා සහ හැකියාවන් අප ප්‍රතික්ෂේප කරන්නේ නැත. මෙම ස්ව පේ‍්‍රමය පිළිබඳ බයිබලීය දෘෂ්ඨිය අපගේ ස්ව අභිමානය පිළිබඳ පදනම විය යුතුය.
හීනමානයට අඩු ස්ව තක්සේරුවට හේතු :
අපි උපදේශනයට වැදගත් වන්නාවු ස්ව තක්සේරුව ගැන සලකා බැලූවෙමු. අපි මෙම ඉගැන්වීම් ගැන නොසලකා බොහෝ හිතාමතා ප්‍රශ්නවලට හේතුවේ. නිශ්චිතව පවසන්නේ නම් බොහෝ ජනයා තමන් ගැන අවතක්සේරු කර ගන්නා හීනමානයට පත්වන්නේ වැරදි දේව ධර්මය පාපය අතීත අත්දැකිම් හා දෙමාපිය ගුරු සම්බන්ධතා පිළිබඳ දුර්වලකම් යථාර්ථවාදි නොවන අපේක්ෂා වැරදි චින්තන සහ සමාජ බලපෑම් නිසාය.
වැරදි දේව ධර්මය
අපි මේ ගැන කලින්ද කථා කලෙමු මනුෂ්‍යයින් තමන් අවතක්සේරු කරගන්නේ මනුෂ්‍යයින් වටිනාකමක් නැති අය ලෙස සිතිමට පෙළඹෙන විටය. පාපය නිසා අප දෙවියන්වහන්සේ ඉදිරියේ වටිනාකමක් නැති අය ලෙස සැලකිමට සැලසීමේ ඒක පාර්ශික සිතිමක් නිසාය. යටහත්කම යනු තමන් වරදට පත්කරගැනිම කියා සිතීමෙන්ය. නැතහොත් තමන්ට පේ‍්‍රම කිරිම පාපිෂ්ඨ බව සිතීමෙන්ය. මෙවැනි දෘෂ්ඨින් බොහෝ අවංක කිතුණුවන් වෙත ඇත. බොහෝ දෙනාට වැරදි ලෙස සිතන්නේ ස්ව අභිමානය වැරදි බවය. කැපවු කිතුණුවන් හට හීනමානය තමන් අවතක්සේරු කරගැනිම හොඳ බවය.
x මෙම දෘෂඨියට වෙනස්ව තමන් අවංක කිතුණුවන් පිළිගන්නේ තමන් කුරුසපත් වීමේ දේව ධර්මය වෙතය. මෙයද පිළිගන්නේ මනුෂ්‍යයා වටිනාකමක් නැති ලෙසය. අපේ ආශා අපේ සිතිවිලි අද්විතීයත්වය. කුරුසපත් කළ යුතු බවය. අපි අදහස් කරන්නේ කි‍්‍රස්තුස්වහන්සේගේ සිතිවිලි හා කි‍්‍රයා ජල නලයක් මැදින් යන ලෙස අප පාලනය කරාමය නිසාය. එම සිතිවිලි ආත්මික ලෙස පෙනීයාමට පුලූවන. එය පුද්ගල තලෙන්තු හැකියාවන් පෞරුෂය නිර්මාන ශක්තිය වැනි දෙවියන්වහන්සේගෙන් පැමිණෙන දේ මැඩලයි.
x එම දෘෂ්ඨිය තේරුම් නොගන්නේ අපේ අතීතය අපි කුරුසපත් කරන ලද අතර දැන් නව මැවිල්ලක් ලෙස ජීවත්වන බවය. කි්රස්තුස්වහන්සේ සමඟ සහභාගිත්වයෙන් ජීවත්වන බවය. මෙයින් අදහස් කරන්නේ අපේ පෞද්ගලිකත්ව හැකියාවන් සහ පෞරුෂය ප්‍රතික්ෂේප කල යුතු බව නොවේය. ඒ අනුව අපි මේවා දෙවියන්වහන්සේගේ පාලනයට ශුද්ධාත්මයාණන්ගේ පාලනයට යටත් කළ යුතුය. එමෙන්ම අප විශ්වාස කළ යුත්තේ දෙවියන්වහන්සේ අප එකිනෙකාට දී ඇති අද්විතීය විශේෂ පුද්ගල වෙනස්කම් මඟින් දෙවියන්වහන්සේ කි‍්‍රයා කරන බවය.
(02) පාපය
දෙවියන්වහන්සේ මනුෂ්‍යයා මැවු පසු ඔහුට යහපත හා අයහපත පිළිබඳ ප්‍රමිතියක් දුන්සේක. උන්වහන්සේට අවශ්‍ය වුයේ අපේ සතුට නැති කිරිමට නොව උන්වහන්සේ යහපත් පැවැත්මෙන් යුතුව සතුටින් සිටිනවාට කැමතිව එනම් අපි උන්වහන්සේගේ විශ්ව නිතිවලට යටත්ව ජීවත්ව වන විට ලැබෙන පි‍්‍රති සන්තෝෂය ඇතිව සිටිනවාට කැමති විය. අපි මේ ප්‍රතිපත්තිය කඩ කල විට අපට වරදකාරකම දැනෙයි. එවිට අප තුළ පශ්චාත්තාපය දැඩි කනස්සල්ල ඇතිවේ. අප තුල වරදකාරකම හා බලාපොරොත්තු සුන්වීම ඇතිවේ. මෙය අප තුළ අවතක්සේරුව හා අපගේ අභිමානය පහත් ලෙස සිතිමට පෙළඹීම සිදුවේ.
(03) අතීත අත්දැකිම්
සාර්ථකභාවය අගයන සමාජයක අසමත්වීම අත්දැකිම ප්‍රතික්ෂේපවීම විවේචනය දුෂ්කර අත්දැකිමකි. අසමත්වීම හා සුළුකිරිම බහුල වන විට පහසුවෙන් මෙසේ සිතයි. ”මම හොඳ නැත. බලන්න මනුෂ්‍යයෝ මා ගැන මොනවද සිතන්නේ බලන්න මම ප්‍රශ්න ව්‍යාකූල කරගන්න අන්දම පටලවාගන්න අන්දම අවුල් කරගන්න අන්දම”
සමහර අවස්ථාවල අසමත්කම පැමිණෙන්නේ අන්‍යයන් අප අසමත්වනවාට කැමති නිසාය. අප තීරණය කරන්නේ කිසි කෙනෙක් මම සඵල වනවාට කැමති නැහැ. එසේ නම් මම උත්සාහ කරන්නේ ඇයි? අපි උත්සාහ නොකරන විට අසමත්වීම සහතිකය. අපේ ස්වඅභිමානය තවත් පහතට වැටෙයි.
(04) දෙමාපිය දරු සබඳතා
ස්ව අභිමානය ගැන වර්තමානයේ බොහෝ පොත් ලියා ඇත. බොහෝ දෙනා එකඟ වන කරුණක් නම් හිතාමතා අවතක්සේරුව බොහෝ විට අසමත්වන්නේ නිවසේ ජීවිතයේදී බවය. දරුවෙකුගේ ස්වඅභිමානයන් බොහෝ විට වර්ධනය වන්නේ ඔහුගේ හෝ ඇගේ ජිවිතයේ මුල් අවධියේය.
x දෙමාපියන් තමන් දරුවන් පිළිබඳ හැඟිම්වලදි නොගැලපෙන ලෙස සමහර විට කි‍්‍රයා කරයි. සමහර රෝගී දෙමාපියෝ දරුවන්ට කඩා පැනිම විවේචනයන් කිරීම.
x සමහර විට පේ‍්‍රමයෙන් උණුසුම සහ පිළිගැනිම වළක්වයි. දරුවන් බොහෝ විට මෙම දෙමාපියන්ගේ සුළු වෙනස්වීම් නිසා ඔවුනට සැබෑ හැඟිම් සහ හීනමාන අදහස් ඇතිවේ. එබඳු හැඟිම් දෙමාපියන් ඔවුන්ව විවේචනය කරන විට ලජ්ජාවට පත් කරන විට ප්‍රතික්ෂේප කරන විට නිතර බණින විට කියන ලෙස අපට ළදරු අවස්ථාවේ ප්‍රතික්ෂේප ප්‍රමාණයට අපි අපවම එපාකර ගන්නා බව.
x සමහර දෙමාපියන් දරුවන්ට යථාර්ථවාදි නොවන ප්‍රමිති ඉලක්ක තබයි.
x දරුවා අනිවාර්්‍යයෙන්ම අසමත් වන බවට ප්‍රකාශ කරයි.
x දරුවා අගය කිරිම ධෛ්‍ය කිරිම ඔහුට ප්‍රශංසා කිරිම චිත්තවේගී උපකාර කිරිම කවදාවත් කරන්නේ නැත.
x බොහෝ විට තදින් දඬුවම් කරයි.
x දරුවන් කරදරයෙන් ඔවුන් මෝඩ සහ අසමර්ථ බව ප්‍රකාශ කරයි.
x ඔවුන් සිපගැනිම හුරතල් කිරිම ස්පර්ශ කිරිම නොසලකයි.
x දරුවන් ඕනෑවට වඩා ආරක්ෂා කිරිම හා ඔවුන් පාලනය කිරිම. මෙසේ කිරිමෙන් පසුව ඔවුන් තමන් විසින්ම ජිවිතයට මුහුණදිමට යෑමේදී අසමත් වෙයි.
(05) යථාර්ථවාදී නොවන අපේක්ෂා
අපි වැඩෙන විට අපේ අනාගතය උදෙසා අපි බලාපොරොත්තු වර්ධනය කරගන්නෙමු අපි අයත් කරගැනිමට බලාපොරොත්තු වන දේවල් තත්ව පිළිබඳ බලාපොරොත්තු ඇතිකර ගනිමු.
x මෙම බලාපොරොත්තු සහ තත්ව යථාර්ථවාදි නොවන ලෙස උසස් වන විට අප අපව තබා ඇත්තේ අසමත්වීම්වලට වීමට පුළුවන් වන ලෙස බැවින් එසේ සිදුවු විට හිතාමතා අඩුතක්සේරුව ඇතිවේ.
x නැරෝමෝට අනුව ස්වයං පිළිගැනිමට සතුරෝ තිදෙනෙක් වෙති. අප පළිගන්නා මෙවැනි දේ බොහෝ විට අපගේ ස්ව අභිමානය යටපත් කරයි. මෙම සතුරන් තිදෙනා ව්‍යාජ එමෙන්ම වඩාත් විශ්වාස කරන පහත සඳහන් කරුණුය.
x මා පිලිගනු ලැබිමට නම් පේ‍්‍රම කරනු ලැබිමට නම්, මා අන්‍ය අය මාගෙන් බලාපොරොත්තු වන ප්‍රමිතියට අනූන විය යුතුයයි සිතිම.
x මගේ ඉලක්ක සපුරාගැනිමට අසමත් වන විට බලාපොරොත්තු ඉටුකිරිම නොහැකිවු විට අන්‍ය අයගේ බලාපොරොත්තු මා පීඩනය පත්විය යුතුයි. ලජ්ජාවට භියට පත්වීමට දඬුවමට පත්විය යුතුයි හෝ පත්වේ යයි සිතිම.
x මම යමක් භාරව සිටීමට බුහුටි කඩවසම් මම පරිසරයේ කේන්දා පුද්ගලයා වීමට මගේම තීරණ ගැනිමට ”මම ලෝකය ජයගත යුතුයි” යන මතය (ලෝකය ජයගැනිම පිළිබඳ ආත්මික අර්ථවත් සමඟ සසඳන්න*
මෙම සියළු විශ්වාසයන් යථාර්ථවාදි නොවන අතර එබැවින් ඒවා අසමත්කම් වලට හා දුබල අභිමානයට පත්කරයි.
(06 ) වැරදි ලෙස සිතීම
අප සමහර විට අප ගැන කරන සමහර ප්‍රකාශන පදනමක් නැති ඒවාය. ”මට කව්රුවත් කැමති නැහැ” ”මම හොඳ නැහැ මම වටින්නේ නෑ” මෙවැනි කියමන් බොහෝ විට මවාගත් සීතල කථා මිස සැබෑ ඒවා නොවේය. ඒවා අපව පාලනය කිරිමට අවශ්‍ය වන ඒවා නොවේ නම් අප ඒවාට අභියෝග කළ යුතුය. එබª නිගමන සනාථ කිරිමට සාක්ෂි මොනවාද? සාක්ෂි තිබේද?
(07) සමාජ බලපෑම
සමාජයේ ඇති සමහර වටිනාකම් මාධ්‍ය විසින් අවධාරණය කරයි. ඒවා නිවස්වල, පාසැල්වල, රජයේ ව්‍යාපාරවල සහ තවත් සමාජ තලවල දක්වයි. පුළුල් ලෙස සලකනු ලබන්නේ කෙනෙකුගේ වටිනාකම රැුදි පවතින්නේ
x ඔහුගේ හෝ ඇගේ ඥාණය උගත්කම
x ශාරිරික බුහුටිකම/ කඩවසම්කම
x අධ්‍යාපනය- මුදල්/ධනවාදි බව-බලය අයත්කරගන්නා ලද තත්වය ආදිය මත බවය
මනුෂ්‍යයන්ව ධෛ්යකරන්නේ කි්රයාශුරිව මෙම තත්ව අයත් කරගනිමින් සාර්ථක සඵලවීමටය. ඔවුන් සලකන්නේ කෙනෙකුට ඇති සම්පත් ඔවුන්ගේ ස්ව අභිමානය වර්ධනය කරන බවය. එසේ නැති විට එය අඩුවක් බව දැක්වීමෙන් අවතක්සේරුවක් ඇතිවේ. නමුත් එය සත්‍ය නොවේ. එය බොහෝ සාර්ථකයැයි කියන පුද්ගලයෝම ඔබට පැහැදිලි කර දෙනු ඇත.
x තත්වය මත ගොඩනගා ගන්නා ස්ව අභිමානය නොපවතින නොසැහෙන එකකි. නමුත් මෙම සංස්කෘතික මිත්‍යාවන් බොහෝ දෙනෙකු කෙරෙහි බලපෑම කරයි. එමෙන්ම ඒවා ඔවුන් අඩු තක්සේරුවට තමන් පත් කරයි. එම තත්ව ලබාගැනිමට නොහැකි වු විට සහ ඒවා පවත්වාගෙන් යෑමට නොහැකි වු විට
x ඔවුන් සිතන්නේ තමන්ගේ ධනය හා වෙනත් දේ අයත්කර ගැනිමෙන් තම ස්ව අභිමානය වර්ධනය වන බවය. එවා නොලැබෙන්නේ නම් අව තක්සේරුවට පත්වන බවය.
අඩුකමේ සහ තමා පිළිබඳ තමාගේ අඩු හැඟිම එහි ප්‍රතිඵල
තමා පිළිබඳ අඩු හැඟිමක් ඇතිවීමෙන් විවිධ කි්රයාවන් සිදුවේ. ඒවා අතර ආකල්ප සහ හැඟිම් සමහරක්ය. විවිධ සමීක්ෂණයන් අතර එලියත් එම සමීක්ෂණයන්ගේ සාරය ලෙස මෙලෙස වාර්තා කර ඇත.
x තමන් පේ‍්‍රමයට පාත්‍ර නොවන්නාවු බව සිහිවීම හුදකාල තනිවී සිටින බව සිතිම
x තමන්ගේ අඩුකම් ජයගැනිමට තමන් දුර්වල බව සිතයි. ඔවුන් යමක් ශක්තිමත්ව මෙහෙයවීමට දුර්වල අතර ස්වයං ආරක්ෂාව සලසා ගැනිමටද දුර්වලය.
x කෝපයෙන් සිටිති. අනික් අය කෝප කිරිමටද භයය. එමෙන්ම තමන්ට අවධානය ඇදගැනිමට ද භයය.
x අන්ය්යන් සමඟ සාමයෙන් ජීවත්වීමට අමාරුකම් ඇත.
x යමක් විශ්වාස කළ හැකි නමුත් ඔවුන්ගේ හැඟිම් ඉක්මනින් තුවාලවන සුළු වීම
x අඩු කුතුහලය මෙන් අඩු නිර්මාණශිලි බව
x එමෙන්ම අන්‍යයන්ට තමන් ගැන විවෘත වීමටද ඇත්තේ අඩු නැඹුරුවකි.
x තවත් ලේඛකයින් තමා ගැන අඩු හැඟිමක් ඇති අය
x ඇතුලාන්තයේ සමාදානය හා ආරක්ෂාව අඩුබව
x ආත්ම ශක්තිය අඩුබව
x අන්තර් පුද්ගල ගැටුම්
x තමා ගැන විවේචන සමාජයෙන් බැහැරව සිටීමට කැමැත්ත
x අනුන්ට ඊර්ෂිය හා විවේචන
x තමා විනිශ්චය කිරිම තමාට වෛර කිරිම හා තමාව ප්‍රතික්ෂේප කිරිම
x පීඩනය
x බලය ලබාගැනිමට පොර බැදිම, තමන් උසස් බව සිතිම හා අනුන් පාලනයකිරිම
x මැසිවිලි කෙදිරිම් කරන, නිතර තර්කවලට වාද විවාදවලට බර, දරාගැනිම අඩු, අධිසංවේදී අති සංවේදී කමා නොවන සුළු
x ප්රශංසාවන් හෝ පේ‍්‍රමයේ පිළිගැනිමට අසමත්කම, ඇහුම්කන්දිම අඩු අතර අලාභ විදිමද වැඩිවීම
x මේ සියල්ල දක්වන්නේ තමා පිළිබඳ අඩුබව සිතිමේ මහත් බලපැවැත්මය. සමහර විටක අප සියල්ලෝම යම් පමණකට අඩුබව සිතයි.
x අප තුල අඩුබවේ හැඟිම වැඩිවන විට සියළු මනුෂ්‍ය කි‍්‍රයා හැඟිම් ආකල්ප සිතිවිලි සහ වටිනාකම් බලපැවැත්වෙයි.
තමා පිළිබඳ අඩුබව සිතන හා අව අභිමානය ඇති අයට උපදේශණයේදී
(01* පිළිගැනිම අනුමත කිරිම හා අවංක උපකාරය දෙන්න
(02* තමා පිළිබඳ අවබෝධය සෙවීම වර්ධනය කරන්න
(03* ස්ව අභිමානය පිළිබඳ බයිබලීය යාථා දර්ශනය
(04* තමා පිළිබඳ එළිදරව් කිරිම ධෛ්‍ය කරන්න. එමෙන්ම තමා පිළිබඳ යථාර්ථවාදි ස්වයං අගය කිරිමක් ධෛර්්‍ය කරන්න.
(05* බලාපොරොත්තු ඉලක්ක හා ප්‍රමුඛතා නැවත පරික්ෂා කර බැලිමට ප්‍රබෝධ කරන්න.
(06* නව දක්ෂතා හැකියාවන් උගන්වන්න
(07* උපදේශණ ලබන්නා විනාශකාරි පොළඹවන්නන්ගෙන් බැහැරවීමට උපකාර කරන්න
(08* කණ්ඩායම් සහය දෙන්න
(09* තමන් ගැන අඩු පිළිගැනිමක් ඇති සහ අවස්ථා අභිමානයක් ඇති අයට උපදේශ දීම
තමන්ම පිළිබඳ අඩුබවේ හැඟිම, ස්ව අභිමානය පිළිබඳ ප්‍රශ්න වර්ෂ ගණනක් පුරා ගොඩනැගි ඇති ඒවා බැවින් ඉතා ඉක්මනින් වෙනස්කම් ඇතිවේ යැයි බලාපොරොත්තු වීම යෝග්‍ය නැත. නමුත් කාලය පුරා පහත දැක්වෙන දේ කල හැක.
(01* සැබෑ අවසන් පිළිිගැනිම හා අනුමත කිරිම
පරික්ෂණ වාර්තා දක්වන්නේ තමන් තුළ ස්ව අඩුබව හැෙඟන අය සෘණාත්මක ලෙස ප්‍රතිචාර දක්වන අතර යථාර්ථවාදි නොවන කෙටි සහතික කිරිම් අව්‍යාජ නොව සැබෑ නොවන දේව ප්‍රතිචාර නොදක්වයි.
අපි ඕනෑවට වඩා ප්‍රශංසා කිරිම අනුමාන කිරිමට උත්සාහ කිරිම. උපදේශණ ලබන්නා පිළිනොගන්නා අතර සමහර උපදේශණ දෙන්නාට මුහුණ නොදෙයි.
x උපදේශ දෙන්නාට මුහුණ නොදෙයි
x අඛන්ඩ සහය මෘදු ධෛර්්යකිරිම මධ්‍යම හා අවංක අයත් කරගන්නා දේ යහපත් ලෙස ඉටුකරන ලද අගය කිරිම පැහැදිලිව යහපත්ව අගය කිරිමකි.
x පිටට තට්ටුකර ”ඔබ අගනා කෙනෙක් බොහොම හොඳයි. ඉදිරියට යන්න” කියා කීම තමන් තුළ අඩුබව අගය අයෙකුට යමක් කරන්නේ නැති ලෙසය
x උපදේශ ලබන්නා තුළ තමන් පිළිබඳ අවබෝධය දියුණුකර ගැනිමට උපකාර කරන්න.
තමන්ගේ හැසිරිම පිළිබඳ නිරික්ෂණ චරිතයක හෝ අවස්ථාවක සැඟවුනු ඇත්ත දැනිම එය සැබැවට උපකාරිද නොවේ. සමහරවිට තමාගේ සිතිවිලි හා හැඟිම් විමසා බැලිම එසේ කිරිම තමාව තව තවත් පහත් ලෙස සිතිමට පොළඹවයි.
x උපදේශකයෙකට කෙනෙකු තමා දුර්වල ස්ව දෘෂ්ඨිය පැමිණියේ කෙසේද කියා සොයා බැලිමට උපකාර කල හැකිය. අපි අතිතයේ සිරකරුවන් නොවන බව මතක් කර දිය හැකිය.
x අපට අපගේ හැසිරිමේ අතීත මුල් තේරුම්ගැනිමෙන් වෙනස්වීමට පහසුය.
ස්ව අභිමානය ගැන බයිබලිය දර්ශන බෙදා ගන්න
x උපදේශණ ලබන්නා තමන්ගේ අඩුකම යනු බයිබලයේ සඳහන් යහපත්කම හා ස්ව අභිමානය යනු පාපිෂ්ඨ උඩඟුකමට සමානයයි සිතුවහොත්් උපදේශණය වඩා සාර්ථක නොවේ.
x කිතුණුවන් හට බයිබලයේ දක්වන මනුෂ්‍යයාගේ වටිනාකම හා ඒවා ස්ව අභිමානය ගැන ඉගැන්වීම කළ යුතුය.
x තමාට ඇති පේ‍්‍රමය නිවැරදි අතර දෙවියන්වහන්සේ අනුමත කරන බව දැනගත යුතුය
x මෙම අදහස් පිළිගැනිමට කාලයක් ගතවනු ඇත. නමුත් ඒවා පිළිගැනිම ඕනෑම කෙනෙකුට තමන් පිළිබඳ ධනාත්මක ස්ව මතයක් දෘෂ්ඨියක් ඇති කරගැනිමේ පෙර අවශ්යයතාවයකි.
(04* තමා ගැන එළිදරව් කිරිම හා යථාර්ථවාදි අගය කිරිමක් ධෛ්යි කරන්න
ස්ව අභිමානය ගොඩනැගිම සඳහා ජිවිතය පිළිබඳ බෙදාගැනිම උපකාරි වන බව සත්‍යයකි.
x කෙනෙකු තමන්ගේ ජිවිත දෘෂ්ඨිය හා ජිවිත තතු බෙදා ගන්නා විට අන්‍යයෙකුට ඒ පිළිබඳ පසු විපරමක් දිය හැකිය. එනම් ඔවුන්ගේ හැඳිනගැනිම සංජානනය ප්රත්යක්ෂය.
x අනෙක් අය පිළිගැනිම පෙන්වන විට උපදේශ ලබන්නාට ද තමාව පිළිගැනිමට හැකිකම ලැබෙයි.
No comments:
Post a Comment