"මා මිනිසුන්ගේද දේව දුතයන්ගේද භාෂාවලින් කතා කරතත් පේ‍්‍රමය මට නැත්නම් මම ඝෝෂා කරන ඝාන්ඨාරයකට හෝ කටුක රාවය දෙන කෛතාලමකට හෝ සමාන වෙමි”.
දිවැසි වැකි දෙසීමේ වරම මට තිබුණත්, සියලූ අබිරහස් ගැන අවබෝධයද සකල ඥානය ද මට ඇතත්, කඳු සෙලවීමට තරම් බලවත් විශ්වාසයක් මට තිබුණත් පේ‍්‍රමය මට නැත්නම් මම හිස් තැනැත්තෙක්මි.
දන් දීම සඳහා මා සතු සියල්ල වෙන් කළත්, මාගේ සිරුර ගිනි පුජාවක් සඳහා බිලි දුන්නත්, පේ‍්‍රමය මට නැත්නම් මට කිසි පලක් නැත.
පේ‍්‍රමය ඉවසිලිවන්තය, කරුණාවන්තය, පේ‍්‍රමය, ඊර්ෂ්‍යා වන්නේ නැත, පාරට්ටු කරගන්නේ නැත. උඩඟු වන්නේ නැත.
පේ‍්‍රමය අවිනීත නොවේ, ආත්මාර්ථකාමී නොවේ, හනික නොකිපේ, නපුර සිතේ ධාරණය කර නොගනියි,
පේ‍්‍රමය, අනුන්ගේ වරද ගැන පී‍්‍රති නොවී, හරි දේ ගැන පී‍්‍රති වෙයි.
පේ‍්‍රමය සියල්ල උසුලයි. පේ‍්‍රමයෙහි, විශ්වාසයට ඉමක් නැත. බලාපොරොත්තුවට නිමක් නැත. ඉවසීමට අගක් නැත.
පේ‍්‍රමය සදාතනිකය. දිවැස් වැකිවුවද පහව යන්නේය. විවිධ ශබ්ද දෙසීම් වුවද නිම වන්නේය. ඥානය වුවද නැති වන්නේය.
මන්ද, අපේ ඥානය අසම්පුර්ණය, දිවැස් වැකි දෙසීමද අසම්පුර්ණය. සම්පුර්ණ දේ පැමිණි විට, අසම්පුර්ණ දේ පහව යන්නේය.
බාල වියෙහිදී මම බාලයෙකු මෙන් කතා කෙළෙමි, බාලයෙකු මෙන් සිතුවෙමි, බලායෙකු මෙන් තේරුම් ගතිමි. එහෙත් මම දැන් වයසින් මුහුකුරා සිටින බැවින් ළාමක දේ අත්හැර සිටිමි. දැන් අපට කැඩපතකින් මෙන් නොපැහැදිලිව පෙනෙන්නේය. මතු අපි මුහුණට මුහුණලා දකින්නෙමු. දැන් මාගේ දැනුම අසම්පුර්ණය. එහෙත් මතු, මා පිළිබඳ දෙවියන්වහන්සේගේ දැනුම මෙන් මාගේ දැනුම ද සම්පුර්ණ වන්නේය.
ඇදහිල්ල, බලාපොරොත්තුව හා පේ‍්‍රමය සඳහටම පවතින ධර්මතා තුනකි. මෙයින් ශ්‍රේෂ්ඨතම වන්නේ පේ‍්‍රමයය. (1 කොරින්ති 13)
No comments:
Post a Comment