දුර නොයනු මැන මා ලඟින්
දරා සෝගිනි වෙහෙසවී මහ මාවතේ දුක් වින්දෙමි
සොරෙකු මෙන් මා සැඟව සිටියෙමි නොකල වරදට සමිඳුනි.
දෙමව්පිය සොහොයුරන් මා හැර ගිය බැවින් මා තනි වුනි.
බැලූ සැම දසතකම සංකා හිස් බවින් කළකිරුනෙමි.
පවුරු පදනම් වැටකඩොලූ බාධක යදම් බැද සිරවුනි.
නැති නමුත් සතුරෙක් නසන්නෙක් පලා යන්නට සිදුවුනි.
ඔබට එරෙහිව අකීකරුවු පාපයට කුළියක් ලොවේ
ගෙවන්නට මා අපොහොසත් විය, කිසිදිනක මට හැකි නොවේ.
වේදනාවෙන් උපන් කඳුලින් මිදෙන්නට ගිය දිනකදී
සැබෑ නිදහස ඔබෙන් ලැබුවෙමි, වහල් බැම්මෙන් ගැළවුනි,
සතුට, සැනසුම, සුවය නිදහස, බලය ඔබගෙන් ලද නිසා
ඉතින් මා හට කිසි බියක් නැත, ඔබ තුලින් ජය ගත් නිසා.
ඔබට ලංවී ඔබ සොයන්නට මුලූ සිතින් මුලූ හදවතින්,
මගේ ශක්තිය ඔබම වනු මැන, දුර නොයනු මැන මා ලඟින්.
මටම ලංවී මගේ සිත තුළ වැඩ සිටින්නට රජෙකු මෙන්
ඉතා පිවිතුරු මාළිගාවක් ඉදිකරන්නෙමි ඔබ නමින්.
ආමෙන් ---
දෙවියන්වහන්සේට ස්තූති වේවා.
සහෝදර අනුර කුමාර වික‍්‍රමසිංහ
අපෝස්තලික දේව සභාව- අනුරාධපුර.
No comments:
Post a Comment