(02) සෝදිසියේදී දේව කැමැත්තට භාරවීමේ සිත
කි‍්‍රස්තුස් ජේසුස්වහන්සේ තුල තිබුනාවු සිතම නුඹලා තුලත් තිබේවා. ‘‘පියාණෙනි, ඔබ කැමතිසේක් නම්, මේ කුසලාන මාගෙන් පහකළ මැනව. එසේ වී නමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවයි කී සේක.” (ලූක් 22:42)
මේ ආකාර දේව කැමැත්තට භාරවීමක් කුමන අයෙක් විසින් කරන ලද්දේද? කි‍්‍රස්තුස්වහන්සේගේ ජිවිතයම දිගු ස්ව ත්‍යාගයෙන් යුතු ජීවිතයක් විය. එය දිනපතා මරණයට පත්වීමේ ජීවිතයක් විය. බෙත්ලෙහෙම් සිට කල්වාරිය දක්වා එම අත්දැකීම විය. අන්තයේදී කුරුස ගසේදී උන්වහන්සේ ප්‍රාණය පියාණන්ට භාර කළ සේක. මෙම වේදනා විඳීමේ වන්දනා ගමන සිහි කරන්න. සියලූ වේදනාවන් දරා ගත් ජීවිතයක් අතර ජේසුස්වහන්සේ ඒ පිළිබඳ කෙඳිරීමක් නොමැතිව යටත්වු සේක. මාගේ කැමැත්ත ලෙස නොව ඔබගේ කැමැත්ත ලෙස වේවායි පියාණන්ගේ කැමැත්තට භාර වු සේක. ජේසුස්වහන්සේගේ ජීවිතයේ ආදර්ශ පාඨය වුයේ දේව කැමැත්ත කිරීමය. එය විශ්මිත ජීවිතයකි. උන්වහන්සේ මෙළොවට පැමිණීම ප්‍රකාශ වුයේ,
‘‘මාගේ දෙවියන්වහන්ස, ඔබගේ කැමැත්ත කරන්ට පි‍්‍රය වෙමි.” (ගිතාවලිය 40:8)
ගෙත්සෙමනේදී උන්වහන්සේගේ යාච්ඤාව වුයේ,
‘‘මේ කුසලාන මා කෙරෙන් පහ වෙන්ට පුළුවන් නම් එසේ වේවා. එසේ වී නමුත් මා කැමති ලෙස නොව ඔබ කැමති ලෙස වේවයි කියා යාච්ඤා කළ සේක.” (මතෙව් 26:39)
මෙම දේව වචනය ඉගෙනුමේ යෙදී සිටින පාඨකය, ඔබගේ සිතත් මෙබඳු සිතක්ද කියා විමසා බලන්න. ඔබගේ සෝදිසි මොනවාද? ඒවා ජේසුස්වහන්සේගේ සෝදිසි සමඟ සසඳා බලන්න. ඔබගේ වේදනාවන්ගේ සෝදිසිවල දිය රැුළි උන්වහන්සේ මුහුණ දුන් මහත් ජල තරංග රළ දහරා සමඟ සසැඳිය හැකිද? එම නිර්දෝෂ බැටළු පැටවාණෝ කෙඳිරීම් රහිතව ඒවාට මුහුණ දුන්නේ නම් ඔබ කෙඳිරිය යුතුද? උන්වහන්සේ පාප රහිත තැනැන්වහන්සේ විය. පාපයේ කිසිදු ජයාවක්වත් නොවීය. සමහරවිට ඔබගේ වේදනාවට සෝදිසියට හේතුවක් ඇත. එයට ඔබ පත්වීමට ඉඩහැරීමේ හේතුවක් ඇත. සමහර විට ඔබ ලබන්ට යුතුව තිබෙන දඬුවමට අඩු දඬුවමක් ඔබ ලබා ඇත. ඔබ හට දෙවියන්වහන්සේගේ පේ‍්‍රමයට සහ විශ්වාසවන්තභාවයට දොස් පැවරිය හැකිද? ඔබට විශේෂ සෝදිසියක් පැමිණිමට ඉඩ දුන් බවට දොස් පැවරිය හැකිද? ජේසුස්වහන්සේට තමන්ගේ නිදොස් බවට කරුණු කීමට නොහැකිව තිබුනේද? දෙවියන්වහන්සේගේ ගැඹුරු කාරණා කෙබඳුද?
‘‘එසේය පියාණෙනී, මක්නිසාද එය ඔබගේ ඇස් හමුයෙහි ප්‍රසන්නදායක විය.” (මතෙව් 11:26)
එසේය පියාණෙනි. පීඩාවන්ට පත්වුවන් ඔවුන් චණ්ඩ මාරුතයෙන් සැලෙන්නෝව සැනසිල්ලේ නොසිටින්නෝ වෙති. මාගේ පියාණෙනි, මාගේ ගිවිසුමේ දෙවිඳුනී, දෙව් පියාණෝ පුත්‍රයාව දඬුවමට ඉඩ හැරිය සේක. රෝගී දරුවා පියාගේ අතින් තිත්ත බෙහෙත් කෝප්පය පිළිගනී. දෙවිඳුනී ඔබ මා හට බීමට දෙන මෙම පාත්‍රය මා නොබී සිටින්නේ කෙසේද? මම ඔබගේ දඬුවම් නොව හික්මවන පේ‍්‍රමයේ හස්තයේ රැුඳෙමි. ඔබ මා හට ඉඩ හරින සෝදිසි තුල කාරුණික අවශ්‍යතාවය ඇත.
උන්වහන්සේගේ මිහිරි යටත්කමේ ආත්මයෙන් පානය කිරීම සඳහා ඔබ හට එම කුරුසිය පිළිගත හැකිය. ඔව් ස්වාමිනී, සියල්ල යහපත්ය, මන්ද එය ඔබගේ කැමැත්තය. ස්වාමිනී, මා රැුගෙන, හික්මවන්න, සාදන්න, පාවිච්චි කරන්න. ඔව් ඔබ හමුවේ කැමති ලෙස එය කරන්න. මාගේ කැමැත්ත ඔබගේ කැමැත්තට යටත් කරමි. මෙම සෝදිසිය අඳුරුය’ මට ඒ ඇයිද? කුමක් නිසාද කියා තේරුම්ගත නොහැකිය. එසේ වුවත් මට ඔබගේ කැමැත්ත කිරීමට අවශ්‍යය. මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවා. සෙවන දුන් වැල වියලී ගොස් ඇත. මාගේ භුමික මිහිරි සෙවන මෙපමණ ඉක්මනින් නැතිව ගියේ මන්ද කියා මා හට තේරුම්ගත නොහැකිය. මාගේ දර්ශණය සහ තර්කණය අසන්නේ මට සෙවන දුන් මෙම කොල පැහැති අතු ඉක්මනින් වියලී ගියේ මන්ද කියාය. මා හට දුක වේදනාව ගෙන ආවේය. එය සෑහෙයි. එම දළඹුවාව සුදානම් කළේ ස්වාමින්වහන්සේය. මට අවශ්‍ය ඔබගේ කැමැත්ත ඉටුවීමය. මාගේ කැමැත්ත නොවේය.
පහර ලැබු ආත්මය අඳුරේ නිශ්ශබ්දව සිට දෙවියන්වහන්සේව මහිමයට පත්කරන්නේ කෙසේද? මෙම ව්‍යාකුල සිදුවීම් වේවා පුහුණුව ලැබීමේ ශික්ෂණය, නිවැරදිකිරීමේ අවශ්‍ය කොටසක් ලෙස හඳුනාගනු ලැබුවේද? එසේය වේදනාව මැකී පාපය නැති මරණය නැති ලොවක් උදෙසා සෑම සෝදිසියකින්ම දම්වැල් පුරුකක් ලෙස හඳුනාගනු ලැබුවේද? එය ඇඳගෙන යන්නේ ස්වර්ගය වෙතටය. මෙහිදී වේදනාව හා කඳුල නැමති බෞතිස්මය ලැබුවන්ට ස්වර්ගයේ ධවල සුදු වස්ත්‍රවලින් පළඳනු ලැබීමේ වාසනාව උදාවේ. ඔබත් එම සිත පැළඳගන්න.
No comments:
Post a Comment