ආත්මික උපදේශණ සේවය -03- වන කොටස



සභාව සහ ආත්මික උපදේශණ සේවය


මෑත යුගයේදී ඇමරිකා එක්සත් ජනපදයේ එක්තරා සභාපාලකවරයෙක් කෝප උපදවන සුළු ලිපියක් පල කලේය. එහි තේමාව වුයේ "උපදේශණ සේවය කාලය නාස්ති කිරීමකි" යන්නය. ආත්මික උපදේශ දීමේ ඔහුගේ අසමත් වීමෙන් තමන් විසින් දෙන ලද උපදේශ ඔවුන් සමඟ ගතකරන ලද කාලය ඔහුගේ පැමිණිල්ල විය.
එම සභා නායකයා එම අසමත්වීමට හේතු වුයේ පළදායික ලෙස උපදෙස් දීමට ඔහු නොදැන සිටි බව අවංකව පිළිගන්නා ලදී. ඇදහිලිවන්තයකු සහ සභාපාලකවරයකු අතර ධර්ම ඉගැන්වීම පිළිබඳ බයිබලීය සාකච්ජාවක් පැවතිය හැකි බව ඔහු පිළිගන්නේය. එමෙන්ම විවාහයට සුදානම් වන්නෙකු, රෝගී අයෙකූ, ශෝකවන්නෙකු සමඟ පුද්ගලීකව සාකච්ජා පැවතිය හැකි බව පිළිගන්නා ලදී. එසේ වුවද ප්‍රතිඑල ස්වල්පයක් ලබන චාරිත්‍ර ගති, සභාපාලක උපදේශයන්ට ස්ථානයක් නොතිබුණ බව ඔහු  පිළිගන්නා ලදී.
 
          එක්තරා විද්වතෙක් ප්‍රකාශ කලේ සභාපාලකවරු දේශණා කළ යුතු අතර උපදෙස් දීමෙන් බැහැර වියු යුතු බවයි. අපගේ සාකච්ජාව කරන අතර එම විද්වතා සභාපාලකවරයකු හෝ සභානායකයකු සෙනඟට සේවය කරමින් ඔවුන්ගේ අවශ්‍යතා ගැන සාර්ථක ලෙස සලකන්නේ කෙසේදැයි ප්‍රකාශ නොකළේය. වෙනිඔිටෙස් නැමත්තා ඔහුගේ පොතක මේ පිළිබඳ ඉතා පැහැදිලිව ලියා ඇත. සභාපාලකවරයෙක් ඔහුගේ පුහුණු තත්වය නොසලකා සෙනඟට උපදෙස් දිය යුතුද නැද්ද යන්න තෝරා ගැනීමේ වරප්‍රසාදය ඔහුට නැත. නොවැලැක්විය හැකි ලෙස ඔවුන් සභාපාලකවරයා වෙත තම ප්‍රශ්ණ ගෙන එන්නේ ඔහුගේ උතුම් මඟ පෙන්වීම හා අවවාදාත්ම සැලකිල්ල සොයමින්ය. ඔහු සභාපාලක එඩේර සේවයක යෙදෙන්නේ නම් ඔහුට මෙය මඟහැරිය නොහැකිය. ඔහුගේ තෝරාගැනීම එන්නේ උපදෙස් දිය යුතුද නැද්ද යන්න නොව පුහුණු ශික්ෂණයෙන් යුක්තවු උපදේශකයකු ලෙස උපදේශ දෙන්නේද එසේ නැතහොත් නුපුහුණු ශික්ෂණයක් නොලද්දාවු ආකාරයෙන් උපදෙස් දෙන්නේද යන්නයි.
කණගාටුවෙන් වුවද කිව යුත්තේ ශික්ෂණයෙන් පුහුණු වු ආකාරයෙන් උපදේශ දීම පහසු නොවන බවය. උපදෙස් දෙන්නාවු දහස් ගණන් ක්‍රම භාවිතයේ ඇත. මේ පිළිබඳ මනුෂ්‍යයන්ට උපදෙස් දෙන්නාවු බොහෝ පොත පත ලියවී ඇත. උපදේශකයන් බොහෝ සිටින්නාක් මෙන්ම උපදෙස් දීම පිළිබඳ බොහෝ මත හා ක්‍රම ඇත. මෙම සියලූ පොත්පත් සහ උපදේශයන්, උපදේශකයින්ට උපකාරි වන්නේ නම් යහපත්ය. එසේ නමුත් උපදේශකයන්ට උපකාර වශයෙන් ප්‍රසිද්ධ කර ඇති සමහර දේ ඒවායේ ප්‍රයෝජනවත් භාවය ගැන ප්‍රශ්ණ ඇත. සමහර පුහුණු උපදේශකයින් ඔවුන්ගේ වෘත්තිය ලියවිලි හා ක්‍රම භාවිතයෙන්  ක්‍රියාකර සමහර උපදේශ ලබන්නෝ වර්ධනය නොවන බව දකිති. සමහර පුද්ගලයෝ උපදේශ දීමේ ප්‍රතිඑලයක් ලෙස සමහර විට වඩාත් දූර්වල තත්වයට පත්වෙති. ඒ නිසා සමහරු උපදෙස් දීම කාලය නාස්ති කිරීමක් යයි නිගමනයට පත්වීම ගැන පුදූම විය යුතු නැත.
සෑම කෙනෙක්ම මේ ආකාරයෙන් උපදෙස් දීම අතහැර දැමුවහොත් මනුෂ්‍යයෝ කොතැනට යන්නද? උපදෙස් දීම පිළිබඳ කිතුණුවාගේ ආදර්ශය වන යේසුස්වහන්සේ අවශ්‍යය පුද්ගලයින්ට මුහුණට මුහුණ පුද්ගලික වශයෙන්ද කණ්ඩායම් වශයෙන්ද, කථා කරමින් ඔවුන් ගොඩ නැඟීම සඳහා කාලය ගත කළ සේක. පාවුල් අපෝස්තුළුවරයා වේදනාවට පත් වු පුද්ගලයන් පිළිබඳව ඉතා සංවේදීව ලියමින් "ශක්තිමත් අප අපම සතුටු කර නොගෙන දූර්වලයන්ගේ දූර්වලකම් ඉසිලිය යුතුයයි" ලියයි.
පාවුල්තුමා මෙහිදි ලියන ලද්දේ සැකය සහ බිය ඇති අය පිළිබඳ වුවද ඔහුගේ අනුකම්පා සහිත සැලකිල්ල අද අප මුහුණ දෙන සෑම ප්‍රශ්ණයක් පිළිබඳ වුයේය. බයිබලයෙහි මනුෂ්‍යයින්ට ආත්මික උපදෙස් දීම කැමති කෙනෙක් තෝරා ගන්නා මනාපයක් ලෙස ඉදිරිපත් කර නැත. එය සභාපාලකවරයා ඇතුළු සෑම ඇදහිලිවන්තයාගෙන්ම ඉටුවිය යුතු කාර්්‍යයකි. සමහර විට ආත්මික උපදෙස් දීම කාලය නාස්ති කිිරීමකයයි පෙනී යන නමුදූ එය වැදගත්, අත්‍යවශ්‍ය බයිබලයෙහි පදනම් වී ඇති සේවයෙහි කොටසකි.

උපදේශණ දීමේ ප්‍රතිඵල


මනුෂ්‍යයින්ට උපකාර කිරීමේ ක්‍රමයක් ලෙස උපදෙස් දීම පෞරුෂය දියුණු කර ගැනීමට වර්ධනය කර ගැනීමට අනුබල දෙයි. එය පුද්ගලයින්ට ජීවිතයේ ප්‍රශ්ණ පිළිබඳ වඩාත් ක්‍රියාකාරි ලෙස වැඩදායි ලෙස සැලකීමට උපකාර කරයි. එය එලෙසින්ම ඔවුන්ගේ ජීවිත අභ්‍යන්තරයේ ඇති ගැටුම් හා ඔවුන්ව ආබාධිත කරන හැඟීම් පිළිබඳවද සාර්ථක ලෙස විසදූම් හා වර්ධනය ඇතිකර ගැනීමට අපකාර කරයි. උපදෙස් දීම තුලින් ජීවිතයේ බලාපොරොත්තු සුන්වීම් හා පාඩු විඳීම් වලට මුහුණ දූන් අයට ධෛර්්‍යය හා මඟ පෙන්වීම සපයයි. සමහර පුද්ගලයින්ගෙන් සමහර පුද්ගලයින් හට නොසතුට ඇතිකරන පරාජිත බව ඇති කරන ජිවිත රටාව ජය ගැනීමට උපකාරී කරයි. එයට අමතරව ක්‍රිස්තියානි උපදේශකයා මනුෂ්‍යයින්ව ක්‍රිස්තුස්වහන්සේ සමඟ පුද්ගලික සම්බන්ධතාවයකට පත්කරන අතර අපගේ ඉලක්කය ලෙස ඔවුන් පළමුව ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් බවටද අන්‍යයන්ව ගෝලයන් කරන්නන් බවටද පත් කරයි.

උපදේශකයා

මෙම අරමුණ කරා ලඟවීමේදී උපදේශකයන් විසින් ප්‍රශ්ණ තේරුම්
ගැනිම ඉතා වැදගත්ය. ප්‍රශ්ණ ඇති වන්නේ කෙසේද? ඒවා විසඳා ගන්නේ කෙසේද යන්න දැනගත යුතුය. එමෙන්ම උපදෙස් දීම පිළිබඳ පුහුණුවෙන් වර්ධනය විය යුතූය. වර්තමානයේ පරීක්ෂණයන් අපි විශ්වාස කරන්නේ නම් උපදෙස් දෙන්නන්ගේ පුද්ගලික චරිත ස්වභාවයද ඉතා වැදගත්කමක් උසුලයි. උපදෙස් දීමේදී සාර්ථක භාවය පිළිබඳව සීයක් (100) පමණ පුනරීක්ෂණය කල ලේකඛයින් දෙදෙනෙකුගේ නිගමනය වුයේ ප්‍රතිකාර විධි ක්‍රමය සාර්ථක වීම සඳහා ආත්මික උපදේශකයාගේ පෞරුෂ්‍ය ඇත්ත වශයෙන්ම උපකාරික වීමේ වැදගත් කමය. එනම් ඔවුන්ගේ චරිතයේ ඇති උණුසුම් භාවය සංවේදි භාවය තේරුම් ගන්නා සුළු බව සැලකිලිවන්ත බව හා ප්‍රේමයෙන් මනුෂ්‍යයන්ට මුහුණදීමේ කැමැත්ත හා ආකල්පය. සි. එච්. පැටසන් නමැති මනෝවිද්‍යාඥයා උපදෙස් දීම පිළිබඳ කාලින මතයක් ප්‍රකාශ කරමින් මෙබදු අදහසක් ප්‍රකාශ කලේය. ඉතා සාර්ථක වන පිණිස ප්‍රතිකාර කරන්නා සෑබෑ මනුෂ්‍ය පුද්ගලයකු විය යුතුය. ඔහු උතුම් මනුෂ්‍ය සම්බන්ධතාවයක් පිළිගැන්විය යුතුය. සමහර ප්‍රතිකාර කරන්නන් කරන බොහෝ දේ මතුපිට හා සාර්ථක භාවයට අදාල නොවන දේය. එය ඔවුන් යොදා ගන්නා ප්‍රතිකාර ක්‍රමයටත් වඩා සම්බන්ධතාවයේදී ඔහු කව්රුද යන්න සහ ඔහු කරන දේට වඩා ඔහු කරන ආකාරය වැදගත් වේ.

ජේසුස් නම් උපදේශකයාණෝ


පුදූම උපදේශකයාණන් ලෙස අපට ඇති ඉතා උතුම් ආදර්ශය කි්‍රස්තුස්වහන්සේය. උන්වහන්සේගේ පෞරුෂ්‍ය, දැනගැන්ම සමර්ථකම, අවශ්‍යතාවල් ඇතිව සිටි මනුෂ්‍යයින්ට සාර්ථකව උපකාර කිරිමට උන්වහන්සේට හැකිකම දූන්නේය. ක්‍රිස්තුස්වහන්සේ උපදේශ දීමේදී අවස්ථාවට යෝග්‍ය ලෙස විවිධ ක්‍රම පාවිච්චි කල බව ප්‍රකාශ කල යුතුය. එය උපදෙස් ලබන්නාගේ ස්වභාවය හා ප්‍රශ්ණයේ විශේෂිත ස්වභාවය අනුව විය. සමහර අවස්ථාවලදී උන්වහන්සේ ජනයාට ඉතා හොඳින් අහුම්කන් දූන් අතර එක්වරම පිළිතුරු නොදූන් සේක. තවත් සමහර අවස්ථාවලදී ඉතා ස්ථීර ලෙසම ඉගැන්වු සේක. උන්වහන්සේ ධෛර්්‍යය කර, උපකාරකර ලෙසම ප්‍රශ්ණය යොමු කර අභියෝග කරන ලදී.
උන්වහන්සේ ඕනැකම් තිබුණු පාපිශ්ඨ ජනයා පිළිගත් අතර ඔවුන්ගෙන් පසුතැවිලි වන ලෙසද, කීකරු වන ලෙසද ඉල්ලා සිටි සේක. කෙසේ වුවද ක්‍රිස්තුස්වහන්සේගේ උපකාර කිරීමේ රටාවේ මුලික පදනම වුයේ උන්වහන්සේගේ පෞරුෂයය. උන්වහන්සේගේ ඉගැන්වීමේදී අන්‍යයන් ගැන සැලකීමේදී උපදෙස් දීමේදි උන්වහන්සේ ප්‍රදර්ශණය කරන ලද ගති ස්වභාවයන්, ආකල්පයන් හා වටිනාකම් සාර්ථකව මනුෂ්‍යයන්ට උපකාර කරන්නන් ලෙස අපගේ ආදර්ශයන් වේ.
යේසුස්වහන්සේ සම්පුර්ණයෙන්ම අවංක වු සේක. ගැඹුරු ලෙසම අනුකම්පා වු සේක. උන්වහන්සේ ඉතා උසස් ලෙස සංවේදී හා ආත්මික මුහුකුරා යාමෙන් යුක්ත වුයේය. උන්වහන්සේ තමන්ගේ ස්වර්ගීක පියාණන්වහන්සේට සහෝදර ජනයාටද සේවය කිරීමට කැපව සිටි සේක. එසේ කරන පිණිස බොහෝ යාච්ඤාවෙන් හා භාවනා කාලය මඟින් සුදානම් වු සේක. එතුමාණෝ ගැඹුරු ලෙස දේව වාක්‍ය ඉතා හොඳින් දත් සේක. අවශ්‍ය ජනයා ඔවුන්ගේ උතුම් සමාදානය බලාපොරොත්තුව හා ආරක්ෂාව සඳහා තමන් වෙතට හැරීම උන්වහන්සේ සේවු සේක. (යොහාන් 14 පරිච්ජේදය- යේසුස්වහන්සේ බොහෝ විට දේශණ මගින් මනුෂ්‍යයන්ට උපකාර කළ සේක.
උන්වහන්සේ වැරදි ආගමික මත දැරු එරිසිවරුන් සමඟ වාද කළ අතර පුද්ගලයන්ට අභියෝග කළ සේකණී සුවපත් කළ සේක. අවශ්‍යයතා ඇති අය සමඟ කථා කල සේක. අධෛර්්‍ය වුවන් ධෛර්්‍යමත් කල සේක. දේව භක්තික ජීවන රටාවක් ආදර්ශයක් ලෙස දූන්සේක. උන්වහන්සේ මනුෂ්‍යයන් සමඟ සම්බන්ධතා පැවැත්වීමේදි සැබෑ ජීවිතයේ අවස්ථා උදාහරණ ලෙස බෙදා ගත් සේක. උන්වහන්සේ නිතරම අන්‍යයන්ව දිව්‍යමය ප්‍රතිපත්ති මත සිතීමට හා ක්‍රියාකිරිමට උනන්දූ කළ සේක. පෙනී යන ලෙස උන්වහන්සේ සමහර මනුෂ්‍යයන්ට ඔවුන්ගේ ප්‍රශ්ණ පිළිබඳ කථා කිරීමට අභියෝග කිරිමට උපදෙස් දීමට හෝ ප්‍රසිද්ධියේ දේශණා කිරිමට පෙර ඔවුන්ට ඇහුම්කන් දෙන තේරුම් ගත හැකි හෝ උපකාරකරුවෙකුගේ අවශ්‍යතාවය පිළිගත් සේක.
බයිබලය අනුව කිතුණුවන් විසින් ක්‍රිස්තුස්වහන්සේ විසින් අණ කරන ලද හා උගන්වන ලද සියල්ල ඉගැන්වි යුතුය. මෙයට සැබවින්ම දෙවියන්වහන්සේ ගැන ධර්මයන් ඇතුලත් වන අතර බලධාරිත්වය, ගැලවීම, ආත්මික වර්ධනය, යාච්ඤාව, සභාව, මතු පැමිණෙන කාලය, දේවදූතයින්, යක්ෂයින් සහ මනුෂ්‍ය ස්වභාවය ද ඇතුලත් වේ. එසේ වුවද යේසුස්වහන්සේ විවාහය, දෙමාපිය දරු සම්බන්ධතා, කීකරුකම, වාර්ගීය ජන සම්බන්ධතා සහ ස්ත්‍රීන්ගේත් පුරුෂයින්ගේත් නිදහස ගැන ද කථා කළ සේක. උන්වහන්සේ පුද්ගලික කාරණයක් වන ලිංගිකත්වය, කනස්සල්ල, බිය, හුදකලාව, සැකය, උඩගුකම, පාපය අධෛර්්‍යයට පත්වීම වැනි කරුණු ගැනද ඉගැන්වු සේක.
මෙම සියලූ කරුණුද අද මනුෂ්‍යයින් උපදේශණ ලැබීම සඳහා යොමු කරයි. යේසුස්වහන්සේ මෙබදු මනුෂ්‍යයින් සමඟ ක්‍රියා කිරීමේදී බොහෝ විට ඒ විමසන්නන්ට ඇහුම්කන් දූන් සේක. ඔවුන් සිතීමට හෝ වෙනස් ලෙස ක්‍රියා කිරීමට පෙළඹ වීමට පෙර ඔවුන් පිළිගත් සේක. සමහර අවස්ථාවලදී උන්වහන්සේ මනුෂ්‍යයින්ට ඔවුන්ගේ ප්‍රශ්ණ විසඳා ගැනීම සඳහා කළ යුතු දේ ප්‍රකාශ කළ අතර තවත් විටක ඉතා සාර්ථක දිව්‍යමය මඟ පෙන්වීමෙන් යුක්ත ප්‍රශ්ණ කිරිමෙන් මඟ පෙන්වු සේක. සැකයෙන් යුක්තවු තෝමස්තුමාට යේසුස්වහන්සේ සාක්ෂි දැක්වු සේක. පේතෘස්තුමා පෙනෙන ලෙස යේසුස් වහන්සේව නාදුනමියි ප්‍රකාශ කළහ. අත්දැකීමේදී සිදූවු වරදින් ඉගෙන ගත්තේය. බෙතානියේ මරියා ඇහුම්කන් දීමෙන් ඉගෙන ගත්තේය. යුදාස් කෙසේවත් ඉගෙනගත් බව නොපෙනේ.
ඒ නිසා ක්‍රිස්තුස්වහන්සේ ඉගැන්වු සියල්ලට ධර්ම අවවාදයන්ද, ධර්ම උපදේශයන්ද ඇතුලත් වු අතර දෙවියන්වහන්සේ සමඟ යහපත් වු ගමන් කිරීම ද අන්‍යයන් සමඟ යහපත් ලෙස හැසිරිමද, තමන් පිළිබඳ යහපත් අවබෝධයෙන් ක්‍රියාකිරීම සඳහා වු ඉගැන්වීම හා අවවාදයන්ගෙන් ද යුක්ත වු යේය.
             මේවා සෑම කෙනෙකුටම පාහේ අදාල වු කරුණුය. සමහරෙක් දේශණ හෝ පොතපතින් උගනියි. තවත් සමහරු පුද්ගලික බයිබල් පාඩම් තුලින් හෝ සාකච්ජා වලින් ඉගෙන ගනී. තවත් සමහරු විධිමත් හෝ විධිමත් නොවු ආත්මික උපදේශණ මගින් ඉගෙන ගනිති. අපි බොහෝ දූරට ඉහත දැක්වු අංශ කීපයක එක්වීමෙන් ඉගෙන ගනිමු.

උපදේශණය හා ශුද්ධාත්මයාණෝ


සියලූම සැබෑ ක්‍රිස්තියානි උපකාරයේදී එය පෞද්ගලික හෝ ප්‍රසිද්ධ හෝ වේවා එහි මුලික බලය වන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ ක්‍රියාකිරිමය. ශුද්ධාත්මයාණන් වහන්සේ අපට සියලූ දේ උගන්වන්නාවු සැනසිලිදායකයාණන් හා උපකාරකාරයාණන් ලෙස විස්තර කර ඇත. ශුද්ධාත්මයාණෝ ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රකාශ කිරිම අපට සිහිපත් කරයි. ජනයාට පාපය ගැන ඒත්තු ගන්වයි. අප සියලූ දෙනා සියලූ සත්‍ය කරා මඟ පෙන්වයි. යාච්ඤාවෙන්, භාවනාවෙන්, දේව වාක්‍ය කියවීමෙන්, සිය කැමැත්තෙන් දිනපතා ක්‍රිස්තුස්වහන්සේට භාර කිරීමෙන් උපදෙස් දෙන ගුරුවරයන් තමාව හෝ ඇයව ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් සැනසීමට උපකාර කිරීමට ඉගැන්වීමට ඒත්තු ගැන්වීමට තවත් මනුෂ්‍යයෙකුට මඟපෙන්වීමට සුදූසු ආයුධයක් ලෙස සුදානම් කරයි. මෙය සෑම ඇදහිලිවන්තයාගේම ඉලක්කය විය යුතුය. එය සභාපාලකවරයාගේ හෝ ගිහියාගේ ද වෘත්තිය උපදේශකයාගේ හෝ ගිහිඋපදේශකයාගේ ඉලක්කය විය යුතුය. තමන්ට ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් පාවිච්චි කරමින් ජීවිතවල්වලට අතගැසීමට, ඔවුන්ව වෙනස්කිරීමට, ඔවුන්ව ආත්මිකව හා මානසිකව වර්ධනයට මුහුකුරා යාමට ගෙනඒමට පාවිච්චි කරනු ලැබීමට තමන්ම දිය යුතුය.

සභාව සුවය දානය කිරිමේ සමාජයක් ලෙස

අප දූටු ලෙස යේසුස්වහන්සේ බොහෝ විට පුද්ගලයන් සමඟ ඔවුන්ගේ පුද්ගලික අවශ්‍යතාව ගැන කථා කළ අතර ඔවුන්ව නිතර කුඩා කණ්ඩායම් තුල සම්මුඛ විය. මේ අතර ප්‍රධාන වුයේ උන්වහන්සේ ස්වර්ගයට නැගීමෙන් පසුව සේවය කරගෙන යෑමට සුදානම් කරන ලද ගෝලයින්ගේ කුඩා කණ්ඩායමය. යේසුස්වහන්සේ සභාව ගැන සඳහන් කරන ලද්දේ ගෝලයන් සමඟ වු මෙබදු කාලයකදීය. පසු කාලයේදී ක්‍රිස්තුස්වහන්සේගේ මෙම සභාව උන්වහන්සේගේ ඉගැන්වීමේ ධර්ම දානයේත් උපදේශ දීමේ සහ සේවයේ කටයුතු නොකඩවා කරගෙන යන ලදී. මෙම වගකීම් සහ ක්‍රියාවලියන් සභාවේ සුවිශේෂ කණ්ඩායමක විශේෂ වගකීම ලෙස නොසලකන ලදී. මෙම සේවාවන් සාමාන්‍ය ඇදහිලිවතුන් විසින් ඉටුකරන ලදී. ඔවුන් සභා ශරීරය තුල එකිනෙකා ගැන සැලකීමේ බෙදා ගැනීමේ සේවාවන් එකිනෙකා අතරද බාහිර නොඅදහන්නන් අතර ද ඉටු කළහ. අපි ක්‍රියා පොත හා යැවුම් පත්‍ර කියවන විට පැහැදිලි වන්නේ සභාව ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ ඉගැන්වීමේ සමාජය ගෝලකමට ගෙනඒමේ සේවය පමණක් නොව එය සුවය දානය කිරීමේ සමාජයක් ද විය.

වර්තමාන කාලය තුළ මානසික සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයින් රෝග නාසනය පිළිබඳ වන කණ්ඩායම් එකිනෙක සාමාජිකයාට උපකාර කරමින් අභියෝග කරමින් මඟපෙන්වමින් හා ධෛර්්‍යය ගෙනදෙමින් වෙනත් අන්දමකින් සිදූවිය නොහැකි තරම් වන අගනා සේවාවන් අද ප්‍රකාශ කරයි. සමහර විට මෙම කණ්ඩායම් විශේෂයෙන් පාලකයන් නොමැතිව කටයුතු කිරීමෙන් විවේචනය අපහසුතාවයට පත්කිරිමෙන් සහභාගි වන්නන් ගොඩ නැගීම නියුතු භාවයට හා වැඩදායි ක්‍රියාවන්ට ධෛර්්‍යය කිරිම නොකරන විට හානිදායක විය හැකිය. එසේ නමුත් සංවේදි නායකයෙකු විසින් මඟ පෙන්වාගෙන යන විට කණ්ඩායම් සෑදී ඉතා වැඩදායක රෝග නාශක අත්දැකීම් බවට සහභාගි වන සියලූ දෙනාට ප්‍රයෝජනවත් වනු ඇත.
          මෙබදු රෝග නාශක කණ්ඩායම් පුහුණු වු උපදේශකයකු යටතේ උපදෙස් ලබන්නන්ගේ කණ්ඩායමකට සීමා කළ යුතු නැත. පවුල්, අධ්‍යාපන කණ්ඩායම්, විශ්වාසවන්ත මිත්‍රයින්,  විශේෂිත වෘත්තිය කණ්ඩායම්, රැකියා කරන කණ්ඩායම් සහ තවත් කුඩා ජන කණ්ඩායම් බැරැරූම් (තිව්‍රර- ප්‍රශ්ණ අවස්ථාවලදී ජීවිතයේ දිනපතා ඇති වන අභියෝග වලදී එකිනෙකාට උපකාර කිරීම සඳහා කටයුතු කළ හැක.  මුළු සමාජය තුල කෙසේ වුවද සභාවට නිසැකවම රෝග නිවාරණ සමාජයක් ලෙස කටයුතු කිරීමේ මහත් හැකියාවක් ඇත. ප්‍රාදේශීය සභාවේ ඇදහිලිවතුන්ට කරදර වලට හා ව්‍යාකුලත්වයට පත් වු අයට ඔවුන් වර්ධනය කරා යාමට තීරණය කර සිටින අය ලෙසට මඟපෙන්වීම හා උපකාර කිරීමට පුළුවන.
වර්තමානයේ සමහර පොත්වල සභාව මෙලෙස හදුන්වා ඇත. එනම් ශුද්ධවන්තයින්ගේ සමාජය, ජීවමාන සහභාගිත්වයක්, ඩයිනමීය (කි්‍රයාශිලි සාක්‍ෂියක්- ගිනි අව්ලවන සහභාගිත්වයක්, ක්‍රිස්තුස්වහන්සේගේ ශරිරයණී කැපවුනාවු සමාජයක් ආදි වශයෙන්ය. මෙම සුභවාදී අදහසට පටහැනිව බොහෝ අයට වර්තමාන සභාව නැවැරදිව විස්තර කරන්නේ නම් අමුත්තන්ගේ එකතුවීමක්  සහ දේවස්ථානයේ ආසන පිරි ඇති නමුත් තනි වු හුදකලාවු මන්ෂ්‍යයින්ගෙන් පිරිසිටීමක් ලෙස විස්තර කළ හැකිය. සභා ශරිරයේ ඇදහිලිවන්තයින් හට සභා ශරීරයේ වර්ධනය ඇති කරන ක්‍රියාශීලි සහභාගිත්වයක් ලෙස ක්‍රියා කල හැකි වුවද බොහෝ අවස්ථාවලදී අවශ්‍යතා හෝ ප්‍රශ්ණ ඇති අය ලෙස නොසලකමින් තඳ ගතිවලින් යුත් පහත් තත්වයකට පත්වෙති. ඔවුන් පුරුද්දක් ලෙස දේව මෙහෙයන්ට සහභාගි වෙති. සභාවේ බොහෝ වැඩ බොහෝ බර උසුලන සභාපාලකවරයාට භාරදෙති. ඉහත සඳහන් කල කරුණු ලෙස සැලකීමේදී බොහෝ ජනයන්ට ප්‍රාදේශිය සභාව බොහෝ උපකාර වු තේරුමක් ඇත්තාවු එකක් නොවෙති. ක්‍රිස්තුස්වහන්සේ සභාව ස්ථාපිත කිරීමේ අරමුණ මෙය නොවේය.


සභාව අරම්භ කරන ලද්දේ මන්ද?
පිළිතුරු  
              යේසුස්වහන්සේ ස්වර්ගයට නැගීමට පෙර ගෝලයන්ට දූන් අවසන් අවවාදයෙන් මෙය පෙනී යයි. එනම් එබැවින් නුඹලා ගොස් නියලූ ජාතීන් ගෝලයන් කරපල්ලා. පියාණන්ගෙත් පුත්‍රයාණන්ගේත්, ශුද්ධාත්මයාණන්ගේත් නාමයට ඔවුන් බෞතිස්ම කරපල්ලා. මා විසින් නුඹලාට අණ කළ සියල්ලම පවත්වන්නට ඔවුන්ට උගන්වාපල්ලා, මමද ලෝකේ අන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමි.(මතෙව් 28ඃ19-20)   

No comments:

Post a Comment

About