Pages
Home
Christian Bible Studies
News
Your Prayer Request
Hymns
HIMIDINA Team
RHEMA
Wednesday, March 12, 2014
මෝටර් රථ පදවන්නන් උදෙසා යාච්ඤාවක්
දෙව් පියාණෙනි,
මා මෝටර් රථයක්, තී‍්‍රවිලරයක්, යතුරු පැදියක් හෝ පා පැදියක් පදවන්නෙකු ලෙස මාගේ වගකීම, මාගේ ආරක්ෂාව පිළිබඳව පමණක් නොව අන්‍යයන්ගේ ආරක්ෂාව ගැන ද සිහිතබා ගැනීමට මා හට උපකාර කළ මැනව.
රථ ධාවනයේදී රථ ඉතා සෙමින් ඉදිරියට ගමන් ගන්නා ප‍්‍රස්ථාවලදී එය ඉතා නොඉවසිලිවන්තව අධෛර්්‍යයට පත්කරන අවස්ථාවලදී ඉතා ඉවසිලිවන්තවීමට හා ආචාරශිලීවීමට මා හට උපකාර කළ මැනව.
මාගේ සහ අන්‍යයන්ගේ ජීවිත අවධානමකට ලක්කරමින් හදිසිකමින් ධාවනය කර මාගේ සහ අන්‍යයන්ගේ ජීවිත අවධානමට පත්කිරීමේ පරික්ෂාවෙන් මා මිදුව මැනව.
මා හට ආචාරශීලීභාවය දුන මැනව. මා ගැන මෙන්ම අනිකුත් රියදුරන් ගැනද සිතිමට උපකාර කළ මැනව.
මා නිතරම අවදියෙන් සහ පරික්ෂාවෙන් තැබුව මැනව. නැවතීම සහ විවේක ගැනීම කළ යුතු අවස්ථා තීරණය කිරිමට මා හට ශුද්ධාත්මයාණන්ගේ මඟ පෙන්වීම හා ප‍්‍රඥාව දුන මැනව.
මාර්ගයේදී ජංගම දුරකථන පාවිච්චිය, ආහාර ගැනීම හෝ වෙනත් රියැදුරෙකු හට වාහනයක් ධාවනයේදී නුසුදුසු කි‍්‍රයාවන්හි යෙදීමෙන් මාගේ සහ අන්‍යයන්ගේ ජීවිත අනතුරට පත් නොවන ලෙස හැසිරීමට මා හට ඔබගේ ශක්තිය හා බලය දුන මැනව.
දෙව් පියාණෙනි, මා ධාවනය කරමින් සිටින මාර්ගයේදී වෙනත් අයගේ ජීවිත ආරක්ෂාව සඳහා එක් අයෙකු වන මා හට කළ හැකි දේ කිරීමට මා හට දේව අනුග‍්‍රහය දුන මැනව.
මේ සියල්ල ඉල්ලා සිටින්නේ අපගේ ආරක්ෂාව සහ රැකවරණය වන ජේසුස් නම් මහත් එඬේරාණන්ගේ නාමයෙන්ය.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
About
No comments:
Post a Comment