උපන් දින යාච්ඤාවක්
උපන් දින යාච්ඤාවක්
දෙව් පියාණෙනි,
මාගේ ජීවිතයේ තවත් වසරක ආශිර්වාදයට මා ගෙන ආ නිසා ඔබට ස්තුති කරමි.
අද දවසේ මාගේ උපන් දිනයේදී මා සිහිපත් කළ සියල්ලන්ද , මා හට ශුභ පතන ලද, ශුභ පැතුම් එවන ලද, ත්‍යාගයන් පිරිනමන ලද සියල්ලන් ගැන ඔබට තුති පුදමි.
පසුගිය වසරේදී ඔබගේ කරුණාව කරණකොටගෙන මා හට කළ හැකිවු සියල්ල ගැන ඔබට තුති පුදමි.
පසුගිය වසරේ සියලූ අත්දැකීම් ගැන ඔබට තුති පුදමි. මා නිතර සතුටින් සිහිපත් කළ සාර්ථකභාවයන්, ජයග්රහණයන් ද මාගේ දුර්වලතාවයන් සිහිපත් කරන ලද, මා හට ඔබගේ අවශ්‍යතාවය වඩාත් අවබෝධකරන ලද දුර්වලතාවයන්ද, ජීවිතයේ ප්‍රීතියේ හිරුරැුස් දහරාද, මා ඔබ වෙතට ලංකරන ලද ශෝකී කාලයන් ගැනද ඔබට තුති පුදමි.
දෙව් පියාණෙනි,
මා නිශ්එල කල්පනාවෙන් සහ අනවශ්‍ය කාරණාවන්ට පටලැවී නැතිකර ගන්නා ලද කාලයන් ගැන මා හට කමා වුව මැනව. මා විසින් ප්‍රයෝජනය නොගත් ප්‍රස්ථාවන් ගැන, පසුගිය වසරේ මා හට යහපත්කම් කිරීමට ලැබු ප්රස්ථාවලින් ප්‍රයෝජන නොගැනීම ගැන ද මා හට කමා වුව මැනව. දෙව් පියාණෙනි, මා හට දුන් පසුගිය වසරේදී මා විසින් ඔබගේ කරුණාවේ උපරිම ප්‍රතිඑල ලබා නොගැනීම ගැන මා හට කමා වුව මැනව. මේ ලැබු වසරේදී ඔබගේ කරුණාව කරණකොටගෙන මහත් ආශිර්වාදයක් ලබා ගැනීමට මා හට ඔබ කරුණාව දුන මැනව.ස්වර්ගීය පියාණෙනි,ඔබවහන්සේ මහිමය ලබන්නේ මා මෙන්ම වෙනත් ඔබගේ දරුවන්ද, ඔබගේ කරුණාවෙන් මහත් එල දැරීමෙන්ය.
ජේසුස් ස්වාමිනී, ඔබ නොමැතිව මා හට කිසිදු එලයක් දැරිය නොහැකිය. ඔබගේ පියාණෝ ගොවියාය. ඔබවහන්සේ මිදිවැලය. මම මිදිවැලේ අත්තක් පමණක්ය. ඔබ තුල රැුදී මේ වසරේදී වඩාත් එල දැරීමට මා හට උපකාර කළ මැනව. එය ඔබවහන්සේටත්, ඔබගේ පියාණන්ටත් මහිමය ගෙන දෙන අතර මාගේ පි‍්‍රය වු සැමටද පී්රතී සන්තෝෂයක් කළ මැනව.දෙව් පියාණෙනී,
ජේසුස්වහන්සේගේ මහිමාන්විත නාමයෙන් ඉල්ලමි.
No comments:
Post a Comment