Wednesday, July 9, 2014

මෙතොදිස්ත සභාවේ 200 වැනි සංවත්සරය

තවත් ආගමක් හෙළා දැකීම තමන්ගේ ආගමට කරන නිග්‍රහයක්

අන්තවාදීන් තමන්ගේ ආගමටවත් සාධාරණයක් ඉටු කරන්නේ නැහැ

ගාල්ල කොටුව මෙතොදිස්ත දේවස්ථානය ප්‍රතිසංස්කරණය කැර නැවත භාර දීමේ උත්සවයේ දී ජනපති කියයි
ආගම නිසි ලෙස අදහන කෙනා සාධාරණ සහ යුක්තිගරුක විය යුතුයි
අන්‍යාගමිකයන් නුරුස්සන ජනතාවක් සිටින බව පෙන්වීමට උත්සාහයක්
ආගමික සංහිඳියාව මේ මඟින් ලොවටම පෙන්වන්න හැකි වෙනවා
තවත් කෙනකුගේ ආගමක් හෙළා දැකීම හෝ ඊට විරුද්ධව වැඩ කිරීම තමන්ගේ ආගමට කරන නිග්‍රහයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කෙළේ ප්‍රතිසංස්කරණය කෙරුණු ඵෙතිහාසික ගාල්ල කොටුව, මෙතොදිස්ත දේවස්ථානය නැවත භාර දීමේ අවස්ථාවට ඊයේ (4) එක් වෙමිනි.
දේවස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා සමරු ඵලකය නිරාවරණය කරමින් දේවස්ථානය යළි දේව ගෞරවයට කැප කෙළේය. ශ්‍රී ලංකා මෙතොදිස්ත සභාවේ 200 වැනි සංවත්සරය නිමිත්තෙන් ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම මත රුපියල් ලක්ෂ 40කට අධික මුදල් වැය කැර දේවස්ථානය ප්‍රතිසංස්කරණය කෙරුණේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙනි .
අනතුරුව දේවස්ථානයේ පැවැති විශේෂ දේව මෙහෙයට සහභාගී වූ ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණක් ද ප්‍රදානය කෙරිණි.

ජනාධිපතිතුමන් ප්‍රමුඛ ආණ්ඩුවට, ජනතාවට හා රටට සෙත් පැතීමේ විශේෂ ආශිර්වාද පින්කමක්ද දේවස්ථානය තුළ දී පැවැත්විණි.
එහිදී තව දුරටත් කතා කළ ජනාධිපතිවරයා මෙසේද පැවසීය. ආගම නිසි ලෙස අදහන කෙනා සාධාරණ සහ යුක්තිගරුක විය යුතුයි. අප අන්තවාදීන් නොවිය යුතුයි. අන්තවාදීන්ගෙන් තමන්ගේ ආගමටවත් සාධාරණයක් ඉටු වන්නේ නැහැ.

No comments:

Post a Comment

About