සෑම කිතුණුවෙකුට ශුද්ධාත්ම බෞතිස්මය ලැබිය හැකිය.
ශුද්ධයි........ ! ශුද්ධයි........ ! ශුද්ධයි........ !
යහපත් මනුෂ්‍යයා තමාගේ හිතෙහි වු යහපත් සම්පතෙන් යහපත් දේද, නපුරු මනුෂ්‍යා නපුරු සම්පතෙන් නපුරු දේද, පිටතට ගෙනෙන්නේය. මක්නිසාද මුඛය කතා කරන්නේ හිතේ පුර්ණකමින්ය.(ලූක් 6:45)
අපි කිතුණු ජිවිතයේ සහ චරිතමය ශුද්ධවත්භාවය ගැන උගන්වමු , දේශණා කරන්නෙමු. ශුද්ධාත්ම පූර්ණත්වය සහ කිතුණු ජිවිතයේ හා චරිතයේ ශුද්ධභාවය ඉතා වැඳගත් කරුණකි.
අප විසින් වැඩිදුර නොගොස් ප්‍රකාශ කරන්නේ කිතුණු ජිවිතයෙහි අන් කිසි දේකට වඩා පූර්ණ වශයෙන් කි්රස්තුස්වහන්සේ මෙන් වීම කිතුණුවෙකුගේ එකම ඉලක්කය විය යුතු බවය. බොහෝ ජනයා මෙ ලිපියේ කතෘ හට ප්‍රකාශ කර ඇත්තේ අවසානයේදි යාන්තමින් ස්වර්ගයට යා හැකි වුවොත් එය ප්‍රමාණවත් බවය. එය 1කොරින්ති 11-15 දක්වා විස්තර කොට ඇත. අපගේ පිළිතුර වුයේ අවසානයේ යාන්තමින් හෝ ස්වර්ගයට යාමේ ඉලක්කයක් ඇතිව සිටීම ලජ්ජා විය යුතු කරුණක් බවය. සදාකාල ජිවනය ලැබිමටත් වඩා වැදගත් වන්නාවු කරුණක් ඇත. එනම් අප විසින් අපට පේ්රමකොට අප උදෙසා තමන්වහන්සේම පූජාවක් ලෙස දුන්නාවු තැනැන්වහන්සේට මුළු ගෞරවය පුද කිරිමය. අපි උන්වහන්සේට සම්පුර්ණයෙන් ගෞරව කරන්නේ කෙසේද? පිළිතුර වන්නේ අපි උන්වහන්සේ ජීවත්වු ලෙස ජීවත්වීමෙනි. උන්වහන්සේ හැසුරුනු ලෙස හැසිරිමෙන් උන්වහන්සේගේ ස්වභාවයට මාරුවීමෙන්ය.
අප අදහන්නේ පියවු දෙවියන්වහන්සේ අප කි‍්‍රස්තුස්වහන්සේගේ ස්වරූපයට මාරුවන පිණිස සියල්ල දානය කර ඇති බවය. එම අවබෝධයෙන් මෙම ලිපිය ඔබ වෙත යොමු කරමි. අප විසින් ධර්මිෂ්ඨකම සහ සැබෑ ශුද්ධභාවය කුමක්ද යන්න විමසා බලමු.
බොහෝ ජනයා සිතනුයේ ශුද්ධභාවය යනු ඒ පිළිබඳ යම් නීති මාලාවක් ඉටුකිරිම යනුවෙන්ය. එය සම්පූර්ණයෙන්ම සත්‍ය නොවේ. කෙනෙකු හැසිරිම පිළිබඳ සියළු නීති රිති ඉටුකිරිමට පුළුවන. නමුත් ඔහුගේ හෘදය පාපයෙන් පිරි තිබිමට පුළුවන. ඉල්ලා සිටින නීති රීති ප්‍රමිතීන්ගේ මිනුම් දණ්ඩ නිවැරදි සහ යහපත් වුවත් ඔහුගේ හෘදය පාපයෙන් පිරී තිබිමට පුළුවන. මනුෂ්‍යයෙකු සොරකම් නොකරන්නේ නීතියට අසුවීමට භියෙන් හා පොදු සමාජීය ලෙස සොරකම වරදක් නිසා විය හැකිය. එහෙත් ඔහු ඔහුගේ සිත තුළ සොරකම් කිරිමේ අභිප්‍රාය ඇති විට ඔහු සොරෙකි. ඔහු වෛශ්‍යාකම පිළිබඳවද එසේ විය හැකිය. එනම් වෛශ්‍යාකම් කිරිමේ සිත ඇති නමුත් නීතියට හා පොදු සමාජයට භිය නිසා එසේ නොකර සිටීමට පුළුවන. එහෙත් සිත තුළ වෛශ්‍යාකම් කිරිමේ ආශාව ඇති විට ඔහු දෙවියන්වහන්සේ ඉදිරියේ වෛශ්‍යාකම් කරන්නේය.
කාමමිත්‍යාචාරය නොකරවයි කී බව නුඹලා අසා තිබේ. නමුත් මම නුඹලාට කියමි. ස්ති්රයෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නමුත් එවේලේම ඈ සමඟ සිතින් කාමමිත්‍යාචාරය කළේය. (මතෙව් 5:27-28)
ශුද්ධකම මුළුමනින්ම සිතට අයත් කාරණයකි. එය කිසිසේත් යහපත් හැසිරිමෙන් හා යහපත් කි‍්‍රයාවලින් පමණක් ඇති නොවේ. යහපත් කි‍්‍රයා සහ යහපත් හැසිරිම ශුද්ධවු හෘදයක නොවැලැක්විය හැකි ප්රතිඵලයකි. යහපත් කි‍්‍රයා සහ යහපත් හැසිරිම තමන් ශුද්ධ නිසා ඇතිවන ඒවා නොවේය. මක්නිසාද ශුද්ධවු හෘද ඇති කරන්නේ දෙවියන්වහන්සේ පමණක් බැවින්ය. දෙවියන්වහන්සේට පමණක් අප වෙනස් කළ හැකිය. උන්වහන්සේට පමණක් අප තුල පිරිසිදු සිතක් ඇති කළ හැකිය. ධර්මිෂ්ඨකම ඇදහිල්ලෙන්ය. එය කිසිදු වර්ගයක කි‍්‍රයාවලින් නොවේය. රෝම 10:1-4 මෙසේ දක්වා ඇත .
සහෝදරයෙනි, ඔවුන් උදෙසා මාගේ සිතේ ආශාවන් දෙවියන්වහන්සේට කරන කන්නලව්වත් නම් ඔවුන් (ඊශ්‍රයෙල්වරුන්* ගැළවෙන පිණිසය. මක්නිසාද ඔවුන්ට දෙවියන්වහන්සේ උදෙසා ජ්වලිතකමක් ඇති බවට ඔවුන් ගැන මම සාක්ෂි දෙමි. නමුත් එය දැනගැම්ම ඇතුව නොවේ. මක්නාසාද ඔව්හු දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොදැන තමුන්ගේ ධර්මිෂ්ඨකම ස්ථිරකරන්නට සොයමින් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට යටත් නුණේය. මක්නිසාද අදහන සියළු දෙනාටම ධර්මිෂ්ඨකම පිණිස කි්රස්තුස්වහන්සේ ව්‍යවස්ථාවේ සමාප්තිය වන සේක.
බොහෝ කිතුණු ජනයා ප්රවේශමින් තමන්ගේ මිනුම් ප්‍රමිතිය වන යම් මිම්මක් පවත්වාගෙන යන අතර ඔවුන් තවදුරටත් උඩඟුකමින් හා තම අධර්මිෂ්ඨකමින් පිරී දෙවියන්වහන්සේට ප්‍රසන්න නොවු අය විය හැකිය. ඔවුන් උඩඟකමින් පිරී සිටිනවා පමණක් නොව, ඔවුන් තමන්ගේ මිනුම් දණ්ඩට හා නීති රිතිවලට තමන්ගේ රටාවට අයත් නොවන අය කෙරෙහි සම්පුර්ණයෙන්ම දයාවන්ත නොවු අය විය හැකිය. අප අවබෝධකරගත යුතු කරුණක් වන්නේ පාපය නම් දෙවියන්වහන්සේ ඉදිරියේ වැරදි බවට අප දන්නා දේ සිතාමතා කිරීමය. වෙනත් අය ඔබට කළ නොහැකි යහපත් දේ කරනු ඇත . ඔවුන් එසේ කරමින් ශුද්ධකමේ මාවතේ ගමන් කරනු ඇත. ඒවා විවිධ දේවල් පිළිබඳ මනුෂ්‍යයින් ලබා ඇති ආලෝකයට අනුවය.
එක්තරා ප්‍රසිද්ධ ඇමෙරිකානු දේශකයෙක් විදේශ රටක කිතුණු නිවසකට ගියේය. නිවස අයිති ගෘහණිය සෑම ආහාර ගන්නා අවස්ථාවකම වයින් වීදුරුවක් මේසය මත තැබුවාය. මෙම ගෘහණිය එම දේශකයාගෙන් මෙසේ විමසීය. දේශකතුමනි, ඔබගේ දේශය වන ඇමෙරිකාවේ කෝපි පානය කිරීම අනුමතද? ඇයගේ අදහසට අනුව කිතුණුවන් විසින් කෝපි පානය කිරීම සම්පුර්ණයෙන්ම වැරදිය. නමුත් කෑම මේසයේදී වයින් වීදුරුවක් බිමෙහි කිසි වරදක් නැත . ඇයද ඔබ හා මා මෙන්ම කිතුණුවෙකු බිමත්ව සිටීම දැකීමෙන් භීතියටත් මවිතයටත් පිළිකුලටත් පත්විය හැකිය. නමුත් ඇය දුටුවේ වයින් වීදුරුවක් පානය කිරීම කිසි වරදක් නැති බවය. ඇයට වරදට පත්වීමේ හැඟීමක් නොමැතිව වයින් වීදුරුවක් පානය කළ හැකිය. නමුත් අපට එසේ කළ නොහැකිය. මන්ද අප දන්නා ලෙස පළමු වයින් වීදුරුව තවත් වීදුරු ගණනක හා බීමත්වීමේ ආරම්භය බැවින්ය. මා මෙම ආදර්ශය දැක්වුයේ අප හට අනික් මනුෂ්‍යයාගේ හෘදයේ ඇති දෙය විනිශ්චය කිරීමට නොහැකි බව දැක්වීමටය. එමෙන්ම අනික් තැනැත්තා අප හට කළ නොහැකි යහපත් දේ කිරීමට පුළුවන.
කෙනෙකු ප්‍රකාශ කළ හැක්කේ කොතන නමුත් හමුවන කුමන පාපය වුවත් පාපය බවය. ඔවුනට පාපය වන්නේ ඔවුන් වරද නමින් හඳුන්වන දේවල්ය. එමෙන්ම අනික් මනුෂ්‍යයාට ද එසේම කිව හැකිය. ඔහුටද ඔබ කරන ඔහු වරදයැයි සිතන දේ එලෙස පාපය බව ප්‍රකාශ කිරීමට අයිතිය ඇත. අප තර්කානුකුලව සිතන්නේ නම් ශුද්ධකම හා පාපිෂ්ඨකම මනුෂ්‍ය හෘදයේ තත්වයන් බව දැක්විය හැකි නම් අප කරන දේවල් අපගේ සිතේ තත්වය දක්වයි. යම් මනුෂ්‍යයෙකුගේ සිත දේව පේ‍්‍රමයෙන් පිරී තිබේ නම් ඔහුට සිතා මතා සිය කැමැත්තෙන්ම පාප කි‍්‍රයාවල යෙදිය හැකිද? සැබවින්ම නොහැකිය. ඔහු ස්වාමින්වහන්සේට පේ‍්‍රම කරන්නේ නම් ස්වභාවයෙන්ම උන්වහන්සේ ප්‍රසන්න වන, සතුටු වන දේ කිරීමට ඔහුට අවශ්‍ය වනු ඇත. ස්වාමින්වහන්සේට පේ‍්‍රම කරන අයෙකුගේ හැසිරීම ගැන අප කරදර විය යුතු නැත. අනෙක් පාර්ශවයෙන් අප සිතන ලෙස අනිකුත් අය කරන දේවල් වැරදි ලෙස සලකමින් ඔවුනට පහරදීම නුසුදුසුය. එසේ කිරීමෙන් අප කරන්නේ එම වැරදිවල බාහිර පිටත දේට පහර ගැසීමය. ඔබ එම පාපී රෝගයේ සැබෑ මුලය -රෝග කාරකය සොයාගෙන නැත . මනුෂ්‍යයාගේ සිත නිවැරදි කරන්න. එවිට ඔහුගේ හැසිරීම වෙනස්වීම ආරම්භවී කාරණා නිවැරදි වෙයි.
දෙවියන්වහන්සේ ශුද්ධාත්මයාණන් දානය කරන ලද්දේ මනුෂ්‍යයා තමන් චරිත වර්ධනයේ දැක්වු දියුණුව සඳහා ත්‍යාගයක් ලෙස නොවේය. දෙවියන්වහන්සේ ශුද්ධාත්මයානණ් දානය කරන ලද්දේ ශුද්ධාත්මයාණන් විසින් මනුෂ්‍යයාට තමන්ටම කරගත නොහැකි දේ ඔහු තුළ කරන පිණිසය. කිතුණුවෙකු ශුද්ධාත්මයාණන් ලබාගැනීමට සුදුසු වන පිණිස විවිධ දේ කළ යුතුයැයි පැවසීම තර්කානුකුල නොවේ. අප විසින් දෙවියන්වහන්සේගෙන් ඕනෑම දෙයක් ලබාගැනීමට ඇති සුදුසුකම නම් අප හට පවරන ලද කි‍්‍රස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමය. එම කි‍්‍රස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම කි්රස්තුස්වහන්සේ කෙරෙහි අදහාගන්නාගේ ගිණුමට දමනු ලබයි. මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නෙය. ගැළවීම පිණිස මුඛයෙන් කියා දෙන්නේය. (රෝම 10:10)
කිසිදු මනුෂයෙකු තමන්ගේම සුදුසුකමින් තම ධර්මිෂ්ඨකමින් කිසිවිට ශුද්ධාත්ම දීමනාව ලැබීමට සුදුසු නොවේ. ඔහු ඇදහිල්ලෙන් කි‍්‍රස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම පැළඳගෙන පැමිණිය යුතුය. ශුද්ධාත්ම පුර්ණත්වය ලබාගැනීම සඳහා එය ඉල්ලන්නා වඩාත් ධර්මිෂ්ඨ විය යුතු යයි කියන්නාවු අය එම ආශිර්වාදය ලැබීමට ආශාවන්නාවු අයව අධෛර්්‍යය කරති. ඔවුන් විසින් සෙනඟ ලැබීමට උනන්දු කරන දෙයම අධෙර්්යයට පත් කරති. ඔවුන් මනුෂ්‍යයින්ව කි‍්‍රස්තුස්වහන්සේගේ ස්වරූපයට මාරුකිරීමට ඔවුන්ගේ උත්සාහයෙන් කි‍්‍රයා කරති. නමුත් එය සිදුකරන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේය. ශුද්ධාත්මයාණන් අප තුලට පැමිණෙන්නේ අපගේ කිතුණු චරිතය වර්ධනය කරගැනීමේ බොහෝ දුර ගමන් කර ඇති නිසා නොවේය. ශුද්ධාත්මයාණෝ පැමිණෙන්නේ කි‍්‍රස්තුස්වහන්සේගේ චරිත ගුණ අප තුල ඇති කිරීමටය.
කිතුණුවෙකු හට ශුද්ධාත්ම පුර්ණත්වය ලැබීම සඳහා එම අය වඩාත් ශුද්ධවන්ත විය යුතු බව හෝ ජයග්‍රාහී විය යුතු බව අප විසින් පැවසීමෙන් එම අය ශුද්ධකම ලැබීමේ මුලය උල්පත හා ජයග්‍රාහී ජීවිතය ලැබීමේ මුලයෙන් හා උල්පතින් අප ඔහුව බැහැර කරයි.
දෙවියන්වහන්සේ ඉදිරියේ අප සිටින්නාවු තරාතිරම නැතහොත් පදවිය සම්පුර්ණයෙන්ම කි්රස්තුස්වහන්සේ අප උදෙසා කල්වාරි කුරුසියේදී ඉටුකරන ලද කාර්්‍යය කෙරෙහි ඇදහීමෙන් වේ. කි්රස්තුස්වහන්සේ තුළ පමණක් අප හට දෙවියන්වහන්සේගේ සිංහාසනය ඉදිරියෙහි පදවියක් තරාතිරමක් පෙනී සිටීමේ හැකියාවක් ඇත . (රෝම 5:1)
එබැවින් අප ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ කරනු ලැබ අපගේ ස්වාමිවු යේසුස් කි්රස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේ හා සමඟ සමාදානය ඇතුව සිටිමු. (ගලාති 3:10)
මක්නිසාද යම් පමණ දෙනෙක් ව්‍යවස්ථාවේ කි‍්‍රයාවල පිහිටන්නෝද, එපමණ දෙනා ශාපයකට යටත්ව සිටිති. මක්නිසාද ව්‍යවස්ථා පොතේ ලියා තිබෙන සියලූ දේවල් කරන පිණිස එහි නොපවතින සියල්ලෝ ශාපලද්දෝ යයි ලියා තිබේ. ඉතින් ව්‍යවස්ථාව කරණකොටගෙන කිසිවෙක් දෙවියන්වහන්සේ ඉදිරිපිට ධර්මිෂ්ඨ කරනු නොලබන බව පැහැදිළිය. මක්නිසාද ධර්මිෂ්ඨයා ඇදහිල්ල කරණකොටගෙන ජීවත්වන්නේය. එය ඇදහිල්ලෙන් වන්නාවු කි‍්‍රස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමය. එම ධර්මිෂ්ඨකම මා හට දෙවිපියාණන් ඉදිරියේ තරාතිරමක්, පදවියක් පිළිගැනීමක් ඇති කර ඇත්තේය. එබැවින් අප හට ජේසුස්වහන්සේව පියාණන්වහන්සේ ඉදිරියේ ඇති තරාතිරම, පදවිය හා පිළිගැනීම ලෙස පුර්ණ පිළිගැනීමක් ඇත . එය කොමපණ සම්පුර්ණද? එය පරම හා සම්පුර්ණ වු එකකි. සියළු අධිපතිකමේද බලයේද හිස වන උන්වහන්සේ තුළ නුඹලා පූර්ණව සිටින්නහුය. (කොලොස්සි 2:10)
කිතුණුවෙකු හට දෙවියන්වහන්සේ ඉදිරියේ පරම සම්පුර්ණ තරාතිරමක් පදවියක් (දේව දරුකම) තිබෙන බව කිසිවිට අමතක නොකල යුතුය. මන්ද අප කි්රස්තුස්වහන්සේ තුළ සම්පූර්ණය. පේ්රමවවන්තයාණන් තුළ අප පිළිගත් පුත්‍රයන් වන පිණිස තවද ස්වකිය ප්‍රසාදය හා අරමුණ අනුව ජේසුස් කි්රස්තුස්වහන්සේ කරණකොටගෙන, අප උන්වහන්සේගේ පිළිගත් පුත්‍රයන් වන පිණිස දෙවියන්වහන්සේ පෙර නියම කළ සේක. (එපිස 1:5-ශුද්ධ බයිබලය- නව අනුවාදය -දෙවන සංස්කරණය)
එසේ දෙවියන්වහන්සේ අප පිළිගෙන නොමැති නම් අපහට පුත්‍රකමේ උරුමය හා ආශිර්වාද නොලැබේ. අප පාපයේ නැති වු දේව රාජ්‍යයෙන් පිටත අය වනු ඇත. අප මිදිම ලැබු හෝ නොලැබු අය විය යුතුය. දෙවියන්වහන්සේගේ පවුලේ පුර්ණ දරු පදවිය උරුමය ඇති හෝ නැති විය යුතුය.
බොහෝ කිතුණු ජනයා පදවිය තරාතිරම හා තත්වය, ස්වභාවය, අන්දම විලාශය පිළිබඳ වෙනස අවබෝධ කරගෙන නොමැත . ඒ නිසා මහත් ව්‍යාකූලත්වයට පත්ව ඇත . ජේසුස්වහන්සේ ඔබ නැවත උත්පාදනය ලැබිය යුතුය යන ප්රකාශනය කරන ලදි. එය දක්වන ලද්දේ කි්රස්තුස්වහන්සේ සහ මිදිම ලැබු අය අතර සම්බන්ධතාවය දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධතාවය මෙන් විය යුතු බවය. දරුවෙකු පවුලකට උත්පාදනය වු මොහොතේම එම දරුවාට පවුල තුළ ඇති හිමිකම, දරුකම , තරාතිරම සාථාපිත වන අතර එය වෙනස් නොවේ. ඔහු පූර්ණ වශයෙන්ම පවුලේ සාමාජිකයෙකි. පවුල තුළ ඔහුගේ පදවිය, තරාතිරම පූර්ණය. ඔහුට දෙමාපියන් පිළිබඳ පුර්ණ අයිතිය ඇත . ඔහුට දරුකම උපත කරණකොටගෙන උරුමය ලැබි ඇත . එම උරුමය රඳා පවතින්නේ ඔහුගේ වයස හෝ වර්ධනය මත නොවේය’ දරුවාගේ ස්වභාවය, අන්දම, විලාශය පිළිබඳ වර්ධනය සම්පුර්ණයෙන්ම ඔහුගේ පදවිය, තරාතිරමින් වෙනස්ය. ඔහුගේ ස්වභාවය, අන්දම, විලාශය දිනෙන් දින වෙනස් වේ. එය පූර්ණ පුරුෂ හෝ ස්ති්රභාවය මත වර්ධනය වේ. මෙම ස්වභාවය යනාදිය වෙනස්වීම මත ඔහුගේ පදවිය තරාතිරම දරුකම, දරුකමේ උරුමය කිසිදු ආකාරයකින් වෙනස් නොවේ.
දෙවියන්වහන්සේගේ පවුල සම්බන්ධවද කාරණය එසේමය. අපගේ පදවිය, තරාතිරම, දරුකම සම්පුර්ණය. මන්ද අප පිහිටා සිටින්නේ කි‍්‍රස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම මතය. නමුත් අපගේ විලාශය, අන්දම, චරිත ගූණය කි‍්‍රස්තුස්වහන්සේගේ පූර්ණ පුරුෂකම කරා දිනෙන් දින වෙනස් වෙමින් වර්ධනය වේ. අපි ඉදිරියට යමින් කි‍්‍රස්තුස්වහන්සේගේ ස්වරූපයට වර්ධනය වීම හෝ පසුගාමීව උන්වහන්සේගේ ස්වරූපයෙන් අඩුවීම විය හැකිය. කණගාටුවට කරුණක් වන්නේ බොහෝ දෙවියන්වහන්සේගේ දරුවන් අතර කිසිදු කි‍්‍රස්තුස්වහන්සේගේ ස්වරූපයට වර්ධනය වෙමින් ඉදිරියට නොයන අය සිටිති. ඔවුන් අවබෝධ කරගත යුතු දෙය නම් තමන් තුළ ඇති පාපී ස්වභාවික පාපී බැම්මට විරුද්ධව පොර බදමින් තමන් වඩාත් යහපත් හා ශුද්ධවීම සඳහා පොරබැදිමෙන් ඔවුනට කිසිත් කළ නොහැකි බව අවබෝධකරගෙන ඔවුන් තමන්ව පූර්ණ වශයෙන්ම තමන්ගේ නොහැකිකම පිළිගෙන ස්වාමින්වහන්සේට භාර විය යුතුය.
අතීත, වර්තමාන මහත් කිතුණුවන්ගේ විශ්ව සාක්ෂිය වන්නේ ආශිර්වාදයේ පුර්ණත්වය හා ආත්මික වර්ධනය පැමිණෙන්නේ දෙවියන්වහන්සේට සම්පුර්ණයෙන් කැපවීමෙන් භාරවීමෙන්, තමන්ව පුර්ණ වශයෙන් දේව හස්තයට බාරකොට, උන්වහන්සේට බාරකළ දේ ලැබිමට, තමන්ව කි‍්‍රස්තුස්වහන්සේගේ ස්වරූපයට මාරුකිරිමට උන්වහන්සේට ඉඩදීම මතය. අපි ධර්මිෂ්ඨකම උදෙසා උන්වහන්සේ කෙරෙහි රැුඳිමට ඉගෙන ගත යුතුය. අපි ස්වභාවික මනුෂ්‍යය හැකිකමින් එම ධර්මිෂ්ඨකම උපදවා ගැනිමට නිෂ්පාදනය කරගැනිම වෙනුවට කළ යුත්තේ එලෙස ස්වාමින්වහන්සේ කෙරෙහි රැුඳී උන්වහන්සේට එය ඉටුකිරිමට ඉඩ හැරිමය. අපගේ සියළු කි්රයාවන් මාංශයේ කි්රයාවන්ය. (ගලාති 5:19-21)
ආදර්ශයන් දැන්වීමක්
අපි මෙම කරුණ ගැන සිතමු. යම් සහෝදරියක් තම දේවස්ථානය අලංකාරව තබාගැනිම සඳහා ඉතා විශ්වාසවන්තව සියළු කාරණා සැම ඉරු දිනකම ඉටු කරයි. අලංකාර මල්වලින් දේවස්ථානය අනගිව සරසයි. ඇය මහත් කැපවීමෙන් මෙම සේවය ඉටුකරයි. මේ සඳහා සැලකිය යුතු මුදලක්ද වැය කරයි. පිටතට පෙනෙන ලෙස මෙම සහෝදරිය දෙවියන්වහන්සේ උදෙසා මහත් දෙයක් කරන අයෙකු ලෙස පෙනෙයි. නමුත් වෙනත් අයෙක් ඇය සැරසු යම් මල් බඳුනක් වෙනත් ආකාරයකට සකස් කළහොත් එය ඇයට කල අගෞරවයක් ලෙස සලකා මහත් කැළඹිමට පත්වෙයි. මම සතියෙන් සතිය මෙම කාර්්‍ය කරනවා, මාගේ කාලය, මුදල් මම මේ සඳහා වැය කරනවා. නමුත් මම මේ කරන සේවය ගැන ඔවුන් සැහිමට පත් නොවී වෙනත් ආකාරයට සකස් කරනවා. ඔවුන් මම එය කරන ආකාරය ගැන සතුටුවී නැහැ. ඔවුන් මම කරන ආකාරය ගැන සතුටුවී නැතිනම් ඔවුන්ටම එය කරගන්න පුළුවන් මම එය සලකන්නේ එලෙසයි. දැන් මට මෙය ඇති වෙලා. තවදුරටත් මට මෙය කරන්න අවශ්‍යය නැහැ. මම වෙහෙසවෙලා පරිත්‍යාග කරලා කරන ලද සේවයට මෙය තමා මට ලැබෙන ස්තුතිය. යනාදි වශයෙන්ය.
එම සහෝදරිය එම සේවය ඉටුකළේ කි්රස්තුස්වන්සේ කෙරෙහි පේ‍්‍රමයෙන්ද? නැතහොත් ඇය ඉටු කළේ මනුෂ්‍යය ප්‍රශංසාව ලබා ගැනිමටද? එම ප්රශ්නයේ විසඳුම හා තීන්දුව කියවන පාඨක ඔබ වෙතට යොමු කිරිමට අපි කැමැත්තෙමු.
ඇය කරන ලද්දේ යහපත් හා අගනා දෙයකි. නමුත් ඇය එය ඉටු කළ අරමුණ සම්පුර්ණයෙන්ම වැරදිය. ඇගේ හෘදය සම්පුර්ණයෙන්ම මානයෙන්, උඩඟුකමින් සහ ද්වේශයෙන්, ව්‍යාජයෙන් පිරී පවතිමින් ඇය ස්වාමින්වහන්සේ උදෙසා යැයි කියන ලද සේවයක් ඉටු කළාය.
පාඨකය ශුද්ධකම මනුෂ්‍යය හෘදයේ පවතින ස්වභාවයට අයත් කරුණකි. එය පිටතට පෙනෙන අකාරයෙන් දක්වන්නාවු දෙයක් නොවේය. පිටතට පැමිණිය යුත්තේ ඇතුලත ශුද්ධභාවයය. අපි සම්පුර්ණයෙන්ම දෙවියන්වහන්සේ අනුව භාරවීමට තීරණය කරමු. අප තුළ ශුද්ධවු සිතක් ඇතිකිරිමට උන්වහන්සේට ඉඩ දෙමු. එය උන්වහන්සේ තමන් ශුද්ධාත්මයාණන් කරණකොටගෙන ඉටු කරන සේක.
ජේ. ඊ. ස්ටයිලස්තුමාගේ The Gift of the Holy Spirit (ශුද්ධාත්ම ත්‍යාගය)නැමැති ග්‍රන්ථය ඇසුරින් සකසන ලදී.
පරිවර්තනය : දේවසේවක බැසිල් සී. ප්‍රනාන්දු
No comments:
Post a Comment