Monday, August 11, 2014
ලකුණු ගහන්න අවස්ථාව ලැබෙන්න කියලා දෙවියන්ට යාඥා කළා – ඇන්ජලෝමැතිව්ස්
පකිස්තානයට එරෙහිව ඊයේ (ඉරිදා) අවසන් වූ තරඟයේ අවසන් පන්දු වාර 15ල බාධාවකින් තොරව ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස තමන් දෙවියන්ට යාඥා කරමින් සිටි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
ර්‍ණයාඥා කරමින් සිටියේ මුළු වෙලාවෙම අපිට ගහන්න ලබෙයි කියලාල අවසන් පන්දුවාර 15 ” පකිස්තානය කඩුළු හතකින් පරාජය කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේය.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භයේ සිට ම වර්ෂාව ඇද වැටීමේ ලකුණු දක්නට ලැබුණු අතර පන්දු යවන්නන්ට මෙන්ම ශ්‍රී ලංකා පිතිකරුවන්ට වර්ෂාව සමග ද සටනක නිරත වීමට සිදු විය.
කෙසේ නමුත් වර්ෂාව ඇදහැලීමට විනාඩියකට පමණ පෙර තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.
"ඕවර 5ක් තියෙද්දී විනිසුරුවන් කිව්වා මේක තමයි අන්තිම ඕවරේ කියලා. මෙතනින් එහාට අපිට ගහන්න බැහැ කියලාල ඉතින් මම යාඥා කළා කොහොම හරි මේ ලකුණු ගහන්න අවස්ථාව ලැබෙන්න කියලා”
"අපිට වාසනාව තිබුනා. මම ජයග්‍රාහී ලකුණ ගත්තත් එක්කම වහින්න පටන් ගත්තා. අපි ඒකට දෙවියන්ට ස්තුති වෙන්න ඕනේ” ඇන්ජලෝ මැතිව්ස් තවදුරටත් පැවසීය.
මෙම ජයග්‍රහණය මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට කළ සේවයට ලබා දුන් තිළිණයක් බව පැවසූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා එම ජයග්‍රහණයට මූලිකත්වය දුන් රංගන හේරත් ගැන ද සදහනක් කිරීමට අමතක නොකළේය.
"පසුගිය තරඟ තුනට පමණක් ඔහු පන්දු වාර 250 කට වඩා යවල තියෙනවාල ඔහුගේ දණහිස් දෙකත් එක්ක ඔහු විශාල කැපවීමක් කර තිබෙනවා. ඒ සේවය විශිෂ්ටයි.” ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කළේය.
2014/8/11 ReadSrilanka Link
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment