කාන්තාවන් පිළිබඳ දේව අරමුණ

කාන්තාවන් පිළිබඳ දේව අරමුණ

කාන්තා මහිමය

          දෙවියන්වහන්සේට අද දවසේ තමන්ගේ ජීවිත මගින් විශ්වාසවන්තව තමන් කාන්තාව සඳහා ආරම්භයේදී අරමුණු කරන ලද මහිමය ප‍්‍රකාශ කරන කාන්තාවන් සොයන සේක.

ස්ති‍්‍රය පුරුෂයාගේ සහකාරිය ලෙස මහිමය


               දෙවියන්වහන්සේ ඒව නමැති ස්ති‍්‍රය මවන විට, උන්වහන්සේ ඇය තම පුරුෂයාට සුදුසු සහකාරියක් ලෙස ලබාදෙන ලදී. (උත්පත්ති 2:18)
                 මෙම සේවයේ මහිමය අපි දකින්නේ ජේසුස්වහන්සේ අප හට ශුද්ධාත්මයාණන් එවීම ගැන කථා කරන විට ප‍්‍රකාශ කරන ලද්දේ උපකාරකරුවෙකු සහකරුවෙකු ලෙසයි. (යොහාන් 14:16) ශුද්ධාත්මයාණෝ ඇයට නොපෙනී, නිශ්චලව, සහ බලවත් ලෙස ඇදහිලිවන්තයාට උපකාර කරන ලෙස ස්තී‍්‍රන් ද පුරුෂයාට උපකාර කළ යුතුය. ශුද්ධාත්මයාණෝ පිටුපසින් සිට උපකාර කරන ලෙස ස්ති‍්‍රන්ද පුරුෂයාට උපකාර කල යුතුය.
                ජේසුස්වහන්සේගේ ජීවිතය ස්ති‍්‍රයට ආදර්ශයකි. දේව වචනය ප‍්‍රකාශ කරන්නේ පියාණන්වහන්සේ ජේසුස්වහන්සේගේ හිස (පාලකයා) ලෙස පුරුෂයා ස්ති‍්‍රයගේ හිස හෙවත් පාලකයා බවය. (1 කොරින්ති 11:3) ජේසුස්වහන්සේ නිතරම පියාණන්වහන්සේට යටත්ව කි‍්‍රයා කළ සේක. දේව භක්තික සහෝදරියක් තම පුරුෂයා සම්බන්ධව එසේ ක‍්‍රියා කළ යුතුය. ඒදන් උයනේ ඒවගේ දුර්වලකම් වුයේ ඇය තීරණයක් ගැනීමට පෙර පුරුෂයාගෙන් නොවිමසීමයි. එලෙස සාතන් ඇය රැුවටුවාය. (1තිමෝති 2:14)
         ඒව අසමත්වු ස්ථානයේ දෙවියන්වහන්සේ කිතුණු භාර්්‍යාවන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ පුරුෂයන්ට යටත්වීමෙන් මහිමය ප‍්‍රකාශ කරන ලෙසය. එය ජේසුස්වහන්සේ පියාණන්වහන්සේට යටත්වන ලෙසද සභාව කි‍්‍රස්තුස්වහන්සේට යටත්වන ලෙසද විය යුතුය. (එපීස 5:24) 
       ලූසිපර්ගේ කැරලි ගැසිම මගින් විශ්වයට පාපය ඇත. කි‍්‍රස්තුස්වහන්සේගේ යටත්වීම මගින් මිදීම පැමිණියේය. දෙවි ස්වාමින්වහන්සේගේ බළධාරිත්වයට යටහත් ආත්මයෙන් අවනතවීම විශ්වයේ මහත්ම බලය වේ. එය කි‍්‍රස්තුස්වහන්සේගේ ආත්මය වේ. එම ආත්මය කුරුසියේදී සියලූම කැරලි ගැසීමේ ආත්ම පරාජය කරන ලද’. භාර්්‍යාවක් තම පුරුෂයාට යටත්වන විට ඇය සැබවින්ම යටත් වන්නේ දෙවියන්වහන්සේගේ බළධාරිත්වයේ වචනයටය. එම වචනය ඇයට යටත්වීමට අණ කොට ඇත. එවිට ඇය විශ්වයේ මහත්ම බලය විසින් පොළඹවනු ලබා  ඇති හැරීම නොලැබු නොඇදහිලිවන්ත පුරුෂයින් පවා එම බලය කරණකොටගෙන දිනාගත හැකිය. (1පේතෘස් 3:1-2) ඇය මෙම යටහත් ආත්මයෙන් යුතුව ඇයගේ මෙලොව ජීවිතය ගත කරන්නේ නම් ඇය ජයග‍්‍රාහි අයෙකු වන්නීය. පැමිණෙන්නාවු සදාකාල යුගයේදී ජේසුස්වහන්සේ සමඟ රජකිරීමට ඇය සුදුසුකම් ලබන්නීය. (එළිදරව් 3:21)
         නැවතත් සාතන් ස්ත‍්‍රිය රවටන්නේ මෙහිදී සාතන් දේව දුතයින් නොමඟ යැවු ලෙස ස්තී‍්‍රන්ද කැරලි ගැසීමේ ආත්මය මඟින් වැරදි මඟට යොමු කරයි. කැරලිකාර භාර්්‍යාවක් ඇයගේ නිවස කාන්තාර භුමියක් බවට පත් කරයි. (හිතෝපදේශ 21:19)
     
අනෙක් පසින් ගුණවන්ත ස්ති‍්‍රයක් යටහත් භාර්්‍යාවක් ඇගේ පුරුෂයාට රජෙකුගේ ඔටුන්නක් වේ. එමඟින් ඇගේ නිවස අලංකාර මාළිගයක් කරයි. (හිතෝපදේශ 12:4)

          ඔබගේ නිවස කාන්තාරයක් හෝ මාළිගයක් කරගත හැකිය. එනම් ආත්මික ලෙස කථා කිරීමේදී එසේ කරගත හැකිය. ඒ සියල්ල රැුදී පවත්නේ ඔබ කෙබදු භාර්්‍යාවක්ද යන්න මතය. දෙවියන්වහන්සේ උසස් ලෙස සලකන්නේ මෘදු ගුණවන්ත නිශ්චල ආත්මයක් වීම පුදුමයක් නොවේය. (1පේතෘස් 3:4)
        හිතෝපදේශ 31:10-31 දක්වා ගුණවන්ත ස්ති‍්‍රයකගේ චරිත ස්වභාවය දක්වා ඇත. ඇයගේ හෘදය, ඇයගේ දෑත්, ඇගේ මුඛය, අනඟි දේවල් ලෙස විස්තර කොට ඇත. ඇයගේ බාහිර අලංකාරය ගැන සඳහන් කොට නොමැත. රූපශී‍්‍රය රැුවටිලි සහිතය, ශෝභනකම නිශ්එල යැයි එහි සඳහන් කොට ඇත. (හිතෝපදේශ 31:30)
         සියලූම ස්තී‍්‍රන් හා තරුණියන්ද විශේෂයෙන් විවාහ වීම ගැන සලකන තරුණයින්ද මෙම කරුණ අවබෝධ කරගන්නේ නම් අනර්ඝය. 
දේව වචනයේ විස්තර කරන ගුණවන්ත ස්ති‍්‍රය හට දේව භිය ඇති හෘදයක් ඇත. මෙය ඇයගේ මුළු ජීවිතය සඳහා පදනම වේ. ඇය ඇගේ දෑතින් ඇදුම් මසයි. ආහාර පිසියි. ගෙවතු වගා කරයි. දිළිදුන්ට උපකාර කරයි. (හිතෝපදේශ 31: 13-22)
         ඇය ඇගේ මුඛය සෑමවිටම කරුණාවන්තකමින් හා ප‍්‍රඥාවෙන් පාවිච්චි කරයි. (හිතෝපදේශ 31:26)
             ඇය දේව භක්තිකය. මහන්සිවී වැඩ කරන්නීය. කරුණාවන්තය. ඇය බාහිර අලංකාරයෙන් යුක්ත නොවුවද ඇයගේ මෙම ගුණාංග සැබෑ වු දේව භක්තික අලංකාරය වේ. ඇගේ පිරිසිදු හෘදය මඟින් දේව මහිමය ප‍්‍රකාශ වේ. ඇගේ වෙහෙසින් වැඩ කරන්නාවුු දෑත මෙන්ම මෘදු දිව දේව මහිමය ගෙන එයි. (ලෝකයට අයත් ස්තී‍්‍රන් සැසඳීමේදී පිරිසිදු හදක් නොමැත. සමහර විට සියුමැලි දෑත් ඇති අතර, රළු දිවක් ඇත.* දෙවි ස්වාමින්වහන්සේ අද ස්තී‍්‍රන්ගෙන් මෙම අංශ මඟින් දේව මහිමය ප‍්‍රකාශ කිරීම බලා සිටියි. 
      ගුණවත් භාර්්‍යාවක් ලෙස මෙම ස්ති‍්‍රය පුරුෂයාට සැබෑ උපකාරකරුවෙකි. ඇගේ ජීවිතය මුළුල්ලෙහි ඇය ඔහුට යහපත කරයි. ඉඳ හිට නොව සැමදා යහපත කරයි. (හිතෝපදේශ 31:12)
         වෙනත් වචනවලින් පවසන්නේ නම් ඇය ඔහු වෙත වු පළමු පේ‍්‍රමය නැතිකරගෙන නොමැත. එමෙන්ම ඇය තමාගේ පුරුෂයාගේ වෘත්තියට හා කැඳවීමට සරිලන ලෙස ඇගේ ජීවිතය සකස් කොටගෙන ඇත. පුරුෂයා උපයන දෙයින් අඩුව සැපයීමට ඇයද යම් ආදායමක් උපයයි. ඇය මුදල් වියදම් කිරීමේදී එය ප‍්‍රවේශමෙන් කරයි. එලෙස ඔවුන්ගේ මුදල් නාස්ති නොවේ. ඇය තමාගේ පුරුෂයා නිවසේ වගකීම්වලින් නිදහස් කරමින් ඔහුට දේශයේ සහ ස්වාමින්වහන්සේගේ වැඩ කිරීමට පහසුකම් සලසයි. (හිතෝපදේශ 31:23-27)
           ඇගේ පුරුෂයා ඇයව වර්ණනා කිරීම පුදුමයක් නොවේ. ඔහු ප‍්‍රකාශ කරන්නේ ලෝකයේ සිටින සියලූම ස්තී‍්‍රන් අතරින් කාන්තා අග‍්‍රාමාත්‍යවරියන් කාන්තා දේශිකාවන්) ඒ සියල්ලන් අතරින් ඉතාම අනර්ඝ ඇය බවයි. (හිතෝපදේශ 31:29)
        එබදු ස්ති‍්‍රයක් සැබවින්ම ප‍්‍රසිද්ධියේ ප‍්‍රසංශා කිරීමට සුදුසුයි. (හිතෝපදේශ 31:31)
          මන්දයත් ඇය ස්ති‍්‍රයක් ලෙස තමන්ගේ කැඳවීමේ මහිමය අවබෝධ කරගෙන ඇත. නව ගිවිසුමෙහි අපගේ නිවෙස්වලදී ශුද්ධවන්තයින්ට උපස්ථානය කිරීම අවධාරණය කොට ඇත. සතුටු සිතින් ඔබගේ නිවසේ අවශ්‍යය වුවෙකුට ආහාර වේලක්, නවාතැන් ගැනීමක් සඳහා පහසුකම් සලසන්නීය. ආහාර වේලක් සඳහා මිතුරු මිතුරියන් හා කි‍්‍රස්තුස්වහන්සේව හදුන්වා දීමට ආරාධනා කිරීමේ පුරුද්ද ඇති කරගන්න. (1පේතෘස් 4:9, රෝම 12:23)

         ආගන්තුක සත්කාර සැලසීම නිවසක භාර්්‍යාවකගේ පළමු වගකීමකි. ඇයට ඇයම අනාගතවක්තෘවරියකු නොවී අනාගතවක්තෘවරියකගේ ත්‍යාගය ලබාගත හැකිය. අනාගතවක්තෘවරයෙකු තම නිවසට පිළිගැනීමෙන්ම ඇයට එය කළ හැකිය. (මතෙව් 10:41)
        එමෙන්ම ජේසුස්වහන්සේගේ ගෝලයින් අතරින් ඉතාම කුඩා වුවෙකුට පවා ආගන්තුක සත්කාර දැක්වීමෙන් ඇයට එම ත්‍යාගය හිමිකර ගත හැකිය. අපගේ නිවසකට අපෝස්තුළුවරයෙකු පිළිගැනීම ජේසුස්වහන්සේව පිළිගැනීමට සමානයි. (මතෙව් 10:40)
       ඒ ආකාරයෙන්ම ජේසුස්වහන්සේගේ නාමයෙන් දරුවෙකු පිළිගැනීම ජේසුස්වහන්සේව පිළිගැනීමට සමාන වේ. (මතෙව් 18:5) 
            සහෝදරියන් හට උපස්ථාන කිරීමේ සේවය තුළ කොපමණ අනඟි ප‍්‍රස්ථාවක් විවෘතව තිබේද? පාවුල් හා පේතෘස් තුමා ආගන්තුක සත්කාරය පිළිබඳ ලියා යවන ලඳ පළමු කිතුණුවෝ බොහෝ විට දිළිදු අය වුහ. ඔවුන්ගෙන් ඉල්ලා සිටින ලද්දේ අවශ්‍යතා ඇති ශුද්ධවන්තයින් හට සරල ආහාර වේලක් සහ නිදාගැනීමට පැදුරක් හෝ වෙනත් යහනක් දීමය. ඇදහිලිවන්තයෝ මනුෂ්‍යය ගෞරවය සොයන විට ඔවුන්ගේ සිතිවිල්ල වන්නේ ආගන්තුක සත්කාරය සඳහා හොඳ ආහාර සහ පහසු නවාතැන් සපයාදීමය. (1තිමෝති 5:10)
        1 තිමෝති 5:10 දක්වන්නේ දිළිදු වැන්දඹුවන් පවා දක්වන්නේ පළමු ශතවර්ෂයේදි ශුද්ධවන්තයින්ට ආගන්තුක සත්කාරය දැක්වු බවය. 
         කැඳවීම ලෙස තම නිවසේ කටයුතු ඉටුකරන්නාවු ස්ති‍්‍රය හට දේව මහිමය සඳහා එය ඉටුකල හැකිය. 

මවක් ලෙස ඇයගේ කැදවීම

                 ආදම් තම භාර්්‍යාව ඒව නමින් හැදින්වීය. මක්නිසාද ඇය මවකි. දෙවියන්වහන්සේගේ සම්මුඛයේ පවිත‍්‍ර ආලෝකය මගින් ඒදන් උයනේදී ඔහු තම භාර්්‍යාවගේ සේවය පැහැදිළිව දුටුවාය. ඒව එය දැන සිටියාය. පාපය සහ මනුෂ්‍ය ව්‍යවහාරයන් (සාතන්ගේ බලපෑමෙන්) දැන් කෙසේ වුවද කාන්තාවගේ අවබෝධය ආවරණය කර ඇත. එමඟින් ඇය තව දුරටත් මවක් ලෙස ඇයගේ මහිමය නොදකී. දැන් දරුවන් සාතන්ගේ නාමයෙන් හදුන්වනු ලබන්නේ දේව දීමනාවකට වඩා අහඹු බලාපොරොත්තු නොවු සිදුවීමක් හෙවත් දුෂ්කරතාවයකට පත්වීමක් ලෙසය. දෙවියන්වහන්සේ දරුවන් හදුන්වන් ලද්දේ "ත්‍යාගයන්" ලෙසය. (ගීතාවලිය 127:3) 
               එමෙන්ම දරුවන් දෙවියන්වහන්සේ දුන් ආශිර්වාදයක් වෙනුවට අනදරයක්, කරදරයක් ලෙස සලකති. (ගීතාවලිය 127:5 128:4)
මෙය කිතුණුවන් නමින් හªන්වන සමහරෙක් දෙවියන්වහන්සේගෙන් ඈත්ව සාතන්ගේ සිතිවිලිවලට කොපමණ දුරට ඉවත්ව ගොස් ඇත්දැයි දක්වන්නාවු තවත් උදාහරණයකි.
                   
තිමෝතිතුමාගේ මවවු එවුනිකී කෙසේවුවද වෙනස් අයෙකු විය. ඇය පැහැදිලිව තමන් කැඳවීම දුටුවාය. ඇගේ පුරුෂයා පුර්ණ ඇදහිල්ලේ නොවු බව පෙනේ. (කි‍්‍රයා 16:1) එය ඇගේ ඇදහිල්ල දුර්වල නොකල සේක. ඇය අවංක ඇදහිල්ලේ ස්ති‍්‍රයක් වුවාය. (2තිමෝති 1:5)
ඇය දේව වචනය දැන සිටියාය. ඇය දේව වචනය තිමෝතිතුමාට උගැන්වුවාය. (2තිමෝති 3:14-15) එයටද වඩා ඇය තමන්ගේ අවංක ඇදහිල්ල ඔහුට ඉගැන්වුවාය. තිමෝතිතුමාගේ නිවාසය ඇයගේ මවගේ ආදර්ශය ලෙස නොඇදහිල්ලේ විසදුමින් පිරී තිබු ලෝකයක ඇදහිල්ලේ පිරිසිදු වාතාශ‍්‍රය තිබු ස්ථානයක් විය. ඔහු තමාගේ මව නිතර යාච්ඤාවේ යෙදී සිටිනු දුටුවේය. නිතර දෙවියන්වහන්සේට ප‍්‍රංශසා කලාය. ඇය දුෂ්කර ප‍්‍රස්ථාවන්හීදී කෙඳිරීම චෝදනා කිරීම වෙනුවට දෙවියන්වහන්සේව විශ්වාස කලාය. මේවා අවංක 

              ඇදහිල්ලේ සමහර චරිත ගුණයන්ය. එබැවින් තිමෝතිතුමා දේව සේවයේ අපෝස්තුළුවරයෙක් ලෙස වර්ධනය වීම ගැන පුදුම විය යුතු නැත. තිමෝතිතුමා පාවුල්තුමාගේ සමිප සහකාර සේවකයෙක් විය. ඔහුගේ මවගේ වෙහෙසීමේ අවසන් ප‍්‍රතිඑලය වුයේ එම ආශිර්වාදයය. 
එය 21 වන ශතවර්ෂයේ සියලූ මව්වරුන්ට අභියෝගයකි. තිමෝතිතුමාගේ මව වන එවුනිකි වසර 20ක් පළමු පෙළේ මවක් ලෙස තම නිවසේදී ස්වාමින්වහන්සේට මහත් සේවයක් කලාය. එය ඉතා උතුම් දේව සේවාවක් විය. මෑත කාලයේදී අප විසින් සුසානා වෙස්ලි ගැන අසා ඇත්තෙමු. ඇයට දරුවන් 15 දෙනෙකු සිටියාය. ඔවුන් දිළිªකමට මුහුණ දුන් අතර සමහර දරුවන් ළදරුවියේදීම මරණයට පත් විය. ඇය අනෙක් දරුවන් දේව භයින් ඇති දැඩි කලාය. එකිනෙක දරුවාට පුද්ගලිකව ඉගැන්වුවාය. එම දරුවන් අතරින් එක් අයෙකු වුයේ ජොන් වෙස්ලිතුමාය. එතුමා දෙවියන්වහන්සේගේ හස්තයේ බලවත් උපකරණයක් වුයේය මිලියන ගණනක් ජනයා පසුගිය වර්ෂ 200 තුල එතුමාගේ සේවය තුලින් හා පොතපත තුලින් ආශිර්වාද ලැබීය. සුසානා වෙස්ලි හට ඇගේ පුත‍්‍රයා ඉටු කල සේවයෙන් කුඩා කොටසක්වත් ඉටුකල නොහැකි විය. ඇය තමාගේ නිවෙස නොසලකා මුදල් ඉපයීමට රැුකියාවකට ගියේ නම් ඇයට මෙම කොටස ඉටු කල නොහැකි වනු ඇත. 
                         පාවුල්තුමා සලකන්නේ මාතෘභාවය සභාවේ සේවයක් ලෙසය. මෙය දෙවියන්වහන්සේ ස්තී‍්‍රන්ගෙන් බලාපොරොත්තුවන්නාවු දෙවනි සේවය, එනම් දරුවන්ට දේව භක්තික මවක් වීමය. තිමෝතිතුමා තමාගේ ළමාවියේදී තම නිවසේ මෙම මහිමය දුටුවේය. දැන් ඔහු එපීසයේදී අන්්‍යයන්ට උගන්වයි. 
                        පුරුෂයින් බොහෝ විට රැකියාවන්හි ස්තී‍්‍රන්ට වඩා හොඳින් එම රැුකියාවන් කරති. එසේ වුවද ස්ති‍්‍රයගේ අද්විතීය ශ්‍රේෂ්ඨත්වය වන්නේ මාතෘත්වයය. දෙවියන්වහන්සේ ස්ත‍්‍රියක මවක් වීමට මවනු ලැබුවාය. දරුවන් නොසලකා වැඩිපුර මුදල් සෙවීමට රැුකියාවන්ට යන්නාවු, (සැපවත් ජීවිතයක් සඳහා) එබදු අයට ජීවිතයේ පසුකාලවලදී කණගාටුදායක අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවනු ඇත. ඔවුන්ගේ දරුවන් එක් අන්දමකින් නොහොත් වෙනත් අන්දමකින් දුක්විඳිමට පුළුවන. එසේ වන්නේ ජීවිතයේ මුල් අවධීයේදී නොසලකා හැරීම නිසාය. එවිට ඔවුනට කල හැක්කේ අන් කිසිවක් නොව දුක්වීම පමණය. මෙය තරුණ මව්වරුන් හට අවවාදයකි. මවක් තමාගේ පවුලේ ආර්ථික පැවැත්ම සඳහා රැුකියාවකට යන්නේ නම් දෙවියන්වහන්සේ එම පවුලට විශේෂ කරුණාවක් ලබා දෙනු ඇත. නමුත් රැකියාවකට යාමේ අරමුණ සැපවත් ඉහළ තත්වයක ජීවිතයක් ගත කිරීම අරමුණ වන්නේ නම් ඇයට බලාපොරොත්තු විය හැක්කේ එමගින් අයහපත් එල නෙලාගැනීමක් පමණය. මක්නිසාද දෙවියන්වහන්සේට සරදම් කිරීමට කිසිවෙකුට නොහැකිය. (ගලාති 6:7-8)
                  කි‍්‍රස්තුස්වහන්සේ උදෙසා සාක්ෂි දරන්නියෙකු ලෙස 


ස්ති‍්‍රයකගේ මහිමය

               අප දුටු ලෙස ස්ත‍්‍රියකගේ කි‍්‍රස්තුස්වහන්සේ උදෙසා පළමු සාක්ෂි දැරීම වන්නේ ඇගේ පුරුෂයාට සහකාරියක් වීම හා දරුවන්ට මවක් වීමෙනි. එමෙන්ම දෙවියන්වහන්සේ ඇයගේ මුඛයෙන් සාක්ෂි දැරීමටද ඇයව කැඳවා ඇත. ස්තී‍්‍රන් හට බොහෝ මාර්ගවලින් ස්වාමින්වහන්සේගේ සාක්ෂිකාරියන් විය හැකිය. මග්දලාහි මරියා ජේසුස්වහන්සේගේ උත්ථානයේදි පළමු සාක්ෂිකාරිය වුවාය. ඇය එවන්ජලිස්තවරියක් නොවුවත් ඇය දුටු දේ හා ඇගේ අත්දැකීම් පිලිබඳව විශ්වාසවන්තව සාක්ෂි දැරුවාය. සෑම ස්ති‍්‍රයක්ම ශුද්ධාත්මයෙන් හා ගින්නෙන් බෟතිස්මය ලැබිය යුතුය. (පෙන්තකොස්ත දිනයේදි මරියා සහ අනෙකුත් ස්තී‍්‍රන් මෙන්) එවිට ඔවුන්ට කි‍්‍රස්තුස්වහන්සේගේ සාක්ෂිකාරියන් විය හැකිය. ඉන්දියානු සංස්කෘතියේ සීමාකිරීම් මගින් බොහෝ ස්තී‍්‍රන් හට පුරුෂයෙකුගේ මුඛයෙන් සුභාරංචිය ඇසීම සීමා කොට ඇත. ශුද්ධාත්මයෙන් පිරුණාවු ස්තී‍්‍රන් හට ඔවුන්වෙත ලඟා විය හැකිය. කි‍්‍රස්තුස්වහන්සේ තුළ සෑම දේව භක්තික සහෝදරියක්ම ඇයට හමුවන්නනාවු ඥාතීන්, මිත‍්‍රයින්, අසල්වාසීන්, කාන්තා සේවිකාවන් යන සැමට ශුභාරංචිය ප‍්‍රකාශ කිරීමේ වගකීම දැරිය යුතුය. නව ගිවිසුම ප‍්‍රකාශ කරන්නේ ස්ති‍්‍රයෙකු හට සභාවේදී 

                 යාච්ඤා කිරීමට හා අනාගත වාක්‍ය කීමට හැකි බවය. ඇය හිසේ වැස්මක් ඇතිව සිටිය යුතු බව ප‍්‍රකාශ කරයි. (1 කොරින්ති 11:5)
                සභාවේ ගොඩ නැඟීම සඳහා සියළුම සහෝදරියන් හට කළ හැකි පළමු සේවාවක් වන්නේ යාච්ඤා කිරීමය. දෙවි ස්වාමින්වහන්සේ සැබවින්ම අද දවසේදී තමන් වහන්සේගේ අරමුණු ඉටුවීම සඳහා රහසිගත යාඤාවේ යෙදෙන්නාවු ස්තී‍්‍රන් ගැන ප‍්‍රසන්න වන සේක. ස්ත‍්‍රීන් හට අනාගත වාක්‍ය ප‍්‍රකාශ කිරීමටද හැකිය. (ක‍්‍රියා 2:17-18)
                 
පැහැදිළිව දක්වන්නේ ශුද්ධාත්මයාණන් වගුරවනු ලැබු විට පුරුෂයින් සහ ස්තී‍්‍රන් අනාගත වාක්‍ය ප‍්‍රකාශ කරන ලද බවය. මෙය නව ගිවිසුම යටතේ ස්තී‍්‍රන්ට ඇති කරුණාවේ කොටසකි. ඇයට යටත්කමේ ආත්මයෙන් යුතුව රැුස්වීමකදී දේව වචනය බෙදා ගත හැකිය. (1තිමෝති 2:12)
                 වැඩිමහල් කාන්තාවන් විසින් තරුණ සහෝදරියන් හට නිවසේ හැසිරීමට අදාළ ප‍්‍රායෝගික උපදෙස් අනුශාසනාවන් දිය හැකිය. (තීතස් 2:4-5)
"උපකාර දෙවියන්වහන්සේ සභාවට දී ඇති දීමනාවන්ය. (1 කොරි 12:28) සභාවේ සියළු සහෝදරියෝ මෙම දීමනාවට ලැඳි වෙමින් සභාවේ විවිධ ප‍්‍රායෝගික සේවාවන්හි උපකාර කල යුතුය. පළමු සභාවේ එබª බොහෝ දේව භක්තික සහෝදරියන් සිටියහ. (පීබී යන සහෝදරිය බොොහ් දෙනෙකුගේ උපකාරියක් වුවාය. (රෝම 16:1-2)
දෙවියන්වහන්සේගේ අපේක්ෂාව වන්නේ අද සභාවේ එබදු බොහෝ දෙනෙකු ඇතුව සිටිමය.  

මව්වරුන්ගේ ඇස් විවරවී තමන්ගේ කැඳවීමේ මහිමය දැකීමට හැකි වේවා!
   
සටහන : මෙම බයිබල් පාඩම ධර්මාචාර්්‍ය සැක්පුනන්ගේ බයිබල් පාඩම් ඉගෙන්වීම් ඇසුරින් සිංහලයට පරිවර්තනය කරන ලදී

පරිවර්තනය : සභාපාලක බැසිල් සී ප‍්‍රනාන්දු
පරිගණක පිටු සැකසීම : අරුණි ප‍්‍රනාන්දු 

No comments:

Post a Comment

About