Thursday, June 5, 2014

ශි‍්‍ර ලංකාවේ පෙන්තකොස්ත ව්‍යාපාරය

ශි‍්‍ර ලංකාවේ පෙන්තකොස්ත ව්‍යාපාරය


පළමු යුගය - 1907- 1923


ලෝකයේ පෙන්තකොස්ත ව්‍යාපාරයේ ආරම්භක වකවානුවේම ශි‍්‍ර ලංකාවට ශුද්ධාත්ම ජිවනය හා ආලෝකය උදාවීම විශේෂිතය. 1907 දී ශි‍්‍ර ලංකාවට පැමිණි පෙන්තකොස්ත කිතුණුවෙකුවු ඇල්ප‍්‍රඞ් ගුඩරිච් ගාර්ගේ දේව සේවයෙන් ඩි. ඊ. ඩයස් වනිගසේකර පෙන්තකොස්ත පණිවිඩය ඇසු අතර ඔහු 1910 දී ඉන්දියාවේියිසබාද්හිදී ශුද්ධාත්ම බෞතිස්මය ලබා ඇත. වනිගසේකරගේ දේව සේවය තුල ගෘහ රැස්වීම්, රෝගිීන්ගේ සුවය සදහා යාච්ඤා කිරිම් හා අන්‍ය භාෂා සහිත ශුද්ධාත්මය අත්දුටු බවට ඔහු වාර්තා කර ඇත. බැප්ටිසම් සංගමයේ ජේ. ජේ. බි. ද. සිල්වා ද මෙම යුගයේදි ඉන්දියාවට ගොස් ශුද්ධාත්ම බෞතිස්මය සෙවු බව වාර්තා වෙයි.

සාදු සුන්දර් සිං

SadhuSundarSingh.jpg
1918 දී සාදු සුන්දර් සිං ශ‍්‍රි ලංකාවට පැමිණියේය. සාදුතුමාගේ දේශන හා රෝගින්ගේ සුවය සඳහා කල යාච්ඤා හා රෝග සුවයන් 1923 දිී ලංකා පෙන්තකොස්ත සභාවේ ආරම්භක නායකයන්වු අල්විස් හා රාම් පෝල් යන අය කෙරෙහි මහත් බල පැවැතිීමක් ඇති කලේය.
පෙන්තකොස්ත  ආලෝකය  පැතුරු  ඇනා ලෙවිනි නිළිය

ශි‍්‍ර ලංකාවේ පෙන්තකොස්ත ව්‍යාපාරය ගැන සඳහන් කරණ විට 1909 දි ඩෙන්මාර්ක් කොමිෂන්හිදි පෙන්තකොස්ත ඇදහිල්ල වැළද 1909 මැයි 13 දින ශුද්ධාත්ම බෞතිස්මය ලද ඇනා ලෙවිනිගේ නමද විශේෂිත වෙයි. ඇය ඩෙන්මාර්ක් සුප‍්‍රසිද්ධ නිළියක්ව සිටි අයෙකි. ඇය 1908 දි පෙන්තකොස්ත අත්දැකිීම ලබන විට ඇගේ වයස අවුරුදු 34 වෙයි. ඇය 1922 දී කොළඹට පැමිණ ශි‍්‍ර ලංකාවේ පෙන්තකොස්ත ව්‍යාපාරයට මහත් සේවයක් ඉටු කල දෙවියන්වහන්සේගේ දාසියක් ලෙස දැක්විය හැකිය. 1940 දිී ඇගේ මරණය දක්වා ඇය ශි‍්‍ර ලංකාවේ වාසය කල අතර, ශි‍්‍ර ලංකාවේ පෙන්තකොස්ත ව්‍යාපරයේ සැබෑ ආරම්භිකාව ඇය බව මහාචාර්්‍ය පිී. වී. සෝමරත්න මහතා පවසයි.

ලංකා පෙන්තකොස්ත සභාව

1923 ලංකා පෙන්තකොස්ත සභාව ආරම්භ විය. ලංකා පෙන්තකොස්ත සභාව ශුභාරංචිය ශි‍්‍ර ලංකා සංදර්භය තුල ප‍්‍රචාරය කරණ ලද අතර ශි‍්‍ර ලංකාවේ සභා නායකත්වය විසින් විදේශයන්හි පවා සභා ව්‍යාප්ත කරණ ලද සභාවකි. රෝගින් උදෙසා යාච්ඤා කිරිමෙන් රෝග සුවය ලබාගැනිම අන්‍ය භාෂා සහිත ශුද්ධාත්ම බෞතිස්මය කි‍්‍රස්තුස්වහන්සේගේ දෙවැනි පැමිණිී්ම සඳහා සභාව සුදානම් කිරිම ඔවුන්ගේ මුලික දර්ශණය විය. ශි‍්‍ර ලංකා දේශිය සංස්කෘතියට ලංවු සුදු ඇදුම් ඇඳීිමද අවිවාහක සේවය ධෛර්්‍ය කිරිමද ලංකා පෙන්තකොස්ත සභාවේ කැපී පෙනුන ලක්ෂණ වේ. සී. පී. එම්. නමින් කිතුණු සභාවන් අතර හදුන්වන මෙම සභාව ශි‍්‍ර ලංකාවේ මෙන්ම විදේශ රටවලද ව්‍යාප්තව ඇත.




අපෝස්තලික දේව සභාව

Prance b.jpg මෙම සභාව 1961 දී ලංකා පෙන්තකොස්ත සභාවෙන් වෙන්වු කුඩා කණ්ඩායමක් සෑම් වික‍්‍රමරත්න හා ඡෙනට් වික‍්‍රමරත්න යන සහෝදර, සහෝදරියන් දෙදෙනාගේ නායකත්වයෙන් වර්ධනය විය. ලංකා පෙන්තකොස්ත සභාව සභාපාලකවරයෙකුව සිටි බෙන්ඡුමින් සෙල්වරත්නම් තුමා 1960 දී ප‍්‍රංශයේදිී අපෝස්තලික සභාවට සම්බන්ධවු අතර, ඔහු විසින් ශි‍්‍ර ලංකාවේ කිතුණු සභා නායකයින් දෙදෙනෙකුව සිටි නල්ලයියා සහ ඩුවයිට් රාඡුා යන තිදෙනාට ද ඔවුන්ගේ විමසිීම අනුව අපෝස්තලික සභාව ගැන හැඳින්වීමක් දෙන ලදී. සභාපාලක බෙන්ඡුමින්ගේම මිත‍්‍රයන්ව සිටි ඡෙනට් වික‍්‍රමරත්න හා සෑම් වික‍්‍රමරත්නටද අපෝස්තලික සභාව 1965 දී හදුන්වා දුන් සභාපාලක බෙන්ඡුමින් ඉන්දියානු අපෝස්තලික සභාවේ සභා අධිකාරි ලෙස ශි‍්‍ර ලංකාවේ අපෝස්තලික සභාව ආරම්භයට හා නායකයින් සම්බන්ධ කිරිමට මහත් සේවයක් ඉටු කලේය. එතුමා 2004 පෙබරවාරි මස 1 දින ප‍්‍රංශයේදි ස්වර්ගස්ත විය.
1974 ලෝක අපෝස්තලික සභාවට සම්බන්ධවු සෑම් වික‍්‍රමරත්න හා ඡෙනට් වික‍්‍රමරත්න සහෝදරිය යටතේ අපෝස්තලික දේව සභාව ශි‍්‍ර ලංකාවේ විවිධ පළාත් වෙත ව්‍යාප්තව ඇත. ගරු ඔල්වියා ඡෙනට් වික‍්‍රමරත්න සහෝදරිය 1984 නොවැම්බර් 6 ස්වර්ගස්ත විය. ගරු සෑම් වික‍්‍රමරත්න දේවගැති තුමා ශි‍්‍ර ලංකා අපෝස්තලික දේව සභාවේ පළමු වැනි අපෝස්තුළුවරයා විය. එතුමා ශි‍්‍ර ලංකාවේ අපෝස්තලික දේව සභාවේ වර්ධනයට මහත් සේවයක් ඉටු කරණ ලද අතර, 2006 මාර්තු මස 14 වැනිදා (මහසිකුරාදා* දිනදී ස්වර්ගස්ත විය.
තොරතුරු ලබාගන්නා ලද්දේ

පෙන්තකොස්ත හා ශුද්ධාත්මදානිය ව්‍යාපාරය පිළිබඳ අන්තර්ඡාතික ශබ්ද කෝෂය - ස්ටැන්ලි එම් බර්ගෙස් (International Dictionary of Pentecostal & Charismatic movemnents –Stanley M. Burgess)




ශි‍්‍ර ලංකා පෙන්තකොස්ත සභාවේ ආරම්භය - මහාචාර්ය ඡුිී. වී. පිී. සෝමරත්න
(Origins of the Pentecostal Mission in Sri Lanka G.V.P Somaratne)



No comments:

Post a Comment

About