අවසාන කාලය පිළිබඳ හැදැරිමේදි
ඔබ අවධානයට ලක් යුතු මුලික කරුණු
අවසානය පිළිබඳ ඉගැන්වීම ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය
එනම්
1 පුද්ගල අවසානය
2 පොදු අවසානය
පොදු අවසානය පිළිබඳ ඉගැන්වීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවන පැමිණිමට අදාල කරුණු හා අලූත් අහස, අලූත් පොළව මැවීම දක්වා කරුණුද ආවරණය වේ.
පුද්ගලයෙකුගේ අවසානය පිළිබඳ ඉගැන්වීමට අදාල වන්නේ පුද්ගලයෙකුගේ මරණයේ සිට ඔහු නැවත නැගිටිමේ ශරීර පැළඳ ගන්නා තුරු කාරණය.
ඡෝන් වැල්වුඩ් නැමති කිතුණු ආචාර්යවරයා මෙසේ ප්‍රකාශ කරයි. එනම්, බයිබලීය අවසාන කාලය පිළිබඳ ඉගැන්වීම විධිමත් දේව ධර්මයේ මුදුන් මල්කඩ ලෙස හැදින්විය හැකිය. එය කිතුණු ඡිවිතය හා බලාපොරොත්තුවේ උච්ච අවස්ථාව පමණක් නොව එය දේව ධර්ම අධ්‍යාපනයේ අධ්‍යාපන අන්තය හා පරිසමාප්තිය ද පමණක් නොව එය දේව ධර්ම අධ්‍යාපන දක්ෂතාවයේ උතුම් ප්රදර්ශණයද වේ. මෙහිදී ක්‍රිස්තුස්වහන්සේගේ පුද්ගලභාවය පිළිබඳ ඉගැන්වීමට අමතරව වෙනත් කිසිම අන්තයකටත් වඩා බයිබලයේ අර්ථය පිටතට ගෙන ඒම, සංකලනය, අර්ථකථනය සහ දේව ධර්ම විදි ප්රකාශණයද සිදුවේ, නිවැරදි විනිශ්චය සඳහා වචනාර්ථයෙන් උගන්වා ඇති දෙය ආත්මික අර්ථයෙන් හා උපහැරණ ලෙස ඉගැන්වු දේ හා සන්සන්ධනය කල යුතුය. පුරාණ ගිවිසුමේ හා නව ගිවිසුමේ දෙවියන්වහන්සේ විසින් දී ඇති මුළු එළිදරව්ව අතර අනුරූපත්වය, අවිරෝධිභාවය ඒ සඳහා පවත්වා ගැනිම අවශ්‍යය. ප්රතිවිරෝධතාවයක් නොමැතිව අනාගත වාක්‍යය සම්බන්ධ ඉතා සියුම් විස්තර පවා සැලකිය යුතුය. සහතික ලෙස හා පැහැදිලි ලෙස එළිදරව් කර තිඛෙන කරුණුු අතර හා තවදුරටත් පැහැදිලි නැති කරුණු අතර ප්‍රවේසම් ලෙස වෙනස නිරික්ෂණය කළ යුතුය. ප්‍රධාන කාරණා, ප්‍රධාන නොවන කාරණාවලින් වෙන්කර හදුනා ගත යුතුය. කරුණු පරික්ෂාකිරීමේදී සම්පුර්ණ වු හා සම්පුර්ණ නොවු අනාගත වාක්‍යයන් පිළිබඳ අවශ්‍යය ලෙස සැලකිලිමත් විය යුතුය. ඉටු වු අනාගත වාක්‍යයන් ඉටුවීමට ඇති අනාගතවාක්‍යයන් සඳහා මඟ පෙන්වයි.
ස්වාමිවු යේසුස් කි‍්‍රස්තුස්වහන්සේගේ දෙවැනි පැමිණිම පිළිබඳව මෙනෙහි කිරිම
හැදින්වීම:-
ක්‍රිස්තුස්වහන්සේගේ දෙවැනි පැමිණිම පිළිබඳ විෂය දේව වාක්‍යයෙහි ඉතා උතුම් ස්ථානයක් ගන්නා කරුණකි. එය දේව වාක්‍යයෙහි ඉතා වැඳගත් සත්‍යතාවයකි.
පුරාණ ගිවිිසුමෙහි හා අලූත් ගිවිසුමෙහි සඳහන් ක්‍රිස්තුස්වහන්සේගේ දෙවැනි පැමිණිම පිළිබඳ බොහෝ කරුණු අතුලත් යොමු ඉදිරිපත් කිරිමෙන් මෙය ඔප්පු කල හැකිය. අපට ප්‍රකාශ කරන කරුණක් නම්, ක්‍රිස්තුස්වහන්සේගේ දෙවැනි පැමිණිම පිළිබඳව යොමු පරණ ගිවිසුමෙහි 1500 ක් පමණද, නව ගිවිිසුමෙහි 300 වාරයක් පමණද ඇති බවය. ශුද්ධවු ලියවිල්ලෙන් 1/3 පමණ පැමිණෙන්න තිඛෙන දේ ගැන කථා කරයි. ඒ නිසා අප විසින් මෙම මහත් විෂයේ වැඳගත්කම හා වටිනාකම පිළිබඳව යමක් තේරුම් ගැනිම අවශ්‍යය.
ක්‍රිස්තුස්වහන්සේගේ දෙවැනි පැමිණිම සභාව කෙරෙහි පමණක් නොව මුළුලෝකය කෙරෙහිම මහත් බල පැවැත්මක් ඇති කරණ කරුණක් බව මෙම මාතෘකාව හැදැරිමේදි පැහැදිලි වේ. අපගේ ඉගෙනුම ඵලදායි හි අර්ථාන්විත එකක් වන පිණිස දෙවන පැමිණිම පිළිබඳව ඇති විවිිධ කරුණු විශේෂ ලෙස සාකච්ඡා කල යුතුය. ඒ නිසා අපගේ අරමුණ වන්නේ මෙම මහත් පුදුම සත්‍යයතාවය වැඩි වශයෙන් ග්‍රහණය කර ගැනිම සඳහා ඒ පිලිබඳ ඉතා ගැඹුරු අවධානය යොමු කිරීමය. අනෙකුත් සත්‍යයතාවයන් මෙන්ම මෙම සත්‍යතාවය පිළිබඳව මෙනෙහි කිරිමද අපගේ ඥාණික දැනගැන්ම පුබුදු කිරිමට පමනක් සිමා කරන්නේ නම් එය එතරම් ඵලදායි නොවේ.
අපගේ යාච්ඤාව විය යුත්තේ, අප දෙවියන්වහන්සේට මහත් ලෙස සේවය කිරිමට තීරණය කරනු පිණිස, අපගේ කැමැත්තට මෙම ඉගැන්වීම අභියෝග විමේන් අපගේ හැගිම් හා සිතේ බලවත් ආශාවන් පවිත්‍ර කරනු ලැබිම මගින් අප එම මහත් දිනයට සුදානම්ව සිටිමට හැකි වන ලෙසත්ය. ඒ නිසා අප මෙම මහත් විිෂය මෙනෙහි කරන අරමුණ නම් එමගින් ඥාණික දැනගැන්මක් ලබාගැනිම සඳහා පමණක් නොව එය ප්‍රායෝගික අත්දැකිමක් වන පිණිසය.
අප ක්‍රිස්තුස්වහන්සේගේ දෙවැනි පැමිිණිම නමින් අදහස් කරන්නේ කුමක්ද? යන්න සඳහන් කිරිම පලමු කොටම ප්‍රයෝඡනවත් වේ. අප ක්‍රිස්තුස්වහන්සේගේ දෙවැනි පැමිණිම ගැන කථාකරන විිට අපි විශේෂයෙන් කථාකරන්නේ උන්වහන්සේම, එකම ක්‍රිස්තුස්වහන්සේම පුද්ගලිකව මේ ලොවට පැමිණිමය. අපි නිසැකවම උන්වහන්සේගේ පළමු පැමිණිම, ඛෙත්ලෙහෙමේ උපත , ගොල්ගොතා කුරුසයේ මරණය, උන්වහන්සේගේ මරණයෙන් උත්ථානවීම, ඔලිව කන්දේදී ස්වර්ගයට නැගීම ගැන අවබෝධය ඇතුව සිටිමු. ඒ නිසා ක්‍රිස්තුස්වහන්සේ නැවත පැමිණිමේදි එය උන්වහන්සේ නැවත වරක් මෙලොවට පැමිණිමය. ඒ බැවින් දෙවැනි පැමිණිම යයි කියම. ශුද්ධවු ලියවිල්ල අප කිසිත් සැකයකට පාත්‍ර නොවන පිණිස පැහැදිලිවම ක්‍රිස්තුස්වහන්සේ නැවත පැමිිණෙන බව ප්‍රකාශ කර ඇත. උන්වහන්සේ පුද්ගලිකවම නැවත පැමිණෙන සේක.
මක්නිසාද ස්වාමින්වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේව දුතයෙකුගේ හඬද දෙවියන්වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගයෙන් බස්නා සේක. (1 තෙසලෝනි 4:16) යේසුස්වහන්සේ මෙසේ කී සේක. මා සිටි තැන නුඹලාත් සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මා ලඟට ගන්නෙමි.(යොහාන් 14:3)
ක්‍රිස්තුස්වහන්සේගේ දෙවැනි පැමිණිම යන කාරණාව, හැරීම ලැබිම, ශුද්ධාත්ම බෞතිස්ම ලැබිම හා මරණය පිලිබඳ අත්දැකිම යන කාරණාත් සමඟ අප පටලවා නොගත යුතුය. හැරීම ලැබිමේදි ඇඳහිලිවන්තයාගේ හෘදයට ක්‍රිස්තුස්වහන්සේ පැමිණිම මහිමවත් අත්දැකිමකි. හැරීම ලැබිම දිනපතාම සිදුවේ. නමුත් උන්වහන්සේගේ පුද්ගලික පැමිණිම එක් මහිමවත් දිනකදී සිදුවේ. එබැවිින් දේව දරුවා එම මහිමවත් දිනය බලා සිටියි.
දෙවනුව, මෙම විෂය පිලිබඳව අප අවබෝධ කරගැනිමේදී දෙවිියන්වහන්සේ දිව්‍යයමය කාල සටහනක් අනුව කටයුතු කරන බව අවධාරණය කිරිම එම අවබෝධයට උපකාරි වෙයි. දෙවියන්වහන්සේ තමන්ගේ දිව්‍යමය ආධිපත්‍ය අනුව ඉතිහාසයේ සහ ඡාතින්ගේ කාරණා පාලනය කරන සේක. ක්‍රිස්තුස්වහන්සේගේ පළමු පැමිණීමේ අවස්ථාවේදි මෙම ප්‍රතිපත්තිය අනුව කරුණු සිදුවු ආකාරය අපි දැන් සලකා බලමු. විිශේෂයෙන්ම කි‍්‍රස්තුස්වහන්සේගේ උපත හා මරණය සම්බන්ධයෙන් අපි සලකා බලමු. නමුත් කාලය සම්පුර්ණවු කල දෙවියන්වහන්සේ ස්ත්රියකුගෙන් උපන්නාවුද ව්‍යවස්ථාව යටතේ උපන්නාවුද තම පුත්‍රයාණන්වහන්සේ එවු සේක. (ගලාති4:4)
ඔබ ශුද්ධ ලියවිිල්ල සහ ලෝක ඉතිහාසය, විශේෂයෙන්ම එම විශේෂ කාලය පිළිබඳව ඔබ දකින්නාවු දෙය නම් ගැලවුම්කරුවාණන් මාංශගතවීම අහම්බෙන්, සැලැස්මක් නැතුව සිදුවු එකක් නොව දෙවියන්වහන්සේගේ වේලාව හා සැලැස්ම තුල සිදුවු එකක් බව ඔබට පෙනි යනු ඇත.
ඒ පිළිබඳව කෙටියෙන් පහත සඳහන් කරුණු සලකා බලමු.
1.රෝමය මධ්‍යස්ථානය කර ලෝකය මධ්‍යගත වීම.
2.ග්‍රීක භාෂාව පොදු භාෂාව බවට පත්ව ලෝකයේ සංස්කෘතික එක්සත්භාවය.
3. රෝමය දක්වා, මුහුදු හා ගොඩබිම් මාර්ග පහසුකම් සහිතව ලෝක වෙළද සම්බන්ධතාවය.
4. රෝම පාලන ක්‍රමය තුල ලෝක සාමය.
5. ආචාර ධර්ම පහත වැටීම ලෝකය.
6. ආසියාතික ආගම් සමඟ ලෝක ආගම් සම්මිශ්‍රණය.
7. ගැලවුම්කරුවාණන්ගේ පැමිණිම බලාසිටි අයගේ හෘද ඒ සඳහා සුදානම් කිරිම.
මුල් ක්‍රිස්තියානිය ඇති දැඩිවු පරිසරය මෙයය. රෝම අධිරාඡ්‍ය නිසා මනුෂ්‍යයන්ට එහා මෙහා ගමන් කිරිමේ නිදහස, ග්‍රීක සංස්කෘතිය නිසා කථාකිරීමේ නිදහස, ශුභාරංචිය දේශණා කිරිමට පහසුකරවු සාමය නැවත ක්‍රිස්තුස්වහන්සෙගේ මරණ සම්බන්ධයෙන්, යොහාන් 7:30 මෙසේ ප්‍රකාශ කරයි.
එබැවින් ඔවුහු උන්වහන්සේ අල්ලන්ට හැදුවෝය. නමුත් උන්වහන්සේගේ වේලාව ඒතාක් පැමුණුනේ් නැති බැවින් කිසිවෙක් උන්වහන්සේ පිට අත නොතැබුවෝය.
පාස්කු මංගල්‍යයට පළමුවෙන්, යේසුස්වහන්සේ මේ ලෝකයෙන් පිටත්ව පියාණන්වහන්සේ ලඟට යන තමන්ගේ පැය පැමිණ තිඛෙන බව දැන ’’’’’’’’’’’’’’ලෝකයෙහි සිටියාවු ස්වකීය සෙනඟට ප්‍රේමයෙන් සිට අන්තිම දක්වා ඔවුන්ට ප්‍රේම කල සේක. (යොහාන් 13:1)
අපි මෙහිදි දකින්නේ දෙවියන්වහන්සේ අවුරුදු, මාස පමණක් නොව පැය ගණන්ද පාලනය කරන බවය. පෙන්තකොස්ත දිනයේදි ශුද්ධාත්මයාණන්වහන්සේ එවීමද දිව්‍යමය කාල සටහනක් අනුව සිදුවිය. ක්රීයා 2:1 සඳහන් කරන්නේ තවද පෙන්තකොස්ත දවස (සම්පුර්ණයෙන්) පැමිණි කල යනුවෙනි.
මෙම ක්‍රිස්තුස්වහන්සේගේ උපත , මරණය, ශුද්ධාත්මයාණන් එවීම ආදි මහත් සිදුවීම්, සම්බන්ධව දෙවියන්වහන්සේ කාලය හා ස්ථානය පිළිබඳව පාලනය කළේ නම් සැබවිින්ම ඊළඟට වන කි‍්‍රස්තුස්වහන්සේගේ දෙවැනි පැමිණීමද දෙවියන්වහන්සේගේ කාලය හා සැලැස්ම අනුව සිදුවනු ඇත. එම පැමිණිමේ සිදුවීමද, උන්වහන්සේගේ උපත , මරණය මෙන්ම කලින් ප්‍රකාශ කල ලෙසම සිදුවු ආකාරයෙන් වනු ඇත.
තුන්වෙනුව,
අපි විිශ්වාස කරන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ දෙවැනි පැමිණිම ඉතා ආසන්නයේ සිදුවන සිදුවීමක් බවයි. එම නිසා මෙම විිෂය ඉගෙනුමේ හදිසි අවශ්‍යතාවය සහ වැදගත්කමක් ඇත. එය අපට අවවාද කරන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ දෙවැනි පැමිණිම පිළිබඳව, නොවැඳගත් ලෙස නොසැලකීමට හෝ සරදමක් ලෙස නොසිතන පිණිසය.
එමෙන්ම සමහරෙකු අඥාණ ලෙස ඒ පිළිබඳ දින නියමයක් කර සරදමට පත්වු ලෙස නොවන ලෙස අපි මේ පිළිබඳ ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කල අවවාද සිහිතබා ගත යුතුය.
මතෙව් 24:36 නමුත් ඒ දවස හා පැය මාගේ පියාණන්වහන්සේ මිස දන්නා කෙනෙක් නැත. ස්වර්ගයෙහි දුතයන්වත් පුත්‍රයන්වත් දන්නේ නැත.
නමුත් දේව වාක්‍ය ප්‍රකාශ කරන්නේ සමහර ලකුණු ඉටුවනු දකින විට අපගේ මිදිම ලඟ බැවින් හිස ඔසවා ඉහළ බලන ලෙසය. අපගේ පාඩම ඉගෙනුමේ යෙදෙන විට ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණීම ඉතා ආසන්න බව අප අවධාරණය කරන්නේ හා සලකන්නේ අපගේම අනුමානයන් අනුව නොව දේව වචනයේ සත්‍ය මත පදනම්ව බව තේරුම් ගනිමු.
ක්‍රිස්තුස්වහන්සේගේ දෙවැනි පැමිණිම සහ එම සිදුවීම සභාවට සම්බන්ධ වන ආකාරය .
ක්‍රිස්තුස්වහන්සේගේ දෙවැනි පැමිණිම සභාවේ බලාපොරොත්තුවය. අභක්තිකකමද, ලෞකික තෘෂ්ණාද එපාකර ආශිර්වාද ලත් බලාපොරොත්තුව ගැනත් මහෝත්තම දෙවියන්වහන්සේගේද අපගේ ගැලවුම්කාර යේසුස් ක්රිස්තුස්වන්සේගේද තේඡසේ ප්රකාශවීමත් ගැන බලා සිටිමිින් (තීතස් 2:12)
එය සත්‍යවු බලාපොරොත්තුවකි. එය පදනම්වී ඇත්තේ අපගේ ස්වාමිවු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පොරොන්දු මතය. ක්‍රිස්තුස්වහන්සේ තුල කිතුණුවාගේ අනාගතය මහිමවත් හා දීප්තිමත් එකක්ය.
අතීත-වර්තමාන හා අනාගත ගැලවීම
බලාපොරොත්තුව නම් කලින් බලා සිටින ඇස බවද, ඇදහිල්ල භුක්ති විිදින්නාවු අත ලෙසද, කියනු ලැබේ. බලාපොරොත්තුව බලා සිටියි. ඇඳහිල්ල අල්ලා ගනියි. බලාපොරොත්තුව දුර ගමන් කරයි. ඇදහිල්ල සමිපයට ගෙන එයි. බලාපොරොත්තුව සොයා දැනගනියි. ඇදහිල්ල ලබාගනියි. බලාපොරොත්තුව නැංගුරමය.ඇදහිල්ල දම්වැලය. සැබවිින්ම එකක් නැතිව අනෙක නිශ්ප්රයෝඡනය ඒ නිසා අපි අපගේ ගැලවුම්කාර ස්වාමින්වහන්සේ මුහුණට මුහුණ දැකිමේ මහිමවත් දවස පිලිබඳව ඉදිරිය බලා සිටිමු. බලාපොරොත්තුව මත සිටිමු. ඒ දිනය ගැන ඉහළ බලා සිටිමු.
බලාපොරොත්තුව
රෝම 8:24-25 මක්නිසාද අප ගලවනු ලැබුවේ බලාපොරොත්තුවෙන්ය. නමුත් පෙනෙන බලාපොරොත්තුවක්, බලාපොරොත්තුවක් නොවේය. මක්නිසාද තමාට පෙනෙන දෙයක් බලාපොරොත්තු වන්නේ කව්ද? නමුත් අපි නොපෙනෙන දේ බලාපොරොත්තු වෙමු නම් ඉවසිල්ලෙන් ඒ ගැන බලාපොරොත්තු වෙමු.
මෙම දේව වාක්‍ය පද දෙකෙහි ප්‍රධාන ප්‍රකාශණ තුනක් ඇත.
(අ) අපි බලාපොරොත්තුවෙන් ගළවනු ලැබුවෙමුව, හෙවත් වඩාත් යහපත් ලෙස ප්‍රකාශ කරන්නේ නම් අප බලාපොරොත්තුවේ ගෝලය තුල ගැළවීම ලැබීමුය.
(ආ) දකින්නාවු බලාපොරොත්තුව බලාපොරොත්තුවක් නොවේය. මනුෂ්‍යයෙකු දකින්නාවු දෙයක් තවදුරටත් බලාපොරොත්තු විය යුත්තේ මන්ද?
(ඇ) නමුත් අපි නොදකින දෙයක් බලාපොරොත්තු වන විට අපි ඉවසිල්ලෙන් ඒ ගැන බලා සිටිමු.
මෙම ප්‍රකාශණ තුන අපගේ ගැළවීමේ පැතිකඩ තුනක් දක්වයි. අපි අපගේ ගැළවීිම පිළිබඳව පහත දැක්වෙන ආලෝකයෙන් සැලකිය යුතුය.
(අ) අතීත අත්දැකීම- අපි ගැළවීිම ලබා ඇත්තෙමු.
(ආ) වර්තමාන භුක්තිවිදීම-අපි ගළවනු ලැබ ඇත්තෙමු.
(ඇ) අනාගත බලාපොරොත්තුව- අපි ගළවනු ලබන්නෙමු.
ඒ අනුව කිතුණුවා යනු පාපයේ දඩුවමින් ගළවනු ලැබු පුද්ගලයෙකි. එහි වරදට පත් කිරිමක් නැත.ඔහුව ධර්මිෂ්ඨ කරනු ලබා ඇත. දැන් ඔහුට ඔහුගේ පාපය අතීතයකි. ඔහුගේ පාපය සහ නින්දාව පහවී යයි. ඔහුට ගායනා කළ හැකිය. එසේ කළේ යේසුස්ය. උන්වහන්සේගේ නාමයට මහිමය වේවායි ගායනා කළ හැකිය.
ඔහු පාපයේ බලයෙන් ගළවනු ලබන්නේය. මෙය ඔහුගේ පාරිශුද්ධකරණයය. පවිත්‍ර කිරිමය. ක්‍රිස්තුස්වහන්සේ තුලවු ඡීවනදායක ආත්මයාණන්ගේ ව්‍යවස්ථාව පාපයේ මරණයේද, ව්‍යවස්ථාවෙන් මා නිදහස් කළාය. (රෝම 8:2)
පාපයට ඔහු කෙරෙහි තව දුරටත් ආණ්ඩු බලය නැත. ඊලඟට ස්වාමින්වහන්සේ පැමිණෙන විට ඔහුව පාපයේ සම්මුඛයෙන් ගළවනු ලබන්නෝය. එමෙන්ම ඔහු මහිමයට පත්වීම අත්දකින්නේය. ඔහු යේසුස්වහන්සේ හා සමාන වේ. ඔහුට මහිමයට පත්වු ශරීරයක් ලැබේ. දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා. ඔහුගේ අතීතය සම්බන්ධව ක්රීයා කර ඇත. උන්වහන්සේ අපව දවසින් දවස රැක ගනියි. උන්වහන්සේ අනාගතය සඳහා අපට සපයා ඇත. අපි අපගේ ක්‍රිස්තියානි ඡිවිිතය පිළිබඳ නිතර සැලකිය යුත්තේ මෙසේය. අප ගළවනු ලබා ඇත්තෙමු. අපි ගළවනු ලබමින් සිටින්නෙමු. අප දිනකදී ගළවනු ලබන්නෙමු. ගැළවීම පිළිබඳ කිතුණු අත්දැකිමේ අතිත කාරණා ඇත. වර්තමාන උරුමයක් හා අනාගත බලාපොරොත්තුවක් ඇත. පාවුල් අපෝස්තුලුතුමා මෙම පද දෙක මගින් උගන්වන කරුණු පිළිබඳව අවබෝධය. මෙම වර්තමාන ලෝකයේ කිතුණු ඡිවිිතයේ ස්වභාවය පිළිබඳව තේරුම් ගැනීමට අවශ්‍යය සැබවින්ම එය කිසිකලෙකටත් වඩා වර්තමාන කාලයේදි ඉතා අවශ්‍යය.
• අද අපි ඡිවත් වන්නේ මහත් ව්යාකුලකම් ඇති ලෝකයකය. බොහෝ දෙනෙකු තමන් අසන හා දකින දේවල් පිළිබඳව මවිතයට පත්ව ඇත. ඔවුන් ඔවුන්ගේ සිත් තුල ව්යාකූලකමට පත්ව ඇති අතර සිදුවන දේවල් පිළිබඳව අවබෝධයක් නැත. ඔවුන් මෙබඳු ප්‍රශ්ණ අසති. එනම් දෙවිියන්වහන්සේ මෙබඳු දේවලට ඉඩ දෙන්නේ මන්ද? යනුවෙනි. දෙවියන්වහන්සේ දෙවියන්වහන්සේ නම් මේවා සිදුවීමට ඉඩ හරින්නේ මන්ද? යනුවෙන් එම ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාගැනීමට එකම මාර්ගය නම් අපෝස්තළුතුමාගේ ඉගැන්වීම් තේරුම්ගෙන ඒවා අනුගමනය කිරීමය.
• රෝම පොතේ 08 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ සිට ලෝකයේ මැවිල්ලේ වර්තමාන තත්වය ගැන කථා කරයි. 23 පදයේ සිට කථා කරන්නේ මැවිල්ල එහි මිදීම බලා සිටිිමින් කෙදිරිගාන බව පමණක් නොව. කිතුණුවා තමන්ගේ මිදිමේ එම මහත් දවස බලාසිටිමින් කෙදිරිගාන බවය.
කිතුණුවෝ තේරුම්ගෙන කෙදිරිගාති. කිතුණුවා ලෝකය හා පාපයේ බලය සහ ආකාශ බලයේ අධිපතියාගේ පාලන බලයද ඇති බව දකියි.
දේව දරුවා මෙම ලෝකයේ කාරණා සිදුවන ආකාරය ගැන වැරදි ලෙස උගන්වනු ලබා ඇතිනම් මිස ඔහු ව්‍යාකුල නොවේ. යේසුස්වහන්සේ ලාසරස්ගේ සොහොන ලඟදි ආත්මයෙන් සුසුම්ලෑවේ ලාසරස්ගේ මරණය නිසා අනුකම්පාවෙන් පමණක් නොව පාපය මෙම ලෝකයට හඳුන්වා දි ඇති මරණය නමැති ශෝක ඡනක අත්දැකිමද පිළිිබඳවය. යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ මුල් මැවිල්ලේදී අදහස් කරන ලද දේ සහ මනුෂ්‍යයාගේ පාපය නිසා ඔහු ඇති කරගත් දේ සංසන්දනයන් දැන සිටි සේක.
අද පවතින ලෝක තත්වය බයිබලය උගන්වන මුළු කාරණාවල සැබෑකමට සාක්ෂියකි. එම කරුණු අවබෝධය අපට සතුට මෙන්ම ශෝකයද ඇති කරයි. මෙම නපුරු ලෝකය තුල එහි පාපයද වැටී ඇති පහත් තත්වයද එහි ප්‍රශ්ණ හා දුෂ්කරතා මධ්‍යයේද. අපි දේව වචනය ඉගැන්වීම් තේරුම් ගන්නා බැවින් සතුටු වෙමු. එය ඉතා පැහැදිලිය. එසේ නොවන්නේද? සියල්ලට වඩා අපි බලාපොරොත්තු මගින් ගලවනු ලබමු. ඔබට බලාපොරොත්තුව ඇත්තේ නම් ඔබ ලෝකයේ ඇති ව්යාකුලකම් හා එහි ප්‍රශ්ණ වලින් නොසන්සුන් නොවේ. බලාපොරොත්තුව යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එයින් කාරණා දෙකක් අදහස්වේ. එම කරුණු දෙකම එම ඡේදයේ ඇතුලත්ය.
පලමුව:
එහි අදහස ආත්මික කරුණාවය. එහි විෂයගත අදහස ලෙස එය පුද්ගලික අත්දැකීමට සම්බන්ධය. අපි මෙය 1 කොරින්ති 13:13 දකිමු.
දැන් පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව සහ ප්‍රේමය යන මේ තුනය. දේව වාක්‍යය පදය අනුව මනුෂ්‍යයෙකු දකින දේ ගැන ඔහු බලාපොරොත්තු වන්නේද?. නැවත අපි නොදකින දෙයක් ගැන බලාපොරොත්තු වන්නේද නම්, එම කරුණු දෙකේදීම බලාපොරොත්තුවීම විශේෂ කරුණාවකි.
දෙවනුව:
බලාපොරොත්තුව යනු අප තුළ ඇති කරුණාවකට වඩා අප බලාපොරොත්තුව වන දේ පිළිබඳවය. මෙය එහි විෂය මුලික අදහසය.
මෙම යෙදුමේ බොහෝ අවස්ථා ශුද්ධ ලියවිල්ලේ ඇත. අපි සුභාරංදචියේ බලාපොරොත්තුව සලකා බලමු. එහි යොමුව ආත්මික කරුණාවක් පිළිබඳ නොවේය. මන්දයත් ඔබට ආත්මික කරුණාවක් එයාකාර දැකගත නොහැකිය. මෙහි බලාපොරොත්තුවම වඩා බලාපොරොත්තු වන දෙයකි. ශුද්ධ ලියවිල්ලේ බලාපොරොත්තුව යන වචනයට මෙම වෙනස් තේරුම් දෙකම තිඛෙන බැවින් අපි රෝම 8:24-25 පද දෙක සැලකීමේදී ප්‍රවේසම් විය යුතුය.
දකින්නාවු දේ පිළිබඳ බලාපොරොත්තුව බලාපොරොත්තුවක් නොවේය. යන්නෙන් යොමු කරන්නේ මහත් ක්‍රිස්තියානි බලාපොරොත්තුව වන, ක්‍රිස්තුස්වහන්සේගේ මහිමවත් පැමිණිමය.
මළුු මැවිල්ල බලාසිටින්නාවු සිදුවීම එයයි. අපිද කිතුණුවන් ලෙස එම සිදුවීම බලා සිටිිමු. පාවුල්තුමා ඇඳහිලිවතුන් ලෙස ඔවුන්ගේ හෘද තුල ඇති බලාපොරොත්තුවේ දේව කරුණාව ගැන යොමු කරයි. බලාපොරොත්තුව නමින් හඳුන්වන ආත්මික කරුණාව ගැන අපි දකින ප්රකාශණය නම්, මනුෂ්‍යයෙකු දකින්නාවු දෙය පිළිබඳ බලාපොරොත්තු වන්නේ මන්ද? යන්නය. මෙහි යොමු කරන දෙය ඇදහිලිවන්තයා තුළ ඇති බලාපොරොත්තුවේ කරුණාවය, අනුග්‍රහයය. නමුත් නැවතද කරුණාවෙන්, නොදකින්නාවු දෙය බලාපොරොත්තු වන්නේ නම් ඉවසිල්ලෙන් ඒ ගැන බලා සිටිමු.
අපි සලකා බැලු ශුද්ධ ලියවිලි කොටසේ අප ගැළවී සිටින්නේ බලාපොරොත්තුවෙන් යන වාක්‍යය පළමුවෙන් සලකා බලමු. ග්‍රීක භාෂා විශාරදයන් අනුව, අනුමත කිං ඡේම්ස් පරිවර්තනයේ එම අදහස සම්පුර්ණ නිවැරදි නැත. එම වාක්‍ය වඩාත් නිවැරදිව ප්‍රකාශ කරතොත් අප ගැළවීම ලැබුයේ බලාපොරොත්තුවේ ගෝලය තුළය, නොහොත් ලෝකය තුළය.
සටහන
ඉංග්‍රීසි කිංග් ඡේම්ස් පරිවර්තනයේ ඇති බයි (By) යන අදහස නව පරිවර්තනයේ ඉන්(In) යනුවෙන් ඇත’ සිංහල අප පරිවර්තනයේ බලාපොරොත්තුවෙන්ය යනුවෙන් සඳහන් වේ. බලාපොරොත්තුව මගින් අප ගලවනු ලැබු බව ප්‍රකාශ කිරිම නොමඟ යන සුළු අතර අප ගැලවී සිටින්නේ ඇඳහිල්ල කරණ කොටගෙනය. එය බයිබලයේ පැහැදිලි ඉගැන්වීමය. අපගේ ගැළවීමේ මාර්ගය ඇඳහිල්ලය. ඒ නිසා අප ගැලවීම ලැබුවේ බලාපොරොත්තුව කරණ කොටගෙන නොව බලාපොරොත්තුවෙන් යන්න අපි ප්‍රකාශ කරමු.
අප ගැලවීම ලැබුවේ බලාපොරොත්තුවෙනි. මෙහිදී අපි දකින්නේ අපගේ ගැලවීම සම්බන්ධව පසුබෑමක් මෙන්ම ඉදිරි බැල්මක්ද ඇති බවය. එබැවින් මෙහිදි බලාපොරොත්තුව විෂය මූලික ලෙස දක්වනු ලැබේ. කිතුණුවෙකු වු මා ගැලවී සිටීම. අපි ගැලවීම ලැබුවෙමු. මම ගැලවීම ලැබුවෙමිි. යනුවෙන් ප්‍රකාශ කල හැකිය. ඔහුට දැනටම සිදුවී ඇති යමක් පිළිබඳ පසුපස බැලිය හැකිය. එය සිදුවී ඇත. ඔහුට ඒ පිළිබඳ අත්දැකිමක් විය.
ඔහු පාපය විසින් වරදට පත් කිරීමෙන් දඩුවමට පත්කිරිමෙන් නිදහස් වී ඇති බව දැනගත යුතුය. එබැවින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුල සිටින්නන්ට දැන් දඩුවමට පත්කිරීමක් නැත. (රෝම 8:1) එම මහත් කටයුත්ත කර ඇතැයි අප ගායනා කරමු.
අප තේරුම් ගතයුතු දෙයක් නම් බොහෝ වාර ගණනක් ගැලවීම ලැබිය නොහැකි බවය. ඔබට ගැලවීම ලැබිිය හැක්කේ එක් වරකි. කිතුණුවෙකු පාපයට වැටුණු විිට. ඔහුට අලුත් ධර්මිෂ්ඨ කිරිමක් අවශය නැත. ඔහු සිටින්නේ දෙවියන්වහන්සේගේ උදහස යටතේ නොවෙිය. ඔහු දේව දරුවෙකි. ඔහු පව් කරන විට පියවු දෙවිියන්වහන්සේගේ හෘදයට වේදනාව සහ රිදවීම ඇති කරයි.
• නමුත් කිතුණුවෙකු තේරුම් ගත යුතු දෙයක් නම් ඔහු ගැලවීම ලබා ඇති නමුත් තව දුරටත් ගැලවෙන්න සිටිනා බවය. ඔහු පාපයේ බලයෙන් හා අපවිත්‍රතාවලින් ගැලවෙමින් සිටියි. ඔහු තමා තවම සම්පුර්ණ නොමැති බව දකියි. නමුත් ඔහු සම්පුර්ණකම කරා ගමන් කරමින් සිටියි. ඔහු වැඩෙමින් වර්ධනය වෙමින් ක්‍රිස්තුස්වහන්සේගේ සම්පුර්ණ උස මහතට වර්ධනය වෙමින් සිටියි. ඔහුට ඔහුම පවිත්‍ර කරන බලාපොරොත්තුවක් ඇත. උන්වහන්සේ පවිත්‍රව සිටිින්නාක් මෙන් තමාවම පවිත්‍ර කරන බලාපොරොත්තුවක් ඇත.
කිතුණුවා ඉදිරිය දෙස බලමින් සිටියි. ඔහුගේ ගැලවීමේ පරිසමාප්තිය කෙරෙහි බලාපොරොත්තුවෙමින් සිටියි. ඔහු තමා ඡීවත් වන්නේ දුෂණය වු දිරාපත් වන්නාවු ලෝකයක බව දනියි. ඔහුගේම ශරිරය තවම මිදීම ලබා නැත. එය දුර්වල හා දිරාපත් වෙමින් පවති. නමුත් ඔහු ඉදිරිය දෙස බලා සිටින්නේ තම ගැලවුම්කාර යේසුස්වහන්සේගේ පැමිණිමේදී තමන්ට නව ශරිරයක් ලැඛෙන බලාපොරොත්තුව ඇතිවය. ඒ නිසා මෙම ශුද්ධ ලියවිලි පාඨයේ අර්ථය අපි ගැලවීම ලැබිමට බලාපොරොත්තු වන බව හෝ මම ගැලවීම ලබා ඇතැයි සිතමි. යන්න නොවේය. නැත නැත. අපි ගැලවීම ලබා ඇත්තෙමු. ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇඳහිම අප ගැලවීමේ අත්දැකීමට පත්කොට ඇත. අපි උන්වහන්සේට අයිති බවට සහතිකකම ඇත. නමුත් ඇදහිල්ල අපව බලාපොරොත්තුවට පමුණුවා ඇත. එය ස්ථිරවු සහතිකවු බලාපොරොත්තුවකි. දෙවියන්වහන්සේ ආරම්භ කල දෙය, නොකඩවා ඉටු කරමින් සිටිින සේක. දිනකදි යේසුස්වහන්සේ පැමිණි විිට එය සම්පුර්ණත්වයට පත්වේ.
කිතුණුවා අත්දැකීමක නාඹුල් ඵලය අත්දැක්කාවු අයෙකි. ඔහු එම අත්දැකිමේ ශක්තියෙන් ඉදිරියට යන්නාවු අයෙකි. ඔහු අස්වැන්නේ දිනය කරා යයි. අපි තවම ගමනේ අන්තය කරා පැමිණ නැත. දෙවියන්වහන්සේ ගැලවීම තුල සැලසුම්කර ඇති සියල්ල අප ලබාගෙන නැත. නමුත් දිනකදි අපි ඒවා ලබා ගන්නෙමු. බලාපොරොත්තුව ශක්තිමත් එකකි. එය බලගතු එකකි. එය අපගේ ආත්මවලට නැංගුරමකි. ක්රිස්තුස්යානිත්වයේ ඇස පැමිණෙන්ට තිඛෙන දේ කෙරෙහි යොමුකර තිබේ. මෙය අපගේ සදාකාලික ලෝකය නොවේය. මා මෙහි ආගන්තුකයෙකු පමණය. මගේ සදාකාල නිවාසය ස්වර්ගයය. අපගේ පුරවැසිභාවය ස්වර්ගයෙහිය. මෙය අපගේ බලාපොරොත්තුවයි. ඇඳහිල්ල අපව මෙම තලයට පමුණුවා ඇත. ඇඳහිල්ල පළමු ඵලයට. එනම් නාඹුල් ඵලයට පමුණුවා ඇත.බලාපොරොත්තුවු සම්පුර්ණ අස්වැන්නේ දිනය කෙරෙහි බලාසිටියි.
කිතුණුවා මෙම සොදිසි බාධක ඇති ලෝකය තුල සතුටින් සිටින්න’ දෙවියන්වහන්සේ ඔබට යමක් දී ඇත. ඔබට ඇති දේ ගැන දෙවියන්වහන්සේට ස්තූති කරන්න. ඔබට දැන් දෙවියන්වහන්සේ දී ඇති දෙය පුදුම නොවේද? එය අනගි නොවේද? ඔබ උදෙසා දෙවිියන්වහන්සේ දැනටම කර ඇති දෙය ගැන සතුටු වන්න. නමුත් බලාපොරොත්තුව ඇතිව සතුටු වන්න. තවත් වැඩි කොටසක් ලැඛෙන්නට ඇත. ඔබ උදෙසා දිරාපත් නොවන්නාවු පහ නොවන්නාවු උරුමයක් වෙන් කර තබා තිබේ. යේසුස්වහන්සේ නැවත පැමිණෙන සේක. රඡතුමාණෝ පැමිණෙන සේක.උන්වහන්සේ ඔබ උදෙසා ස්ථානයක් පිළියෙල කිරීමට ස්වර්ගයට ගිය අතර ඔබට උන්වහන්සේ සිටින ස්ථානයට කැඳවාගෙන යෑමට පැමිණෙන සේක. එහි හැඩිමද, වේදනාවද, පාපයද, කරදරද නැත. අපි බලාපොරොත්තුවේ ගෝලය තුල . ලෝකය තුල ගැලවීම ලදිමුව. දෙවියන්වහන්සේ ඔබට දී ඇති දෙය පිළිබඳ සතුටු වන්න. දේව දරුවෙකු ලෙස ඔබට තවදුරටත් ලැබිිමට ඇති දේ කෙරෙහි ඇදහිල්ලෙන් සිටින්න. අප තේරුම්ගත යුතු කරුණක් නම් පාවුල්තුමා රෝම 8:18 සිට 23 දක්වා ගෙන ආ තර්කය සංස්ෂිප්ත කොට වර්ධනය කර ඇති බවය. තර්කය නම් කිතුණු ස්තීර පුරුෂයින්ට අත්දැකීමක් තිබු බවය. එය ආත්මිික අත්දැකීමකි. නමුත් ඔවුන් ඡීවත් වන්නේ දුෂණයවු නපුරු ලෝකයක බවය. එය වර්ධනය වනවා නොව ගරාවැටෙමින් පවති.
එමෙන්ම කිතුණුවා ඡීවත් වන්නේ තවම මිදිම නොලත්තාවු ශරීරයක බවය. ඒ නිසා කිතුණුවා අත්දැකීමක පසුපස දකිනවා පමණක් නොව. නමුත් ස්ථිරවූ බලාපොරොත්තුවකින් පැමිණෙන්නට තිබෙන අත්දැකිමක් දෙස බලා සිටියි. ඔහු තේරුම් ගන්නාවු කාරණයක් නම් වර්තමාන ලෝකයේ දුක් වේදනා, එළිදරව් වෙන්නට තිබෙන මහිමයට සමාන කරන්නට බැරි බවය.
අපි අපගේ ශුද්ධ ලියවිලි කොටසේ පළමු වාක්‍යය සලකා බැලූවෙමු. දැන් අපි එම ලියවිිලි කොටසේ ඉතිරි කොටස සලකා බලමු. කොටසේ පෙනෙන බලාපොරොත්තුව බලාපොරොත්තුවක් නොවේය. මක්නිසාද තමාට පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වන්නේ කවරෙක්ද? නමුත් අපි නොපෙනෙන දේ ගැන බලාපොරොත්තු වෙමු. නම් ඉවසිල්ලෙන් ඒ ගැන බලා සිටිමු. (රෝම 8:24-25)
අප විසින් සැලකිය යුතු කරුණක් නම් ක්‍රිස්තුස්වහන්සේගේ පැමිිණිමේ බලාපොරොත්තුව පිළිබඳ ධනාත්මක හා ඝෘණාත්මක දුෂ්ඨියක ඇති බවය. පළමුව එය ඝෘණ අදහසක්ය. එනම්, පෙනෙන්නාවු දෙයක් ගැන බලාපොරොත්තුව බලාපොරොත්තුවක් නොවන බවය. මනුෂ්‍යයෙකු පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තු වන්නේ මන්ද? පාවුල්තුමා මෙහිදී ප්‍රකාශ කරන්නේ ඔබ ලබාගත් හෝ අත්දකින ලද යමක් ගැන ඔබ තව දුරටත් බලාපොරොත්තු නොවන බවය උදාහරණයක් ලෙස ඔබ පුද්ගලයෙකු හමුවීමට බලාපොරොත්තුව සිටින අතර එම පුද්ගලයාව මුණ ගැසිමෙන් පසු එම බලාපොරොත්තුව අවසන් වේ. ඔබ මනුෂ්‍යයෙකු සමඟ මුහුණට මුහුණ සිටින විිට ඔහුව හමුවීමට බලාපාපොරොත්තු වෙනවා නොව ඔබ එම මනුෂ්‍යයාව දකිනවා ඇත. මෙම ප්‍රතිපත්තිය දිනපතා ඡිවිතය පිළිබඳ සැබෑ වන ආකාරයට අපගේ ගැලවීම සම්බන්ධව එසේ නොවේය. දේව වචනයේ බොහෝ නව ගිවිසුමේ කොටස් මෙම කරුණ පිළිබඳ පොර බදින අය වෙනුවෙන් ලියා ඇත. ඔබට අනාගතයේ ලැබෙන දෙයක් වර්තමානයේ ඔබගේ අතේ තබාගත නොහැකිය. එබඳු බලාපොරොත්තු වන දෙය ඔබගේ අතේ රඳවා තබාගත නොහැකිය. එය ඔබ සන්තකව ඇත්නම් හෝ ඔබ දකින්නේ නම්, එය තව දුරටත් බලාපොරොත්තු වන්නේ කවරෙක්ද? 2 කොරින්ති 5:7 සඳහන් කරණ ලෙස අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇඳහීමෙන්ය.
මෙම ප්‍රතිපත්තිය තේරුම් ගැනීමෙන් අප මෙම ලෝකයේදිී අපට මුහුණදීමට සිදුවන කිසිවක් ගැන පුදුමයට පත් නොවමු. අපි කිතුණුවන් නිසා අපි යම් මැඡික් හෝ ගුප්ත ලෝකයක ඡිවත් නොවෙමු. මෙම පාපිී ලෝකය තුල මාංශයෙන්, ලෙයින් සෑදුන මනුෂ්‍යයින්ට මුහුණ දීමට සිදුවන දුෂ්කරතාවලින් අප වෙන් කිරීමට පොරොන්දු වී නැත. අපි ඡිීවත් වන්නේ දුෂණය වු දිරාපත් වන්නාවු ලෝකයකය. එය වැටුනාවු පාපිෂ්ඨ ලෝකයකි. අපගේ බලාපොරොත්තුව යම් දිනක ක්‍රිස්තුස්වහන්සේගේ පැමිණිමේදී උන්වහන්සේ අප මෙම පාපිෂ්ඨ ලෝකයෙන් සහ එහි කරදර වලින් සෝදිසිවලින් පිීඩාවලින් නිදහස්කර ගන්නා බවය. අපි තවම එය දැක නැත. නමුත් අපට ස්ථිරවු බලාපොරොත්තුවක් ඇත. එහි ප්‍රතිඵල වශයෙන් අප අවබෝධ කරගත්තේ වර්තමාන ලෝකයේ දුෂ්කරතා හා පීිඩා පැමිණෙන්ට තිබෙන ලෝකයේ එළිදරව් වන මහිමය සමඟ සමාන කරන්නට නොවටින බවය. අපි ඡිීවත් වන්නේ පෙනීමෙන් නොව ඇදහිල්ලෙන්ය.
අපි මෙම අභාව වාචක අශුභවාදිී තර්කය තේරුම් ගන්නේ නම් එය මෙම ලෝකය තුල ඡිීවත්වීමේදිී ඇතිවන දුෂ්කරතා පිළිබඳ මවිතයට පත්වීමෙන්, අධෛර්්‍යයට පත්වීමෙන් වලකනවා ඇත. ධනාත්මක හෙවත් සුභවාචි ප්‍රකාශය 25 වැනි පදයේ සඳහන් වේ. නමුත් අපි නොපෙනෙන දේ ගැන බලාපොරොත්තු වෙමු නම් ඉවසිල්ලෙන් ඒ ගැන බලා සිටිමුව. මෙය ප්‍රතිපත්තිමය වශයෙන් ඡිීවිතයේ සැම අංශයක් පිලිබඳවම සත්‍ය කරුණකි. අපට යමක් පොරොන්දු වී ඇතිනම් එම පොරොන්දුවු දේ ඒවන තුරු ලැබී නොමැති නම්, අපි එය ලැඛෙන තුරු බලා සිටිමු. උදාහරණයක් ලෙස අප වෙන කෙනෙකු ත්‍යාග පාර්සලයක් එවා ඇති බවට ගුවන් තැපැල් ලිපියක් එවා ඇතැයි සිතමු. ඔබ ඔබවම හික්මවා ගනිමිින් ඒ ගැන බලාසිටිිනවා ඇත. ඔබගේ ආකල්පය වන්නේ ඔබට එවා ඇති ත්‍යාග පාර්සලය ලැබීමට යම් කාලයක් ගතවන බවය.එය පැමිණෙන තුරු ඔබ ඉවසිල්ලෙන් සිටීම සඳහා ඔබවම සකසා ගන්නවා ඇත. මෙය අපගේ ක්රිස්තුස්තියානි ඡිවිතයට හා අත්දැකීමට අදාළ කර ගනිමු. මෙම වර්තමාන නපුරු ලෝකය තුල කිතුණුවාගේ අත්දැකිම පිළිබඳ මෙය සත්‍යයය. අපගේ දේව වාක්‍ය කොටස අපට අවවාදයකි. එහි ප්‍රතිපත්තිය මෙයය. ඔබ බලාපොරොත්තු වන්නේ වර්තමානයේ ඔබට නොපෙනෙන දෙයකි. නමුත් ඔබ ඒ සඳහා ඉවසිල්ලෙන් බලාපොරොත්තු විය යුතුය. එය කුමන ආකාරයේ අනුශාසනයක්ද? උනන්දු කිරිමක්ද? එය මහත් සැනසිල්ලකි. එය ධෛර්්යයකි.
කිතුණුවන් ලෙස වර්තමාන නපුරු ලෝකය තුල අපි කුමක් කල යුත්තෙමුද?
අපට දී ඇති නියෝගය අපට නොපෙනෙන දේ ගැන බලාපොරොත්තුව සිටින ලෙසය. මෙය සුභවාදි අවවාදයකි. අපි ලෝකය තුල තිඛෙන ශෝකාන්ත කණගාටුදායක දේ පිළිබඳව දකින්නෙමු. පාපය බහුලවන බව, කැරළි ගැසීම වැඩිිවන බව දකින්නෙමු. අපට ඒ පිළිබඳ කිසිවක් කල නොහැකි බවට සිතන්නෙමු. පාර්ලිමෙන්තු පණත් වලට එම තත්වය සහමුලින් වෙනස් කල නොහැකිය. කිතුණුවා මුහුණ දෙන අනතුරු ආකල්පය පිළිබඳ සම්පුර්ණ අභාවවාචිකය. ඔවුන්ට නපුරු ලෝකයෙන් ඉවත්වීමට වුවමනා වේ. අපගේ ආශාව විය යුත්තේ ශරීරයෙන් මිදීමට නොව ස්වාමින්වහන්සේ සමඟ සිටීමය. අපි සුභවාදි වෙමු. අපි එම නපුරු ලෝකයේ ඡීවත්වන කාලය දීර්ඝ බවට අපට සිතෙනවා ඇත. අපගේ මහත්ම ආශාව යේසුස්වහන්සේ සමඟ සිටීමය. පාවුල්තුමා තමන් පිලිප්වරුන්ට ලියු ලිපියේ එම ආශාව සඳහන් කරයි.
මම ස්වාමින්වහන්සේව දැනගන්නා පිණිස ක්‍රිස්තුස්වහන්සේ තුල දෙවිියන්වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම් පල කරා දුවමි. (පිලිප්පි 3:14) අපි ගමනේ යමින් සිටිිමු. අපි දිනුම් පල කරා යමින් සිටිමු. අපගේ ත්‍යාගය වෙත යමින් සිටිමු. අපගේ දේව වාක්‍යය කොටසේ අවසන් කොටස ප්‍රකාශ කරන්නේ ඉවසිල්ලෙන් බලාසිටීම ගැනය. එහි සඳහන් කරන්නේ ඉවසිල්ලෙන් ඒ ගැන බලාපොරොත්තුවීම ගැනය. එහි අවධාරණය කරන්නේ ඒ ගැනය. එනම් අපි බලාපොරොත්තු වන මහත් සිදුවීමය. අපි ඒ ගැන මහත් ඕනෑකමින් බලාසිටිින්නෙමුව. ඒ ගැන බලාපොරොත්තුව තුළ අපි බොහෝ දේ ගැන බලාපොරොත්තු වන්නෙමු. පැමිණීමට පොරොන්දුවූ, ඒ වන තුරු නොපැමි, මිත්‍රයෙකු ගැන බලාසිටීම, ප්‍රමාදවු දුම්රියක් පැම්ණෙන තුරු බලා සිටිම, අයහපත් කාලගුණය ඇති දවසක කුඩා දුම්ිරිය පොළක එබඳු ලෙස ප්‍රමාදවු දුම්රියක් පැමිණෙන තුරු බලාපොරොත්තු වන බව සැබෑය. නමුත් එම අත්දැකීම කෙසේද? නමුත් අපගේ දේව වාක්‍යය අපට පොරොන්දුව ඇත්තේ එබඳු දෙයක් නොව ඉතා ප්‍රීතිමත් කරුණක් පිළිබඳවය. බලාසිටීම, ඉතා උනන්දුවෙන් බලාසිටීම අපි බලාපොරොත්තුවෙන් ප්‍රීති වෙමු. එය ඕනෑකමින් බලාසිටීමකි. එය කණගාටු දෙයක් සඳහා බලාසිටීම නොව ප්‍රීතිමත් අවස්ථාවක් සදහා බලා සිටීමක්ය. මළමිණියක් ගෙදරට ගෙන ඒම ගැන බලාසිටීම හා මංගල යුවලක් ගෙදරට පැමිණිම, විදේශ රටක සිට තම ප්‍රියවු අය පැමිණිම බලා සිටීම සංසන්දනය කරන්න. මැවිල්ල, එහි මිදීම උනන්දුවෙන් බලා සිටි ආක්‍රමණය කරනු ලැබු නගරයක් යුද්ධයකදී එහි මිදිම සඳහා උපකාර හමුදාවක් පැමිණිම ගැන බලාසිටිම ගැන සිතන්න. අපි එම භාග්‍යවත් බලාපොරොත්තු උදෙසා බලාසිටින්නෙමු. අපි පැමිණෙන මහිමය ගැන උනන්දුවෙන් ඕනෑකමින් බලාසිටින්නෙමු දැයි අපගේ සිතත් විිමසා බලමු. ආශාවෙන් බලාසිටිමිින් ස්වාමින් ඉක්මනින් වැඩිය මැනවයි මොරගසන්නෙමුද? ස්වාමිවු යේසුනී ඉක්මනින් වැඩිය මැනවයි මොරගසන්නෙමුද? ඉවසිල්ලෙන් ඒ ගැන බලාපොරොත්තු වෙමු. එනම් ඉවසිල්ලෙන් ඒ බලාපොරොත්තුව දරා සිටිය යුතුය. ඒ ගැන බලා සිටීම විඩාවක් මහන්සියක්, යයි සිතා එය අත් නොහල යුතුය. ඒ ගැන බලාසිටීිමෙන් වෙහෙසට පත්වී යයි නොසිතිය යුතුය.
ඉවසිලිවන්තකම බලවත් ක්රිස්තුස්තියානි ගුණයකි. සමහර ඡනයා කලබල නොවෙති. එසේ වන්නේ ඔවුන් ඉවසිලිවන්ත නිසා නොව ඔවුන් ඒ ගැන කිසිදු උනන්දුවක් ඔිනෑකමක් නැති බැවිනි. එය ඔවුන්ට පොළඹවන සුලු නොවෙිය. පාවුල්තුමා රෝම 5 පරිචිඡේදයේ මෙසේ ප්‍රකාශ කරයි. ඉවසිල්ලෙන් සහතිකකමද සහතිකකමෙන් බලාපොරොත්තුවීමද උපදින බව දැන අප විිදින පීඩාවලදී ප්‍රීතිමත් වෙමු. (රෝම 5:4)
ඔබ බලාපොරොත්තුවෙන් ආරම්භ කර ඇත. බලාපොරොත්තුවක් නැතිව ඉවසිල්ල නැත. කිතුණුවාට බලාසිටීිමට බලාපොරොත්තුවීමට යමක් ඇත. ඔහු ඒ ගැන ඉවසිල්ලෙන් බලා සිටී. මෙි ඡිවිතයේ අත්දැකීමෙන් ඔහුගේ ඉවසිල්ල වර්ධනය වේ. එලෙසම ඔහුගේ බලාපොරොත්තුව වර්ධනය වේ. සමබරතාවය මෙයය. ඉවසිලිවන්තකම කිතුණු සමබර, සමතුලිත මනුෂ්‍යයෙකි. ලෝකය තුල මනුෂ්‍යයා ඉක්මන්කාර උනන්දු හෝ නිෂ්චල, ඉවසිලිවන්ත අයෙකි. මේ දෙකින් එකක් විිය යුතුය. නමුත් කිතුණුවා උනන්දු හා ඉවසිලිවන්ත වර්ගයේ අයෙකි. ආශාවෙන් බලාපොරොත්තුවෙන් ඒ ගැන බලා සිටින අතර ඉවසිල්ලෙන් බලාසිටින්නෙකි. අපට ඇත්තේ කුමන අනාගත බලාපොරොත්තුවක්ද? කිතුණුවෙනි ලෝකය ගැන සිතන්න. එය නපුරා තුල ඇත. එය දුෂ්‍යව, පිළිකුල්ව, නපුරුව, ඇත. ඔබට සිදුවු දේ ගැන සිතන්න. ඔබ ක්‍රිස්තුස්වහන්සේ සමඟ නැගිටුවනු ලබා ඇත. උන්වහන්සේ තුල ස්වර්ගයෙන් ඉහළ තිබෙන දේ කෙරෙහි ඔබගේ ආශාව යොමු කරන්න. පැමිණෙන මහිමය ගැන සිතන්න. අලූත් ශරීරයක් ලැබීම ගැන සිතන්න. යේසුස්වහන්සේව දැකීම ගැන සිතන්න. යේසුස්වහන්සේ මෙන් මාරු වීම ගැන සිතන්න. යේසුස් වහන්සේ සමඟ සදාකල් වාසය කිරීම ගැන සිතන්න. කදුළු සුසුම් නැත. ප්‍රශ්ණ ගැටළු නැත. වෙන්වීම නැත.
මක්නිසාද මෙම වර්තමාන කාලයේ දුක් වනාහි අප කෙරෙහි එළිදරව් කරනු ලබන්නාවු මහිමයට සමාන කරනු ලබන්නට නොවටී යයි සිතමි. (රෝම 8:18)
සමාප්තිය/ නිමාව
1929 දී ස්වාමින් වහන්සේ වෙතට කැදවාගත් වේල්ස්හි දේශකයෙකු ගැන මෙසේ කියා ඇත. එම දේශකයාගේ මව ස්වාමින්වහන්සේ වෙතට කැදවාගත් පසු ඔහු තම මවගේ ලියවිලි පොත් පත් පිරික්ෂාකර බැලීය. පැරණි පොතක තිබුණු එක් කඩදාසියක් ඔහුට හමුවිය. ඔහුගේ සහෝදරිය විසින් එහි යමක් ලියා තිබුනේය. එම කාලයේ ඇගේ වයස අවුරුදු 10ක් 12ක් පමණ ඇත. ඇගේ පියා ස්වාමින්වහන්සේ වෙතට කැදවාගන්නා අවස්ථාවේදී මෙම කුඩා දැරිය විසින් මෙම වචන ලියා මෙම පොතෙහි අද තාත්ති අපෙන් වියෝවූවා. ඔහු දේව දරුවන්ගේ මහිමයට නිදහස්කමට ගොස් ඇත.(මේ පදයේ පසුබිිම සඳහා රෝම 8:21 බලන්න.)
1960 ගණන් වලදී අවුරුදු 10 -12 දැරිය විසින් මෙය ලියා තිබුනි. කොපමණ පුදුමද? කොපමණ භාග්‍යවන්තද? එම පවුල ඡීවත්වුන පරිසරය එයාකාර විය. මෙය ඡයග්‍රාහි ක්‍රිස්තියානි ඡිවිතයයි. මෙය ඥාණික දැනගැන්මක් පමණක් නොවේය. මෙය ආත්මික අත්දැකීමකි.
බලාපොරොත්තුව -බලාපොරොත්තුවෙන් ප්‍රීතිමත් වන්නා එම භාග්‍යවත් බලාපොරොත්තුව කෙරෙහි බලාසිටිියි.
For Download..............................
For Download................Link 2
For Download..............................
For Download................Link 2
No comments:
Post a Comment