විවිධ ක්‍රිස්තියානී සභාවන් බොහොමයක් ඇති
ලෝකයේ, කිතුනුවා
මුහුණ දෙන එක් ප්‍රධානතම ප්‍රශ්නයක් වනුයේ " මම අයිති සභාව කුමක්ද? " යන්න ගැනය. ඒ
සඳහාවන ඉතා පැහැදිළි කෙටි පිළිතුර වන්නේ,අපි සැවොම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවට
අයත්වූවන් බවයි.
කිතුනුවාගේ උතුම් අරමුණ වන්නේ සදාකාලික
ජීවනයයි.ඒසඳහාවන මාර්ගය වන්නේ ක්‍රිස්තුස් වහන්සේය.මාර්ගයද,සත්‍යයද,ජීවනයද
උන්වහන්සේමය.
එබැවින් සභා නාමයන් හෝ සභා නිලතල වැනි මේලෝකයට අයත් කිසිවකින් අපගේ
උතුම් අරමුණ වූ සදාතනික ජීවමය උරුමය ලබා ගැනීමට නොහැකිය.
දෙවියන්වහන්සේ ප්‍රේමයයි.එබැවින් ඔබත් මමත්
අයිති ප්‍රේමනීය දෙවියන්වහන්සේගේ සභාවටය.විවිධත්වයන් තුළ ඒකාත්මිකව සදාතනයේ රහස
අල්වාගෙන පසුපස නොබලා ඉදිරිය දෙස බලා අපගේ දිවීම ජයග්රහනයෙන් කෙළවරකර ගනිමු.
අසේල ගුණරත්න
No comments:
Post a Comment