ජේසුස් කි්රස්තුස්වහන්සේ වෙතට අන් සෙනඟ ගෙන ඒමෙන් කිතුණුවා ලබන පී‍්‍රතිය අති මහත්ය. "මගේ දරුවන් සත්‍යතාවෙහි මාර්ගයේ හැසිරෙන බව ඇසීම මට ඉතා පී‍්‍රතියක් යැයි" (2 යොහාන් 4) ශූ: යොහාන් තුමා පවසා ඇත. මිනිසුන් ජීවිතයේ තෘප්තියක් සොයයි. නමුත් කෙනෙක් තමාගේ පාප මාර්ගය අතහැර ජේසුස් කි්රස්තුස්වහන්සේ ලඟට විත් එතුමාණන්ගේ මාර්ගයේ ගමන් කරනවා දැකීම කොතරම් තෘප්තියක් ගෙන දෙන්නක්ද?
7. ආත්ම දිනා ගැනීමෙන් දෙවියන්වහන්සේගේ සදාකාලීක දීමනා ලබාගත හැකිය.
ආත්ම දිනන්නා ඥාණවන්තයෙක්ය. (හිතෝපදේශ 11:30) "නුවණ ඇත්තෝ ආකාශයේ දීප්තිය මෙන්ද, බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවා ගන්නෝ තාරකා මෙන්ද, සදාකාලයටම බැබළෙන්නෝය." (දානියෙල් 12:3) මෙය දේව පොරොන්දුවකි.
කාලයත් සමඟ නැතිවී යන ප්‍රසිද්ධිය සහ සදාකල් නොනැවතී විනාශවන ධනය උදෙසා මිනිසුන් කරන කැපවීමත්, දරන වෙහෙසත් ගැන ශූ: පාවුල්තුමා මෙසේ කියති; "පෙනෙන දේ කාලිකය. නොපෙනෙන දේ සදාකාලිකය." (2 කොරින්ති 4:18)
ආත්ම දිනන්නාගේ ත්‍යාගය සදාකාලීකය. සෑම කි්රස්තියානි කාරයෙකු යේසුස් කි්රස්තුස්වහන්සේ නැමැති අත්තිවාරම මත ගොඩනැෙඟමින් පවතී. මේ ගොඩනැඟීම, රන් රිදී, අනර්ඝ ගල්, ලී තෘණ හෝ පිදුරු වලින් විය හැකිය. අප දිනාගන්නාවු ආත්ම අනර්ඝ ගල් මෙන් සැලකිය හැකිය. විනිශ්චයේදී අපගේ කි‍්‍රයා ගින්නෙන් පරික්ෂා කරනු ලැබේ. ගින්නට ඔරොත්තු දෙන දේ පමණක් ඉතිරි වේ. (1කොරින්ති 3:9-16) එසේම "නුඹලාත් ලබා ගන්නා පිණිස දුවපල්ලා" (1 කොරින්ති 9:24)
8. ආත්ම දිනා ගැනීමෙන් සභාව වර්ධනය වන අතර, එහි නිරෝගී බවද රැුකේ
බොහෝ සභාවන් ආත්ම දිනාගැනීමක් නැති නිසා වර්ධනයක් හෝ ඉදිරි ගමනක් හෝ නැතිව සිටි තැනම මුල් බැස හෝ බොහෝ විට පසු බෑමකින් යුතුව පවතී. මෙයට හේතුව වන්නේ එහි සාමාජිකයන් තුල ජේසුස් කි්රස්තුස්වහන්සේ ගැන සාක්ෂි දැරීම සඳහා උද්යෝගයක්, ජ්වලිතකමක් නැති වීමයි. මොවුන් බොහෝ විට ශුභාරංචිය කීමට වඩා සමාජ සේවයට මුල් තැනදී කටයුතු කරයි. එවිට ආත්මික දේ අඩපන වීම ස්වභාවික වන්නේය.
9. මුළු ලෝකයේම ශුභාරංචිය පැතිර වීමට නම් සෑම කි්රස්තියානිකාරයෙක්ම ආත්ම දිනාගත යුතුය.
දෙවියන්වහන්සේගේ මහත් වු ගැලවීමේ පරමාර්ථය නම් සෑම මිනිසෙකුම ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේගේ ස්වරූපයට සමාන වීමයි. (රෝම 8:29) සියළු මිනිසුන් කි්රස්තුස්වහන්සේ හා සමාන වීමට නම් ඔවුන් ශුභාරංචිය අසා එය අදහාගත යුතුමය. මෙසේ වන්නට නම් යම් කෙනෙක් ඔවුන්ට ශුභාරංචිය ගෙනයා යුතුය. මෙම කාර්යය මාර්ග කීපයකින් සිදුවෙමින් පවතී. හතලිස් දහසක් පමන මිෂනාරිවරු මේ සඳහා තම ජීවිතය දෙවියන්වහන්සේට කැපකර ඇත. එමෙන්ම දේශිය කිතුණුවෝද දහස් ගණනින් තම රටෙහි ශුභාරංචිය ප්‍රකාශ කරති.
ශුභාරංචි ගුවන් විදුලි විකාශන පනහකින් පමන මුළු ලෝකයේ අස්සක් මුල්ලක්” නෑර ගැලවීමේ පණිවිඩය විසුරුවා හරිනු ලබයි. ටොන් ගණනකින් ශුභාරංචි පති‍්‍රකා සහ දහස් ගණනින් ශුභාරංචි කැසට් පට විවිධ භාෂා වලින් ලොව පුරා බෙදාහැරියද අති විශාල ශුභාරංචි රැුලි පැවැත්වුවද තවමත් භාගයකට වැඩි පිරිසක් යේසුස්වහන්සේ ගැන අසා නැත.
තමන් කි්රස්තියානි රටවල් යැයි කියා ගන්නා බොහෝ දේශවල පවා කෝටි ගණනක් ජනතාව දේව වචනය දන්නේ නැත, කි‍්‍රස්තුස් වහන්සේගේ නාමය දරන බොහෝ දේශවල පවා කෝටි ගණනක් ජනතාව දේව වචනය දන්නේ නැත. කි‍්‍රස්තුස්වහන්සේගේ නාමය දරන බොහෝ දෙනා ශුද්ධාත්මයෙන් නැවත ඉපදීමක් ලබා නැත. මිනිසුන්ට ශුභාරංචිය දීමේ සටනින් අද සභාව පැරදෙමින් සිටියි. ශුභාරංචිය නොඇසු දහසකුත් ජනතාවට දේව වචනය ගෙන යාම සඳහා දෙවියන්වහන්සේ ඔබට අඬගසයි.
කි්රස්තුස්වහන්සේට මුළුමනින්ම කැපව” උන්වහන්සේ උදෙසා ආත්ම දිනන්නකු වීමට ඔබ සුදානම්ද?
10. අපි අන් අය කි්රස්තුස්වහන්සේ වෙතට ගෙන ඒමෙන් උන්වහන්සේ වින්ඳ ගාවිනාවල් වල ප්‍රතිඑල සහිතවු බව සනාථ කරන්නෙමු.
කි‍්‍රස්තියානින් වු අප ආත්ම දිනාගත යුතු ප්‍රධාන හේතුව නම් උන්වහන්සේ තමන් වහන්සේගේ ආත්ම වේදනාවේ එල දැක තෘප්තියට පැමිණෙන බැවිනි. (යෙසායා 53:10-11) මෙම බයිබල් පාඨය පදනම් කරගෙන ව්මසනු ලැබුවාවු බැටළු පැටවාගේ වේදනාවේ පල ලබන පිණිස ආත්ම දිනාගනිමු යන්න ආදර්ශ පාඨය කරගනිමින් මොරාවියන් සභාව කි‍්‍රස්තුස් වහන්සේගේ වචනය මුළු ලොව පුරා ගෙන ගියේය.
ශුභාරංචි සඳහා ඔවුන්ගේ කැපවීම කෙතරම්ද කීවොත් එම සභාවේ සෑම සාමාජිකයන් අනු දෙදෙනෙක්ගෙන් එක්කෙනෙක්ම ශුභාරංචිය සඳහා යවනු ලැබේ. මිෂනාරිවරුන් දහස් ගණනින් යවන රෙප්රමාදු සභාවල පවා යවනු ලබන්නේ තම සාමාජික අනුපාතයෙන් තුන්දහකට එක්කෙනෙක් පමණි.
නමුත් මොරාවියන් සභාව තම දේශීය මිෂනාරිවරුන් මෙන් තුන්ගුණයක් විදේශීය ශුභාරංචි සේවය සඳහා යොදවා ඇත. මෙයින් හැෙඟන්නේ අප කි්රස්තුස්වහන්සේව හරියාකාරව දැන ගත්තා නම්, උන්වහන්සේට අවංකව ආදරය කරනවා නම්, අන් අයවද උන්වහන්සේ වෙතට ගෙන ඒමට අප ඉබේම නැඹුරු වන බවය. අපි යේසුස්වහන්සේ උදෙසා සාක්ෂි දැරීම, උන්වහන්සේ උදෙසා එල දැරීම, එතුමාණන් උදෙසා කථා කිරීම, දෙවියන්වහන්සේගේ උතුම්වු කැමැත්ත නමුත් බොහෝ දෙනා සාක්ෂි නොදරමින්, එල නොදරමින්, නිශ්ශබ්දතාවය රකිමින් දේවකැමැත්තට එරෙහිව සිටිති.
බොහෝ දෙනා අන් අයට යේසුතුමන් වෙතඒමට ආධාරයක්ව නොව බාධකයක්ව සිටිති. බොහෝ කි‍්‍රස්තියානින් ස්ථිර සාක්ෂිකාරයෝවත්, නොකඩවා ආත්ම දිනන්නෝවත් නොවන බව ඉතා පැහැදිලි කරුණකි. මෙසේ වන්නේ ඇයි?
No comments:
Post a Comment