ඔබ ආත්ම දිනන්නකු විය යුතු බවට දිරිගන්වන කරුණු දහයකි
1. බොහෝ මිනිසුන් අන්ධකාරයේ අනාථව සිටිතිි
කි‍්‍රස්තුස් වහන්සේ තුළ නොසිටින සියළු දෙනාම නැතිවී ඇතැයි ශු: බයිබලය ඉතා පැහැදිලිව උගන්වයි. "පුත්‍රයාණන් වහන්සේ ඇත්තාට ජීවනය ඇත. දෙවියන්වහන්සේගේ පුත්‍රයා නැත්තාට ඒ ජීවනය නැත." (යොහාන් 5:12)
"උන්වහන්සේ කෙරෙහි අදහන්නා විනිශ්චය කරනු නොලැබේ. අදහා නොගන්නා දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහා නොගෙන සිටින බැවින් දැනටම විනිශ්චය කරනු ලැබ සිටියි." (යොහාන් 3:18)
"පුත්‍රයාණන් කෙරෙහි අදහන්නාට සදාකාල ජීවනය ඇත. නමුත් පුත්‍රයාණන්ට කීකරු නොවෙන්නා ජීවනය නොදක්නේය. දෙවියන්වහන්සේගේ උදහස ඔහු කෙරෙහි පවතී." (යොහාන් 3:36)
2. විනාශ වන්නාගේ ඉරණම ප්‍රකාශව තිබෙන බැවින් ඔබ ආත්ම දිනන්නකු විය යුතුය
කි‍්‍රස්තුස් වහන්සේ ප්‍රතික්ෂේප කරන කවරකු නමුත් සදාකාල නිරයෙහි දුක්විඳින බව ශු: බයිබලය ඉතා පැහැදිලිව උගන්වයි. "දුෂ්ඨයෝ” එසේය දෙවියන්වහන්සේ සිහි නැති කරන සියළු ජාතීහු ෂෙයොලයට හැරී යන්නේය. (ගීතාවලිය 9:17)
නිරය වනාහී නොනිවෙන ගින්නක් බව ස්වාමින්වහන්සේ ප්‍රකාශ කල සේක. "නිරයේදී ඔවුන්ගේ පණුවා නසින්නේවත්” ගින්න නිවෙන්නේවත් නැත." (මාර්ක් 9:48)
ධනවතා මිය ගොස්” වැලලූවායින් පසුව ඔහුගේ ආත්මය නිරයේ සිට මහත්වු වේදනාවෙන් නෙත් ඔසවා ඉහළ බැලූවිට ස්වාමින්වහන්සේ ප්‍රකාශ කල සේක. (ලූක් 16:22,23)
නමුත් භය ඇත්තන්ටත්, අවිශ්වාස කරන්නන්ටත්, පිළිකුල්ව සිටින්නන්ටත්, මිනීමරුවන්ටත්, මායාකාරයන්ටත්, රූපවන්දනා කරන්නන්ටත්, සියළු බොරුකාරයින්ටත්, ගින්නෙනුත් ගෙන්දගමිනුත් දැවෙන විලෙහි තමන්ගේ කොටස වන්නේය. එය දෙවෙනි මරණයයි. කීසේක." (එළිදරව් 21:8)
යන්නෙන් තව දුරටත් ශූ: බයිබලය අපට නිරයේ ස්වභාවය ගැන අනතුරු අඟවයි. යම් කෙනෙකුට ගින්නකට අසුවී මිය යන්න නොදී වලක්වා ගන්නා පිණිස අපි උත්සාහ කරන්නේ යම්සේද, ඊට වඩා උපරිම ශක්තියකින් අප සතු මුළු වැර යොදා සදාතනික ගින්නට අසුවී සදාතනික මරණයෙන් කෙනෙකු ගලවා ගැනීමට අපි යත්න දැරිය යුතු නොවේද?
3. අන් අයට සාක්ෂි දැරීම අප සතු විශාල වගකීමකි
මිනිසුන් කි්රස්තුස්වහන්සේ වෙතට ගෙනඒම අප සතු වරප්‍රසාදයක් පමණක් නොව එය අපට දී ඇති වගකීමකි.
දෙවියන්වහන්සේ මිනිසුන් උන්වහන්සේ සමඟ සමඟි කිරීමේ කාර්යභාරය අපට දී තිබේ. (2 කොරින්ති 5:19)
සෑම කෙනෙකුටම ශුභාරංචිය දේශනා කරන ලෙස, ස්වාමින්වහන්සේ අපට අණකර තිබේ. (මාර්ක් 16:15)
මධ්‍යම රාති‍්‍රයේදී ඔබ නින්දෙන් පිබිදුන විටක ඔබේ අසල්වැසියාගේ නිවස ගිනිගන්නවා දුටුවොත්, එය මට අයිති දෙයක් නොවේ යැයි කියා නැවත හැරී නිදාගන්නෙහිද? නැත, මා වහා පිබිද මගේ අසල්වැසියා හා ඔහුගේ පවුල මුදාගන්නට මට කල හැකි සියල්ල කරන්නෙමි.
එමෙන්ම කෙනෙක් අපාගතවන හැටි බලාගෙන එය මගේ වැඩක් නොවේයැයි කියා ඉවත බලාගන්න මට පුළුවන්ද? මිනිසා මුළු ලෝකය ගලවා ගන්න සමත්වු යේසුස් කි‍්‍රස්තුස් වහන්සේට කැමති පරිදි පාවිච්චි කිරීම සඳහා අප මුළුමනින්ම උන්වහන්සේට යටත් විය යුතු වෙමු.
4. කි‍්‍රස්තියානින් ඔවුන් දෙන සාක්ෂිය පිළිබඳව දෙවියන්වහන්සේට ගණන් දිය යුතුය
සාක්ෂි දීමේදී ඒ ගැන වගකීමක් පමණක් නොව තම සාක්ෂිය ගැන ගණන් දීමක් කල යුතුව ඇත.
"එහෙයින් අප එක් එක්කෙනා තම තමා ගැන දෙවියන්වහන්සේට ගණන් දෙනවා ඇත." (රෝම 14:12)
"මරණයට ගෙනයනු ලබන්නන් ගලවා ගනින්න” අපි මෙය නොදත්තෙමුයි නුඹ කියන්නෙහි නම් සිත් කිරා බලන තැනන්වහන්සේ එය නොබලන සේක්ද? (හිතෝපදේශ 24:11”12)
අප දෙවියන්වහන්සේගේ අනුග්‍රහය කරණකොටගෙන කි‍්‍රස්තුස් ජේසුස්වහන්සේ තුළ ඇදහිල්ලෙන් ගලවනු ලැබු නමුත් අප විනිශ්චය කරනු ලබන්නේ අපගේ කි‍්‍රයා අනුවය. (රෝම 14:10” 2කොරින්ති 5:10)
අප විසින් සාක්ෂි නොදැරීම නිසා විනාශවන්නන්ගේ ලෙයට කුලිය අප අතින් අයකරනවා ඇත. (එසකියෙල් 33:8” කි‍්‍රයා 20:26)
5. අන්ධකාරයේ වුවන් ජේසුස් කි්රස්තුස්වහන්සේ තුලට ගෙන ආයුතුමය. එවිට ඔවුන් තමුන් උදෙසාවු දේව සැලැස්ම දැන ගන්නවා ඇත.
මොහොතකට නිරය සහ ස්වර්ගය ගැන සිතීම නවත්වා, දැන් පවතින වර්තමාන ජීවිතය ගැන සිතන්න. මුළු ලෝකය පුරා පාපයේ ඇලී ගැලී අසරණව අවමානයට ලක්ව, ජරාවට පත්ව, භයින්, ජීවත්වන දහසකුත් ජනයා ගැන සිතන්න. මිනිස් සිරුර කුස ගින්නෙන් පීඩිතවද, ඔවුන්ගේ හදවත් ඊර්ෂ්‍යා ක්‍රෝධයෙන් පුර්ණවද පවතී.
නොදියුණු ම්ලේච්ජ සමාජයන් දෙස බැලූවත්, නුතන ලෝකයේ දියුණු සමාජ දෙස බැලූවත්, මිනිසුන් ජීවත්වන භයංකර තත්වය විස්තර කිරීම ඉතා උගහටය. මොවුන්ට බලාපොරොත්තුවක් හෝ දෙවිකෙනෙක් නැත. නමුත් ඔවුන්ටද ගැලවුම්කාරයෙක් අවශ්‍යය. එම ගැලවුම්කරුවාණන් වු ජේසුස් කි්රස්තුස්වහන්සේ තුලින් දැනගත හැකි දෙවියන්වහන්සේගේ පේ‍්‍රමය ගැන ඔවුන්ට කියාදීමට කෙනෙක්ද අවශ්‍යය.
එකිනෙකා සඳහා විශේෂ සැලැස්මක් දෙවියන්වහන්සේ තුල ඇති බව දැන ගැනීමෙන්, කි්රස්තුස්වහන්සේ තුළ පී‍්‍රතිය හා සමාදානය ලබා ගැනීමට ඔවුන්ට හැකි වන්නේය. දුප්පත් වේවා, පොහොසත් වේවා, නොදියුණු වේවා, දියුණු වේවා, හැම කෙනෙකුටම ගැළවුම්කරුවෙක් අවශ්‍යය.
ධනවත් යැයි හෝ දියුණු යැයි කියන බොහෝ දෙනා අද කාලකණ්නී ජීවිත ගත කරති. මක්නිසාද ද්‍රව්‍යමය දේ වලින් මිනිස් සංතානයේ නැගෙන ආශාවන් තෘප්තිමත් කල නොහැකිය. මේ නිසා සෑම පංතියකම අයට දිව්‍ය ගැලවුම්කාරයාණන් අත්‍යාවශ්‍යය.
No comments:
Post a Comment