සාතන් විසින් මනුෂ්‍යයින් අන්‍ය භාෂාවෙන් කතාකිරිමෙන් වැළැක්වීම සඳහා බලවත් වැරදි අවබෝධයන් දෙකක් යොදාගනී. පළමු දෙය නම් ඔවුන් විශ්වාස කරන්නේ ශුද්ධාත්මයාණෝ අන්‍ය භාෂාවෙන් කතාකිරිමට යන බවය, නමුත් එය සත්‍ය නොවේ. දෙවන කරුණ නම් ඔවුන් මාංශයෙන් කතාකිරිමට පොළඹවේය යන අනතුරු ඇඟවීමය. යමෙක් අන්‍ය භාෂාවෙන් කතා කිරිමට ආරම්භ කරන විට සාතන් ඔවුන්ගේ කණට කොදුරා මෙසේ කියයි: ”දැන් නතර කරන්න, නතර කරන්න, ඔබ මාංශයෙන් කතා කිරිමට සුදනම් වෙනවා, ඒ කරන්නේ ඔබයි.” බොහෝ විට මනුෂ්‍යයා කතා කිරිම නතර කරයි.
එවිට සාතන් මෙසේ කියයි බලන්න, බලන්න, මම ඔබට කීවා, ඒ ඔබයි. එය ශුද්ධාත්මයාණෝ නොවේය. ඔබට ඕනෑම විටක නතර කළ හැකිය. බොහෝ ජනයා එම අවස්ථාවේදී නතරවේ. ඔවුන් එම යෝජනාව දෙවියන්වහන්සේ ගෙන් යැයි සලකයි. නමුත් එය පැමිණියේ ආත්මවල සතුරාගෙන්ය. මෙසේ වුවද කතා කිරිම තමාගේ පාර්ශවයේ බව මනුෂ්‍යයා අවබෝධ කරගනා විට ශුද්ධාත්මයාණෝ සිදුකරනු ලබන්නේ කතාකිරිමට මඟපෙන්වීම බව අවබෝධ කරගත් විට ඔහුට නොබියව කතාකළ හැක. දෙවියන්වහන්සේ ඔහුට හෝ ඇයට කතාකිරිමට පොළඹවනු විට එය වැළැක්වීමට උත්සාහ කරන්නේ සාතන් බව අවබෝධ කර ගත යුතුය.
කතාකිරිම සිදුකරන්නේ ශුද්ධාත්මයාණන් නොවන බවට සාක්ෂියක් දෙවියන්වහන්සේ ගෙන් වචනය 1කොරින්ති 14 සඳහන්වේ. එහි කතා කිරිමට සහ නිශ්ශබ්දව සිටීමට නිශ්චිත අවවාදය ඇත. අනාගත වක්තෘගේ ආත්මය අනාගතවක්තෘට යටත් යැයි සඳහන්කොට ඇත. කතා කිරිම කරනු ලබන්නේ ශුද්ධ ආත්මයාණෝ නම් අන්‍යභාෂාව පාලනය කිරිම සඳහා මනුෂ්‍යයාට අවවාද කිරිම ඥණාන්විත නොවේය.
මේ පිළිබඳ ඉතා නිශ්චිත උපදෙස් ඇති බැවින් එය ඔප්පු කරන්නේ කීකරුවීමේ බලය මනුෂ්‍යයා සතු බවය. මෙම කාරණා පැහැදිලි කරගත් විට ශුද්ධාත්මයෙන් පුර්ණත්වය ලබන්නෝ ඉතා පැහැදිලි හා අලංකාර භාෂාවලින් කතා කරති.
මනුෂ්‍යයා හට කතා කිරිමට ශුද්ධ ආත්මයාණන් විසින් පොළඹන්නාවු තවත් මාර්ගයක් වන්නේ ස්වභාවෝත්තර ලෙස ඔහුගේ හෝ ඇයගේ තොල් තුළ වචන සැකසීමට පෙළඹීමය. අපි මොහොතකට කතා කිරිම පිළිබඳව විවිධ කාරණා සලකා බලමු. එවිට අප හට පැහැදිලිව ශුද්ධාත්මයාණන් වහන්සේ කිරිමට උත්සාහ කරන්නේ කුමක්දැයි දැකිය හැක. සියළු කතාකිරිමේ හෙලිකිරිමේ ස්වභාවෝත්තර කතාකිරිමේ විශේෂිත කරුණු දෙකක් ඇත.
(01*අපගේ දිව සහ තොල් තුළ වචනය ඇතිවීමය. දෙවනුව ශබ්දය නිකුත් කිරිමය. ඔබහට ඔබගේ දිවේ සහ තොල්වල වචනය ඇතිකරගත හැක, නමුත් හඬ පැමිණ නැත. ඔබ යම් සභා රැුස්වීමක සිටින්නේ නම් ඔබහට තවත් අයෙකු හට ඔබ නිවසට යන බවට පණිවුඩයක් දීමට අවශ්‍යවන්නේ නම් ඔබ අන්‍යයන්ට බාධාවන ලෙස මහත් හඬින් කතාකරන්නේ නැත. ඔබ කරන්නේ ඔබහට පණිවිඩය දීමට අවශ්‍ය අය දෙස බලා ඔබගේ තොල්වලින් ශබ්ද නොනගා එම පණිවුඩයට අදාල ලෙස තොල් සෙලවීමය. එවිට පණිවුඩය ලබන්නාට ඔබගේ තොල්දෙස බලා සිටීමෙන් එම පණිවුඩය ලැබේ.
ස්වභාවික කතාවෙහි දී මනුෂ්‍යයාගේ සිත මෙම කාරණා පාලනය කරයි. මනුෂ්‍යය මනස විසින් තොල්වල වචන හැඬගන්වයි. ඉන්පසු ශබ්දය පිට කිරිමේ අංශය මඟින් අවශ්‍යය ශබ්දය පිට කෙරේ, නමුත් ස්වභාවෝත්තර කතාවේදී එය එසේ නොවේි. මනුෂ්‍යයාගේ සිත පාලනය කරන්නේ මෙයින් එක් අංශයකි. මනුෂ්‍යාගේ කොටස වන්නේ කතා කිරිමේ ශක්තිය සහ හඬ බලගැන්වීමය. ශුද්ධාත්මයාණන් වහන්සේ කතා කිරිමට මඟපෙන්වීමේ කොටස කරයි, වෙනත් වචනවලින් පවසන්නේ නම් අන්‍යභාෂාවෙන් කතාකිරිම මනුෂ්‍යායා හා ශුද්ධාතමයාණන් අතර කි්රයාවකි. ශුද්ධාත්ම පුර්ණත්වය ලබන්නාවු මනුෂ්‍යයෙකු ඔබ හොඳින් විමසා බලන්නේ නම් ශුද්ධාත්මයාණෝ එම මනුෂ්‍යයා කෙරෙහි පැමිණෙන විට මා දහස්ගණන් පිළිබඳ දැක අනගි ලෙස ශුද්ධාත්ම මෙහෙය වීම සිදුවන්නේ ඔහුගේ උගුරෙහි නොවේ. ශබ්දය පැමිණෙන්නේ උගුරේ ශබ්දය නිකුත් කිරිම මනුෂ්‍යයා තමාගේ කැමැත්තෙන් තමාගේ පාර්ශවයෙන් කළ යුතුය, නමුත් ඔබ දැකිය යුත්තේ ශුද්ධාත්මයාණන් මනුෂ්‍යයාගේ වචන නිර්මාණය වන ශබ්දය නිකුත් කරන ස්වරයලයෙහි කි‍්‍රයා කරයි. බොහෝ විට මනුෂ්‍යයා හට එම ස්වරනාලය හකු ප්‍රදේශයේ බැඳිමක් මෙන් දැනේ. ඒවා මුඛය විවෘත කරන මාංශ පේශින්ය. යෝජනාව සහ පෙළඹවීම ඔබගේ මුඛය විවෘත කිරිමට පොළඹවයි. ඔබ හට ඔබගේ මුඛය වසාගෙන කතාකල නොහැකිය. ඉන්පසු ඔබ දකින්නේ ස්වභාවෝත්තර ලෙස ඔබගේ තොල් චලනය වන බවය. එම අය මුඛය විවෘත කරන විට එම දිව විශේෂාකාරයෙන් චලනය වනු දැකිය හැක.
No comments:
Post a Comment