Wednesday, October 3, 2018

ශුද්ධාත්ම පුර්ණත්වය ලබාගන්නේ කෙසේද? 10 ( අවසන් කොටස )

ඔබ විසින් දැනගත යුතු තවත් කරුණක් ඇත. එය ආනුභාවය පිළිබඳව ප‍්‍රතිපත්ති යට අදාළ වේ. ඇදහිල්ලේ මනුෂයන් විසින් අවබෝධ කරගන්නා ප‍්‍රතිපත්තියක් වන්නේ මනුෂයෙකු හට දෙවියන්වහන්සේ දෙස බලා දිව්‍ය සුවය ආශ්වාස කල හැකි බවය. ආනුභාවය යන වචනය අදහසද හුස්ම ගැනිමය. 

ශුද්ධ බයිබලයේ දෙවියන්හන්සේගේ හුස්ම පිළිබඳ අදහස බොහෝ තැන්වල ඇත. මා විසින් සොයා දැනගන්නා ලද ප‍්‍රතිපත්තියක් නම් දිව්‍ය සුවය ගැන ප‍්‍රතිපත්තිය ශුද්ධ පුර්ණත්වය ලබා ගැනිමට ද අදාළ බවය. ඔබට දෙවියන්හන්සේ දෙස බලා ඔබගේ මුඛය ඇර ගැඹුරෙන් හුස්ම ගත හැකිය. ඇදහිල්ලෙන් දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගේ බලය  පානය කල හැක.

 ආරම්භයේදි මා විසින් මනුෂ්‍යයාට ප‍්‍රකාශ කරන ලද්දේ ඔවුන්ගේ මුඛය ස්වල්පයක් විවෘතකොට හුස්ම ගැනිමටය. එසේ කරමින් ස්වාමින්වහන්සේට නමස්කාර කිරිමටය. ශුද්ධආත්මයාණන් දානය කිරිමට මොර නොගැසීමටය. මන්දයත් ශුද්ධආත්මයාණෝ මෙහි සිටිති. ඔබ ඇදහිල්ලෙන් පියවර ගන්නා විට උන්වහන්සේ ප‍්‍රතිචාර දක්වයි. මෑතකදී මා විසින් දක්නා ලද්දේ නිරික්ෂණය කිරිමේදී බොහෝ ජනයා තමන්ගේ මුඛය හොඳින් විවෘත කරන්නා වු අය එසේ නොකරන්නන්ට වඩා පහසුවෙන් පැහැදිලිව අන්‍යභාෂාවෙන් කතා කරන බවය. මුඛය විවෘතකොට හුස්ම ගැනිමෙන් ඇදහිල්ලේ් පියවරට දෙවියන්වහන්සේ ගෞරවය කරයි. මා මෙම සත්‍යතාවය නිරික්ෂණය කලපසු එක සහෝදරයෙක් ගීතාවලිය 119:131 යොමුකරන ලදි. මම ඔබගේ අඥාවලට ආශාවු නිසා කට ඇර හති දැමිමි.

 මෙහිදී ගීතිකාකරු ප‍්‍රකාශ කරන්නේ මම මුඛය හැර හතිදමමින් දෙවියන්න්සේ පසුපස යමි යනුවෙනි. මා දුටුවේ අපගේ දේව මෙහෙයන් තුළ මෙලෙස පිපාසිත වූවන් කෙටිකලෙකදි ශුද්ධාත්ම පුර්ණත්ය ලැබු බවය. එමෙන්ම ඔවුන් පැහැදිලිව අන්‍යභාෂා කතාකල බවය.

 නැවතද ගීතිකාකරු 81:10 ”තාගේ කට හොඳටම හරුව, මමද එය පුරවන්නෙමි.” යමෙකු ප‍්‍රකාශ කල හැක්කේ මෙම දේව වචනය ශුද්ධාත්ම පූර්ණත්වය ආදාළ නොවන බවය. අපි මීලඟට මීට අදාල වන්නාවු තවත් දේවවාක්‍ය පදයක් විමසු විට යෝබ්
 29:21-23 මෙසේ ප‍්‍රකාශ කරයි. මනුෂ්‍යයා මට ඇහුම්කන්දී බලා සිට මාගේ දැනමුතුකම ලබන්නට නිශ්ශබ්ද වුණේය. මාගේ වචනවලට පසු ඔවුහු කතා නොකර සිටියෝය.

මෙහිදි යෝබ් ප‍්‍රකාශ කරන්නේ ඔවුන් මුඛය නෑර ඔවුන්ට ඇහුම්කන්දෙන අන්තිම වර්ෂාව ලැබෙන මෙන් තමුන්ගේ මුඛය ඇර දැන් ලොව පුරා පුර්ණ සුභාරංචි ජනයා අතර ඇත්තාවු එකඟත්වයක් වන්නේ අන්තිම කාලයේදි ශුද්ධවු මහත්වු වැගිරිමක් අන්තිම වර්ෂාව මෙන් වගුරුවන ලබන බවය. යාකොබ් 5:7 නෙහෙමියා 6:3 සෙකරියා 10:1

එබැවින් ශුද්ධආත්ම පූර්ණත්වය ලබාගැනිම පිළිබඳ සෘජු ප‍්‍රකාශනයක් අපට මෙහි ඇත. අපි යොහාන් 7:37,38 යේසුස්වහන්සේගේ ප‍්‍රකාශනය කියවමු. මංගල්‍යයේ අවසාන මහා දවසේදී, ජේසුස්වහන්සේ නැඟිට හඬ නඟා, ”යමෙක් පිපාසයෙන් සිටිත් නම්, ඔහු මා වෙතට පැමිණ පානය කෙරේවා. ශුද්ධ ලියවිල්ලෙහි කියා තිබෙන පරිදි මා කෙරෙහි අදහන්නා තුළින් ජිිිිිිිිවන දායක ජලධාරා ගලන්නේ යයි ප‍්‍රකාශ කළ සේක.”

මනුෂ්‍යයෙකු පානය කරන්නේ කෙසේද? පළමුව ඔහු තමගේ මුඛය විවෘත කල යුතුය. ඉන්පසු ඔහු භාජනය තොලට තබා ගත යුතුය. ඉන්පසු ඔහු හුස්ම ගත යුතුය. අප විසින් මේ ආකාරයෙන් ශුද්ධාත්මයාණන්වහන්සේ ලබා ගැනිමට යේසුස්වහන්සේ අපේක්ෂා නොකරන ලද්දේ නම් පිපාසිත අය මා වෙත ඇවිත් බීවාවේ යැයි යේසුස්වහන්සේ ප‍්‍රකාශ කර ලද්දේ මන්ද? බොහෝ විට අප විසින් ශුද්ධ ලියවිල්ල එය ලියා ඇති සරල ආකාරයෙන් භාර ගැනිමට අපොහොසත් වෙමු. 1කොරින්ති 12-13 හිදි අප විසින් ශුද්ධආත්මයාණන්වහන්සේ පානය කිරිමේ අදහස දකින්නෙමු.  

බොහෝ ගණනක් ජනයා මෙම සත්‍යතාවය අසා එම අවවාද ලෙස කි‍්‍රයා කිරිමෙන් පසුව නැවත හැරි පැමිණ තමන් විසින් මහිමවත් ලෙස ශුද්ධ පූර්ණත්වය ලැබු බවද ආත්මයාණන් වහන්සේ හැකිකම දුන් ලෙස අන්‍ය භාෂාවෙන් කතාකල බවද, එසේ සිදුවුයේ තමන් සම්පුර්ණයෙන්ම දෙවියන්වහන්සේ සමඟ තනිව සිටි ප‍්‍රස්තාවකැයි බවද පැවසුහ, ඔබ මෙසේ කරන්නේ නම් මා හට සහතික විය හැක්කේ ඉතා කෙටි කාලයකදි ශුද්ධාත්මයාණෝ කි‍්‍රයාකාරි වන බවය. ශුද්ධාත්ම මඟපෙන්වීම ලෙස ඔබ කි‍්‍රයාකරන විට ඔබගේ මුඛය විවෘත කරන විට ශුද්ධාත්මයාණන්වහන්සේගේ මෙහෙය වීම යටතේ ඔබගේ තොල් කි‍්‍රයා කරවන විට එම මඟ පෙන්වීමේ ආශිර්වාදය ඔබ භුකිත් විදිනවා ඇත.

එවිට ඔබ ඔබගේ හඩනඟා ශුද්ධ ආත්මයාණන්වහන්සේ දෙනු ලැබු වචන ප‍්‍රකාර කතා කරනු ඇත. පැමිණෙන දේ කතා කරනු ඇත. එම ශබ්ද ගැන සැලකිය යුතු නොවේ. ඔබ ඉතා අනර්ඝ පැහැදිලි භාෂාවක් ලබනු ඇත. ඔබ අන්‍ය භාෂා කතා කිිරිම ආරම්භ කරන විට නිදහස් ලෙස දෙවියන්වහන්සේ විශ්වාස කර එසේ කරන්න. එය ඇදහිල්ලවේ. එය දෙවියන්වහන්සේට ප‍්‍රසන්න වේ.

ඔබ අන්‍ය භාෂාව කතා කිරිම ආරම්භ කළ විට කිසිවකින් නොවැළකී නිදහස් හා පැහැදිලි ලෙස කතා කිරිමට තීරණයක්  කරන්න. එසේ කතාකරන තුරු නොනැවතීමට තීන්දු කරන්න. සාතන් ඔබට විරුද්ධව සටන් කළ හැකි බව සිහිතබා ගන්න. ඔබම වචන නිපදවා ගන්නවා යැයි විශ්වාස කිරිමට සාතන් පොළඹනවා ඇත. නැතහොත් ඔබ වෙනත් අයෙකු අනුකරණය කරන බවට සිතිමට පොළඹවනු ඇත. ඔබ මාංශයෙන් කි‍්‍රයාකරනවා යැයි සිතිමට පොළඹවනු ඇත. සාතන්ගේ මෙම කිසිදු යෝජනාවකට ඇහුම්කම් නොදෙන්න. දෙවියන්වහන්සේ සිත දකින බව දැනගන්න. ඔබගේ හෘදයේ ආශාව දෙවියන්වහන්සේ සතුටු කිරිම නම් ඔබ හට ජයග‍්‍රාහණය කරා ගමන් කල හැක.

අපි දැන් ඇදහිල්ලෙන් යුක්තව දෙවියන් වහන්සේට නමස්කාර කරමු. බයිබලයේ සඳහන් ලෙස පානය කරමු. 
ඔබ ශුද්ධාත්ම දීමනාව ලබනු ඇත.        

No comments:

Post a Comment

About