Wednesday, October 31, 2018
Tuesday, October 30, 2018
Monday, October 29, 2018
මා අයිති සභාව කුමක්ද?
විවිධ ක්‍රිස්තියානී සභාවන් බොහොමයක් ඇති
ලෝකයේ, කිතුනුවා
මුහුණ දෙන එක් ප්‍රධානතම ප්‍රශ්නයක් වනුයේ " මම අයිති සභාව කුමක්ද? " යන්න ගැනය. ඒ
සඳහාවන ඉතා පැහැදිළි කෙටි පිළිතුර වන්නේ,අපි සැවොම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාවට
අයත්වූවන් බවයි.
කිතුනුවාගේ උතුම් අරමුණ වන්නේ සදාකාලික
ජීවනයයි.ඒසඳහාවන මාර්ගය වන්නේ ක්‍රිස්තුස් වහන්සේය.මාර්ගයද,සත්‍යයද,ජීවනයද
උන්වහන්සේමය.
එබැවින් සභා නාමයන් හෝ සභා නිලතල වැනි මේලෝකයට අයත් කිසිවකින් අපගේ
උතුම් අරමුණ වූ සදාතනික ජීවමය උරුමය ලබා ගැනීමට නොහැකිය.
දෙවියන්වහන්සේ ප්‍රේමයයි.එබැවින් ඔබත් මමත්
අයිති ප්‍රේමනීය දෙවියන්වහන්සේගේ සභාවටය.විවිධත්වයන් තුළ ඒකාත්මිකව සදාතනයේ රහස
අල්වාගෙන පසුපස නොබලා ඉදිරිය දෙස බලා අපගේ දිවීම ජයග්රහනයෙන් කෙළවරකර ගනිමු.
අසේල ගුණරත්න
Sunday, October 28, 2018
දේව සේවා සංචාරයට අපගේ උණුසුම් සුබපැතුම්!!!
ලංකාවේ අපෝස්තලිකදේවසභාවේජේෂ්ඨ සභාපාලකවරයෙකුවන, කිතුනු ජමාධ්‍ය සහ ජනසංවේදන පදනමේ ගරු
සභාපති බැසිල් කැනීෂියස් ප්‍රනාන්දු දේවගැතිතුමා ඇමරිකානු දේශයේ දේව සේවා සංචාරයක යෙදී
සිටින අතර, හිතමිතුරන් ගේ යාච්ඤාව අගය කරනු ලබන බව දන්වා සිටී.
එම සංචාරය පිළිබඳව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ
තුළ "
හිමිදින"අපගේ උණුසුම් සුබපැතුම්!!!
පොදුවේ ලංකාවේ කිතුනු සභාවන්ට, ජනතාවට
ආශීර්වාදයක්වන මෙම දේව සේවා සංචාරය පිළිබඳව ඔබගේ යාච්ඤාව අගය කරනු ලබන බව" හිමිදින"අප දන්වා සිටිමු.
Friday, October 26, 2018
Thursday, October 25, 2018
මා බලවත් කරනා සමිඳේ.......
Wednesday, October 24, 2018
ආත්ම දිනාගත යුත්තේ ඇයි? 08
ආත්ම දිනා ගැනීමෙන් සභාව වර්ධනය වන අතර, එහි නිරෝගී බව රැකේ
බොහෝ සභාවන් ආත්ම දිනාගැනීමක් නැති නිසා වර්ධනයක් හෝ ඉදිරි ගමනක් හෝ නැතිව, සිටි තැනම මුල් බැස හෝ බොහෝ විට පසු බෑමකින් යුතුව පවතී. මෙයට හේතුව වන්නේ එහි සාමාජිකයන් තුල ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දැරීම සඳහා උද්යෝගයක්” ජ්වලිතකමක් නැති වීමයි’ මොවුන් බොහෝ විට ශුභාරංචිය කීමට වඩා සමාජ සේවයට මුල් තැනදී කටයුතු කරයි’ එවිට ආත්මික දේ අඩපන වීම ස්වභාවික වන්නේය’
බොහෝ සභාවන් ආත්ම දිනාගැනීමක් නැති නිසා වර්ධනයක් හෝ ඉදිරි ගමනක් හෝ නැතිව, සිටි තැනම මුල් බැස හෝ බොහෝ විට පසු බෑමකින් යුතුව පවතී. මෙයට හේතුව වන්නේ එහි සාමාජිකයන් තුල ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන සාක්ෂි දැරීම සඳහා උද්යෝගයක්” ජ්වලිතකමක් නැති වීමයි’ මොවුන් බොහෝ විට ශුභාරංචිය කීමට වඩා සමාජ සේවයට මුල් තැනදී කටයුතු කරයි’ එවිට ආත්මික දේ අඩපන වීම ස්වභාවික වන්නේය’
Tuesday, October 23, 2018
සෑම මනුෂ්‍යයෙක්ම දිනා ගැනිම කිතුණු අපගේ වගකිමයි
සෑම මනුෂ්‍යයෙක්ම දිනා ගැනිම කිතුණු අපගේ වගකිමයි...
Pastor :Colton wikramarathna...............
දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ සියලු දෙනා සමග වන සේක්වා......https://www.facebook.com/harsha.attanayake.92/videos/2686030641622998/?t=95
Pastor :Colton wikramarathna...............
දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ සියලු දෙනා සමග වන සේක්වා......https://www.facebook.com/harsha.attanayake.92/videos/2686030641622998/?t=95
Monday, October 22, 2018
Friday, October 19, 2018
Thursday, October 18, 2018
Wednesday, October 17, 2018
Tuesday, October 16, 2018
Monday, October 15, 2018
Saturday, October 13, 2018
Friday, October 12, 2018
ජපානයේ සැඟවුණු කිතුනුවන්
ජපානයේ නාගසාකි නගරයේ සැඟවී පැවති ක්‍රිස්තියානි ආගමට අයත් ඉපැරණි ස්ථාන 12ක් ලෝක උරුම ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය විසින් පියවර ගෙන තිබෙනවා. නාගසාකිහි කියුෂු දූපතේ හා ඒ අවට ගම්මාන 10ක් පුරාවට මෙම ආගමික ස්ථාන 12 පැතිරී තිබෙනවා. මෙම ස්ථාන 10 නිර්මාණය වීම සම්බන්ධව අපූරු කතා පුවතක් නිර්මාණය වී තිබෙනවා. අද ලිපියෙන් දිග හැරෙන්නේ ඒ පිළිබඳව විස්තර යි.
17
වන සියවසේ දී ජපානය තුළ ක්‍රිස්තියානි දහම තහනම් වන අතර එම තහනම 19
වන සියවස දක්වා ක්‍රියාත්මක වෙනවා. එම
කාලය තුළ ජාපනයේ වාසය කළ බොහෝ කිතුනුවන් මරා දැමෙනවා.
ක්‍රිස්තියානි
ආගමෙන් ඉවත් වීමට අකමැති වූ බොහෝ පිරිස් හොර රහසේ ඇදහීම් කටයුතු කරනවා. ඔවුන් “සැඟවී
සිටි ක්‍රිස්තියානුවන්”
ලෙස
පසු කාලයේ දී හඳුන්වනවා. සැඟවුණු ක්‍රිස්තියානුවන් වාසය කළේ නාගසාකි ප්‍රදේශය තුළ
යි.
ෆ්‍රැන්සිස් එක්ස්වියර් (indiafacts.org)
1543
දී ප්‍රථම යුරෝපීය කණ්ඩායම ජපානයට පැමිණෙනවා. ඒ කියුෂුහි ටනෙගෂිමා දූපත වෙතයි. මේ
සිදුවීමෙන් පසුව ෆ්‍රැන්සිස් එක්ස්වියර් නම් ක්‍රිස්තියානි මිෂනාරිවරයා ජපානයට
පැමිණෙනවා. ඔහුට පැවරී තිබුනේ ඉන්දියාවේ හා මලක්කාවල ක්‍රිස්තියානි දහම පැතිරවීම
යි.
මලක්කාවේ
දී ඔහුට හමු වූ ජපන් ජාතික තරුණයෙක් සමග 1549 වසරේ අගෝස්තු මාසයේ දී
ජපානයේ කාගොෂිමා බලා පැමිණෙනවා. ඔහු ද ඇතුළු ව පැමිණි කණ්ඩායම කාගොෂිමා
පාලනය කළ ෂිමාසු පවුල විසින් ගෞරවයෙන් පිළිගන්නවා. ඔවුන්ට තම දහම ප්‍රචාරණය කිරීමට
අයිතිය ලබා දෙනවා. එලෙස අවසර දෙන්නේ වෙළදාම් කටයුතු පහසු කරගැනීමට හැකියාව මේ හරහා
ලැබෙන නිසා යි. මෙලෙස ඉඩ දීමෙන් ඊළඟ ශත වර්ෂය වන විට ජපන් ජාතිකයන් මිලියන භාගයක්
පමණ ක්රිස්තියානිකරණය කිරීමට හැකියාව ලැබෙනවා.
ඉන්පසු
ඕදා නෝබුනාගාගේ පාලනය යටතේ ක්‍රිස්තියානි දහමට වඩා ප්රමුඛ ස්ථානයක් හිමි වූ අතර
ඔහු විසින් බොහෝ බෞද්ධ ස්ථාන කඩා දමා බෞද්ධයන් 25,000කට අධික ප්‍රමාණයක්
ඝාතනය කරනවා.
ක්‍රිස්තියානු භක්තිකයන් මරා දැමීම (Wikipedia)
1587
දී හිදියෝෂි පාලකයාගේ සමයේ දී නැගී ආ ක්‍රිස්තියානු විරෝධයත් සමග ක්‍රිස්තියානි
ආගමිකයන් මරා දැමීම ආරම්භ වෙනවා. මෙහි දී සියලුම මිෂනාරිවරුන්ට ජපානයෙන් ඉවත් වීමට
අණ කරන අතර බොහෝ ප්‍රමාණයක් මරා දමන්නේ කුරුසයේ ඇණ ගැසීමෙන්.
1614
වන විට ක්‍රිස්තියානි දහම දැඩි ලෙස තහනම් වන අතර සියලුම මිෂනාරිවරුන්ට රටින් පිටවන
ලෙස එවකට පාලකයා අණ කරනවා. අල්ලාගත් බොහෝ ප්‍රමාණයක් මරා දමනවා. 1623
දී බලයට පත්වෙන ටෝකුගාවා ශෝගුන්ගේ ක්‍රිස්තියානි විරෝධී ආකල්පය ඉතා ප්‍රබල වූ අතර 1612
වසරේ ලක්ෂ තුනක්ව සිටි කිතුනුවන් ප්‍රමාණය 1625 වන විට හරි අඩකින් පමණ
අඩු කිරීමට ඔහු සමත් වෙනවා. බොහෝ ප්‍රමාණයක් මරා දමන්නේ ලී වලින් සෑදු කුරුසයක් මත
තබා ඇණ ගැසීමෙන්.
ක්‍රිස්තියානුවන් සැඟවී සිටි ප්‍රදේශය (kirishitan.jp)
ශෝගුන්ගේ
පාලන කාලය කිතුනුවන්ට අයහපත් කාලයක් බවට පත් වෙනවා. අසුවෙන සියලුම කිතුනුවන් මරා
දමන බැවින් බොහෝ දෙනෙක් තම ආගම අත හරිනවා. නමුත් තවත් 200ක
පමණ පිරිසක් නාගසාකිහි කුඩා අප්‍රසිද්ධ ගම්මාන 10ක වෙසෙන අතර ඔවුන් හොර
රහසේ තම ආගම ඇදහීමේ කටයුතු කරගෙන යනවා.
ඔවුන්
තම නිවාස තුළ රහස්‍ය කුටි ඉදිකරන අතර ඒවායේ දී තම ආගම ඇදහීමේ කටයුතු සිදු කරනවා.
ඔවුන් නිතරම තමන් බෞද්ධ දහම අදහන ආකාරය පෙන්වීම සිදු කරනවා. බොහෝ යාඤා මැදුරුවල
මතු පිටින් බුදු පිළිම තබා තිබුණු අතර අභ්‍යන්තරයේ තිබුනේ ක්‍රිස්තියානි දහමේ
සංකේත යි. ටික කාලයක් ගත වන විට බුදු පිළිමවලට සමාන ආකාරයට මරිය තුමියගේ හා
නොයෙකුත් සාන්තුවරුන්ගේ ප්‍රතිමා නිර්මාණය කිරීම ආරම්භ කරනවා. ඒවා සාම්ප්‍රදායික
බුදු පිළිම වලට බොහෝ සෙයින් සමාන වෙනවා.
තව
ද ඔවුන්ගේ යාඤා,
බෞද්ධ
ගාථාමය ස්වරූපයෙන් ප්‍රතිනිර්මාණය වෙනවා. ලියකියවිලි සටහන් කිරීමේ සියලු ද්‍රව්‍ය
රජය විසින් තහනම් කර තිබූ බැවින් ධර්මය ඉදිරියට රැගෙන යන්නේ මුඛ පරම්පරාගතව යි.
ඒවා ලතින් හෝ පෘතුග්‍රීසි භාෂාවෙන්, ජපන් භාෂාවට පරිවර්තනය
වන්නේ අදහන වැසියන්ගේ ආරක්ෂාව පිණිස යි. තව ද සැඟවුණු ක්‍රිස්තියානුවන්ගේ බෞතීස්ම
කිරීමේ අවස්ථා සඳහා පූජකයකුගේ සහභාගී වීම අනිවාර්යය වුයේ නෑ. ඒ ක්‍රිස්තියානි
පූජකයන් ප්‍රමාණය ඉතා අඩු වීම හේතුවෙන්.
බුදු පිළිමවලට සමාන වූ පිළිම (Japan Guide)
ජපාන
පාලකයන් විසින් සියවස් දෙකක පමණ කාලය මෙලෙස ක්‍රිස්තියානි දහම තහනම් කර තබන අතර එම
කාලය තුළ නාගසාකිහි සැඟවුණු ගම්මානවල මෙවැනි ක්‍රිස්තියානි ආගමිකයන් සිටීයැ යි
ඔවුන් කිසිසේත් විශ්වාස කරන්නේ නෑ.
1850
වසරෙන් පසුව ජපානයේ මෙම දැඩි ප්‍රතිපත්ති ලිහිල් කරන ලෙස බටහිර රටවලින් බලපෑම්
එල්ල වෙනවා. ඒ යටතේ 1867
දී එතෙක් පැවති දැඩි පාලනය බිඳ වැටී මෙයිජි පාලනය ස්ථාපිත වෙනවා. මෙම පාලනය යටතේ 1871
දී ක්‍රිස්තියානි දහමට තිබු තහනම ඉවත් වෙනවා.
ඒ
සමගම මෙතක් කාලයක් හොර රහසේ ජීවත් වූ ජපාන ක්‍රිස්තියානුවන් සමාජයට නිරාවරණය
වෙනවා. මෙම සිදු වීමත් සමග ජපානය මෙන්ම අනෙක් විදේශීය රටවල් ද විස්මයට පත් වෙනවා.
මෙවැනි කෘෘර පාලනයක් හමුවේ කිතුනුවන් පිරිසක් ඉතිරිව සිටීම ඇත්තෙන්ම පුදුම සහගත
ආකාරයේ සිදුවීමක් විය.
ඔවුන්
පිළිබඳව හෙළි කරනු ලබන්නේ විදේශ කිතුනුවන් පිරිසක් විසින්. ඒ ආගමික නිදහස මත
පැමිණි විදේශීය කිතුනු භක්තිකයන්ගේ පල්ලියකට එක් සැඟවුණු ක්‍රිස්තියානි භක්තිකයෙක්
පැමිණීමත් සමග යි.
ආගමික
නිදහස ලැබීමත් සමග තමන් සිටි ගම්මාන 10 පුරා දැව හා ගඩොල්
යොදා ගනිමින් අලංකාර පල්ලි නිර්මාණය කිරීමට ඔවුන් සමත් වූ අතර අද වන විට එම ස්ථාන
ලෝක උරුම බවට යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.
කවරයේ ජායාරූපය - පසුව ඉදි වූ දේවස්ථානයක
නිර්මාණය කර ඇති ප්‍රතිමා (christian-nagasaki.jp)
මූලාශ්‍රයයන්:
https://www.tofugu.com/japan/history-of-christianity/
https://www.japan-guide.com/e/e2298.html
ආත්මිකව නැවත උපන් කිතුණුවෙක් වීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
ආත්මිකව නැවත උපන් කිතුණුවෙක් වීමෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙම ප්‍රශ්නයට උත්තරය නම් ශුද්ධ බයිබලයේ සම්භාවනීය (උසස්) පාඨය යොහන් 3 : 1-21. පරිසිවරුන්ගෙන් කෙනෙක්වූද, යුදෙව්වරුන්ගෙන් ප්‍රධානියෙක්වූ නිකදේමුස් සමඟ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කථා කරමින් සිටිසේක. නිකදේමුස්ට යේසුස් වහන්සේගෙන් ප්‍රශ්න ඇසීමට ඇති බැවින් ඔහු එක් රාත්‍රියක උන් වහන්සේ වෙතට පැමිණියා.
යේසුස් නිකදේමුස් සමඟ කථා කරමින් සිටියදී උන් වහන්සේ ඔහුට ප්‍රකාශ කලා “යමෙක් අලුතන් නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යය දකින්නට නොහැකි යයි කීසේක”. නිකදේමුස් උන් වහන්සේට කථා කොට “මනුෂ්‍යයෙක් මහලුව සිටියදී උපදින්නට පුලුවන් කොහොමද? දෙවෙනි වර මවු කුසට ඇතුල්ව උපදින්නට පුලුවන් දැයි ඇසීය”? යේසුස් වහන්සේ උත්තර දෙමින් “සැබෑවක් නුඹට කියමි, යමෙක් වතුරෙන්ද, ආත්මයාණන්ගෙන්ද නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්ට බැරිය. මාංසයෙන් උපදිනදේ මාංසයය, ආත්මයාණන්ගෙන් උපදිනදේ ආත්මයය. නුඹලා අලුතෙන් උපදින්නට ඕනෑයයි මා කීවිට පුදුම නොවන්න...”(යොහන් 3 : 3-7)
“නැවත උපන්” වාක්‍ය ඛණ්ඩය වචනානුසාරයෙන් තේරුම නම් “ඉහල සිට උපන්”. නිකදේමුස්ට සැබෑ අවශ්‍යතාවයක් තිබුණා. එනම්, ඔහුගේ හදවත වෙනස් කර ගැනීම සහ ආධ්‍යාත්මීක විපර්යාසයක් සඳහා. අළුත් ඉපදීම නම් සදාකාලික ජීවිතය ගැන විශ්වාස කරන්නාට දෙවියන් වහන්සේගේ ක්‍රියාව බෙදා දීමකි 2 කොරින්ති 5 : 17; තීතස් 3 : 5; 1 පේත්‍රැස් 1 : 3; 1 යොහන් 2; 29; 3 : 9; 4 : 7; 5 : 1-4, 18 යොහන් 1 : 12, 13 පෙන්වා දෙනවා “නැවත උපන්” හැඟීම ගෙන දෙනවා සහ යේසුස් ක්‍රිස්තුස්ගේ නාමය කෙරෙහි අදහාගන්නෝ උන් වහන්සේගේ දරුවන් වන බව.
තර්කානුකුල ප්‍රශ්නයක් පැන නගිනවා “නැවත ඉපදීමක් යම් පුද්ගලයෙකුට අවශ්‍ය ඇයි කියා”? ධර්ම දූත පාවුල් තුමා එපීස 2 : 1 පවසනවා “නුඹලා නුඹලාගේ වරද සහ පාප කරණකොටගෙන මැරී සිටි කල උන් වහන්සේ නුඹලා ජීවත් කළ සේක”. රෝම වාසීන් වෙත රෝම 3 : 23 ධර්ම දූතයා ලියූ පරිදි මක්නිසාද සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති”. එම නිසා කෙනෙකුට තමන්ගේ පාප වලට සමාව ලබාගෙන දෙවියන් වහන්සේ සමඟ සම්න්ධතාවයක් ඇති කර ගැන්ම සඳහා නැවත ඉපදීමක් අවශ්‍යයි.
කොහොමද එය පැමිණෙන්නේ? එපීස 2 : 8, 9 අපට කියනවා “මනිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නාහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය. කිසිවෙක් පාරටිටුකර නොගන්න පණිස ඒක ක්‍රියා වලින් නොවේ”. යම් කෙනෙකු ගලවනු ලැබුවාද, ඔහු / ඇය නැවත ඉපදීම ලැබුවෙකි, ආත්මිකව නැවත ප්‍රාණවත්වී, නැවත ඉපදීම තුළින් දෙවියන් වහන්සේගේ දරුවෙක්වී සිටියි. යේසුස් ක්‍රිස්තුස් තුළ විශ්වාසය තබන්න, මක්නිසාද, උන් වහන්සේ අපේ පාපයට කුලියක් (දඬුවමක්) ගෙවා කුරුසිය මත මැරුණා. එය තමයි ආත්මිකව “නැවත ඉපදීම” යනු අදහස් කරන්නේ. “එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය” (2 කොරින්ති 5 : 17අ).
ඔබ අපගේ ස්වාමීන්වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ගැලවුම්කාරයා සැටියට කවදාවත් විශ්වාස කර නැද්ද? ඔබගේ හදවතට ශුද්ධාත්මයාණන්ට කථා කරන්නට, පෙළඹවීමට, භාජනය කරන්නට කැමතිද? එසේ නම් ඔබ නැවත ඉපදීමට අවශ්‍යයි. ඔබ අද සිට අධිෂ්ඨාන කරගෙන පශ්චාත්තාපයේ යාච්ඤාව කියවා ක්‍රිස්තුස් වහන්සේ තුළ අලුත් මැවිල්ලක් වීමට කැමතිද? “නමුත් යම් පමණ දෙනෙක් උන් වහන්සේ පිළිගත්තෝද, එනම් උන් වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්ට උන් වහන්සේ බලය දුන්සේක. ඔව්හූ ලෙයෙන්වත් මාංසයේ කැමැත්තෙන්වත් මනුෂ්‍යයාගේ කැමැත්තෙන්වත් නොව දෙවියන් වහන්සේගෙන් උපන්නෝය” (යොහන් 1 : 12-13).
නැවත ඉපදී ඔබ යේසුස් ක්‍රිස්තුස් ඔබගේ ගැලවූම්කාරයා හැටියට පිළිගන්න කැමති නම්, මෙන්න යාච්ඤා ආදර්ශයක්. මතක තබා ගන්න මෙම යාච්ඤාව කියූ පමණින් හෝ වෙනත් යාච්ඤාවකින් ඔබ ගැලවෙන්නේ නැත. ඔබ ක්‍රිස්තුස් තුළම පමණක් විශ්වාසය තැබුවොත් පාපයෙන් ගැලවෙයි. මෙම යාච්ඤාව දෙවියන් වහන්සේට හුදෙක් ඔබගේ ඇදැහිල්ල ප්‍රකාශ කිරීමත්, ඔබ ලැබුවාවූ ගැලවීමට ස්තුති කිරීමකි. ශුද්ධ දෙවියන් වහන්ස, ඔබට විරුද්ධව මා පව් කල බවද, එයට මා දඬුවම් ලැබිය යුතු බවද දනිමි. එහෙත් යේසුස් ක්‍රිස්තුස් මාගේ පාපය දරාගෙන ඇදැහිල්ල කරණකොටගෙන මට සමාව ලැබී තිබේ. ඔබගේ අනුග්‍රහයෙන්, මාගේ පාපයන්ගෙන් හැරී ගැලවීම කෙරෙහි විශ්වාසය තබමි. ඔබ වහන්සේගේ ඉමහත්වූ කරුණාවට හා සමාව දීමට ස්තුතියි. එමෙන්ම ඔබගේ අනර්ඝවූ දීමනාව වන සාදාකාලික ජීවනයටද ස්තුතියි! ආමෙන්!
ගැලවීමේ සැලසුම යනු කුමක්ද?
ඔබට බඩගිනිද? ශාරීරිකව නොව, ජිවිතයේ තව වෙන දෙයක් අවශ්‍යය බව ඔබට වැටහෙනවාද? ඔබ තුළ තවමත් සංසිඳුනේ (පැහැදුණු) නැති යමක් තිබෙනවාද? එසේ නම් මාර්ගය යේසුස්ය. යේසුස් වදාළා, “ජීවනදායක කෑම නම් මමය. මා ළඟට එන්නාට බඩගිනි නොවන්නේය. මා කෙරෙහි අදහන්නාට කිසිකලකත් පිපාස නොවන්නේය” (යොහන් 6 : 35).
ඔබ වියවුල්වී සිටීද? ඔබට ජීවිතයේ මාර්ගයක් සහ අරමුණක් සොයා ගැනීමට හැකියාවක් නැතිද? යමෙක් ඔබගේ ජීවිතයේ ආලෝකය නිවා දමා ඇත, එහෙත් නැවත දැල්වීමට ස්විචය සොයා ගන්නට බැරිද? එසේ නම් මාර්ගය යේසුස්ය. “මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්නා අන්ධකාරයෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේයයි කීසේක” (යොහන් 8 : 12).
ඔබව ජීවිතයෙන් එලියට දමා අගුල් දමා තිබේද? ඔබ දොරටු කීපයක් සෙවිවාද? ඒ සැම හිස් තේරුමක් නැති දෙයක් වුනාද? ඔබ සාර්ථක ජීවිතයකට දොරටුවක් සොයමින් සිටින කෙනෙක්ද? එසේ නම් මාර්ගය යේසුස්ය. යේසුස් ප්‍රකාශ කරනවා, “දොරකඩ නම් මමය. යමෙක් මා කරණකොටගෙන ඇතුල් වේද, ඔහු ආරක්ෂා කරනු ලැබ ඇතුළට සහ පිටතට ගොස් ගොදුරු ලබන්නේය” (යොහන් 10 : 9).
අන් අය ඔබව සැමවිටම අතරමං කරනවාද? ඔබගේ සම්බන්ධතාවය ඉතා නොගැඹුරු හිස් ඒවාද? අන් අය ඔබගෙන් අයුතු ප්‍රයෝජන ගන්නවාද? එසේ නම් මාර්ගය යේසුස්ය. උන් වහන්සේ වදාළා, “මම යහපත් බැටළු එඬේරාය. යහපත් බැටළු එඬේරා තමාගේ ජීවිතය බැටළුවන් උදෙසා දෙන්නේය...මම යහපත් බැටළු එඬේරාය මම මාගේ බැටළුවන් අඳුනමි. මාගේ බැටළුවෝද මා අඳුනති” (යොහන් 10 : 11, 14).
මේ ලෝකයේ ජීවිතයෙන් පසු ඔබට කුමක් වෙයිද? කුණුවෙන දිරාපත් වන දේ සඳහා ජීවත්වී වෙහෙසට පත්වී සිටීද? නමුත් ජීවිතයට අරුතක් තිබේද කියා ඔබ අනුමාන කරනවාද? ඔබට මැරුණට පසුව ජීවත් වෙන්න ඕනෑද? එසේ නම් මාර්ගය යේසුස්ය. උන් වහන්සේ ප්‍රකාශ කළා “නැවත නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නමුත් ජීවත් වන්නේය. ජීවත්ව සිටින කවුරු නමුත් මා කෙරෙහි අදහන්නේද, ඔහු කිසි කලෙක නොනසින්නේය” (යොහන් 11 : 25-26).
මාර්ගය කුමක්ද? සත්‍යය කුමක්ද? ජීවිතය කුමක්ද? යේසුස් නුඹට කියන සේක, “මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිනෙන්නේ නැත” (යොහන් 14 : 6). ඔබට දැනෙන අවශ්යයතාවය ආත්මික පිපාසයකි. එය පිරවීමට හැක්කේ යේසුස්ට පමණි. අන්ධකාරය ඉවත් කළ හැකකේ යේසුස්ට පමණි. යේසුස් සාර්ථක ජීවිතයකට දොරටුවයි. යේසුස් ඔබ සොයනා මිතුරා හා මඟ පෙන්වන එඬේරාය. යේසුස් මේ ජීවිතයේ හා මතු ජීවිතයෙත් ජීවනයයි. යේසුස් ගැලවීමේ මාර්ගයයි.
ඔබට බඩගිනි දැනේනේ ඔබ අන්ධකාරයේ අතර මං වී ඇති නිසාය. ජීවිතයට අරුතක් නැත්තේ ඔබ දෙවියන් වහන්සේගෙන් වෙන් වී ඇති නිසාය. ශුද්ධ බයිබලය සඳහන් කරනවා අපි සියල්ලෝම පව් කොට දෙවියන් වහන්සේගෙන් වෙන් වී ඇති බව (දේශනාකාරයා 7 : 20, රෝම 3 : 23). ඔබේ හදවතට දැනෙන හිස් කම ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේ නැති කමයි. අපව මවා තිබෙන්නේ දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධතාවයක් පැවැත් වීමටයි. අපේ පාප නිසා එම සම්බන්ධතාවයෙන් අපව වෙන් වී ඇත. අමතරව, අපගේ පාපය දෙවියන් වහන්සේගෙන් අප මේ ජීවිතයේදී වෙන් කරන අතර, මතු ජීවිතයෙන්ද අප වෙන් කරයි (රෝම 6 : 23, යොහන් 3 : 36).
මෙම ගැටළුව විසඳන්නේ කෙසේද? මාර්ගය යේසුස්ය. යේසුස් අපගේ පාපය උන් වහන්සේගේ කර පිට ගත් සේක (2 කොරින්ති 5 : 21). යේසුස් මැරුණේ අප නිසයි (රෝම 5 : 8), අපට උරුම ඳඬුවම ගැනීමෙන්. යේසුස් දින තුනකට පසු මරණින් උත්ථානවී පාපයටත්, මරණයටත් එරෙහිව ජයග්‍රහනය පෙන්විය (රෝම 6 : 4-5). ඇයි එසේ කලේ? යේසුස් එම ප්‍රශ්නයට මෙසේ පිළිතුරු දෙයි, “යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත” (යොහන් 15 : 13). යේසුස් මැරුණේ අපි ජීවත් වෙන පිණිසයි. අපගේ විශ්වාසය යේසුස් වෙත තබයි නම්, එතුමාගේ මරණය අපගේ පාපය වෙනුවෙන් බව විශ්වාස කරයි නම්, අපගේ සියලු පාප සෝදා සමාව ලැබෙයි. එවිට අපගේ ආත්මික බඩ ගින්න නිමාවෙයි. ආලෝකය පැමිණෙයි. සාර්ථක ජීවිතයකට දොරටුව විවෘත වෙයි. අපගේ මිතුරා සහ මඟ පෙන්වන එඬේරා හඳුනා ගත හැකි වෙයි. අපට මරණින් පසු ජීවිතයක් තිබේ. ස්වර්ගයේදී යේසුස් සමඟ ජීවත් වීමට නැවත නැගිටීමට හැකි වෙයි!
“දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළ සේක. එසේ කළේ උන් වහන්සේ කෙරෙහි අදහාගන්න සැම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය” (යොහන් 3 : 16).
මෙය කියවීමෙන් පසු ඔබ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව තීරනයක් ගත්තාද? එසේ නම් මම අද ක්‍රිස්තුස් පිලිගතිමි කියා පහත සඳහන් බොත්තම ක්ලික් කරන්න.
Thursday, October 11, 2018
මගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මා දැන ගන්නේ කෙසේද?
කිසියම් අවස්ථාවක් සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත දැනගැනීම සඳහා ක්‍රම 2 ක් ඇත. (1) ඔබ අයදින්නේ හෝ කිරීමට අදහස් කරන්නේ ශුද්ධ බයිබලයට පටහැනි නොවන දෙයක් බවට සහතික වන්න. (2) ඔබ අයදින හෝ කිරීමට අදහස් කරන්නාවූ දෙයින්, දෙවියන් වහන්සේ මහිමයට පත්වන බවත්, ඒ තුළින් ඔබට ආත්මික වර්ධනයක් ලබා ගැනීමට හැකිවන බවටත් සහතික වන්න. මේකරුණු දෙකම නිවැරදි නමුත්, තවමත් දෙවියන් වහන්සේ ඔබ අයදින දේ නොදෙන්නේ නම් - ඔබ ඉල්ලන දේ දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවන බව හෝ එසේත් නැතිනම් සමහර විට තව කාලයක් ඒ වෙනුවෙන් බලා සිටිය යුතු බව හැඟේ.
දෙවියන් වහන්සේගේ කැමැත්ත දැනගැනීම ඇතැම් විට අපහසුවේ. මිනිසුන් බලාපොරොත්තුවන්නේ දෙවියන් වහන්සේම ඔවුන් කළ යුතු දේ, වැඩ කළ යුතු තැන, ජීවත් විය යුතු තැන, විවාහ කර ගත යුත්තේ කාවද යනාදිය ඔවුන්ට පෙන්වා දිය යුතුය කියාය. රෝම 12 : 2 ප්‍රකාශ කරන පරිදි, “නුඹලා මේලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැන ගන්නා පිණිස, සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙයල්ලා.”
දෙවියන් වහන්සේ විසින් අදාල විස්තර සෘජුවම මනුෂ්‍යයාට දෙනු ලබන අවස්ථා ඉතා විරලය. දෙවියන් වහන්සේ යම් දේවල් පිළිබඳව තේරීම් කරන්නට මනුෂ්‍යයාට ඉඩ දෙනවා. අප ගන්නාවූ තීරණ අතරින් පාපයක් කිරීමට හෝ උන් වහන්සේගේ කැමැත්තට විරුද්ධව ගන්නා තීරණයකට පමණක් දෙවියන් වහන්සේ අකමැති වේ.
අපගේ තේරීම දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව ගන්නවාට උන් වහන්සේ කැමති වේ. ඉතින් ඔබ කොහොමද දැන ගන්නේ ඔබ වෙනුවෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත කුමක්ද කියා? ඔබ දෙවියන් වහන්සේ හා සමඟ සමීපව ගමන් කරනවා නම් සහ ඔබ ඇත්තෙන්ම උන් වහන්සේගේ කැමැත්ත ඔබේජීවිතය තුළ අපේක්ෂා කරනවා නම් - දෙවියන් වහන්සේගේ උන් වහන්සේගේ ආශාවන් අප හද තුළ තබනවා.
එහෙත් වැදගත් වන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තද? නැතහොත් අපේ තනි කැමැත්තද? යන්නය. “ස්වාමීන් කෙරෙහි ප්‍රීතිමත් වෙවු උන් වහන්සේද තාගේ සිතෙහි ආශාවන් ඉෂ්ට කරන සේක” (ගීතාවලිය 37 : 4). ශුද්ධ බයිබලය එයට විරුද්ධ නොවන්නේ නම්, එය නිසැකයෙන්ම ඔබව ආත්මිකව ඵලදායි කරනවා - එවිට ඔබට ඔබගේ හදවතට එකඟව තීරණ ගන්න “අවසරය” ශුද්ධ බයිබලය ලබා දෙනවා.
Subscribe to:
Posts (Atom)