Tuesday, September 4, 2018

ශුද්ධකම

ශුද්ධකම

අපෝස්තුලූවරුන්ගේ විශ්වාස ලකෂණයේ ලොව පුරා ඔවුන් කියා සිටින්නේ, ශුද්ධ වු කතෝලික සභාව ගැන විශ්වාස කරන බවය. තවදුරටත් සභාව ගැන විස්තර කරන්නේ, එය ශුද්ධවන්තයන්ගේ සහභාගිකම බවය. නැතහොත් ශුද්ධවන්ත සෙනඟකගේ සහභාගිත්වය බවය. සැබවින්ම සියලූ කිතුණු සභාවන් ඇදහිල්ලේ ප‍්‍රකාශණයේ සභාවේ ගුණාංගයන් ලෙස ශුද්ධකම අවධාරණය කර ඇත

ශුද්ධකම පිළිබඳ සත්‍ය

සභාව ශුද්ධ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ඒ කුමන අර්ථයෙන්ද? සැබවින් සභාව සම්පුර්ණ නැත. එහි සාමාජික පුද්ගලයෝ අසම්පුර්ණය. පුද්ගලයන් එසේ වන විට සාමුහිකවද ඔවුන් අසම්පුර්ණය. ඉතා හොඳ කිතුණුවා පවා දිළිදු අයෙකි. එබැවින් ඉතා හොඳම සභාවේද ලප කැලැල් ඇත.

එසේ වුවත් සභාව සැබවින් ශුද්ධය. එය ශුද්ධවු ජාතියකි.” (1පේත‍්‍රස් 2:9 ) එය ශුද්ධවු ජාතියකි. (1පේත‍්‍රස් 2:9 ) එය අර්ථ දෙකකින් ශුද්ධය චාරිත‍්‍රමය ලෙස සහ ආචාර ධර්මීය ලෙස එය ශුද්ධය. ශුද්ධ ලියවිල්ල ලෙස  ඕනෑම පුද්ගලයෙක්  ඕනෑම දෙයක් ලෝකයෙන් ගෙන දෙවියන්වහන්සේගේ සේවයට වෙන්කිරිමේදී ඒ තැනැත්තා හෝ දෙය ශුද්ධය. උදාහරණයක් ලෙස පුරාණ ගිවිසුමේ දේව මාලිගය එයට අයත් භාන්ඩ හා එයට අදාල සියල්ල ශුද්ධය. එමෙන්ම එම ස්ථානයේ දේව මාලිගාවේ සේවය කළ පුජකවරු ශුද්ධ අය ලෙස සලකනු ලැබුහ. 

ශුද්ධකම මෙම අදහසින් සදාචාර ශුද්ධවු චරිත ගුණයට අයත් නොමැත.  දාව්‍යමය දේ සදාචාරමය යහපත් හෝ අයහපත් නොවේ. ධර්මිෂ්ඨ හෝ අධර්මිෂ්ඨ නොවේ. ඒවා තුළ සදාචාර ගුණය නොමැත. පැහැදිලි වන කරුණ පුරාණ ගිවිසුමේ මණ්ඩපයේ සේවය කළ පූජකයින් සියලූ දෙනා ඔවුන්ගේ ඇතුලාන්ත හෘදයෙන් පවිත‍්‍ර අයම නොවුහ. ඔවුන් සමහරෙක් ගැන වාර්තා කර ඇති ලෙස අතිශයින්ම දුෂ්ඨ අය වුහ. ඒලීගේ පුත‍්‍රයෝ වන හොප්නි සහ පීනෙහාස් ගැන සඳහන් කරන විට ඔවුන්ගේ හැසිරීම ගැන දෙවියන්වහන්සේ ප‍්‍රසන්න නොවු අතර ඔවුන් විනාශ කර දමන ලදි. 

නායක පුජක කායිපස්, ජේසුස්වහන්සේ තමන්වහන්සේගේ දෙවියන්වහන්සේගේ පුත‍්‍රයාණෝ යයි ප‍්‍රකාශ කළ බැවින් උන්වහන්සේව කුරුසපත් කොට මරණයට පත්කිරිමට ප‍්‍රකාශ කරන ලදි. චාරිත‍්‍රමය ශුද්ධකම සදාචාරමය ශුද්ධකම සහතික කරන්නේ නැත. කෙසේවුවද එම කරුණ වන චාරිත‍්‍රමය ශුද්ධකම සුඵ කිරිම බරපතල වරදකි. දෙවියන්වහන්සේ ඒ තුළ මහත් දේ තබා ඇත. දෙවියන්වහන්සේ යමෙකු ලෝකයෙන් වෙන්කරගෙන තමන් සේවයට පත්කරන විට එම තැනැත්තා වෙත පවරන්නේ සුඵ පටු ගෞරවයක් නොවේය. සත්‍ය ලෙසින්ම දෙවියන්වහන්සේ එම ගෞරවය තමන් සභාවට පවරා ඇත.

සභාවේ ශුද්ධකම එතැනින් කෙළවර නොවේ. කි‍්‍රස්තුස්වහන්සේගේ සභාව සදාචාර ගුණයෙන් සුසීල ගුණයෙන් ද ශුද්ධය. එහි සාමාජිකයෝ ශුද්ධාත්මයාණන් කරණකොටගෙන නැවත උත්පාදනය ලබා ඇත. කෙසේ වුවද නැවත උත්පාදනය නොලැබු බොහෝ අය දෘෂ්‍යමාන සභාවේ සාමාජිකයින් ලෙස ඇතුලත් විය හැකිය සෑම සත්‍ය හා සභාවේ ජීවමාන අවයවයන් වන සාමාජිකයින් නැවත උත්පාදනය ලබා ඇත. ඔවුන් ගල් සිත් වෙනුවට මාංශමය සිත් ලබා ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙවියන්වහන්සේට පේ‍්‍රම කරන අතර උන්වහන්සේගේ මාර්ගයෙහි ගමන් කරති.

 ඔවුන් උන්වහන්සේ සතුටු වන ලෙස ජීවත් වෙති. ඔවුන් විසින් බොහෝ විට නොකල යුතු දේවල් කරන බවත් කළ යුතු දේ නොකරන බවත් ප‍්‍රතික්ෂේප කළ නොහැකිය.  එසේ වුවත් ඔවුන්ගේ අභ්‍යන්තර මනුෂයා තුළ ඔවුන් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට පි‍්‍රය වෙති. මක්නිසාද අභ්‍යන්තර මනුෂ්‍යාගේ ප‍්‍රකාරයට මම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට පි‍්‍රය වෙමි. (රෝම 7:22 )

ප‍්‍රතිපත්තිමය ලෙස ඔවුන් සම්පුර්ණය. ඔවුන්ගේ ජිවිත සම්පුර්ණ කීකරුවීමේ ආරම්භය ප‍්‍රකාශ කරයි. ඔවුන් තවදුරටත් පාපයේ වහලූන් නොවේය.” (රෝම 6:17 )ඔවුන් දැන් පාපයේ ජීවත්වන්නෝ නොවෙති. එබැවින් ශුද්ධ ලියවිල්ල ප‍්‍රකාශ කරන්නේ දෙවියන්වහන්සේගෙන් ඉපදී සිටින කිසිවෙක් පව් කරන්නේ නැත. මක්නිසාද ඔහු තුළ දෙවියන්වහන්සේගේ බීජය පවතින්නේය යනුවෙනි. (1යොහාන් 3:9 )

රෝමානු කතෝලික සභාව සිතන ලෙස සභාවේ යම් විශේෂිත සාමාජිකයින් ගණනක් ශුද්ධවන්තයෝ නොවේය. සියලූ සැබෑ සාමාජිකයෝ ශුද්ධවන්තයෝය. සභාවේ අලංකාරයට බාධක වන සමහර කැලැල් ඇති සාමාජිකයින් මධ්‍යයේ කොරින්තියේ සභාවට පාවුල්තුමා ආමන්ත‍්‍රණය කරන ලද්දේ ශුද්ධවන්තයින් යනුවෙන්ය.(1කොරින්ති 1:2/ 2කොරින්ති 1:1 )සභාව සැබවින්ම ශුද්ධවන්තයින්ගේ සභහාගිත්වයය. කොපමණ මහත් මහිමයක්ද? තේජසක්ද? මෙම ශුද්ධ අර්ථයෙන් මෙම පොළව මත ඇති එකම සංවිධානය කිතුණු සභාවය. එය සමාජයේ ඇති සැසදිය නොහැකි එකම මහිමවත් තේජවත් සමාජයය.

සභාවේ ශුද්ධකම ස්ති‍්‍රයකගේ කරේ පළදින ඇයගේ අලංකාරයට එක් කරන පළදනාවක් මෙන් යයි නොසිතිය යුතුය. නැත ශුද්ධකම සභාවේ සාරයය. සභාව සැදි ඇත්තේ ශුද්ධකම තුලය. සභාවට ඇති සාමානාර්ථයක් වන්නේ ශුද්ධකමය.

ශුද්ධකම විශේෂිත කාර්‍ය භාරයක් ලෙස

සභාව ශුද්ධකම ගැන කතා කරන විට සභාවේ ගෞරවය මත පමණක් රැදී නොසිටිය යුතුය. ඊට ප‍්‍රතිවිරුද්ධ ලෙස සභාවේ එහි ශුද්ධකමට හානි කරන්නාවු සතුරා සමඟ යුද්ධ වැදි සිටිය යුතුය. ශුද්ධකමට විරුද්ධ දේ සමඟ සටන් කළ යුතුය. නැවතද සභාව තමන් අයත් කරගෙන තිබෙන ශුද්ධකමේ ප‍්‍රමාණයෙන් සෑහිමට පත් නොවිය යුතුය. එය නිතරම උසස් ශුද්ධත්වය උදෙසා උත්සාහ කළ යුතුය. වීර්‍ය් කල යුතුය. වචනයකින් ප‍්‍රකාශ කරන්නේ නම් සභාවේ ශුද්ධකම තිබිය යුතු ගුණයක් පමණක් නොව එය ඉතා උත්කෘෂ්ඨ කාර්‍යයකි.

සභාව එහි ශුද්ධකමින් වර්ධනය වීමට ඇති බාධකයක් ලෙස එහි ශුද්ධකම සොරා ගන්නා මාර්ග ලෙස නිතර විස්තර කරන්නේ ලෝකය, මාංශය සහ යක්ෂයාය. ප‍්‍රායෝගිකත්වය මත මෙම කරුණු තුළ ලෞකිකත්වය ලෙස නම් කරමු.

ලෞකිකම යනු කුමක්ද? එය සම්පුර්ණයෙන්ම ශුද්ධකමට ප‍්‍රතිවිරුද්ධ හැසිරිමකි. ඊටද වඩා නිශ්චිත පිළිතුරක් දැක්වීම උපකාර වේ යයි සිතමි. සමහරෙකු ලෝකය සහ සභාව අතර බාහිර වෙනස දක්වා ඇත. උදාහරණයක් ලෙස මෙනෝනයිට්ස් නමින් හදුන්වන කිතුණු කණ්ඩායම කිතුණුවන් තමන්ගේ ඇඳුමින් පවා වෙනස්ව, විශේෂව සිටිය යුතු යතුරු පැදියක්වත් ධාවනය නොකල යුතු යයි එම කාලයේදී සිතූහ. සභාව යන ලෝකය සැසදිමේදී යම් බාහිර කරුණුද ඉහත දැක්වු අන්තවාදි බව දැක්විය හැකිය.

සමහර කිතුණුවන්ගේ අදහස ලෞකික වීම ලෝක අකාරවීම යනු ලෝකයේ පි‍්‍රය සන්තෝෂ වන ආකාරය ගැන මෙහිදී දැක්විය හැක්කේ පී‍්‍රති සන්තෝෂවීම ලෞකික වන්නේ එය පාපිෂ්ඨ වන විට බවය. ලෝකයේ මනුෂ්‍යයෝ එකට එක්වී කරන සෑම විනෝදවීමක්ම, සතුටුවීමක්ම ලෞකික නොවේය. උදාහරණයක් ලෙස යම් කී‍්‍රඩා තරඟයක් දැක්විය හැකිය. අපි කි‍්‍රකට් කී‍්‍රඩාව ගැන සිතමු. එය වීනීත හා යහපත් ලෙස එම කී‍්‍රඩාවේ යෙදෙන්නේ නම් එය හෙලා දැමීය යුතුද? අනෙක් පසකින් සමහර ලෞකික පී‍්‍රති සන්තෝෂයක් පැහැදිළ ලෙසම පාපිෂ්ඨය. 

සභා සාමාජිකයෝ එබඳු දේවලට සහභාගි නොවිය යුතුය. සුරා සුදුව සහ සමහර වර්තමාන නැටුම් ගැයුම් එවැනි දේවල්ය. සමහර චිත‍්‍රපට,  ටෙලිනාට්‍යය, වෙබ් අඩවිවල පල වන අශෝභන හා අසභය දේවල් ඇත. එවැනි බොහෝ පිළිකුල් සහගත දේවල් ඇත.

සෑම යුගයේම රජකම් කරන සමහර පාප ඇත. අද දවසේ රජකම් කරන එක් පාපයක් නම් ලිංගික අනාචාරයය. එහි ප‍්‍රතිඵල ලෙස බොහෝ දික්කසාදවීම් ඇත. එබඳු පාප ගැන සභාව අවදිව සිටිය යුතුය. සභාව තම ශුද්ධකම ආරක්ෂාකර ගැනිම සඳහා එබඳු පාප ගැන සැලකිල්ලෙන් අවදිව සිටිය යුතුය. ශුද්ධ ලියවිල්ල විසින් එබඳු දේ පිළිබඳව තබා ඇති සිමාවන් ඉක්මවා යන විට එය මහත් ලෙස ලෝක රැල්ලට අසුවීමට ඉඩ ඇත. සභාව එම රැලිවලට අසුවී ගිලී යාමට ඉඩ ඇත. සෑම ජීවමාන සභාවකම වෙනස්වීමේ වෙනස්කමේ සීමාවන් ඇත. මෙහි සමහර වෙනස්කම ඉතා වැදගත් ඉගැන්වීම් විය හැකිය. 

එවිට සභා සාමාජිකයෝ දේව වචනයේ එම වෙනස රැකගැනිමට එකිනෙකාට එය ඒත්තු ගැන්විය යුතුය. එවිට ඔවුන් සභාවේ ශුද්ධකම පිළිබඳ වටිනා පංගුකාරිත්වයක් ඒ මඟින් ලබා දෙයි.  මන්ද දෙවියන්වහන්සේට තමන් සභාව සත්‍ය මඟින් පිරිසිදු කිරිමට අවශ්‍යය. සමහරුන් සභාවේ ශුද්ධකම රැකගැනිම සඳහා වන ඉගැන්වීම් හා ප‍්‍රතිපත්ති වලට විරුද්ධව තමන්ගේ පාපිෂ්ඨ මාර්ගවල යාම සඳහා දේශපාලන රැකවරන පවා ලබා ගැනිමට කි‍්‍රයා කරති. තමන් දෘෂ්ඨිය රැකගැනිමට කි‍්‍රයා කරති. එය ලෝකයේ ආකාරයට කාරණා කිරිමය. එය ලෞකිකය. මේ ලෝකයේ ආකාරයය.

සභාවක සිටින සියලූම දේව සේවකයෝ එක ලෙසම තලෙන්තු දීමනා ඇති අය නොවෙති. සමහරෙකුට බොහෝ හෙවත් තලෙන්තු 5ක් තිබිය හැකිය. වෙනත් අයට ඊට වඩා අඩු දීමනා තිබිය හැකිය. එමෙන්ම සභාවේ නිල තත්වයන් තරාතිරම ගෞරවය ආදියේද විවිධ ලෙස බෙදී තිබිය හැකිය.

සෑම වැඩිමහල්ලාම දේව සේවකයාම සාර්ථක සම්බන්ධිකාරක සාර්ථක කළමණාකරුවෙකු සභාපතිවරයෙකු සම්මන්ත‍්‍රණය පවත්වා සඵලවත් මාර්ග උපදේශකයෙකු නොවිය හැකිය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස බොහෝ විට ඊර්ෂියාව, එදිරිවාදිකම් පැන නැගිම අස්වභාවික නොවේය. සභාවේ නායකයෝ ජේසුස්වහන්සේගේ ශ‍්‍රාවකයින් අතර වු ලෙස ගෞරවය පිළිබඳ එකිනෙකාට උසස්වීමට ඇති තරඟවාදි බව තිබිය හැකිය. එයද ලෞකිකය. නැවතත් සමහර කිතුණු සභාවන් ලෞකිකත්වයට විරුද්ධ තමන්ගේ තදබල ස්ථාවරය ගැන පාරට්ටු කර ගනිති. උදාරම් වෙති. එමෙන්ම ඔවුන්ට ලෝකය ඉදිරියේ මහත් ලෙස පෙනි සිටීමට අවශ්‍යය.  ඔවුන් තමන්ගේ දේවස්ථාන ගොඩනගා ඇති වටිනා දාව්‍ය ගැන උදාරම් වුවත් එම ගොඩනැගිලි සෑදී ඇත්තේ අනර්ඝ ජීවමාන ගල්වලින් සැදුන ආත්මික ගෘහයක් නොවේය. (1පේත‍්‍රස් 2:5 ) ඔවුන් ආත්මික සඵලත්වයේ වර්ධනයට හා ප‍්‍රමාණයට වඩා සංඛ්‍යාත්මක වර්ධනය ගැන සැහිමට පත්ව සිටිති. එයද ලෞකිිකය.  

අවසාන වශයෙන් කිතුණු සභාව තම ශුද්ධකම පවත්වාගෙන යෑම සඳහා තමන්ගේ සාමාජිකයින් විනය ගරුක බවින් හැසිරවිය යුතුය. ඔවුන් අතර විනය පවත්වාගෙන යා යුතුය. ලෝකයේ පාපයන්ට එරෙහිව ශුද්ධකම පවත්වාගෙන යා යුතුය. එය පමණක් ප‍්‍රමාණවත් නොවේය.


සභාව ශුද්ධකමින් වර්ධනය වන පිණිස දෙවියන්වහන්සේගේ ශුද්ධ වචනයේ ගැඹුරට කිදා බැසිය යුතුය. ජේසුස්වහන්සේ මෙසේ ප‍්‍රතික්ෂේප කරනු ලැබුවා නොවේද? ”සත්‍යයෙන් ඔවුන් කැපකල මැනව. සත්‍ය නම් ඔබගේ ධර්මයය. ඔබ මා ලෝකයට එවා වදාලාක් මෙන්  මමද ඔවුන් ලෝකයට යැවිමි. ඔවුන් සත්‍යයට කැප වන පිණිස මම ඔවුන් උදෙසා කැප වෙමි. (යොහාන් 17:17 )

No comments:

Post a Comment

About