මෙහිදී ආරම්භය ලබා ගැනීම වැදගත්ය. එය ශුද්ධාත්මයාණන් වහන්සේ සමඟ සහ සහභාගිත්වයේ පළමු පියවර ස්ථාපිත කරයි. එය මෙම ලෝකයෙහි ජීවත්වන තුරු අඛන්ඩව පවත්නා සම්බන්ධතාවයකි. අප මේ ලෝකයේ ජීවත්වන තුරු අපි ආරම්භක අත්දැකීම් කථා කරන ලද අතර ශුද්ධාත්මයාණන් සමඟ ගමන් කිරීම හා කථාකරන්නෙ ස්වල්පයකි.
අප විසින් සැලකිය යුතුවන කරුණක් වන්නේ ශුද්ධාත්මයාණන් පැමිණෙන තුරු බලා සිටීමට උගන්වනු ලැබුයේ යේසුස්වහන්සෙ විසින් අණ දෙනු ලැබු ගෝලයින් හටය. ඔවුන් බලා සිටින ලද්දේ පොරොත්තු වන ලද්දේ ඒ මහත් ශුද්ධාත්මයාණන් දානය කර නොතිබුනු නිසාය. ප්රාථමිකව ඔවුන්ගේ බලාසිටීම ශුද්ධාත්මයාණන් ලබා ගැනීම සඳහා බලා සිටීමකට වඩා ඔවුන් පෙන්තකොස්ත දිනය පැමිණෙන තුරු බලා සිටියහ.
දෙවි ස්වාමින්වහන්සේගේ සැලැස්ම ලෙස එය ශුද්ධාත්මයානන් වැගිරවීමේ ප්‍රස්ථාව විය. සැලකිය යුතු වන්නේ දේව වචනය ප්‍රකාශ කරන්නේ ශුද්ධාත්මයාණන් වගුරවනු ලැබුයේ ඔවුන් සම්පුර්ණයෙන් සුදානම් වු පසු නොව පෙන්තකොස්ත දිනය සම්පුර්ණයෙන් පැමිණි පසුවය. එවිට ඔවුන් කෙරෙහි ශුද්ධාත්මයාණන් පැමිණ ඔවුන් ශුද්ධාත්මයෙන් පුර්ණ වුහ. මෙම යුගයේදී දෙවියන්වහන්සේගේ සැලැස්ම වන්නේ ශුද්ධාත්ම පුර්ණත්වය උදෙසා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයින් බලාසිටීම ලෙස උන්වහන්සේ සැබවින්ම පෙන්තකොස්ත දිනයේදී සියලූ කිතුණුවන් එකඟවන ලෙස සියලූ කිතුණුවන් බලා සිටින්නේය.
අපි මෙම වැදගත් ප්‍රශ්ණය අසමු එනම්, පේතෘස්, පාවුල් සහ මුල් ශ්රාවකයින් ශුද්ධාත්මයාණන්ගේ පුර්ණත්වය සඳහා බලා සිටින්නට යැයි උගන්වනු නොලද්දේ මන්ද යනුවෙනි. පෙන්තකොස්ත දිනයට පසු ශුද්ධාත්ම පුර්ණත්වය පතා බලාසිටින්නට යැයි උගන්වනු නොලද්දේය. ඔබ අභියස සිටින්නාවු කෙනෙකු පැමිණෙන තුරු බලා සිටින්නැයි ප්‍රකාශ කිරීම අඥාණකමකි.
ශුද්ධාත්මයාණන් පෙන්තකොස්ත දිනයේ සිට අප සමඟ වන සේක. ශුද්ධාත්මයාණෝ ඔබව අයත් කර ගැනීමට මහත් ආශාවෙන් සිටින සේක. ඔබගේ හෘදයේ වාසය කිරීමට ඔබටද වඩා උන්වහන්සේ ආශාවෙන් සිටින සේක. කෙනෙකු තව බලා සිටීමට යැයි කියන විට සැකයක් ඇති වේ. එයින් අදහස් කරන්නේ ශුද්ධාත්මයාණෝ යම් දුරස්ථ ස්ථානයක සිටින බව හා උන්වහන්සෙ පැමිණෙන තුරු මා බලාපොරොත්තුවෙන් සිටිය යුතු බවය. අප තේරුම් ගත යුත්තේ දැන් උන්වහන්සේ මෙහි සිටින බවය. අප උන්වහන්සේ ලබාගැනීමට ඇදහිල්ලෙන් සුදානම් වූ මොහොතේම උන්වහන්සේගේ පුර්ණත්වය ලබන බවය.
යම් අයෙකු හට ඔබ කියනා දෙය නම් මා වෙත යම් ආත්මික අඩුකමක් නොවන්නේ නම් ශුද්ධාත්ම පුර්ණත්වය වළක්වන කාරනය කුමක්ද? ඔබ මෙවැනි දෙයක් සිතීම පුදුම සහගත නොවේ. අප හට බොහෝ විට උගන්වනු ලබා ඇත්තේ අප අවශ්‍යය ප්‍රමාණයට යහපත් වන විට ශුද්ධාත්මයාණන් ලැබෙන බවය. කෙසේ වුවද මා සිතන්නේ ඔබ හට ශුද්ධාත්ම පුර්ණත්වය ලබාගැනීමට බාධා වන්නේ කුමක්ද යන්න පෙන්වා දීමට අපහසු නැත. ඔබ ඉතා ඕනැකමින් සොයන ලද්දේ නම් ඔබ හට නොලැබුනේ කෙසේද කියා තේරුම් ගැනීමට දුෂ්කර නැත. ඔබ ශුද්ධාත්මයාණන්වහන්සේ සොයන ලද්දේ නම් උන්වහන්සේ ඔබ කෙරෙහි කි‍්‍රයා කරනු ලබන බව දැනුනේ නම් උන්වහන්සේ පුද්ගලයාණන් වහන්සේ කෙනෙකි.
ඔබට හැෙඟන ලෙස උන්වහන්සේ එහිය. අපි ක්‍රියා 2:34 පේතෘස්ගේ ප්‍රකාශයට යොමු වෙමු. නුඹලා සියල්ලෝම පසුතැවිලිව පව්කමාව පිණිස යේසුස් කි‍්‍රස්තුස්වහන්සේගේ නාමයෙන් බෞතිස්මය ලබාපල්ලා, එවිට ශුද්ධාත්ම දීමනා ලබන්නහුය. මෙම වචනය සලකන්න, එනම් ලබන්නහුය, මෙය යම් අයකුගේ පාර්ශවයෙන් යමක් ලබා ගැනීම පිළිබඳ කි්රයාවකි අද බොහෝ ජනයාගේ ජීවිතවලට ශුද්ධාත්මයාණෝ පැමිණ ඇත. නමුත් ඔවුන්ගේ පාර්ශවයෙන් උන්වහන්සේව ලබාගැනීම පිළිගැනීම සිදු කර නොමැත. උදාහරණ ලෙස බොහෝ ජනයා හට ඔවුන්ගේ තොල්වෙත බොහෝ අවස්ථාවලදී අන්‍ය භාෂා පැමිණ ඇත. නමුත් ඔවුන් පැහැදිලිව එය පිටතට ප්‍රකාශ කර නොමැත.
ඔවුන් ශුද්ධාත්ම පුර්ණත්වය නොලැබීමට එකම හේතුව වන්නේ ශුද්ධාත්මයාණෝ ඔවුන් තුල කි‍්‍රයා කරමින් කිරීමට උත්සාහ කරන්නේ කුමක්ද යන්න නිසි ලෙස අවබෝධ කර නොගැනීම නිසාය. යහපත් මිත්‍රයිනි, ස්ථිර ලෙසම ඔබ ශුද්ධාත්ම පුර්ණත්වය ලබානොගැනීමට හේතුව එයයි. ඔබ විසින් ශුද්ධාත්මයාණෝ කිරීමට උත්සාහ කරන්නෙ කුමක්දැයි අවබෝධ කර ගෙන නොමැත. බාධාවට ඉතා වැදගත් කරුණක් වන්නේ අප විසින් ශුද්ධාත්මය පුර්ණත්වය ලැබීම සම්බන්ධ වචන යෙදීම් ප්‍රකාශන සම්බන්ධයෙන් නොසැලකිලිමත් වීමය. අප විසින් යෙදීම්වල අර්ථය දැන සිටින්නෙමු, නමුත් අපි යම් අයට කථා කරන විට ඔවුන් බොහෝ විට එම යෙදීම් තේරුම් ගෙන නොමැත.
No comments:
Post a Comment