ඔබ විසින් සැලකිය යුතු වන්නේ මෙම සෑම ප්රස්ථාවකදීම ඇදහිල්ල කරණකොටගෙන ආත්මයාණන්වහන්සේ ලබාගන්නා බවයි. අප නැවත සුළු මොහොතකට 5 වෙනි පදය වෙත යොමුවෙමු. එය අප උපුටා දැක්වුයෙමු. එහි ආත්මයාණන් වහන්සේ දෙන්නාවු යන වචනය.
ඔබගේ සභාපාලකවරයා ඔබට දේශණා කරමින් ඔහු ඔබට දේව වචනයෙන් සේවය කරයි. නැතහොත් දේව වචනය ඔබට දෙයි. අපි එම සිතුවිල්ලම මෙහි සාකච්ජා කරමු. කි‍්‍රයා පොතේ 8:18 හි අපි මෙම කි‍්‍රයාවේ ප්‍රදර්ශණය අප දකිමු.
සීමොන්ද පේ්රරිතයන්ගේ අත් තැබීම කරණකොටගෙන ශුද්ධාත්මය ලබා දෙන බව දැක ඔවුන් වෙත මුදල් ගෙනවිත් යමෙකු පිට මා අත් තබන්නෙහිද ඔහුට ශුද්ධාත්මය ලැබෙන පිණිස මේ බලය මටත් දියල්ලායයි කීසේක, නමුත් පේතෘස් ඔහුට කථාකොට දෙවියන්වහන්සේගේ දීමනාව මුදලට ගන්න සිතු බැවින් නුඹේ මුදල නුඹ සමඟ විනාශ වේවා කිව් ප්‍රකාශය මඟින් අප ඇසු දෙය බොහෝවර අන්‍යයන්ට ශුද්ධාත්මයාණෝ දිය නොහැකි බවය.
නමුත් අපි මෙහි පැහැදිලිව දකින්නේ අපෝස්තුළුවරුන්ගේ අත් තැබිම කරණකොටගෙන ශුද්ධාත්මයාණෝ දෙනු ලැබු බවයි. යමෙකු ප්‍රකාශ කල හැක්කේ එසේය, අපෝස්තුළුවරුන් හට අන්‍යයන්ට ශුද්ධාත්මයාණන් ලැබිමේදී සේවයකල හැකි බවය. නමුත් ඔබ කවුරුන්ද යන්නය. ඔබ අපෝස්තුළුවරුන් නොවන බවය. අප මෙයට සම්පුර්ණයෙන් එකඟ නොවන්නේ අපි එම ජනයාට සිහිපත් කරන්නේ පාවුල්තුමා කෙරෙහි හස්ත තබන ලද්දේ ඔහු ශුද්ධාත්මයාණන් ලබා ගන්නා පිණිස අප්‍රසිද්ධ ශ්‍රාවකයෙකු වන අනනියාස් විසින් බවය.
ඔහු ගැන ශුද්ධ ලියවිල්ලේ අවස්ථා කීපයකදී පමණක් සඳහන් වී ඇත. ඔහු ඔබත් මමත් වැනි ඇදහිලිවන්තයෙකි.ශුද්ධාත්මයාණන් දීමනාවක් ලෙස තිළිණයක් ලෙස දෙන ලදී. එබැවින් සත්‍ය වන්නේ අපි ශුද්ධාත්මයාණන් ලබාගත්තේ අපගේ පුණ්‍ය කි‍්‍රයාවන්ගේ ශුද්ධවත්භාවය මත නොවන බවයි. බොහෝ විට අපව විශ්වාස කිරීමට පොළඹවන්නේ කිතුණුවන් ලෙසය. අප ශුද්ධාත්මයාණන්ගේ පුර්ණත්වය ලැබිමට යම් යම් දේ කල යුතු බවත් සමහර නපුරු හැසිරීම් වලින් ජය ලැබිය යුතු බැවින් ශුද්ධාත්ම පුර්ණත්වය ලැබිමට තරම් යහපත් අයෙකු විය යුතු බවත්ය. මෙය සම්පුර්ණයෙන්ම ශුද්ධ ලියවිල්ලට පටහැනිය. පළමුකොට ඔබටම ඔබගේ ධර්මිෂ්ඨකමක් නොමැත. ඔබ තුලම යහපතක් නොමැත. ඔබ එසේ වුයේද නැත. ඔබට ඔබ කරණකොටගෙනම යහපත් විය නොහැක. ඔබ හට කි‍්‍රස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම හැරුණු විට වෙනත් ධර්මිෂ්ඨකමක් නොමැත. ඔබ එම ධර්මිෂ්ඨකම ලබාගන්නේ ඇදහිල්ලෙනි. ඔබ හෝ මා යහපත් නොමැති අපෝස්තුළු පාවුල්තුමා ප්‍රකාශ කරන ලද්දේ මක්නිසාද මා තුළ එනම් මාගේ මාංශය තුළ කිසි යහපතක් වාසය නොකරන බව දනිමි යනුවෙනි. (රෝම 7:18)
ඔබ ශුද්ධවු පාවුල්තුමාට වඩා මහත් අයෙකුයැයි මම නොසිතමි. අපි මෙම මහත් සත්‍යතාවය තේරුම් ගනිමු. අපි බලාපොරොත්තු රහිත ලෙස පාපිෂ්ඨ අය වෙමු. අප තුළ යහපත්කමක් නොමැත. අපි සම්පුර්ණයෙන්ම අපගේ ආත්මික දිළිදුකමින් යුතුව ස්වාමින්වහන්සේ විශ්වාස කොට ඇදහිල්ලෙන් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ලබා ගනිමු. ඔබ කි්රස්තුස්වහන්සේ ඔබගේ ගැළවුම්කරුවාණන් ලෙස පිළිගත් මොහොතේ කි‍්‍රස්තුස්වහන්සේගේ පුර්ණ ධර්මිෂ්ඨකම ඔබගේ ගණනට බාර කරන ලදී. ඔබ දෙවි ස්වාමින්වහන්සේ ඉදිරියේ සිටින්නේ යේසුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම මතය. ඔබගේම තම ධර්මිෂ්ඨකම දෙවියන්වන්සේ ඉදිරියේ කිලිටි වැරහැලිය. අප හට දෙවියන්වහන්සේ ඉදිරියෙහි පෙනී සිටිය හැක්කේ කි‍්‍රස්තුස්වහන්සේගේ පවරන ලද (ආරූඪකල) ධර්මිෂ්ඨකම මතය.
දෙවියන්වහන්සේ විසින් පවරනු ලැබු ධර්මිෂ්ඨකමේ අද සිටීමත් හෙට එසේ නොමැති වීමක් නොවන්නේය. ඔබ සම්පුර්ණයෙන්ම කි‍්‍රස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම මත සිටීම හෝ නොසිටීම වන්නේය. එසේ නොවන්නේ නම් ඔබ පාපයේ නැතිවු අයෙකි. දේව රාජ්‍යයෙන් පිටත සිටින අයෙකි. ක්‍රිස්තුස්වහන්සේ අපගේ පාප දරාගත්තේ අප උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ලබන පිණිසය.
අපි රෝම 4:5-8 මෙසේ කියවමු. අප ඇදහිල්ලෙන් වන්නාවූ ධර්මිෂ්ඨකම දකිමු. ඉදින් වැඩ කරන්නේ කුලිය ණයක් වශයෙන් මිස කරුණාවක් වශයෙන් ගණන් ගනු නොලැබේ. නමුත් වැඩ නොකරන්නමු. අභක්තිකයන් ධර්මිෂ්ඨයන් කොට ගන්නා තැනන්වහන්සේ අදහාගන්නා අය ඔහුගේ ඇදහිල්ල ධර්මිෂ්ඨකමය. එලෙසම දෙවියන්වහන්සේ යමෙකුව ධර්මිෂ්ඨකමට කි‍්‍රයා නැතිව ගණන්ගත් සේක්ද? ඔහුගේ ආශිර්වාදකම දාවිත් දක්වමින් තමුන්ගේ අයුතුකමට කමාවත් පාපයට වැස්මත් ලැබු තැනැත්තෝ ආශිර්වාද ලද්දෝය. ස්වාමින්වහන්සේ විසින් පාපය ගණන් නොතබන තැනැත්තා ආශිර්වාද ලද්දෝ යයි කියයි. (රෝම 10:10)
මතු සම්බන්ඳයි
No comments:
Post a Comment