Thursday, September 27, 2018

ශුද්ධාත්ම පුර්ණත්වය ලබාගන්නේ කෙසේද? 05 කොටස

අප කියවන්නේ මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය. ගැළවීම පිණිස මුඛයෙන් කියා දෙන්නේය. යැවුම්පත‍්‍රයන්හි බොහෝ ශුද්ධ ලියවිලි පාඨ මගින් දක්වන්නේ දෙවි ස්වාමින්වහන්සේගේ පිළිගත් හා එකම ධර්මිෂ්ඨකම කි‍්‍රස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම බවය. එය ඇදහිල්ලෙන් ලබාගන්නාවු එකකි. දැන් කි‍්‍රස්තුස්වහන්සේ විසින් තමන්වහන්සේගේ ජීවිතය පුජා කිරීම කරණකොටගෙන අපහට දෙවියන්වහන්සේ ඉදිරියෙනි පුර්ණව පෙනී සිටිය හැක.

 අප විසින් වරදවා තේරුම් නොගත යුතු කරුණක් වන්නේ මෙම පරිපුර්ණකමේ අදහස අප පරිපුර්ණත්වය වර්ධනය වීමෙන් ලබා ගන්නා ලද තත්වයක් නොවන බවය. කිතුණු චරිතය ගොඩනැඟීම ජීවිතය මුළුල්ලේ සිදුවන්නාවු කි‍්‍රයාවලියකි. සැබවින්ම අප සෑම අයෙකුගේම ජීවිතයෙහි ඉතාම යහපත්  දෙය බොහෝ වශයෙන් ආශාවීමට ඇත. දෙවියන්වහන්සේ අප හට ශුද්ධාත්ම පුර්ණත්වය දානය කරන ලද්දේ අපගේ කිතුණු චරිතයේ උසස් මට්ටමකට පත්වීම නිසා නොවේය. නමුත් උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ව දුර්වල අය හට දානය කරන ලදී. එසේ කරන ලද්දේ ශුද්ධාත්මයාණන්වහන්සේගේ උපකාරයෙන් මඟපෙන්වීමෙන් හා බලයෙන් ඔවුන් කි‍්‍රස්තුස්වහන්සේගේ ස්වරූපයට මාරුවෙන පිණිසය.

ඔබ මෙය සිහි තබාගත යුතුය, එය අපගේ ගණනට භාර කරනු ලැබුවාවු කි‍්‍රස්තුස්වන්සේගේ ධර්මිෂ්ඨකම වේවා, එය අප උන්වහන්සේ කෙරෙහි අදහාගත් විට නැතහොත් දිනෙන් දින අපගේ චරිතය ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් ගොඩනඟන්නාවු ධර්මිෂ්ඨකම වේවා, එය කි‍්‍රස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම මිස ඔබගේ ධර්මිෂ්ඨකම නොවේය.

නැවතද ඔබට මා සිහිපත් කරන්නේ ඔබම යහපත් නොවන අතර ඔබගේ එකම බලාපොරොත්තුව උන්වහන්සේ බවය. දෙවිස්වාමින්වහන්සේ මා කි‍්‍රස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමින් පළඳිනු ලබන බව දකින්නේ නම් කි‍්‍රස්තුස්වහන්සේගේ යෝග්‍යභාවය හෙවත් සුදුසුකම වටිනාකම, මනුෂ්‍යය වර්ගයාට දෙනු ලැබුවාවු  ඕනෑම දෙයක් ලබාගැනීමට මා සුදුස්සෙකු කරයි.

බොහෝ විට අපි මෙම ප‍්‍රකාශණය අසන්නෙමු. ශුද්ධාත්මයාණන් වහන්සේ කිසිවිටක අපවිත‍්‍ර භාජන වෙත නොපැමිණෙන සේක. අපි මෙම ප‍්‍රකාශණය සමඟ සම්පුර්ණයෙන් එකඟ වෙමු. නමුත් අපි අසන ප‍්‍රශ්නය නම් භාජනයක් පවිත‍්‍ර හා අපවිත‍්‍ර ලෙස වන්නේ කෙසේද? යනුවෙන්ය. බොහෝ ජනයා ඔවුන්ගේ සිත්තුල ප‍්‍රමිතීන් තබාගෙන ඇත. අන් අය එම මිණුම් දණ්ඩ ප‍්‍රමිතියට නොවන්නේ නම් ඔවුන්ගෙ ප‍්‍රකාශණය අනුව ඔවුන් පවිත‍්‍ර නොවේ. මෙම ජනයා විසින් සිහි තබාගත යුතු කරුණක් වන්නේ කි‍්‍රයා පොතෙහි දැක්වෙන පේතෘස්තුමාගේ අත්දැකීමය. ස්වර්ගයෙන් ඔහු වෙතට පැමිණි පහත් කරනු ලැබු ඇතිරිල්ලෙහි අපවිත‍්‍ර සතුන් හා බඩගා යන සතුන් විය. පේතෘස්තුමා හට දෙවිස්වාමින්වහන්සේගෙන් පැමිණි පණිවුඩය වුයේ දෙවියන්වහන්සේ පවිත‍්‍රකරන ලද කිසිවක් අපවිත‍්‍ර යැයි නොකියන ලෙසටය.

මිදීම ලැබු සෑම මනුෂ්‍යයාම යේසුස්වහන්සේගේ ලෙයින් පවිත‍්‍ර කරනු ලැබ ඇත. එබැවින් ඔහු හෝ ඇගේ වර්තමාන තත්වයේදි ශුද්ධාත්ම බෞතිස්මය ලැබීමට සුදුසුය. යමෙකු ගැළවීම ලබා ඇති බව ප‍්‍රකාශ කරමින් අනෙක් පසට හැරී එම අය ශුද්ධාත්ම පුර්ණත්වය ලැබීමට නුසුදුසු බව ප‍්‍රකාශ කිරීම කෙතරම් තර්කානුකුල නොවන්නාවු දෙයක්ද? අප විසින් පිළිගත යුතු කරුණක් නම් මනුෂයෙකු ගැළවීම ලබා ඇත්තේ නම් ඔහු දුර්වල ළදරු කිතුණුවෙකු වුවත්,  ඔහු මරණයට පත් වුවහොත් ස්වාමින්වහන්සේ වෙතට යන බවය, තව දුරටත් අප විසින් පිළිගත යුතු වන්නේ ඔහු දෙවියන්වහන්සේ ඉදිරියෙහි වරදටපත් කරනු නොලබා දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ දුතයන් ඉදිරියෙහි කි‍්‍රස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමේන් පළඳනු ලබා ඇති බවය, එමෙන්ම ස්වර්ගීය අලංකාරයෙන් වටකොට ඇති බවය. එසේනම් එබදු මනුෂ්‍යයෙකු හට ඔහු ශුද්ධාත්ම පුර්ණත්වය ලැබීමට නුසුදුසු බව ප‍්‍රකාශ කිරීම කෙතරම්
අතාර්කිකද? මන්දයත් අප මින් පෙර සඳහන් කරනු ලැබු ලෙස ශුද්ධාත්ම පුර්ණත්වය දානය කරනු  ලබන්නේ යම් අරමුණක් ඉටු කරගන්නා මාධ්‍යයක් ලෙස එම මනුෂ්‍යයා අවසාන ප‍්‍රතිඑලය හෙවත් ගමනේ අවසානය වන ස්වර්ගයට පිවිසීමට සුදුසු වන්නේ නම් යෝග්‍ය වන්නේ නම් එම ගමන් මගෙහි අවශ්‍යය අංගයක් වන ශුද්ධාත්ම පුර්ණත්වය ලැබීමට යෝග්‍ය නොවන්නේ යැයි ප‍්‍රකාශ කරන්නේ කෙලෙසද? එම තැනැත්තා මෙහිදී දැන් ශුද්ධාත්ම පුර්ණත්වය ලැබීමට යෝග්‍ය නොවන්නේද? සියලූ තර්කයන් උන්වහන්සේගේ ජීවිතයේ අවසාන දිනුම වන ස්වර්ගය දුන් සියල්ලට වඩා උත්තරීතර බවය.

මෙම අන්තය කරා ගමන් කිරීමට යොදාගන්නාවු සියලූ මාර්ගයන්ට වඩා ස්වර්ගය උසස්ය.  

No comments:

Post a Comment

About