පහත දැක්වෙන්නේ ශුද්ධාත්ම බෞතිස්මය ලැබීම සඳහා ඉදිිරිපත්වු දහස් ගණනකට දෙනු ලැබු උපදේශණයකි. ඔවුන් කෙරෙහි හස්ත තැබීමෙන් අනතුරුව ඔවුන් සෑම අයෙකුම පාහේ ශුද්ධාත්ම බෞතිස්මය ලැබුහ. (කි‍්‍රයා 2:2)
ඔවුන් මෙම පහත සඳහන් උපදෙස් අනුව කි‍්‍රයා කළහ. යහපත් ජනයා වන ඔබ හට මෙම ශුද්ධාත්ම බෞතිස්මය ලැබීම පිළිබඳ කරුණ කථා කිරීමේදී, මා පළමුව විශ්වාස කරන්නේ ඔබ සෑම අයෙක්ම පළමුකොට ගැළවීම ලැබු අය බවය. එසේ නොවන්නේ නම් ඔබ මෙහි සිටීයයි මම බලාපොරොත්තු නොවෙමි.
බයිබලය පැහැදිලිව ප්‍රකාශ කරන්නේ ගැළවීම නොලද අය හට ශුද්ධාත්ම බෞතිස්මය ලැබිය නොහැකි බවය. එබැවින් ගැළවීම නොලද හෝ මිදීමේ ආශාවක් නොමැත්තේ නම් මෙම අනර්ඝ දීමනාව ලැබිය නොහැකිය. ඔබ උන්වහන්සේගේ දරුවෙක් විය යුතුය.
යොහාන් 14:16-17 ජේසුස්වහන්සේ ප්‍රකාශ කරන ලද්දේ ”මම පියාණන්වහන්සේට යාච්ඤා කරන්නෙමි. එවිට උන්වහන්සේ ඔබ සමඟ සඳහටම සිටින පිණිස වෙන සැනසිලිදායකයෙකු දෙන සේක. ඒ සහායදායකයාණෝ සත්‍යතාවේ ආත්මයාණෝය.
උන්වහන්සේ පිළිගැනිමට ලෝකයා අපොහොසත්ය. මන්ද ලෝකයා උන්වහන්සේ දකින්නේවත් හඳුනන්නේවත් නැත. එහෙත් ඔබ උන්වහන්සේ හඳුනන්නහුය. මන්ද උන්වහන්සේ ඔබ සමඟ නැවතී සිටිමින් ඔබ තුළ වැඩ වසන සේක” මෙය අපගේ ස්වාමින්වහන්සේගේ පැහැදිලි ප්‍රකාශණයකි. එය නම් මිදීම නොලත් ලෝකයාට ශුද්ධාත්මයාණන් ලබාගත නොහැකි බවය.
දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස අපි දෙවියන්වහන්සේගේ වචනය පැහැදිලි ඉගැන්වීම් සහිතව ලබාගත යුතුය. අපි ඇදහිල්ල කරණකොටගෙන ශුද්ධාත්ම පුර්ණත්ව ලබාගැනීමට එය අවශ්‍යය. දෙවිපියාණෝ ශුද්ධාත්මයාණන් අපගේ දිව්‍යමය සැනසිලිකරුවාණන් ලෙස එවා ඇත.
අප විසින් දැකිය යුතු පළමු ප්‍රතිපත්තිය වන්නේ ශුද්ධාත්මයානණ්වහන්සේ අප හට තිළිණ ලෙස දෙනු ලබා ඇති බවය. යොහාන් 14:16 යේසුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කල සේක: ”මම පියාණන්වහන්සේට යාච්ඤා කරන්නෙමි එවිට උන්වහන්සේ ඔබ හට වෙනත් සැනසිලිකාරයෙකු දෙන සේක.”
නැවතද ලූක් 11:13 අප කියවන්නේ යේසුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කල බව හා එනම් ”නපුරුවු නුඹලා නුඹලාගේ දරුවන්ට යහපත් දේ දීමට දන්නාහු නම් ඊට කොපමණ වැඩියෙන් ඔබේ ස්වර්ගීය පියාණන්වහන්සේ තමන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මයාණන් නොදෙන සේක්ද?”
මතු සම්බන්ඳයි....
No comments:
Post a Comment