ශුද්ධාත්ම පුර්ණත්වය ලබාගන්නේ කෙසේද? 3 වන කොටස
ඔබ විසින් මෙහිදී සැලකිය යුතු වන්නේ මෙම වදන් අනුව අපේ දෙවිපියාණන්වහන්සේ ශුද්ධාත්මයාණෝ දානය කරන බවයි. එම ගිවිසුම පෙන්තකොස්ත දිනයට පෙර බයිබලය කථා කරන්නේ, ශුද්ධාත්මයාණන්වහන්සේ දීම හෙවත් දානය කිරීම ගැනය. දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ට ආත්මයාණෝ දානය කිරීම ගැන අප කියවමු. නැතහොත් මනුෂ්‍යයන් ශුද්ධාත්මයෙන් පුර්ණ කිරීම ගැන කියවමු. නමුත් අපි වැරදි සහගත යෙදුමක් භාවිතා කරමු. දෙවියන්වහන්සේ පෙන්තකොස්ත දිනයේදී ශුද්ධාත්මයාණෝ දානය කරන ලදී. නමුත් එතැන් සිට මේ දක්වා කිසිදු ජීවමාන ප්‍රාණයකට ශුද්ධාත්මයාණෝ දීමක් නොවන්නේය.
පෙන්තකොස්ත දිනයේදී මුලූ සභාවටම ශුද්ධාත්මයාණන් දානය කරන ලදී. එම නිසා මෙම යුගයේ ප්රශ්නය වන්නේ දෙවියන්වහන්සේ විසින් ශුද්ධාත්මයාණන් දානය කිරීමේ කැමැත්ත පිළිබඳව ප්‍රශ්නයක් නොවේය. නමුත් ප්රශ්නය වන්නේ කිතුණුවා ශුද්ධාත්මයාණෝ ලබා ගැනිමට කැමතිවීමයි. පෙන්තකොස්ත දිනයට පසුව අප දකින්නේ මනුෂ්‍යයින් ශුද්ධාත්මයාණන් ලබාගැනීම පිළිබඳ කතාකිරීමය. දීමක් වෙනුවට ලබාගැනීමකි. එය නිතරම ත්‍යාගයක් (තිළිණයක් ) පිළිබඳව පදනමකි.
කි‍්‍රයා 2:38 හි පේතෘස්තුමා ප්‍රකාශ කරන ලද්දේ ඔබ සෑම අයෙකුම පව්කමාව පිණිස පසුතැවිලිවී යේසුස්වහන්සේගේ නාමයෙන් බෞතිස්මය ලබන්න. එවිට ඔබ ශුද්ධාත්ම දීමනා ලබන්නහුය යනුවෙනි. ඔබ දැකිය යුත්තේ ලැබීම යන වචනයයි. යමෙක් යමක් ලැබීමයි. ලැබීමේදී දානය කරන්නා හා දෙන්නාගේ කි‍්‍රයාව එක් පසකින් වන අතර ලබන්නාගේ කි‍්‍රයාව තවත් එකකිි. කි‍්‍රයා 19:1 පාවුල්තුමා එපීසයේ සිටියාවු ගෝලයන්ගෙන් අසන ලද්දේ ඔබ අදහාගත් පසු ශුද්ධාත්මයාණන් ලැබුයෙහිද? යනුවෙනි. එහිදී පාවුල්තුමා විමසන ලද්දේ දෙවියන්වහන්සේ ඔවුනට ශුද්ධාත්මයාණෝ දෙනු ලැබුයේද යන්න නොව මන්දයත් ශුද්ධාත්මයාණන් එක් වරම දානය කරනු ලබා සිටි බැවිනි.
දීමනාවක් හෙවත් තිළිණයක් ඇදහිල්ලෙන් ලබාගත යුතුය. ඒවා තමන්ගේ පුණ්‍ය කි්රයාවන් කරණකොටගෙන ලබාගන්නා ඒවා නොවේය. ඔබ යමක් උපයාගැනීමට වැඩ කරන විට නැතහොත් එය ලබාගැනීමට සුදුසු යහපත් තත්වයකට පත්වීම කරණකොටගෙන ලබන්නේ නම් එය ඔබට වේතනයක් වැටුපක් ලෙස නැතහොත් ඔබගේ යහපත්කමට ත්‍යාගයක් වශයෙන් ලැබෙන්නකි. නැත නැත එහෙත් මිත්‍රවරුනි එය එසේ නොවේ. අපි දෙවියන්වහන්සේගෙන් ලබන්නාවු සියල්ල ත්‍යාග පදනම මත තිළිණ පදනම මත ලබන්නෙමු. ඒවා මුලූමනින්ම ඇදහිල්ලෙන් වේ.
ගලාති 3 පරිච්ජේදයෙහි මෙය ඉතා පැහැදිලි කරන දේව වාක්‍ය ගණනාවක් ඇත. ගලාති 3:2 ”නුඹලාගෙන් මෙය පමණක් දැනගන්නට කැමැත්තෙමි. එනම් නුඹලා ආත්මයාණන්් වහන්සේ ලැබුයේ ව්‍යවස්ථාවේ කි‍්‍රයා කරණකොටගෙනද නොහොත් ඇදහිල්ලේ පණිවිඩය කරණකොටගෙනද?” සැබවින්ම පිළිතුර වන්නේ ඇදහිල්ලෙන් බවය. දෙවියන්වහන්සේ ආත්මයාණන් එවා ඔබ අතර හාස්කම් කරන්නේ ඔබ ව්‍යවස්ථාව පිළිපදින නිසාද, නැතහොත් සුභ අස්නේ පණිවුඩය අසා එය අදහන නිසාද? (ගලාති 3:5)නැවතද පිළිතුර වන්නේ ඇදහිල්ල කරණකොටගෙන බවයි.
ඉන්පසු ගලාති 5:13-14 පදවල මෙම පුදුම ප්‍රකාශණ ඇති ගසක එල්ලෙන සියල්ලෝ ශාප ලද්දෝය ලියා තිබෙන ලෙස කි්රස්තුස්වහන්සේ අප උදෙසා ශාපයක් වී ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදා ගත්සේක. මෙසේ කලේ කි‍්‍රස්තුස් යේසුස්වහන්සේ තුල ආබ්‍රහම්ගේ ආශිර්වාදය අන්‍යජාතී කෙරෙහි පැමිණෙන පිණිසත් ඇදහිල්ල කරණකොටගෙන අප විසින් ආත්මයාණන් වහන්සේගේ පොරොන්දු ලබාගන්නා පිණිසය.
මතු සම්බන්ඳයි
No comments:
Post a Comment