Sunday, September 30, 2018

ශුද්ධාත්ම පුර්ණත්වය ලබාගන්නේ කෙසේද? 07

අප පාවිච්චි කරන එක්තරා වැරදි සහගත  යෙදීමක් වන්නේ අන්‍ය භාෂාව කථා කිරිම සම්බන්ධයෙනි, එය ශුද්ධාත්ම පුර්ණත්වය ලැබීමේ ආරම්භක සලකුණ වේ.  එය ශුද්ධාත්මයාණෝ මනුෂ්‍යයා මගින් කථා කිරිමය. උදාහරණ ලෙස යමෙකු ප‍්‍රසිද්ධ රැුස්වීමකදී අන්‍ය භාෂාවෙන් පණිවුඩයක් ගෙන එන්නේ නම් එහි සිටින කෙනෙක් තවත් අයෙකුට මෙසේ ප‍්‍රකාශ කරයි. 

සහෝදරයා ශුද්ධාත්මයාණෝ එම මනුෂ්‍යයා තුලින් කථා කරන සේක. ශුද්ධාත්ම පුර්ණත්වය ලබා ගැනීමට පැමිණ සිටින අයෙකුට තවත් අයෙක් ප‍්‍රකාශ කරනු ලබන්නේ සහෝදරයා ඔබ තුලින් ශුද්ධාත්මයාණන්ට කථාකිරිමට ඉඩ හරින්න කියාය. මෙවැනි  ප‍්‍රකාශයන් මඟින් අසා සිටින්නන්ට වැරදි අවබෝධයක් ලැබේ. එයින් පැමිණෙන අදහස වන්නේ කථා කරන මනුෂ්‍යයාගේ කැමැත්තේ කි‍්‍රයාව නොමැතිව ශුද්ධාත්මයාණෝ ඔහුගේ මුඛය තුලින් කථා කරන බවයි.

 එක් සභාපාලකවරයෙක් මෙසේ ප‍්‍රකාශ කලේය.  එය යමෙක් කුඩා ගුවන් විදුලි යන්ත‍්‍රයක් ගිලගැනීම වැනිය. ශුද්ධාත්මයාණෝ සුදානම් විට ඔහු රේඩියෝව මෙන් කි‍්‍රයාකරන බවය. ශුද්ධාත්ම පුර්ණත්වය සොයන්නන් සමඟ කථා කිරීමේදී මා විසින් සොයා ගන්නා ලද්දේ විස්තර කර ලෙස ශුද්ධාත්මයාණෝ  ගුවන් විදුලියක් මෙන් කි‍්‍රයාකරන බවය. ඔවුන් තමන්ගේ මුඛය මඟින් ශුද්ධාත්මයාණෝ කතාකරන තුරු බලා සිටිති. ඔවුන් තමන්ගේ පාර්ශවයෙන් කි‍්‍රයා නොකරති. මෙය බයිබලය උගන්වන ප‍්‍රතිපත්තියට සම්පුර්ණයෙන්ම පටහැනිය. කි‍්‍රයා 2 පරිච්ජේදයේ 4 ප‍්‍රකාශ කරන්නේ ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව ආත්මයාණන්වහන්සේ ඔවුන්ට කතාකරන්නට පුළුවන්කම දුන් ප‍්‍රකාරයට අන්‍ය භාෂාවෙන් කතා කරන්ට පටන්ගත් බවය. ඔබ විසින් සැලකිය යුත්තේ පුළුවන්කම දුන් ප‍්‍රකාරයට ඔවුන් කතාකල බවය.

 ඔවුන් අන්‍ය භාෂාවෙන් කතා කළහ. එහි ප‍්‍රකාශ කරන්නේ ශුද්ධාත්මයාණෝ කතාකිරිමට පටන්ගත් බව නොවේය. එහි ප‍්‍රකාශ කරන්නේ ශුද්ධාත්මයාණෝ ඔවුන්ට පුළුවන්කම දුන් ප‍්‍රකාරයට ඔවුන් කතා කල බවය. ශුද්ධාත්මයාණෝ ඔවුන්ට වචන දුන් ප‍්‍රකාරයට කි‍්‍රයා 2:4 වර්තමාන පරිවර්තනවල වඩාත් පැහැදිලිව දක්වා ඇත. ”වේ මවුත්” පරිවර්තනය ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පුර්ණ වූහ.

ශුද්ධාත්මයාණන් ඔවුන්ට වචන දුන් ප‍්‍රකාරයට ඔවුන් අන්‍යභාෂාවෙන් කතාකිරිමට පටන්ගත්හ. ඔබට ප‍්‍රකාශ කිරිමට වචන මම දෙන්නේ නම් කතාකිරිම කරන්නේ මම නොවේය. මම ඔබ කතාකල යුතුදේ පවසන අතර ඔබ එම පවසන දේ කියයි. නව කතෝලික පරිවර්තනය ඒ පිළිබඳ අනගි ලෙස මෙසේ දක්වයි. ”ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පුර්ණව විදේශ භාෂාවලින් කතාකිරිමට ශුද්ධාත්මයාණන් ඔවුන් පොළඹවන ලෙස කතාකිරිමට පටන්ගත්හ.” ඔබ නත්තල් වැඩසටහනක කොටසක් ඉටු කරන ළමයෙකු නම් ඔබ ඉදිිරිපත් කිරිමට ඇති කොටස ඉදිරිපත් කරමින් සිටින විට අමතක වීමක් සිදුවුවහොත් තිරයේ පිටුපස සිටින්නාවු ගුරුවරයා එම ඉදිරිපත් කිරිමේ කරුණ තමන් ඇතේ ඇතිව එම දරුවාව නිවැරදිව ඉදිරිපත් කිරිමට වචන කටට දෙති. නමුත් එම ගුරුවරයා පිටතට පැමිණෙන්නේ නැත. එම දරුවාව පසෙකට දමන්නේ නැත.

තමන් විසින්ම එම කොටස කියවන්නේ නැත. ගුරුවරයා උපකාර කරමින් කිය යුතු දේ කියා දේ එවිට ඔබ එය කරයි. මෙම පරිවර්තන දෙක හා තවත් බොහෝ පරිවර්තන කෙනෙකු අන්‍ය භාෂාවෙන් කතා කරන විට සැබවින් සිදුවන්නේ කුමක්දැයි ප‍්‍රකාශ කරයි. එහිදී කතාකිරිම කරන්නේ ශුද්ධාත්මයාණෝ නොවේය. නමුත් ශුද්ධාත්මයාණෝ ස්වභාවෝත්තර ලෙස කතා කිරිමට මඟ පෙන්වයි. මනුෂ්‍යයා තමාගේ කැමැත්තේ කි‍්‍රයාවෙන් කතා කරයි. ඔහු තමාගේ ස්වභාවික භාෂාව කතා කරන ලෙස සැබවින්ම කතා කරයි.

පුදුමය වන්නේ මනුෂ්‍යයා කතා කිරිම නොවේය. එය කැමැත්තේ කි‍්‍රයාවකි. පුදුමය වන්නේ මනුෂ්‍යයා කතා කරන දේවල්ය. ඔහු කතාකරන දේවල් සම්පුර්ණයෙන්ම ස්වභාවයට ඉහලය. ස්වභාවෝත්තරය ඔහු කතා කරන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේ මඟපෙන්වන දේය. ඔබ මෙසේ කීමට පුළුවන. අන්‍ය භාෂාවෙන් කතා කිරිම ශුද්ධාත්මයාණන්වහන්සේ මඟපෙන්වීම වන්නේ නම් මම ශුද්ධාත්මයාණන්ගේ මඟපෙන්වීම බලාපොරොත්තු වන්නේ කෙසේද? යන්නය. එය ඔබගේ සිතෙහි තිබිය යුතු ඥාණවන්ත ප‍්‍රශ්නයකි. අපි මෙම ප‍්‍රශ්ණයට ප‍්‍රවේශමින් අවධානය යොමු කල යුතුය. එනම් මඟපෙන්වන ආකාරය පිළිබඳවය, එවිට එය පැමිණිවිට ඔබට අවබෝධකරගත හැකිවනු ඇත.


බොහෝ මනුෂ්‍යයින් මා හට ප‍්‍රකාශ කර ඇත්තේ ඔවුන් ශුද්ධාත්ම පුර්ණත්වය ලැබු විට අන්‍යභාෂාවෙන් කතා කල විට එම කතාකිරිම සඳහා බොහෝ කලක සිට මඟපෙන්වීම තිබු බවය, නමුත් අවබෝධය මඳ නිසා හෝ මනසේ වු වැරදි අදහස් නිසා ඔවුන් එය නිසි ලෙස අවබෝධකර නොගත් බවය.

ශුද්ධාත්මයාණෝ ඔබට මඟපෙන්විය හැකි එක් ආකාරයක් වන්නේ ඔබ තුළමය. එය කොතැනදි දැයි මා හට කිව නොහැකිය. ඔබහට එම වචන පිළිබඳව හැඟීමක් ඇත. ඔබ හට ඒවා කුමනාකාර දැයි කිව හැක්කේ ඔබ ඇසෙන ලෙස ප‍්‍රකාශ කිරිමෙන්ය. බොහෝ මනුෂ්‍යයන් හට මෙම අත්දැකිම ඇති නමුත් ඔවුන් තමන් මාංශයෙන් යමක් කරන්නේ යැයි බිය වෙති. එසේ සිතීමෙන් ඔවුන් ප‍්‍රකාශ කිරිමෙන් වැළකෙති. එලෙස ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් අන්‍ය භාෂාවෙන් කතාකිරිමට පෙළඹවීම වළක්වා ගනිි.

ශුද්ධාත්ම පුර්ණත්වය ලබාගන්නේ කෙසේද? 06 කොටස

සියල්ලන්ගේ සිත් තුලට අප විසින් යොමුකරන්නාවු තවත් සිතුවිල්ලක් වන්නේ ශුද්ධාත්ම පුර්ණත්වයේදී අප ලබාගන්නේ පිළිගන්නේ පුද්ගලයාණන්වහස්සේ පමණි. යමක අත්දැකීමක් නොවේය. ශුද්ධාත්මයාණන් වහන්සේ ලබාගැනීම කිතුණුවෙකුගේ කි‍්‍රයා කිරීමේ පළමු සරල අත්දැකීම සමඟ සහයෝගීතාවයකි. 

මෙහිදී ආරම්භය ලබා ගැනීම වැදගත්ය. එය ශුද්ධාත්මයාණන් වහන්සේ සමඟ සහ සහභාගිත්වයේ පළමු පියවර ස්ථාපිත කරයි. එය මෙම ලෝකයෙහි ජීවත්වන තුරු අඛන්ඩව පවත්නා සම්බන්ධතාවයකි. අප මේ ලෝකයේ ජීවත්වන තුරු අපි ආරම්භක අත්දැකීම් කථා කරන ලද අතර ශුද්ධාත්මයාණන් සමඟ ගමන් කිරීම හා කථාකරන්නෙ ස්වල්පයකි.

අප විසින් සැලකිය යුතුවන කරුණක් වන්නේ ශුද්ධාත්මයාණන් පැමිණෙන තුරු බලා සිටීමට උගන්වනු ලැබුයේ යේසුස්වහන්සෙ විසින් අණ දෙනු ලැබු ගෝලයින් හටය. ඔවුන් බලා සිටින ලද්දේ පොරොත්තු වන ලද්දේ ඒ මහත් ශුද්ධාත්මයාණන් දානය කර නොතිබුනු නිසාය.  ප‍්‍රාථමිකව ඔවුන්ගේ බලාසිටීම ශුද්ධාත්මයාණන් ලබා ගැනීම සඳහා බලා සිටීමකට වඩා ඔවුන් පෙන්තකොස්ත දිනය පැමිණෙන තුරු බලා සිටියහ.

 දෙවි ස්වාමින්වහන්සේගේ සැලැස්ම ලෙස එය ශුද්ධාත්මයානන් වැගිරවීමේ ප‍්‍රස්ථාව විය. සැලකිය යුතු වන්නේ දේව වචනය ප‍්‍රකාශ කරන්නේ ශුද්ධාත්මයාණන් වගුරවනු ලැබුයේ ඔවුන් සම්පුර්ණයෙන් සුදානම් වු පසු නොව පෙන්තකොස්ත දිනය සම්පුර්ණයෙන් පැමිණි පසුවය. එවිට ඔවුන් කෙරෙහි ශුද්ධාත්මයාණන් පැමිණ ඔවුන් ශුද්ධාත්මයෙන් පුර්ණ වුහ. මෙම යුගයේදී දෙවියන්වහන්සේගේ සැලැස්ම වන්නේ ශුද්ධාත්ම පුර්ණත්වය උදෙසා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයින් බලාසිටීම ලෙස උන්වහන්සේ සැබවින්ම පෙන්තකොස්ත දිනයේදී සියලූ කිතුණුවන් එකඟවන ලෙස සියලූ කිතුණුවන්  බලා සිටින්නේය.

අපි මෙම වැදගත් ප‍්‍රශ්ණය අසමු එනම්, පේතෘස්, පාවුල් සහ මුල් ශ‍්‍රාවකයින් ශුද්ධාත්මයාණන්ගේ පුර්ණත්වය සඳහා බලා සිටින්නට යැයි උගන්වනු නොලද්දේ මන්ද යනුවෙනි. පෙන්තකොස්ත දිනයට පසු ශුද්ධාත්ම පුර්ණත්වය පතා බලාසිටින්නට යැයි උගන්වනු නොලද්දේය. ඔබ අභියස සිටින්නාවු කෙනෙකු පැමිණෙන තුරු බලා සිටින්නැයි ප‍්‍රකාශ කිරීම අඥාණකමකි.

 ශුද්ධාත්මයාණන් පෙන්තකොස්ත දිනයේ සිට අප සමඟ වන සේක. ශුද්ධාත්මයාණෝ ඔබව අයත් කර ගැනීමට මහත් ආශාවෙන් සිටින සේක. ඔබගේ හෘදයේ වාසය කිරීමට ඔබටද වඩා උන්වහන්සේ ආශාවෙන් සිටින සේක. කෙනෙකු තව බලා සිටීමට යැයි කියන විට සැකයක් ඇති වේ. එයින් අදහස් කරන්නේ ශුද්ධාත්මයාණෝ යම් දුරස්ථ ස්ථානයක සිටින බව හා උන්වහන්සෙ පැමිණෙන තුරු මා  බලාපොරොත්තුවෙන් සිටිය යුතු බවය. අප තේරුම් ගත යුත්තේ දැන් උන්වහන්සේ මෙහි සිටින බවය. අප උන්වහන්සේ ලබාගැනීමට ඇදහිල්ලෙන් සුදානම් වූ මොහොතේම උන්වහන්සේගේ පුර්ණත්වය ලබන බවය.

යම් අයෙකු හට ඔබ කියනා දෙය නම් මා වෙත යම් ආත්මික අඩුකමක් නොවන්නේ නම් ශුද්ධාත්ම පුර්ණත්වය වළක්වන කාරනය කුමක්ද? ඔබ මෙවැනි දෙයක් සිතීම පුදුම සහගත නොවේ. අප හට බොහෝ විට උගන්වනු ලබා ඇත්තේ අප අවශ්‍යය ප‍්‍රමාණයට යහපත් වන විට ශුද්ධාත්මයාණන් ලැබෙන බවය. කෙසේ වුවද මා සිතන්නේ ඔබ හට ශුද්ධාත්ම පුර්ණත්වය ලබාගැනීමට බාධා වන්නේ කුමක්ද යන්න පෙන්වා දීමට අපහසු නැත. ඔබ ඉතා  ඕනැකමින් සොයන ලද්දේ නම් ඔබ හට නොලැබුනේ කෙසේද කියා තේරුම් ගැනීමට දුෂ්කර නැත. ඔබ ශුද්ධාත්මයාණන්වහන්සේ සොයන ලද්දේ නම් උන්වහන්සේ ඔබ කෙරෙහි කි‍්‍රයා කරනු ලබන බව දැනුනේ නම් උන්වහන්සේ පුද්ගලයාණන් වහන්සේ කෙනෙකි.

 ඔබට හැෙඟන ලෙස උන්වහන්සේ එහිය. අපි ක‍්‍රියා 2:34 පේතෘස්ගේ ප‍්‍රකාශයට යොමු වෙමු. නුඹලා සියල්ලෝම පසුතැවිලිව පව්කමාව පිණිස යේසුස් කි‍්‍රස්තුස්වහන්සේගේ නාමයෙන් බෞතිස්මය ලබාපල්ලා, එවිට ශුද්ධාත්ම දීමනා ලබන්නහුය. මෙම වචනය සලකන්න, එනම් ලබන්නහුය, මෙය යම් අයකුගේ පාර්ශවයෙන් යමක් ලබා ගැනීම පිළිබඳ කි‍්‍රයාවකි අද බොහෝ ජනයාගේ ජීවිතවලට ශුද්ධාත්මයාණෝ පැමිණ ඇත. නමුත් ඔවුන්ගේ පාර්ශවයෙන් උන්වහන්සේව ලබාගැනීම පිළිගැනීම සිදු කර නොමැත. උදාහරණ ලෙස බොහෝ ජනයා හට ඔවුන්ගේ තොල්වෙත බොහෝ අවස්ථාවලදී අන්‍ය භාෂා පැමිණ ඇත. නමුත් ඔවුන් පැහැදිලිව එය පිටතට ප‍්‍රකාශ කර නොමැත.

ඔවුන් ශුද්ධාත්ම පුර්ණත්වය නොලැබීමට එකම හේතුව වන්නේ ශුද්ධාත්මයාණෝ ඔවුන් තුල කි‍්‍රයා කරමින් කිරීමට උත්සාහ කරන්නේ කුමක්ද යන්න නිසි ලෙස අවබෝධ කර නොගැනීම නිසාය. යහපත් මිත‍්‍රයිනි, ස්ථිර ලෙසම ඔබ ශුද්ධාත්ම පුර්ණත්වය ලබානොගැනීමට හේතුව එයයි. ඔබ විසින් ශුද්ධාත්මයාණෝ කිරීමට උත්සාහ කරන්නෙ කුමක්දැයි අවබෝධ කර ගෙන නොමැත. බාධාවට ඉතා වැදගත් කරුණක් වන්නේ අප විසින් ශුද්ධාත්මය පුර්ණත්වය ලැබීම සම්බන්ධ වචන යෙදීම් ප‍්‍රකාශන සම්බන්ධයෙන් නොසැලකිලිමත් වීමය. අප විසින් යෙදීම්වල අර්ථය දැන සිටින්නෙමු, නමුත් අපි යම් අයට කථා කරන විට ඔවුන් බොහෝ විට එම යෙදීම් තේරුම් ගෙන නොමැත.

Thursday, September 27, 2018

ශුද්ධාත්ම පුර්ණත්වය ලබාගන්නේ කෙසේද? 05 කොටස

අප කියවන්නේ මක්නිසාද මනුෂ්‍යයා ධර්මිෂ්ඨකම පිණිස සිතින් අදහාගන්නේය. ගැළවීම පිණිස මුඛයෙන් කියා දෙන්නේය. යැවුම්පත‍්‍රයන්හි බොහෝ ශුද්ධ ලියවිලි පාඨ මගින් දක්වන්නේ දෙවි ස්වාමින්වහන්සේගේ පිළිගත් හා එකම ධර්මිෂ්ඨකම කි‍්‍රස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම බවය. එය ඇදහිල්ලෙන් ලබාගන්නාවු එකකි. දැන් කි‍්‍රස්තුස්වහන්සේ විසින් තමන්වහන්සේගේ ජීවිතය පුජා කිරීම කරණකොටගෙන අපහට දෙවියන්වහන්සේ ඉදිරියෙනි පුර්ණව පෙනී සිටිය හැක.

 අප විසින් වරදවා තේරුම් නොගත යුතු කරුණක් වන්නේ මෙම පරිපුර්ණකමේ අදහස අප පරිපුර්ණත්වය වර්ධනය වීමෙන් ලබා ගන්නා ලද තත්වයක් නොවන බවය. කිතුණු චරිතය ගොඩනැඟීම ජීවිතය මුළුල්ලේ සිදුවන්නාවු කි‍්‍රයාවලියකි. සැබවින්ම අප සෑම අයෙකුගේම ජීවිතයෙහි ඉතාම යහපත්  දෙය බොහෝ වශයෙන් ආශාවීමට ඇත. දෙවියන්වහන්සේ අප හට ශුද්ධාත්ම පුර්ණත්වය දානය කරන ලද්දේ අපගේ කිතුණු චරිතයේ උසස් මට්ටමකට පත්වීම නිසා නොවේය. නමුත් උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ව දුර්වල අය හට දානය කරන ලදී. එසේ කරන ලද්දේ ශුද්ධාත්මයාණන්වහන්සේගේ උපකාරයෙන් මඟපෙන්වීමෙන් හා බලයෙන් ඔවුන් කි‍්‍රස්තුස්වහන්සේගේ ස්වරූපයට මාරුවෙන පිණිසය.

ඔබ මෙය සිහි තබාගත යුතුය, එය අපගේ ගණනට භාර කරනු ලැබුවාවු කි‍්‍රස්තුස්වන්සේගේ ධර්මිෂ්ඨකම වේවා, එය අප උන්වහන්සේ කෙරෙහි අදහාගත් විට නැතහොත් දිනෙන් දින අපගේ චරිතය ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් ගොඩනඟන්නාවු ධර්මිෂ්ඨකම වේවා, එය කි‍්‍රස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම මිස ඔබගේ ධර්මිෂ්ඨකම නොවේය.

නැවතද ඔබට මා සිහිපත් කරන්නේ ඔබම යහපත් නොවන අතර ඔබගේ එකම බලාපොරොත්තුව උන්වහන්සේ බවය. දෙවිස්වාමින්වහන්සේ මා කි‍්‍රස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමින් පළඳිනු ලබන බව දකින්නේ නම් කි‍්‍රස්තුස්වහන්සේගේ යෝග්‍යභාවය හෙවත් සුදුසුකම වටිනාකම, මනුෂ්‍යය වර්ගයාට දෙනු ලැබුවාවු  ඕනෑම දෙයක් ලබාගැනීමට මා සුදුස්සෙකු කරයි.

බොහෝ විට අපි මෙම ප‍්‍රකාශණය අසන්නෙමු. ශුද්ධාත්මයාණන් වහන්සේ කිසිවිටක අපවිත‍්‍ර භාජන වෙත නොපැමිණෙන සේක. අපි මෙම ප‍්‍රකාශණය සමඟ සම්පුර්ණයෙන් එකඟ වෙමු. නමුත් අපි අසන ප‍්‍රශ්නය නම් භාජනයක් පවිත‍්‍ර හා අපවිත‍්‍ර ලෙස වන්නේ කෙසේද? යනුවෙන්ය. බොහෝ ජනයා ඔවුන්ගේ සිත්තුල ප‍්‍රමිතීන් තබාගෙන ඇත. අන් අය එම මිණුම් දණ්ඩ ප‍්‍රමිතියට නොවන්නේ නම් ඔවුන්ගෙ ප‍්‍රකාශණය අනුව ඔවුන් පවිත‍්‍ර නොවේ. මෙම ජනයා විසින් සිහි තබාගත යුතු කරුණක් වන්නේ කි‍්‍රයා පොතෙහි දැක්වෙන පේතෘස්තුමාගේ අත්දැකීමය. ස්වර්ගයෙන් ඔහු වෙතට පැමිණි පහත් කරනු ලැබු ඇතිරිල්ලෙහි අපවිත‍්‍ර සතුන් හා බඩගා යන සතුන් විය. පේතෘස්තුමා හට දෙවිස්වාමින්වහන්සේගෙන් පැමිණි පණිවුඩය වුයේ දෙවියන්වහන්සේ පවිත‍්‍රකරන ලද කිසිවක් අපවිත‍්‍ර යැයි නොකියන ලෙසටය.

මිදීම ලැබු සෑම මනුෂ්‍යයාම යේසුස්වහන්සේගේ ලෙයින් පවිත‍්‍ර කරනු ලැබ ඇත. එබැවින් ඔහු හෝ ඇගේ වර්තමාන තත්වයේදි ශුද්ධාත්ම බෞතිස්මය ලැබීමට සුදුසුය. යමෙකු ගැළවීම ලබා ඇති බව ප‍්‍රකාශ කරමින් අනෙක් පසට හැරී එම අය ශුද්ධාත්ම පුර්ණත්වය ලැබීමට නුසුදුසු බව ප‍්‍රකාශ කිරීම කෙතරම් තර්කානුකුල නොවන්නාවු දෙයක්ද? අප විසින් පිළිගත යුතු කරුණක් නම් මනුෂයෙකු ගැළවීම ලබා ඇත්තේ නම් ඔහු දුර්වල ළදරු කිතුණුවෙකු වුවත්,  ඔහු මරණයට පත් වුවහොත් ස්වාමින්වහන්සේ වෙතට යන බවය, තව දුරටත් අප විසින් පිළිගත යුතු වන්නේ ඔහු දෙවියන්වහන්සේ ඉදිරියෙහි වරදටපත් කරනු නොලබා දෙවියන්වහන්සේ හා උන්වහන්සේගේ දුතයන් ඉදිරියෙහි කි‍්‍රස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමේන් පළඳනු ලබා ඇති බවය, එමෙන්ම ස්වර්ගීය අලංකාරයෙන් වටකොට ඇති බවය. එසේනම් එබදු මනුෂ්‍යයෙකු හට ඔහු ශුද්ධාත්ම පුර්ණත්වය ලැබීමට නුසුදුසු බව ප‍්‍රකාශ කිරීම කෙතරම්
අතාර්කිකද? මන්දයත් අප මින් පෙර සඳහන් කරනු ලැබු ලෙස ශුද්ධාත්ම පුර්ණත්වය දානය කරනු  ලබන්නේ යම් අරමුණක් ඉටු කරගන්නා මාධ්‍යයක් ලෙස එම මනුෂ්‍යයා අවසාන ප‍්‍රතිඑලය හෙවත් ගමනේ අවසානය වන ස්වර්ගයට පිවිසීමට සුදුසු වන්නේ නම් යෝග්‍ය වන්නේ නම් එම ගමන් මගෙහි අවශ්‍යය අංගයක් වන ශුද්ධාත්ම පුර්ණත්වය ලැබීමට යෝග්‍ය නොවන්නේ යැයි ප‍්‍රකාශ කරන්නේ කෙලෙසද? එම තැනැත්තා මෙහිදී දැන් ශුද්ධාත්ම පුර්ණත්වය ලැබීමට යෝග්‍ය නොවන්නේද? සියලූ තර්කයන් උන්වහන්සේගේ ජීවිතයේ අවසාන දිනුම වන ස්වර්ගය දුන් සියල්ලට වඩා උත්තරීතර බවය.

මෙම අන්තය කරා ගමන් කිරීමට යොදාගන්නාවු සියලූ මාර්ගයන්ට වඩා ස්වර්ගය උසස්ය.  

සග සුව දිනේවා !


Friday, September 21, 2018

ශුද්ධාත්ම පුර්ණත්වය ලබාගන්නේ කෙසේද?

ශුද්ධාත්ම පුර්ණත්වය ලබාගන්නේ කෙසේද?   4 කොටස

ඔබ විසින් සැලකිය යුතු වන්නේ මෙම සෑම ප‍්‍රස්ථාවකදීම ඇදහිල්ල කරණකොටගෙන ආත්මයාණන්වහන්සේ ලබාගන්නා බවයි. අප නැවත සුළු මොහොතකට 5 වෙනි පදය වෙත යොමුවෙමු. එය අප උපුටා දැක්වුයෙමු. එහි ආත්මයාණන් වහන්සේ දෙන්නාවු යන වචනය.

ඔබගේ සභාපාලකවරයා ඔබට දේශණා කරමින් ඔහු ඔබට දේව වචනයෙන් සේවය කරයි. නැතහොත් දේව වචනය ඔබට දෙයි. අපි එම සිතුවිල්ලම මෙහි සාකච්ජා කරමු. කි‍්‍රයා පොතේ 8:18 හි අපි මෙම කි‍්‍රයාවේ ප‍්‍රදර්ශණය අප දකිමු.

 සීමොන්ද පේ‍්‍රරිතයන්ගේ අත් තැබීම කරණකොටගෙන ශුද්ධාත්මය ලබා දෙන බව දැක ඔවුන් වෙත මුදල් ගෙනවිත් යමෙකු පිට මා අත් තබන්නෙහිද ඔහුට ශුද්ධාත්මය ලැබෙන පිණිස මේ බලය මටත් දියල්ලායයි කීසේක, නමුත් පේතෘස් ඔහුට කථාකොට දෙවියන්වහන්සේගේ දීමනාව මුදලට ගන්න සිතු බැවින් නුඹේ මුදල නුඹ සමඟ විනාශ වේවා කිව් ප‍්‍රකාශය මඟින් අප ඇසු දෙය බොහෝවර අන්‍යයන්ට ශුද්ධාත්මයාණෝ දිය නොහැකි බවය.

නමුත් අපි මෙහි පැහැදිලිව දකින්නේ අපෝස්තුළුවරුන්ගේ අත් තැබිම කරණකොටගෙන ශුද්ධාත්මයාණෝ දෙනු ලැබු බවයි. යමෙකු ප‍්‍රකාශ කල හැක්කේ එසේය, අපෝස්තුළුවරුන් හට  අන්‍යයන්ට ශුද්ධාත්මයාණන් ලැබිමේදී සේවයකල හැකි බවය. නමුත් ඔබ කවුරුන්ද යන්නය. ඔබ අපෝස්තුළුවරුන් නොවන බවය. අප මෙයට  සම්පුර්ණයෙන් එකඟ නොවන්නේ අපි එම ජනයාට සිහිපත් කරන්නේ පාවුල්තුමා කෙරෙහි හස්ත තබන ලද්දේ ඔහු ශුද්ධාත්මයාණන් ලබා ගන්නා පිණිස අප‍්‍රසිද්ධ ශ‍්‍රාවකයෙකු වන අනනියාස් විසින් බවය.

ඔහු ගැන ශුද්ධ ලියවිල්ලේ අවස්ථා කීපයකදී පමණක් සඳහන් වී ඇත. ඔහු ඔබත් මමත් වැනි ඇදහිලිවන්තයෙකි.ශුද්ධාත්මයාණන් දීමනාවක් ලෙස තිළිණයක් ලෙස දෙන ලදී. එබැවින් සත්‍ය වන්නේ අපි ශුද්ධාත්මයාණන් ලබාගත්තේ අපගේ පුණ්‍ය කි‍්‍රයාවන්ගේ ශුද්ධවත්භාවය මත නොවන බවයි. බොහෝ විට අපව විශ්වාස කිරීමට පොළඹවන්නේ කිතුණුවන් ලෙසය. අප ශුද්ධාත්මයාණන්ගේ පුර්ණත්වය ලැබිමට යම් යම් දේ කල යුතු බවත් සමහර නපුරු හැසිරීම් වලින් ජය ලැබිය යුතු බැවින් ශුද්ධාත්ම පුර්ණත්වය ලැබිමට තරම් යහපත් අයෙකු විය යුතු බවත්ය. මෙය සම්පුර්ණයෙන්ම ශුද්ධ ලියවිල්ලට පටහැනිය. පළමුකොට ඔබටම ඔබගේ ධර්මිෂ්ඨකමක් නොමැත. ඔබ තුලම යහපතක් නොමැත. ඔබ එසේ වුයේද නැත. ඔබට ඔබ කරණකොටගෙනම යහපත් විය නොහැක. ඔබ හට කි‍්‍රස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම හැරුණු විට වෙනත් ධර්මිෂ්ඨකමක් නොමැත. ඔබ එම ධර්මිෂ්ඨකම ලබාගන්නේ ඇදහිල්ලෙනි. ඔබ හෝ මා යහපත් නොමැති අපෝස්තුළු පාවුල්තුමා ප‍්‍රකාශ කරන ලද්දේ මක්නිසාද මා තුළ එනම් මාගේ මාංශය තුළ කිසි යහපතක් වාසය නොකරන බව දනිමි යනුවෙනි. (රෝම 7:18)

ඔබ ශුද්ධවු පාවුල්තුමාට වඩා මහත් අයෙකුයැයි මම නොසිතමි. අපි මෙම මහත් සත්‍යතාවය තේරුම් ගනිමු. අපි බලාපොරොත්තු රහිත ලෙස පාපිෂ්ඨ අය වෙමු. අප තුළ යහපත්කමක් නොමැත. අපි සම්පුර්ණයෙන්ම අපගේ ආත්මික දිළිදුකමින් යුතුව ස්වාමින්වහන්සේ විශ්වාස කොට ඇදහිල්ලෙන් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ලබා ගනිමු. ඔබ කි‍්‍රස්තුස්වහන්සේ ඔබගේ ගැළවුම්කරුවාණන් ලෙස පිළිගත් මොහොතේ කි‍්‍රස්තුස්වහන්සේගේ පුර්ණ ධර්මිෂ්ඨකම ඔබගේ ගණනට බාර කරන ලදී. ඔබ දෙවි ස්වාමින්වහන්සේ ඉදිරියේ සිටින්නේ යේසුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම මතය. ඔබගේම තම ධර්මිෂ්ඨකම දෙවියන්වන්සේ ඉදිරියේ කිලිටි වැරහැලිය. අප හට දෙවියන්වහන්සේ ඉදිරියෙහි පෙනී සිටිය හැක්කේ කි‍්‍රස්තුස්වහන්සේගේ පවරන ලද (ආරූඪකල) ධර්මිෂ්ඨකම මතය.
 
දෙවියන්වහන්සේ විසින් පවරනු ලැබු ධර්මිෂ්ඨකමේ අද සිටීමත් හෙට එසේ නොමැති වීමක් නොවන්නේය. ඔබ සම්පුර්ණයෙන්ම කි‍්‍රස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම මත සිටීම හෝ නොසිටීම වන්නේය. එසේ නොවන්නේ නම් ඔබ පාපයේ නැතිවු අයෙකි. දේව රාජ්‍යයෙන් පිටත සිටින අයෙකි. ක‍්‍රිස්තුස්වහන්සේ අපගේ පාප දරාගත්තේ අප උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ලබන පිණිසය.

 අපි රෝම 4:5-8 මෙසේ කියවමු. අප ඇදහිල්ලෙන් වන්නාවූ ධර්මිෂ්ඨකම දකිමු. ඉදින් වැඩ කරන්නේ කුලිය ණයක් වශයෙන් මිස කරුණාවක් වශයෙන් ගණන් ගනු නොලැබේ. නමුත් වැඩ නොකරන්නමු. අභක්තිකයන් ධර්මිෂ්ඨයන් කොට ගන්නා තැනන්වහන්සේ අදහාගන්නා අය ඔහුගේ ඇදහිල්ල ධර්මිෂ්ඨකමය. එලෙසම  දෙවියන්වහන්සේ යමෙකුව ධර්මිෂ්ඨකමට කි‍්‍රයා නැතිව ගණන්ගත් සේක්ද? ඔහුගේ ආශිර්වාදකම දාවිත්  දක්වමින් තමුන්ගේ අයුතුකමට කමාවත් පාපයට වැස්මත් ලැබු තැනැත්තෝ ආශිර්වාද ලද්දෝය. ස්වාමින්වහන්සේ විසින් පාපය ගණන් නොතබන තැනැත්තා ආශිර්වාද ලද්දෝ යයි කියයි. (රෝම 10:10)

මතු සම්බන්ඳයි

Wednesday, September 19, 2018

ලොව මැවුදා සිට ලියැවුන මිහිරිම ප්‍රේම කතාව

ලොව මැවුදා සිට ලියැවුන මිහිරිම ප්‍රේම කතාව

ඔබමයි සමිඳේ....


ශුද්ධාත්ම පුර්ණත්වය ලබාගන්නේ කෙසේද? 3 වන කොටස


ශුද්ධාත්ම පුර්ණත්වය ලබාගන්නේ කෙසේද?  3 වන කොටස

ඔබ විසින් මෙහිදී සැලකිය යුතු වන්නේ මෙම වදන් අනුව අපේ දෙවිපියාණන්වහන්සේ ශුද්ධාත්මයාණෝ දානය කරන බවයි. එම ගිවිසුම පෙන්තකොස්ත දිනයට පෙර බයිබලය කථා කරන්නේ, ශුද්ධාත්මයාණන්වහන්සේ දීම හෙවත් දානය කිරීම ගැනය. දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ට ආත්මයාණෝ දානය කිරීම ගැන අප කියවමු. නැතහොත් මනුෂ්‍යයන් ශුද්ධාත්මයෙන් පුර්ණ කිරීම  ගැන කියවමු. නමුත් අපි වැරදි සහගත යෙදුමක් භාවිතා කරමු. දෙවියන්වහන්සේ පෙන්තකොස්ත දිනයේදී ශුද්ධාත්මයාණෝ දානය කරන ලදී. නමුත් එතැන් සිට මේ දක්වා කිසිදු ජීවමාන ප‍්‍රාණයකට ශුද්ධාත්මයාණෝ දීමක් නොවන්නේය.

 පෙන්තකොස්ත දිනයේදී මුලූ සභාවටම ශුද්ධාත්මයාණන් දානය කරන ලදී. එම නිසා මෙම යුගයේ ප‍්‍රශ්නය වන්නේ දෙවියන්වහන්සේ විසින් ශුද්ධාත්මයාණන් දානය කිරීමේ කැමැත්ත පිළිබඳව ප‍්‍රශ්නයක් නොවේය. නමුත් ප‍්‍රශ්නය වන්නේ කිතුණුවා ශුද්ධාත්මයාණෝ ලබා ගැනිමට කැමතිවීමයි. පෙන්තකොස්ත දිනයට පසුව අප දකින්නේ මනුෂ්‍යයින් ශුද්ධාත්මයාණන් ලබාගැනීම පිළිබඳ කතාකිරීමය. දීමක් වෙනුවට ලබාගැනීමකි. එය නිතරම ත්‍යාගයක් (තිළිණයක් ) පිළිබඳව පදනමකි.

කි‍්‍රයා 2:38 හි පේතෘස්තුමා ප‍්‍රකාශ කරන ලද්දේ ඔබ සෑම අයෙකුම පව්කමාව පිණිස පසුතැවිලිවී යේසුස්වහන්සේගේ නාමයෙන් බෞතිස්මය ලබන්න. එවිට ඔබ ශුද්ධාත්ම දීමනා ලබන්නහුය යනුවෙනි. ඔබ දැකිය යුත්තේ ලැබීම යන වචනයයි. යමෙක් යමක් ලැබීමයි. ලැබීමේදී දානය කරන්නා හා දෙන්නාගේ කි‍්‍රයාව එක් පසකින් වන අතර ලබන්නාගේ කි‍්‍රයාව තවත් එකකිි. කි‍්‍රයා 19:1 පාවුල්තුමා එපීසයේ සිටියාවු ගෝලයන්ගෙන් අසන ලද්දේ ඔබ අදහාගත් පසු ශුද්ධාත්මයාණන් ලැබුයෙහිද? යනුවෙනි. එහිදී පාවුල්තුමා විමසන ලද්දේ දෙවියන්වහන්සේ ඔවුනට ශුද්ධාත්මයාණෝ දෙනු ලැබුයේද යන්න නොව මන්දයත් ශුද්ධාත්මයාණන් එක් වරම දානය කරනු ලබා සිටි බැවිනි.

දීමනාවක් හෙවත් තිළිණයක් ඇදහිල්ලෙන් ලබාගත යුතුය. ඒවා තමන්ගේ පුණ්‍ය කි‍්‍රයාවන් කරණකොටගෙන ලබාගන්නා ඒවා නොවේය. ඔබ යමක් උපයාගැනීමට වැඩ කරන විට නැතහොත් එය ලබාගැනීමට සුදුසු යහපත් තත්වයකට පත්වීම කරණකොටගෙන ලබන්නේ නම් එය ඔබට වේතනයක් වැටුපක් ලෙස නැතහොත් ඔබගේ යහපත්කමට ත්‍යාගයක් වශයෙන් ලැබෙන්නකි. නැත නැත එහෙත් මිත‍්‍රවරුනි එය එසේ නොවේ. අපි දෙවියන්වහන්සේගෙන් ලබන්නාවු සියල්ල ත්‍යාග පදනම මත තිළිණ පදනම මත ලබන්නෙමු. ඒවා මුලූමනින්ම ඇදහිල්ලෙන් වේ.

ගලාති 3 පරිච්ජේදයෙහි මෙය ඉතා පැහැදිලි කරන දේව වාක්‍ය ගණනාවක් ඇත. ගලාති 3:2 ”නුඹලාගෙන් මෙය පමණක් දැනගන්නට කැමැත්තෙමි. එනම් නුඹලා ආත්මයාණන්් වහන්සේ ලැබුයේ ව්‍යවස්ථාවේ කි‍්‍රයා කරණකොටගෙනද නොහොත් ඇදහිල්ලේ පණිවිඩය කරණකොටගෙනද?” සැබවින්ම පිළිතුර වන්නේ ඇදහිල්ලෙන් බවය. දෙවියන්වහන්සේ ආත්මයාණන් එවා ඔබ අතර හාස්කම් කරන්නේ ඔබ ව්‍යවස්ථාව පිළිපදින නිසාද, නැතහොත් සුභ අස්නේ පණිවුඩය අසා එය අදහන නිසාද? (ගලාති 3:5)නැවතද පිළිතුර වන්නේ ඇදහිල්ල කරණකොටගෙන බවයි.

 ඉන්පසු ගලාති 5:13-14 පදවල මෙම පුදුම ප‍්‍රකාශණ ඇති ගසක එල්ලෙන සියල්ලෝ ශාප ලද්දෝය ලියා තිබෙන ලෙස කි‍්‍රස්තුස්වහන්සේ අප උදෙසා ශාපයක් වී ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදා ගත්සේක. මෙසේ කලේ කි‍්‍රස්තුස් යේසුස්වහන්සේ තුල ආබ‍්‍රහම්ගේ ආශිර්වාදය අන්‍යජාතී කෙරෙහි පැමිණෙන පිණිසත් ඇදහිල්ල කරණකොටගෙන අප විසින් ආත්මයාණන් වහන්සේගේ පොරොන්දු ලබාගන්නා පිණිසය.

මතු සම්බන්ඳයි

Tuesday, September 18, 2018

 ශුද්ධාත්ම පුර්ණත්වය ලබාගන්නේ කෙසේද?   2 කොටස

ඔබ විසින් මෙහිදී සැලකිය යුතු වන්නේ මෙම වදන් අනුව අපේ දෙවිපියාණන්වහන්සේ ශුද්ධාත්මයාණෝ දානය කරන බවයි. එම ගිවිසුම පෙන්තකොස්ත දිනයට පෙර බයිබලය කථා කරන්නේ, ශුද්ධාත්මයාණන්වහන්සේ දීම හෙවත් දානය කිරීම ගැනය. දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ට ආත්මයාණෝ දානය කිරීම ගැන අප කියවමු. නැතහොත් මනුෂ්‍යයන් ශුද්ධාත්මයෙන් පුර්ණ කිරීම  ගැන කියවමු. නමුත් අපි වැරදි සහගත යෙදුමක් භාවිතා කරමු. දෙවියන්වහන්සේ පෙන්තකොස්ත දිනයේදී ශුද්ධාත්මයාණෝ දානය කරන ලදී. නමුත් එතැන් සිට මේ දක්වා කිසිදු ජීවමාන ප‍්‍රාණයකට ශුද්ධාත්මයාණෝ දීමක් නොවන්නේය.

 පෙන්තකොස්ත දිනයේදී මුලූ සභාවටම ශුද්ධාත්මයාණන් දානය කරන ලදී. එම නිසා මෙම යුගයේ ප‍්‍රශ්නය වන්නේ දෙවියන්වහන්සේ විසින් ශුද්ධාත්මයාණන් දානය කිරීමේ කැමැත්ත පිළිබඳව ප‍්‍රශ්නයක් නොවේය. නමුත් ප‍්‍රශ්නය වන්නේ කිතුණුවා ශුද්ධාත්මයාණෝ ලබා ගැනිමට කැමතිවීමයි. පෙන්තකොස්ත දිනයට පසුව අප දකින්නේ මනුෂ්‍යයින් ශුද්ධාත්මයාණන් ලබාගැනීම පිළිබඳ කතාකිරීමය. දීමක් වෙනුවට ලබාගැනීමකි. එය නිතරම ත්‍යාගයක් (තිළිණයක්* පිළිබඳව පදනමකි.

කි‍්‍රයා 2:38 හි පේතෘස්තුමා ප‍්‍රකාශ කරන ලද්දේ ඔබ සෑම අයෙකුම පව්කමාව පිණිස පසුතැවිලිවී යේසුස්වහන්සේගේ නාමයෙන් බෞතිස්මය ලබන්න. එවිට ඔබ ශුද්ධාත්ම දීමනා ලබන්නහුය යනුවෙනි. ඔබ දැකිය යුත්තේ ලැබීම යන වචනයයි. යමෙක් යමක් ලැබීමයි. ලැබීමේදී දානය කරන්නා හා දෙන්නාගේ කි‍්‍රයාව එක් පසකින් වන අතර ලබන්නාගේ කි‍්‍රයාව තවත් එකකිි. කි‍්‍රයා 19:1 පාවුල්තුමා එපීසයේ සිටියාවු ගෝලයන්ගෙන් අසන ලද්දේ ඔබ අදහාගත් පසු ශුද්ධාත්මයාණන් ලැබුයෙහිද? යනුවෙනි. එහිදී පාවුල්තුමා විමසන ලද්දේ දෙවියන්වහන්සේ ඔවුනට ශුද්ධාත්මයාණෝ දෙනු ලැබුයේද යන්න නොව මන්දයත් ශුද්ධාත්මයාණන් එක් වරම දානය කරනු ලබා සිටි බැවිනි.

දීමනාවක් හෙවත් තිළිණයක් ඇදහිල්ලෙන් ලබාගත යුතුය. ඒවා තමන්ගේ පුණ්‍ය කි‍්‍රයාවන් කරණකොටගෙන ලබාගන්නා ඒවා නොවේය. ඔබ යමක් උපයාගැනීමට වැඩ කරන විට නැතහොත් එය ලබාගැනීමට සුදුසු යහපත් තත්වයකට පත්වීම කරණකොටගෙන ලබන්නේ නම් එය ඔබට වේතනයක් වැටුපක් ලෙස නැතහොත් ඔබගේ යහපත්කමට ත්‍යාගයක් වශයෙන් ලැබෙන්නකි. නැත නැත එහෙත් මිත‍්‍රවරුනි එය එසේ නොවේ. අපි දෙවියන්වහන්සේගෙන් ලබන්නාවු සියල්ල ත්‍යාග පදනම මත තිළිණ පදනම මත ලබන්නෙමු.

ඒවා මුලූමනින්ම ඇදහිල්ලෙන් වේ. ගලාති 3 පරිච්ජේදයෙහි මෙය ඉතා පැහැදිලි කරන දේව වාක්‍ය ගණනාවක් ඇත.ගලාති3:2”නුඹලාගෙන්මෙයපමණක්දැනගන්නටකැමැත්තෙමි.එනම්නුඹලආත්මයාණන්්වහන්සේලැබුයේව්‍යවස්ථාවේකි‍්‍රයාකරණකොටගෙනදනොහොත්ඇදහිල්ලේපණිවිඩයකරණකොටගෙනද?” සැබවින්ම පිළිතුර වන්නේ ඇදහිල්ලෙන් බවය.

 දෙවියන්වහන්සේ ආත්මයාණන් එවා ඔබ අතර හාස්කම් කරන්නේ ඔබ ව්‍යවස්ථාව පිළිපදින නිසාද, නැතහොත් සුභ අස්නේ පණිවුඩය අසා එය අදහන නිසාද? (ගලාති 3:5*නැවතද පිළිතුර වන්නේ ඇදහිල්ල කරණකොටගෙන බවයි. ඉන්පසු ගලාති 5:13-14 පදවල මෙම පුදුම ප‍්‍රකාශණ ඇති ගසක එල්ලෙන සියල්ලෝ ශාප ලද්දෝය ලියා තිබෙන ලෙස කි‍්‍රස්තුස්වහන්සේ අප උදෙසා ශාපයක් වී ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදා ගත්සේක. මෙසේ කලේ කි‍්‍රස්තුස් යේසුස්වහන්සේ තුල ආබ‍්‍රහම්ගේ ආශිර්වාදය අන්‍යජාතී කෙරෙහි පැමිණෙන පිණිසත් ඇදහිල්ල කරණකොටගෙන අප විසින් ආත්මයාණන් වහන්සේගේ පොරොන්දු ලබාගන්නා පිණිසය.

මතු සම්බන්ඳයි

ශුද්ධාත්ම පුර්ණත්වය ලබාගන්නේ කෙසේද?

ශුද්ධාත්ම පුර්ණත්වය ලබාගන්නේ කෙසේද?  1 කොටස
 

පහත දැක්වෙන්නේ ශුද්ධාත්ම බෞතිස්මය ලැබීම සඳහා ඉදිිරිපත්වු දහස් ගණනකට දෙනු ලැබු උපදේශණයකි. ඔවුන් කෙරෙහි හස්ත තැබීමෙන් අනතුරුව ඔවුන් සෑම අයෙකුම පාහේ ශුද්ධාත්ම බෞතිස්මය ලැබුහ. (කි‍්‍රයා 2:2)

ඔවුන් මෙම පහත සඳහන් උපදෙස් අනුව කි‍්‍රයා කළහ. යහපත් ජනයා වන ඔබ හට මෙම ශුද්ධාත්ම බෞතිස්මය ලැබීම පිළිබඳ කරුණ කථා කිරීමේදී, මා පළමුව විශ්වාස කරන්නේ ඔබ සෑම අයෙක්ම පළමුකොට ගැළවීම ලැබු අය බවය. එසේ නොවන්නේ නම් ඔබ මෙහි සිටීයයි මම බලාපොරොත්තු නොවෙමි.

බයිබලය පැහැදිලිව ප‍්‍රකාශ කරන්නේ ගැළවීම නොලද අය හට ශුද්ධාත්ම බෞතිස්මය ලැබිය නොහැකි බවය. එබැවින් ගැළවීම නොලද හෝ මිදීමේ ආශාවක් නොමැත්තේ නම් මෙම අනර්ඝ දීමනාව ලැබිය නොහැකිය. ඔබ උන්වහන්සේගේ දරුවෙක් විය යුතුය.

 යොහාන් 14:16-17 ජේසුස්වහන්සේ ප‍්‍රකාශ කරන ලද්දේ ”මම පියාණන්වහන්සේට යාච්ඤා කරන්නෙමි. එවිට උන්වහන්සේ ඔබ සමඟ සඳහටම සිටින පිණිස වෙන සැනසිලිදායකයෙකු දෙන සේක. ඒ සහායදායකයාණෝ සත්‍යතාවේ ආත්මයාණෝය.

 උන්වහන්සේ පිළිගැනිමට ලෝකයා අපොහොසත්ය. මන්ද ලෝකයා උන්වහන්සේ දකින්නේවත් හඳුනන්නේවත් නැත. එහෙත් ඔබ උන්වහන්සේ හඳුනන්නහුය. මන්ද උන්වහන්සේ ඔබ සමඟ නැවතී සිටිමින් ඔබ තුළ වැඩ වසන සේක” මෙය අපගේ ස්වාමින්වහන්සේගේ පැහැදිලි ප‍්‍රකාශණයකි. එය නම් මිදීම නොලත් ලෝකයාට ශුද්ධාත්මයාණන් ලබාගත නොහැකි බවය.

දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස අපි දෙවියන්වහන්සේගේ වචනය පැහැදිලි ඉගැන්වීම් සහිතව ලබාගත යුතුය. අපි ඇදහිල්ල කරණකොටගෙන ශුද්ධාත්ම පුර්ණත්ව ලබාගැනීමට එය අවශ්‍යය. දෙවිපියාණෝ ශුද්ධාත්මයාණන් අපගේ දිව්‍යමය සැනසිලිකරුවාණන් ලෙස එවා ඇත.

අප විසින් දැකිය යුතු පළමු ප‍්‍රතිපත්තිය වන්නේ ශුද්ධාත්මයානණ්වහන්සේ අප හට තිළිණ ලෙස දෙනු ලබා ඇති බවය. යොහාන් 14:16 යේසුස්වහන්සේ මෙසේ ප‍්‍රකාශ කල සේක: ”මම පියාණන්වහන්සේට යාච්ඤා කරන්නෙමි එවිට උන්වහන්සේ ඔබ හට වෙනත් සැනසිලිකාරයෙකු දෙන සේක.”

නැවතද ලූක් 11:13 අප කියවන්නේ යේසුස්වහන්සේ මෙසේ ප‍්‍රකාශ කල බව හා එනම් ”නපුරුවු නුඹලා නුඹලාගේ දරුවන්ට යහපත් දේ දීමට දන්නාහු නම් ඊට කොපමණ වැඩියෙන් ඔබේ ස්වර්ගීය පියාණන්වහන්සේ තමන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මයාණන් නොදෙන සේක්ද?”

මතු සම්බන්ඳයි....

Wednesday, September 12, 2018

කිතුනු ඔබට අනර්ඝ පොතක් නොමිලේ

සුදත් ප්‍රනාන්දු විසින් පරිවර්තනය කරන ලද,අන්‍ය භාෂාවෙන් කතා කිරීමේ බලය නැමැති මෙම අනර්ඝ පොත ඔබට නොමිලේ ලබාගත හැක.කරුණාකර මෙම දැන්වීමේ සඳහන් දුරකතන අංකවලින් හෝ ලිපිනයෙන් වැඩි විස්තර දැනගන්න

Monday, September 10, 2018

බොහෝ දෙනා අසා ඇති ගීතයක නොදන්න කතාව

බොහෝ දෙනා අසා ඇති ගීතයක නොදන්න කතාව

 By the rivers of Babylon ගීතය ඔබ අසා ඇතුවාට සැක නැත. මෙම ගීතයේ නියම අයිතිකරුවන් කව් ද යන පැනය ඇසූ විට බොහෝ දෙනා පවසන්නේ Bony M ගායක කණ්ඩායම කියාය. නමුත් එය එසේ නොවේ.

 මෙම ගීතය පදරචනය කර තිබෙන්නේ Brent Dowe සහ Trevo McNaughton යන දෙපලයි. මෙම ගීතයට පද රැගෙන ඇත්තේ බයිබලයේ ගීතාවලිය පොතේ 19 හා 137 යන පරිච්චේද වලිනි.
මෙම ගීතය රස්තාෆාරියන් ගීයකි. මෙම ගීතය එලිදක්වා ඇත්තේ 1970 දී රෙගේ සංගීත කණ්ඩායමක් වූ මෙලඩියන්ස් සංගීත කණ්ඩායම විසිනි. මුල්ම කාලයේදී ජැමැයිකාව තුල මෙම ගීතය තහනමකට ලක් කරන ලදි. මන්ද එය රස්තාෆාරියන් ගීතයක් වු නිසාය. 
1972 දී නිකුත් වූ chithrpataයක් වන The Hardy They Come නැමැති චිත්රලපටයේ මෙම ගීතය අඩංගු විය. එමගින් මෙම ගීතය ජාත්යයන්තරය හඳුනාගත්තේය. යුරෝපය තුල මෙම ගීය ජනප්රිmය කලේ Bony M සංගීත කණ්ඩායම විසිනි. ඔවුන්  1978 දී නැවත නිර්මාණය කල මෙම ගීයට සම්මාන හිමි විය.
ගීතයට පසුබිම 

 ඊශ්රා යෙල් jaනතාව බැබිලෝනියාවේ wiprwaasayata  kri.පූ. 586 දී පමණ ගෙනයන ලදි. මෙම ගීතයේ ගංගා ලෙස හදුන්වා ඇත්තේ yuprtiiSh හා ටයිග්රී ස් ගංගා ය. මෙම ජනතාව යුප්රනටීස් හා ටයිග්රී5ස් ගංගා අසල රඳවා ගත් පිරිස මොවුන්ට ගීත ගායනා කරන්න යැයි පැවසුවේය. නමුත් මෙම ජනතාව එකල දැන සිටියෙ ගීතාවලියේ දාවිත් රජතුමා විසින් ලියන ලද ගීත පමණි. මෙම නොදන්නා මිනිසුන් ඉදිරියේ , නොදන්නා ප්රාදේශයක දෙවියන්ට ප්රදශංසා කරන ගීත කෙසේ ගායනා කරන්න දැයි ඔවුන් සිත යි.

 පද මාලාව :

 By the rivers of babylon, there we sat down
Ye-eah we wept, when we remembered zion.

By the rivers of babylon, there we sat down
Ye-eah we wept, when we remembered zion.

When the wicked
Carried us away in captivity
Required from us a song
Now how shall we sing the lord's song in a strange land

When the wicked
Carried us away in captivity
Requiering of us a song
Now how shall we sing the lord's song in a strange land

Yeah, yeah, yeah, yeah, yeah let the words of our mouth and the meditations of our heart
Be acceptable in thy sight here tonight

Let the words of our mouth and the meditation of our hearts
Be acceptable in thy sight here tonight

By the rivers of babylon, there we sat down
Ye-eah we wept, when we remembered zion.

By the rivers of babylon, there we sat down
Ye-eah we wept, when we remembered zion.

By the rivers of babylon (dark tears of babylon)
There we sat down (you got to sing a song)
Ye-eah we wept, (sing a song of love)
When we remember zion. (yeah yeah yeah yeah yeah)

By the rivers of babylon (rough bits of babylon)
There we sat down (you hear the people cry)
Ye-eah we wept, (they need their god)
When we remember zion. (ooh, have the power)

උපුටා ගැනීමකි

Sunday, September 9, 2018

HMIDINA








හීනමානය සහ ආත්මාභිමානය

හීනමානය සහ ආත්මාභිමානය තමා පිළිබඳ තමාගේ හැඟිම -Self  Esteem 

වසර ගණනකට පෙර පළවූ ප‍්‍රසිද්ධ පොතක මැක්ස්වල් වෝල්ටස් ප‍්‍රකාශ කලේ ජනයාගෙන් සියයට 95 ක් හීනමානයෙන් පෙලෙන බවය.

ඔහු ප‍්‍රකාශ කලේ මිලියන ගණන් ජනයා තමුන්ගේ නොවටිනාකම ගැන සිතා බරපතල ලෙස ආබාධිතව සිටින බවය. ඔහු ප‍්‍රකාශ කලේ ඊට පිළිතුරු තමන් පිළිබඳ වඩාත් ධනාත්මක  ( Self Image)ආත්මික ප‍්‍රතිබිම්බයක් තිබිම යහපත් ජිවිතයක් සඳහා ප‍්‍රධාන යතුර  වන බවය.

ටෝල්ට්ස්ට වසර ගණනකට පෙර මනෝවෛද්‍ය ඇල්ෆඞ් අධිලර් මීට සමාන තීරණයකට එළඹියේය.  ඔහු වරක් ප‍්‍රකාශ කලේ,මනුෂ්‍යයෙකු වීම, හීනමානයේ හැඟිමෙන්  නිරතව වසනු ලබන්නක් බවය. (සියල්ලන් පව්කර දේව මහිමයෙන් හිනව සිටිති ).

හීනමාන හැඟිම ඉතා පොදු කරුණක් වන අතර මෙයට සියලූ  කි‍්‍රස්තියානි උපදේශකයෝ මුහුණ දිය යුතුය.

හීනමානය නමැති ප‍්‍රශ්නය ගැන සලකන විට අප විසින් මනෝවිද්‍යාවේ භාවිතා වන වචන පිළිබඳව සැලකිය යුතුය.

ආත්ම සංකල්පය

(01)තමා ගැන මතය (02)ආත්ම මුර්තිය ආත්ම ප‍්‍රතිබිම්බනය (03) තමා පිළිබඳ හැඟිම ආත්මාභිමානය
ආත්ම සංකල්පය සහ ආත්ම මුර්තිය තමන් පිළිබඳ පින්තූරයක් දක්වයි.

උපදේශණ ලබන්නාගෙන් මෙසේ අසන්න. ඔබ ලියන නවකථාවක ඔබ ප‍්‍රධාන චරිතය නම් ඔබගැන කියන්නේ කුමක්ද? එම විස්තර කිරිමට ඔබගේ චරිත ගුණ නොඅනුමානව ඇතුලත් වනු ඇත. ඔබගේ ශක්තිය ඔබගේ දුර්වලකම් ශාරිරික ස්වරූපය ආත්ම සංකල්පය සහ ආත්ම මුර්තිය  අප තුළ ගලන සිතිවිලි ආකල්ප හැඟිම් ඇතුලත් වේ.

ආත්ම අභිමානය යන්න ඊට වඩා වෙනස් වූවකි. මෙය පුද්ගලයෙක් තමන්ගේ වටිනාකම තමන්ගේ හැකියාවේ වැදගත්කම පිළිබඳ ඇති අගය කිරිමකි. ආත්ම සංකල්පය සහ ආත්ම මූර්තිය තමන් පිළිබඳ විස්තරයක් කරන අතර ආත්ම අභිමානය තමා පිළිබඳ හැඟිම තමා පිලිබඳ තක්සේරු වන අගය කිරිම හෙවත් ගණන් බැලිමක යෙදේ. පැහැදිලිව මේ කරුණ තුනම එකිනෙකට හා සැබැදේ.

මේවා අපේ හිතේ ඇති අතර අත්දැකිම මත වෙනස් වේ. සමහර විට මුරන්ඩු ලෙස සාක්ෂියට විරුද්ධව පවත්වාගෙන යති. සැම විට අප සිතන්නේ කි‍්‍රයා කරන්නේ කෙසේද කියා හැෙඟන්නේ කෙසේද කියා බලපැවැත්වෙයි.

බයිබලය සහ ආත්මාභිමානය- තමා පිළිබඳ තක්සේරුව
 Bible and Self Esteem

කිතුනු සමාජය තුළ මනුෂ්‍යයාගේ නොවටිනාකම නොසෑහෙනකම ගැන හැඟිමක් ඇත.
උදා Amazing Grace
 

 සඳහන් කරන්නේ මනුෂ්‍යයාගේ දුබලතාවය ගැනය.
තවත් ගීතිකාව ”උත්ථානයේ මා වැනි පණුවෙකු වෙනුවෙන් තමත් මහිමවත් ගීය.

කිතුනු උපදේශනයේදි මනුෂ්‍යය වටිනාකම ගැන බයිබලීය ඉගැන්වීම තේරුම් ගැනිම ඉතා වැදගත්ය. අප දකින ලෙස බයිබලය අප හට අපගේ ආත්ම අඩුකම ජයගෙන සැබෑ ආත්ම අභිමානයෙක් ගොඩනගා ගත හැකිය.

මනුෂ්‍යය වටිනාකම ගැන බයිබලීය ඉගැන්වීම

x දේව වචනය පුරා සහතික කරන්නේ දේව අභිමුඛයේ මනුෂ්‍යය වටිනාකමය. අපව දේව සමාන කමට මවනු ලැබු අතර අපට ඥණය හැකියාවන් සන්නිවේදන හැකියාවන් තෝරාගැනිමේ හැකියාවන් හොඳ නරක දැනගැනිම සහ වගකීම මැවිල්ල ආන්ඩු කිරිමේ පරිපාලනය කිරිමේ හැකියාව ඇත.

x වැටීමෙන් පසුවත් මනුෂ්‍යයාව විස්තර කරන්නේ දෙවියන්වහන්සේට මදක් පහලින් මැවු බවය. ගෞරවයෙන් හා මහිමයෙන් සරසනු ලැබු බවය.

x දෙවියන්වහන්සේ අපට පේ‍්‍රම කරන නිසා ස්වකිය පුත‍්‍රයාණන් අපේ මිදිම සඳහා එවමින් අප දෙවිපියාණන් සමඟ සබැඳිතාවය හා සන්නිවේදනය අලූත් කල සේක.

x උන්වහන්සේ අප ආරක්ෂා කරන පිණිස දුතයන් එවා ඇත. අපට මඟපෙන්වන පිණිස ශුද්ධාත්මයාණන් එවා ඇත. ශුද්ධ ලියවිල්ල මඟින් අපි පොළවේ ලූණු බවද ලෝකයේ ආලෝකය බවද ප‍්‍රකාශ කොට ඇත.

x අප දෙවියන්වහන්සේ විශ්වාස කරන්නේ නම් අපට සුදානම් කර ඇති ස්වර්ගීය ස්ථානයේ සදාකල් ජිවත්වනු ඇත. බෲස් නැර්මෝ මනුෂ්‍යයා තමා විසින් පිළිගැනිම ගැන මෙසේ ප‍්‍රකාශ කර ඇත :

ලෝකයේ දෘෂ්ඨිය ගැන සසඳන විට කිතුනු ස්වඅභිමානය පිළිබඳ දෘෂ්ඨිය එයටම අදාල වුවකි. එය පමණක් මනුෂ්‍යයාව මෘගයින්ගේ තත්වයෙන් ඉහලට ඔසවයි. එය පමණක් මනුෂ්‍යාගේ ස්ව අභිමානය ගොඩනැගිමට හොඳ අත්තිවාරමක් දමා ඇත. බයිබලීය දෘෂ්ඨිය අපගේ පාප සහ අසමත්කම පිලිගනි. නමුත් එය ජීවමන දෙවියන්වහන්සේ සමඟ අපට ඇති උසස් තත්වය පහත හෙලන්නේ නැත.

x මක්නිසාද අප දේව සමානත්වයෙන් මවා ඇත. අපට මහත් වටිනාකමක් ඇත. වැදගත්කමක් ඇත. අප දෙවියන්වහන්සේගේ පේ‍්‍රමය ලබන්නෝ වමු. අපගේම සහ අන්‍යයන්ගේ පේ‍්‍රමය ලැබිමට සුදුස්සෝය.

පාපය ගැන බයිබලීය ඉගැන්වීම

බයිබලය උගන්වන්නේ ආදම්ගේ වැටීමේ ප‍්‍රතිඵලයක් ලෙස සියලූම මනුෂ්‍යින් පව්කරුවන් වී දෙවියන්වහන්සේගෙන් වෙන්ව වරදට පත් කරනු ලබා ඇති බවය. මන්දයත් මනුෂ්‍යයාගේ පාපී ස්වභාවය හා පාපී කි‍්‍රයාවන් නිසාය.

පාපය දෙවියන්වහන්සේට විරුද්ධව කැරළිිගැසිමකි. එය දෙවියන්වහන්සේ සත්‍යවාදි බව අවිශ්වාස කිරිම හා උන්වහන්සේගේ සම්පුර්ණ කැමැත්තට අභියෝග කිරිමකි.

x පාපය අන්තර් පුද්ගල ගැටුම්වලට යොමු කරයි. තමාව ධර්මිෂ්ඨකර ගැනිමට උත්සාහ කරයි. අපේ දුර්වලකම්වලට අන්‍යයන්ට දෝෂාරෝපණය කරයි. මනෝ දෛයිනික  වචනයෙන්Psychxomatic Problem) ශාරිරිකව හිරිහැර කිරිම අසහනය සහ දෙවියන්වහන්සේ කෙරෙහි ගෞරවය අඩුවීම.

x මේ සියල්ල අප ගැන සිතෙන දේ පිළිබඳ බලපැවැත්වෙයි. බොහෝ විට වරදකාරකම සහ අප තුළ තමන් අඩු තක්සේරුකර ගැනිම හිනමානයෙන් ඇතිවේ.

x පාපය අප දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධතාවය බිඳ දමති. නමුත් දෙවියන්වහන්සේ ඉදිරියේ අප මනුෂ්‍යයින්ය. උන්වහන්සේගේ මැවිල්ලේ අග‍්‍රඵලය.

උඩඟුකම ගැන බයිබලිය ඉගැන්වීම

x සමහරෙකු සිතන්නේ ස්වය අගය ස්ව අභිමානය උඩඟුකමේ ස්වරූපය බවය.

x තමාගැන අඩුවෙන් තක්සේරුකිරිම -තමන්ගේ වරදකාරකම ගැන තැකිම යටහත්කමක් බවය.

x උඩඟුකමේ චරිත ස්වභාවය -තමන් අඩු අයගේ අවධානයට ලක්වීම ඇති පමණට වඩා ඇති ආශාවකි. එය අහංකාර මානාධික උද්ධච්චම අපහාසාත්මක තමන් ගැන අනික් අය හා සම්බන් කරන විට ඇති තක්සේරුවකි.

x එය තමන් පිළිබඳ උසස් ලෙස සිතා අනික් අය සුළු කර සිතන අනික් අයගේ ආශාවන් අදහස් සුළු කරන ගුණයකි. සාරංශ වශයෙන් පවසතොත් එය තමන්ට මහිමය ලබමින් දෙවියන්වහන්සේට දිය යුතු මහිමය නොදිමකි.

ඊට ප‍්‍රතිවිරුද්ධ ලෙස යහපත්කම යනු තමන් ගැන නිවැරදි අගයකිරිමක් ඇති අනික් අයගේ අදස්වලට ගරු කරන ඉඩ සලසන අනික් අයට තමන්ට පෙර ප‍්‍රශංසාව කිරිමට අගය කිරිම.

x යටහත් මනුෂ්‍යා තමාගේ අඩුකම් පාප අසමත්කම් පිළිගන්නා අතර තමන්ට ඇති දීමනා හැකියාවන් ජයග‍්‍රහණයන් දෙවියන්වහන්සේ වෙතින් පැමිණි ලෙස පිළිගනි :ිැකෙ බැට්එසදබ* යටහත්කම යනු තමාට ඇති දේ නොසැලකිම නොව තමාව ප‍්‍රතික්ෂේප කිරිම නොව දෙවියන්වහන්සේ විසින් දෙනු ලැබු ශක්තිය හැකිකම පිළිගැනිමකි.

පාවුල් අපොස්තුලූතුමා තමන්ගේ පාපිෂ්ඨ අතීතය පිළිබඳ ගැඹුරු අවබෝධයකින්ද තමන්ගේ තවදුරටත් ඇති සමහර අසම්පුර්ණකමේ හා දුර්වලතා ගැනද අවධාරණයෙන් සිටිය අතර තමන් දේව කරුණාව තුළ අයත්කර ගන්නා ලද දේ ගැන අවබෝධයක්ද තිබින.

ස්ව පේ‍්‍රමය ගැන බයිබලීය ඉගැන්වීම

බයිබලය අප හට තමන්ට පේ‍්‍රම කිරිම සහ සත්‍යයද ඇති බව පිළිගනි. භාර්්‍යාවන්ට තමන්ගේ ශරිරවලට මෙන් පේ‍්‍රම කළ යුතුය. තමගේ භාර්්‍යාවට පේ‍්‍රම කරන තැනැත්තේ තමාටම පේ‍්‍රම කරන්නේය.

x එම සත්‍යතාවය සමහර කිතුණුවන්ට පිළිගැනිමට දුෂ්කර විය හැකිය. මන්දයත් ඔවුන් එය වැරදි ලෙස ස්ව පේ‍්‍රමය  තමන්ම උසස් කරගැනිමේ ආකල්පය තම කැමැත්ත කිරිම තමන් මධ්‍යය කරගත් උඩඟුකම හිතුවක්කාරකම යනාදියට සමාන කරති.
”නුඹට මෙන් නුඹේ අසල්වැසියාට පේ‍්‍රම කරන්න”
ස්ව පේ‍්‍රමය යනු උද්යෝගිමත් තමන්ට ගෞරවය තමන්ගේ මහිමය සෙවීම නොවේය. ස්ව වන්දනාව

x ස්ව පේ‍්‍රමය යනු අපව වටිනා මැවිල්ලක් ලෙස සැලකිමය. දෙවියන්වහන්සේ විසින් අගය කරන පේ‍්‍රම කරන මැවිල්ලකි. කි‍්‍රස්තු සභා ශරිරයේ දීමනාවක් ඇති සාමාජිකයෝය. දේව ස්වභාවය දරන්නෝය.

අප හට අපට පේ‍්‍රම කළ හැකිය. මන්ද දෙවියන්වහන්සේ අපට පේ‍්‍රම කල සේක. අප හට දෙවියන්වහන්සේ දී තිබෙන අවස්ථා සහ හැකියාවන් අප ප‍්‍රතික්ෂේප කරන්නේ නැත. මෙම ස්ව පේ‍්‍රමය පිළිබඳ බයිබලීය දෘෂ්ඨිය අපගේ ස්ව අභිමානය පිළිබඳ පදනම විය යුතුය.

හීනමානයට අඩු ස්ව තක්සේරුවට හේතු :

අපි උපදේශනයට වැදගත් වන්නාවු ස්ව තක්සේරුව ගැන සලකා බැලූවෙමු. අපි මෙම  ඉගැන්වීම් ගැන නොසලකා බොහෝ හිතාමතා ප‍්‍රශ්නවලට හේතුවේ. නිශ්චිතව පවසන්නේ නම් බොහෝ ජනයා තමන් ගැන අවතක්සේරු කර ගන්නා හීනමානයට පත්වන්නේ වැරදි දේව ධර්මය පාපය අතීත අත්දැකිම් හා දෙමාපිය ගුරු සම්බන්ධතා පිළිබඳ දුර්වලකම් යථාර්ථවාදි නොවන අපේක්ෂා වැරදි චින්තන සහ සමාජ බලපෑම් නිසාය.

වැරදි දේව ධර්මය

අපි මේ ගැන කලින්ද කථා කලෙමු මනුෂ්‍යයින් තමන් අවතක්සේරු කරගන්නේ මනුෂ්‍යයින් වටිනාකමක් නැති අය ලෙස සිතිමට පෙළඹෙන විටය. පාපය නිසා අප දෙවියන්වහන්සේ ඉදිරියේ වටිනාකමක් නැති අය ලෙස සැලකිමට සැලසීමේ ඒක පාර්ශික සිතිමක් නිසාය. යටහත්කම යනු තමන් වරදට පත්කරගැනිම කියා සිතීමෙන්ය. නැතහොත් තමන්ට පේ‍්‍රම කිරිම පාපිෂ්ඨ බව සිතීමෙන්ය. මෙවැනි දෘෂ්ඨින් බොහෝ අවංක කිතුණුවන් වෙත ඇත. බොහෝ දෙනාට වැරදි ලෙස සිතන්නේ ස්ව අභිමානය වැරදි බවය. කැපවු කිතුණුවන් හට හීනමානය තමන් අවතක්සේරු කරගැනිම හොඳ බවය.

x මෙම දෘෂඨියට වෙනස්ව තමන් අවංක කිතුණුවන් පිළිගන්නේ තමන් කුරුසපත් වීමේ දේව ධර්මය වෙතය. මෙයද පිළිගන්නේ මනුෂ්‍යයා වටිනාකමක් නැති ලෙසය. අපේ ආශා අපේ සිතිවිලි අද්විතීයත්වය. කුරුසපත් කළ යුතු බවය. අපි අදහස් කරන්නේ කි‍්‍රස්තුස්වහන්සේගේ සිතිවිලි හා කි‍්‍රයා ජල නලයක් මැදින් යන ලෙස අප පාලනය කරාමය නිසාය. එම සිතිවිලි ආත්මික ලෙස පෙනීයාමට පුලූවන. එය පුද්ගල තලෙන්තු හැකියාවන් පෞරුෂය නිර්මාන ශක්තිය වැනි දෙවියන්වහන්සේගෙන් පැමිණෙන දේ මැඩලයි.

x එම දෘෂ්ඨිය තේරුම් නොගන්නේ අපේ අතීතය අපි කුරුසපත් කරන ලද අතර දැන් නව මැවිල්ලක් ලෙස ජීවත්වන බවය. කි‍්‍රස්තුස්වහන්සේ සමඟ සහභාගිත්වයෙන් ජීවත්වන බවය. මෙයින් අදහස් කරන්නේ අපේ පෞද්ගලිකත්ව හැකියාවන් සහ පෞරුෂය ප‍්‍රතික්ෂේප කල යුතු බව නොවේය. ඒ අනුව අපි මේවා දෙවියන්වහන්සේගේ පාලනයට ශුද්ධාත්මයාණන්ගේ පාලනයට යටත් කළ යුතුය. එමෙන්ම අප විශ්වාස කළ යුත්තේ දෙවියන්වහන්සේ අප එකිනෙකාට දී ඇති අද්විතීය විශේෂ පුද්ගල වෙනස්කම් මඟින් දෙවියන්වහන්සේ කි‍්‍රයා කරන බවය.

(02) පාපය 

දෙවියන්වහන්සේ මනුෂ්‍යයා මැවු පසු ඔහුට යහපත හා අයහපත පිළිබඳ ප‍්‍රමිතියක් දුන්සේක. උන්වහන්සේට අවශ්‍ය වුයේ අපේ සතුට නැති කිරිමට නොව උන්වහන්සේ යහපත් පැවැත්මෙන් යුතුව සතුටින් සිටිනවාට කැමතිව එනම් අපි උන්වහන්සේගේ විශ්ව නිතිවලට යටත්ව ජීවත්ව වන විට ලැබෙන පි‍්‍රති සන්තෝෂය ඇතිව සිටිනවාට කැමති විය. අපි මේ ප‍්‍රතිපත්තිය කඩ කල විට අපට වරදකාරකම දැනෙයි. එවිට අප තුළ පශ්චාත්තාපය දැඩි කනස්සල්ල ඇතිවේ. අප තුල වරදකාරකම හා බලාපොරොත්තු සුන්වීම ඇතිවේ. මෙය අප තුළ අවතක්සේරුව හා අපගේ අභිමානය පහත් ලෙස සිතිමට පෙළඹීම සිදුවේ.

(03) අතීත අත්දැකිම්

සාර්ථකභාවය අගයන සමාජයක අසමත්වීම අත්දැකිම ප‍්‍රතික්ෂේපවීම විවේචනය දුෂ්කර අත්දැකිමකි. අසමත්වීම හා සුළුකිරිම බහුල වන විට පහසුවෙන් මෙසේ සිතයි. ”මම හොඳ නැත. බලන්න මනුෂ්‍යයෝ මා ගැන මොනවද සිතන්නේ බලන්න මම ප‍්‍රශ්න ව්‍යාකූල කරගන්න අන්දම පටලවාගන්න අන්දම අවුල් කරගන්න අන්දම”

සමහර අවස්ථාවල අසමත්කම පැමිණෙන්නේ අන්‍යයන් අප අසමත්වනවාට කැමති නිසාය. අප තීරණය කරන්නේ කිසි කෙනෙක් මම සඵල වනවාට කැමති නැහැ. එසේ නම් මම උත්සාහ කරන්නේ ඇයි? අපි උත්සාහ නොකරන විට අසමත්වීම සහතිකය. අපේ ස්වඅභිමානය තවත් පහතට වැටෙයි.

(04) දෙමාපිය දරු සබඳතා

ස්ව අභිමානය ගැන වර්තමානයේ බොහෝ පොත් ලියා ඇත. බොහෝ දෙනා එකඟ වන කරුණක් නම් හිතාමතා අවතක්සේරුව බොහෝ විට අසමත්වන්නේ නිවසේ ජීවිතයේදී බවය. දරුවෙකුගේ ස්වඅභිමානයන් බොහෝ විට වර්ධනය වන්නේ ඔහුගේ හෝ ඇගේ ජිවිතයේ මුල් අවධියේය.

x දෙමාපියන් තමන් දරුවන් පිළිබඳ හැඟිම්වලදි නොගැලපෙන ලෙස සමහර විට කි‍්‍රයා කරයි. සමහර රෝගී දෙමාපියෝ දරුවන්ට කඩා පැනිම විවේචනයන් කිරීම.

x සමහර විට පේ‍්‍රමයෙන් උණුසුම සහ පිළිගැනිම වළක්වයි. දරුවන් බොහෝ විට මෙම දෙමාපියන්ගේ සුළු වෙනස්වීම් නිසා ඔවුනට සැබෑ හැඟිම් සහ හීනමාන අදහස් ඇතිවේ. එබඳු හැඟිම් දෙමාපියන් ඔවුන්ව විවේචනය කරන විට ලජ්ජාවට පත් කරන විට ප‍්‍රතික්ෂේප කරන විට නිතර බණින විට කියන ලෙස අපට ළදරු අවස්ථාවේ ප‍්‍රතික්ෂේප ප‍්‍රමාණයට අපි අපවම එපාකර ගන්නා බව.

x සමහර දෙමාපියන් දරුවන්ට යථාර්ථවාදි නොවන ප‍්‍රමිති ඉලක්ක තබයි.

x දරුවා අනිවාර්්‍යයෙන්ම අසමත් වන බවට ප‍්‍රකාශ කරයි.

x දරුවා අගය කිරිම ධෛ්‍ය කිරිම ඔහුට ප‍්‍රශංසා කිරිම චිත්තවේගී උපකාර කිරිම කවදාවත් කරන්නේ නැත.
x බොහෝ විට තදින් දඬුවම් කරයි.

x දරුවන් කරදරයෙන් ඔවුන් මෝඩ සහ අසමර්ථ බව ප‍්‍රකාශ කරයි.

x ඔවුන් සිපගැනිම හුරතල් කිරිම ස්පර්ශ කිරිම නොසලකයි.

x දරුවන්  ඕනෑවට වඩා ආරක්ෂා කිරිම හා ඔවුන් පාලනය කිරිම. මෙසේ කිරිමෙන් පසුව ඔවුන් තමන් විසින්ම ජිවිතයට මුහුණදිමට යෑමේදී අසමත් වෙයි.


(05) යථාර්ථවාදී නොවන අපේක්ෂා

අපි වැඩෙන විට අපේ අනාගතය උදෙසා අපි බලාපොරොත්තු වර්ධනය කරගන්නෙමු අපි අයත් කරගැනිමට බලාපොරොත්තු වන දේවල් තත්ව පිළිබඳ බලාපොරොත්තු ඇතිකර ගනිමු.

x මෙම බලාපොරොත්තු සහ තත්ව යථාර්ථවාදි නොවන ලෙස උසස් වන විට අප අපව තබා ඇත්තේ අසමත්වීම්වලට වීමට පුළුවන් වන ලෙස බැවින් එසේ සිදුවු විට හිතාමතා අඩුතක්සේරුව ඇතිවේ.

x නැරෝමෝට අනුව ස්වයං පිළිගැනිමට සතුරෝ තිදෙනෙක් වෙති. අප පළිගන්නා මෙවැනි දේ බොහෝ විට අපගේ ස්ව අභිමානය යටපත් කරයි. මෙම සතුරන් තිදෙනා ව්‍යාජ එමෙන්ම වඩාත් විශ්වාස කරන පහත සඳහන් කරුණුය.

x මා පිලිගනු ලැබිමට නම් පේ‍්‍රම කරනු ලැබිමට නම්, මා අන්‍ය අය මාගෙන් බලාපොරොත්තු වන ප‍්‍රමිතියට අනූන විය යුතුයයි සිතිම.

x මගේ ඉලක්ක සපුරාගැනිමට අසමත් වන විට බලාපොරොත්තු ඉටුකිරිම නොහැකිවු විට අන්‍ය අයගේ බලාපොරොත්තු මා පීඩනය පත්විය යුතුයි. ලජ්ජාවට භියට පත්වීමට දඬුවමට පත්විය යුතුයි හෝ පත්වේ යයි සිතිම.

x මම යමක් භාරව සිටීමට බුහුටි කඩවසම් මම පරිසරයේ කේන්දා පුද්ගලයා වීමට මගේම තීරණ ගැනිමට ”මම ලෝකය ජයගත යුතුයි” යන මතය (ලෝකය ජයගැනිම පිළිබඳ ආත්මික අර්ථවත් සමඟ සසඳන්න*

මෙම සියළු විශ්වාසයන් යථාර්ථවාදි නොවන අතර එබැවින් ඒවා අසමත්කම් වලට හා දුබල අභිමානයට පත්කරයි.

(06 ) වැරදි ලෙස සිතීම 
අප සමහර විට අප ගැන කරන සමහර ප‍්‍රකාශන පදනමක් නැති ඒවාය. ”මට කව්රුවත් කැමති නැහැ” ”මම හොඳ නැහැ මම වටින්නේ නෑ” මෙවැනි කියමන් බොහෝ විට මවාගත් සීතල කථා මිස සැබෑ ඒවා නොවේය. ඒවා අපව පාලනය කිරිමට අවශ්‍ය වන ඒවා නොවේ නම් අප ඒවාට අභියෝග කළ යුතුය. එබª නිගමන සනාථ කිරිමට සාක්ෂි මොනවාද? සාක්ෂි තිබේද?

(07) සමාජ බලපෑම 
සමාජයේ ඇති සමහර වටිනාකම් මාධ්‍ය විසින් අවධාරණය කරයි. ඒවා නිවස්වල, පාසැල්වල, රජයේ ව්‍යාපාරවල සහ තවත් සමාජ තලවල දක්වයි. පුළුල් ලෙස සලකනු ලබන්නේ කෙනෙකුගේ වටිනාකම රැුදි පවතින්නේ

x ඔහුගේ හෝ ඇගේ ඥාණය උගත්කම
x ශාරිරික බුහුටිකම/ කඩවසම්කම
x අධ්‍යාපනය- මුදල්/ධනවාදි බව-බලය අයත්කරගන්නා ලද තත්වය ආදිය මත බවය

මනුෂ්‍යයන්ව ධෛ්‍යකරන්නේ කි‍්‍රයාශුරිව මෙම තත්ව අයත් කරගනිමින් සාර්ථක සඵලවීමටය. ඔවුන් සලකන්නේ කෙනෙකුට ඇති සම්පත් ඔවුන්ගේ ස්ව අභිමානය වර්ධනය කරන බවය. එසේ නැති විට එය අඩුවක් බව දැක්වීමෙන් අවතක්සේරුවක් ඇතිවේ. නමුත් එය සත්‍ය නොවේ. එය බොහෝ සාර්ථකයැයි කියන පුද්ගලයෝම ඔබට පැහැදිලි කර දෙනු ඇත.

x තත්වය මත ගොඩනගා ගන්නා ස්ව අභිමානය නොපවතින නොසැහෙන එකකි. නමුත් මෙම සංස්කෘතික මිත්‍යාවන් බොහෝ දෙනෙකු කෙරෙහි බලපෑම කරයි. එමෙන්ම ඒවා ඔවුන් අඩු තක්සේරුවට තමන් පත් කරයි. එම තත්ව ලබාගැනිමට නොහැකි වු විට සහ ඒවා පවත්වාගෙන් යෑමට නොහැකි වු විට
x ඔවුන් සිතන්නේ තමන්ගේ ධනය හා වෙනත් දේ අයත්කර ගැනිමෙන් තම ස්ව අභිමානය වර්ධනය වන බවය. එවා නොලැබෙන්නේ නම් අව තක්සේරුවට පත්වන බවය.



අඩුකමේ සහ තමා පිළිබඳ තමාගේ අඩු හැඟිම එහි ප‍්‍රතිඵල

තමා පිළිබඳ අඩු හැඟිමක් ඇතිවීමෙන් විවිධ කි‍්‍රයාවන් සිදුවේ. ඒවා අතර ආකල්ප සහ හැඟිම් සමහරක්ය. විවිධ සමීක්ෂණයන් අතර එලියත් එම සමීක්ෂණයන්ගේ සාරය ලෙස මෙලෙස වාර්තා කර ඇත.
x තමන් පේ‍්‍රමයට පාත‍්‍ර නොවන්නාවු බව සිහිවීම හුදකාල තනිවී සිටින බව සිතිම
x තමන්ගේ අඩුකම් ජයගැනිමට තමන් දුර්වල බව සිතයි. ඔවුන් යමක් ශක්තිමත්ව මෙහෙයවීමට දුර්වල අතර ස්වයං ආරක්ෂාව සලසා ගැනිමටද දුර්වලය.
x කෝපයෙන් සිටිති. අනික් අය කෝප කිරිමටද භයය.  එමෙන්ම තමන්ට අවධානය ඇදගැනිමට ද භයය.
x අන්‍ය්‍යන් සමඟ සාමයෙන් ජීවත්වීමට අමාරුකම් ඇත.
x යමක් විශ්වාස කළ හැකි නමුත් ඔවුන්ගේ හැඟිම් ඉක්මනින් තුවාලවන සුළු වීම
x අඩු කුතුහලය මෙන් අඩු නිර්මාණශිලි බව
x එමෙන්ම අන්‍යයන්ට තමන් ගැන විවෘත වීමටද ඇත්තේ අඩු නැඹුරුවකි.
x තවත් ලේඛකයින් තමා ගැන අඩු හැඟිමක් ඇති අය
x ඇතුලාන්තයේ සමාදානය හා ආරක්ෂාව අඩුබව
x ආත්ම ශක්තිය අඩුබව
x අන්තර් පුද්ගල ගැටුම්
x තමා ගැන විවේචන සමාජයෙන් බැහැරව සිටීමට කැමැත්ත
x අනුන්ට ඊර්ෂිය හා විවේචන
x තමා විනිශ්චය කිරිම තමාට වෛර කිරිම හා තමාව ප‍්‍රතික්ෂේප කිරිම
x පීඩනය
x බලය ලබාගැනිමට පොර බැදිම, තමන් උසස් බව සිතිම හා අනුන් පාලනයකිරිම
x මැසිවිලි කෙදිරිම් කරන, නිතර තර්කවලට වාද විවාදවලට බර, දරාගැනිම අඩු, අධිසංවේදී අති සංවේදී  කමා නොවන සුළු
x ප‍්‍රශංසාවන් හෝ පේ‍්‍රමයේ පිළිගැනිමට අසමත්කම, ඇහුම්කන්දිම අඩු අතර අලාභ විදිමද වැඩිවීම
x මේ සියල්ල දක්වන්නේ තමා පිළිබඳ අඩුබව සිතිමේ මහත් බලපැවැත්මය. සමහර විටක අප සියල්ලෝම යම් පමණකට අඩුබව සිතයි.
x අප තුල අඩුබවේ හැඟිම වැඩිවන විට සියළු මනුෂ්‍ය කි‍්‍රයා හැඟිම් ආකල්ප සිතිවිලි සහ වටිනාකම් බලපැවැත්වෙයි.



තමා පිළිබඳ අඩුබව සිතන හා අව අභිමානය ඇති අයට උපදේශණයේදී

(01* පිළිගැනිම අනුමත කිරිම හා අවංක උපකාරය දෙන්න
(02* තමා පිළිබඳ අවබෝධය සෙවීම වර්ධනය කරන්න
(03* ස්ව අභිමානය පිළිබඳ බයිබලීය යාථා දර්ශනය
(04* තමා පිළිබඳ එළිදරව් කිරිම ධෛ්‍ය කරන්න. එමෙන්ම තමා පිළිබඳ යථාර්ථවාදි ස්වයං අගය කිරිමක් ධෛර්්‍ය කරන්න.
(05* බලාපොරොත්තු ඉලක්ක හා ප‍්‍රමුඛතා නැවත පරික්ෂා කර බැලිමට ප‍්‍රබෝධ කරන්න.
(06* නව දක්ෂතා හැකියාවන් උගන්වන්න
(07* උපදේශණ ලබන්නා විනාශකාරි පොළඹවන්නන්ගෙන් බැහැරවීමට උපකාර කරන්න
(08* කණ්ඩායම් සහය දෙන්න

(09* තමන් ගැන අඩු පිළිගැනිමක් ඇති සහ අවස්ථා අභිමානයක් ඇති අයට උපදේශ දීම
තමන්ම පිළිබඳ අඩුබවේ හැඟිම, ස්ව අභිමානය පිළිබඳ ප‍්‍රශ්න වර්ෂ ගණනක් පුරා ගොඩනැගි ඇති ඒවා බැවින් ඉතා ඉක්මනින් වෙනස්කම් ඇතිවේ යැයි බලාපොරොත්තු වීම යෝග්‍ය නැත. නමුත් කාලය පුරා පහත දැක්වෙන දේ කල හැක.

(01* සැබෑ අවසන් පිළිිගැනිම හා අනුමත කිරිම
පරික්ෂණ වාර්තා දක්වන්නේ තමන් තුළ ස්ව අඩුබව හැෙඟන අය සෘණාත්මක ලෙස ප‍්‍රතිචාර දක්වන අතර යථාර්ථවාදි නොවන කෙටි සහතික කිරිම් අව්‍යාජ නොව සැබෑ නොවන දේව ප‍්‍රතිචාර නොදක්වයි.

අපි  ඕනෑවට වඩා ප‍්‍රශංසා කිරිම අනුමාන කිරිමට උත්සාහ කිරිම. උපදේශණ ලබන්නා පිළිනොගන්නා අතර සමහර  උපදේශණ දෙන්නාට මුහුණ නොදෙයි.

x උපදේශ දෙන්නාට මුහුණ නොදෙයි
x අඛන්ඩ සහය මෘදු ධෛර්්‍යකිරිම මධ්‍යම හා අවංක අයත් කරගන්නා දේ යහපත් ලෙස ඉටුකරන ලද අගය කිරිම පැහැදිලිව යහපත්ව අගය කිරිමකි.
x පිටට තට්ටුකර ”ඔබ අගනා කෙනෙක් බොහොම හොඳයි. ඉදිරියට යන්න” කියා කීම තමන් තුළ අඩුබව අගය අයෙකුට යමක් කරන්නේ නැති ලෙසය

x උපදේශ ලබන්නා තුළ තමන් පිළිබඳ අවබෝධය දියුණුකර ගැනිමට උපකාර කරන්න.
තමන්ගේ හැසිරිම පිළිබඳ නිරික්ෂණ චරිතයක හෝ අවස්ථාවක සැඟවුනු ඇත්ත දැනිම එය සැබැවට උපකාරිද නොවේ. සමහරවිට තමාගේ සිතිවිලි හා හැඟිම් විමසා බැලිම එසේ කිරිම තමාව තව තවත් පහත් ලෙස සිතිමට පොළඹවයි.

x උපදේශකයෙකට කෙනෙකු තමා දුර්වල ස්ව දෘෂ්ඨිය පැමිණියේ කෙසේද කියා සොයා බැලිමට උපකාර කල හැකිය. අපි අතිතයේ සිරකරුවන් නොවන බව මතක් කර දිය හැකිය.
x අපට අපගේ හැසිරිමේ අතීත මුල් තේරුම්ගැනිමෙන් වෙනස්වීමට පහසුය.


ස්ව අභිමානය ගැන බයිබලිය දර්ශන බෙදා ගන්න

x උපදේශණ ලබන්නා තමන්ගේ අඩුකම යනු බයිබලයේ සඳහන් යහපත්කම හා ස්ව අභිමානය යනු පාපිෂ්ඨ  උඩඟුකමට සමානයයි සිතුවහොත්් උපදේශණය වඩා සාර්ථක නොවේ.
x කිතුණුවන් හට බයිබලයේ දක්වන මනුෂ්‍යයාගේ වටිනාකම හා ඒවා ස්ව අභිමානය ගැන ඉගැන්වීම කළ යුතුය.
x තමාට ඇති පේ‍්‍රමය නිවැරදි අතර දෙවියන්වහන්සේ අනුමත කරන බව දැනගත යුතුය
x මෙම අදහස් පිළිගැනිමට කාලයක් ගතවනු ඇත. නමුත් ඒවා පිළිගැනිම  ඕනෑම කෙනෙකුට තමන් පිළිබඳ ධනාත්මක ස්ව මතයක් දෘෂ්ඨියක් ඇති කරගැනිමේ පෙර අවශ්‍යයතාවයකි.

(04* තමා ගැන එළිදරව් කිරිම හා යථාර්ථවාදි අගය කිරිමක් ධෛ්‍යි කරන්න
ස්ව අභිමානය ගොඩනැගිම සඳහා ජිවිතය පිළිබඳ බෙදාගැනිම උපකාරි වන බව සත්‍යයකි.

x කෙනෙකු තමන්ගේ ජිවිත දෘෂ්ඨිය හා ජිවිත තතු බෙදා ගන්නා විට අන්‍යයෙකුට ඒ පිළිබඳ පසු විපරමක් දිය හැකිය. එනම් ඔවුන්ගේ හැඳිනගැනිම සංජානනය ප‍්‍රත්‍යක්ෂය.

x අනෙක් අය පිළිගැනිම පෙන්වන විට උපදේශ ලබන්නාට ද තමාව පිළිගැනිමට හැකිකම ලැබෙයි.

Thursday, September 6, 2018

මට යුක්තිය ඉටුවන්නේ කවදාද?



 මට යුක්තිය ඉටුවන්නේ කවදාද?

යන්න අප නිරන්තරයෙන් අසන පැණයකි. ඔව් එය ප්‍රමදවිය හැකිය; එහෙත් නියතය. ඔබේ නඩුව දැනටමත් දෙවිඳුන් ඉදිරියේ විභාගවී අවසන්ය. එකම හා සර්ව සාධාරණ විනිසුරු වන සමිඳාණෝ ඔබේ තීන්දුව ප්‍රකාශ කරන තෙක් මඳක් රැදී සිටින්න.



ගීතාවලිය 9 වන පරිච්ඡේදය

1 සමිඳුනි, හද පත්ලෙන් මම ඔබ හට තුති පුදමි;
ඔබ කළ හැම අසිරිමත් ක්‍රියා පතුරා හරින්නෙමි; 


2 ඔබ ගැන සිත සිතා කුල්මත් වී උදන් අනන්නෙමි;
මහෝත්තමයාණෙනි, ඔබේ නම ප්‍රශස්ති ගීතයෙන් පසසන්නෙමි. 


3 ඔබේ ආගමනය නරඹා සතුරෝ පසු බැස යති; පැකිළ වැටෙති, වැනසෙති. 

4 සාධාරණ විනිසකරුනි, සිහසුන් අරා ඔබ වැඩ හිඳින සේක;
මා ගැන නඩුව අසා මට යුක්තිය ඉටු කළ සේක. 


5 ජාතීන්ට තරවටු කොට, අදමිටුවන් විනාශ කොට, ඔවුන්ගේ නම සදහට ම මකා හරින සේක.

6 සතුරන්ගේ නගර සුණු විසුණු කර ඇත. ඒවායේ නම්ගම් මතකයෙන් පහකර ඇත. ඔවුන් සදාකල් විනාශයට පැමිණෙවු සේක.

7 සමිඳාණෝ සිහසුන් අරා සදා වැඩ සිටින සේක;
විනිසය පිණිස සිය සිහසුන පිහිටෙවු සේක. 

8 එතුමාණෝ දැහැමිකමින් මුළු ලොව නඩු විසඳාලන සේක;
ජාතීන් යුක්ති සහගත ලෙස විනිශ්චය කරන සේක. 


9 සමිඳාණෝ පීඩිතයන් හට උස් බලකොටුවකි;
විපත්ති සමයෙහි මහ බලකොටුවකි. 


10 ඔබ පිළිගන්නෝ ඔබ විශ්වාස කරති.
ඔබ සොයා එන්නන් ඔබ කිසි දා අත් නොහරින සේක. 


11 සියොන් ගිරෙහි වැඩ වසන සමිඳුන් හට ගී ගයන්න;
මුළු ලොව හැම ජාතීන්ට සමිඳුන් කළ දෙය පවසන්න. 


12 දුක්ගැනවිලි ඇති කවරෙකු වත් එතුමාණෝ අමතක නොකරන සේක.
වරද කරන කාටත් සමිඳුන්ගේ දඬුවම හිමි වේ. 


13 සමිඳුනි, මට කරුණා කළ මැනව.
සතුරන්ගෙන් වූ මාගේ දැඩි දුක සලකාලුව මැනව. 
මරු මුවෙන් මා වෙන් කරගත මැනව. 


14 එවිට ඔබ මට දුන් සෙත් සිරි ගැන ජෙරුසලමේ සව් සත හට ජය තුති ගී පවසන්නෙමි.

15 විජාතීහු වළක් කපා එම වළෙහි වැටී සිටිති.
එලෙස ම උගුලක් අටවා එම උගුලට අසු වී සිටිති. 


16 සමිඳාණෝ යුක්තිය ඉටු කොට ප්‍රකාශ වූ සේක.
කුදිටු දනෝ තමන් හෙළන උපා දැලේ පැටලී සිටිති. 


17 දුදනන්ගේ ඉරණම පාතාලය වේ;
දෙවිඳුන් අමතක කරන ජාතීන්ටත් එසේ ම වේ. 


18 දිළිඳා හැම දා අමතක නොවනු ඇත.
පීඩිත අයගේ පැතුමත් සදහට ම යටපත් නොවනු ඇත. 


19 වඩිනු මැනව සමිඳුනි, ඔබට එරෙහි ව නැඟිටින්නට මිනිසාට ඉඩ නුදුන මැනව.
ජාතීහු ඔබ අබිමුව විනිශ්චය කරනු ලබත් වා! 

20 සමිඳුනි, ඔවුන් භීතියෙන් ඇලළී යන්නට සැලසුව මැනව.
ජාතීන් මැරෙන සුලු අය පමණක් බව දැනගන්නට සැලසුව මැනව.

ශුද්ධ බයිබලය. 

About