(02) සෝදිසියේදී දේව කැමැත්තට භාරවීමේ සිත
කි‍්‍රස්තුස් ජේසුස්වහන්සේ තුල තිබුනාවු සිතම නුඹලා තුලත් තිබේවා. ‘‘පියාණෙනි, ඔබ කැමතිසේක් නම්, මේ කුසලාන මාගෙන් පහකළ මැනව. එසේ වී නමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවයි කී සේක.” (ලූක් 22:42)
මේ ආකාර දේව කැමැත්තට භාරවීමක් කුමන අයෙක් විසින් කරන ලද්දේද? කි‍්‍රස්තුස්වහන්සේගේ ජිවිතයම දිගු ස්ව ත්‍යාගයෙන් යුතු ජීවිතයක් විය. එය දිනපතා මරණයට පත්වීමේ ජීවිතයක් විය. බෙත්ලෙහෙම් සිට කල්වාරිය දක්වා එම අත්දැකීම විය. අන්තයේදී කුරුස ගසේදී උන්වහන්සේ ප‍්‍රාණය පියාණන්ට භාර කළ සේක. මෙම වේදනා විඳීමේ වන්දනා ගමන සිහි කරන්න. සියලූ වේදනාවන් දරා ගත් ජීවිතයක් අතර ජේසුස්වහන්සේ ඒ පිළිබඳ කෙඳිරීමක් නොමැතිව යටත්වු සේක. මාගේ කැමැත්ත ලෙස නොව ඔබගේ කැමැත්ත ලෙස වේවායි පියාණන්ගේ කැමැත්තට භාර වු සේක. ජේසුස්වහන්සේගේ ජීවිතයේ ආදර්ශ පාඨය වුයේ දේව කැමැත්ත කිරීමය. එය විශ්මිත ජීවිතයකි. උන්වහන්සේ මෙළොවට පැමිණීම ප‍්‍රකාශ වුයේ,