විවාහය බයිබලීය එළිදරව්ව සහ මනුෂ්‍යයා පිළිබඳ දිව්‍යමය අරමුණෙහි සහ අපේක්ෂාවෙහි විශේෂ ස්ථානයක් ගනි’ දෙවියන්වහන්සේගේ ප්රාරම්භක මැවීමේ අවසන් කි‍්‍රයාව වුයේ මනුෂ්‍යයා මැවීමය’ (උත්පත්ති 2:21-23*
උත්පත්ති පොතේ එළිදරව් වන්නේ විවාහය දෙවියන්වහන්සේගේ මැවීමේ නියමයක් බවය. වැඩකිරිම හා විවේකය සබත අනෙක් ඒවාය’ මේවා ස්ථාපිත කරන ලද්දේ මනුෂ්‍යාගේ යහපත හා දේව අරමුණ හා සැලැස්ම ඉදිරියට ගෙනයාමද සඳයාය’ එය දේව කැමැත්ත වන අතර දෙවිවු ස්වාමින්වහන්සේ මනුෂ්‍යයා ඒ සඳහා සාදන ලදී’ මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම විවාහය මත රැුඳී පවතී’
විවාහය සියන්දා ජාතින් අතර මුලික ආයතනයක් වන අතර එය සියන්දා සමාජයන් අතර නීතියෙන් හා ව්‍යවහාරයන් මඟින්” වත්පිළිවෙත් මඟින් ආරක්ෂා කරනු ලැබ ඇත’
විවාහය එක්වීම තුළ සමාජයේ මුලික ඒකකය වන එක පුරුෂයා සහ එක ස්ති‍්‍රය සම්බන්ධතාවය තුළ දෙදෙනා එක මාංශයක් බවට පත්වේ’ (උත්පත්ති 2:24” මතෙව් 19:5-6* කෙසේවුවද” සත්‍යවු විශ්වාසවන්තවු” කි්රස්තියානි විවාහය ගැන කථා කළ හැකි ලෙස යුරෝපීය” ආසියාතික හා අපි‍්‍රකානු විවාහයන් ගැන කථා කළ හැකිය’ කිතුණුවන් අතරද විවිධ ජාතින් අතර විවිධ සංස්කෘතික විවිධතා දැකිය හැකිය’
විවාහය පිළිබඳ කිතුණු ප්‍රමිතිය හෙවත් මිණුම් දණ්ඩ වන්නේ එය දෙවිවු ස්වාමින්වහන්සේ විසින් ස්ථාපිත vශුද්ධවු තත්වයක්v බවය’ එය ප්‍රයෝජනවත්” අලංකාර” සියල්ලන් අතර ගරුකටයුතු නියමයකි’ (හෙබ්‍රෙව් 13:4*
විවාහය පදනම්ව ඇත්තේ බාහිර ආකර්ෂණය මතම නොව” එය ආත්මික වටිනාකම් මත හා මුන්දා ජිවිතය පුරා පවතින්නාවු එක්වීමක් ලෙස අදහස් කල යුතුය’ විවාහය යනු ජිවිත දෙකක් සම්පුර්ණයෙන්ම කිසිවක් ඉතිරි කර නොගෙන බෙදාගැනිමකි’ එය සමාජමය වශයෙන් මෙන්ම ලිංගික වශයෙන්ද බෙදාගැනිමකි’ එය අන්නෝන්‍ය සමාජමය සැනසිල්ල උදෙසා සඵලත්වය හා අපලත්වය යන සියල්ලේදි, සැපතේදි හා දුකේදි එකිනෙකා උදෙසා ජිවත්වීම සඳහා වන කැපවීමකි. එය විවාහක දෙදෙනාට පමණක්් සීමාවු අන්නෝන්‍ය වශයෙන් ස්වයං දානයේ සම්බන්ධතාවයකි’ ඒ මඟින් වැළඳගන්නාවු ජිවිතයේ හැකිතාවයන් ප්‍රශ්න හා ගැටන්දාවලට මුහුණදිම හා සතුට බෙදාගන්නාවු ශක්තිමත් ජිවිත පදනමක් වැළඳ ගනි’ විවාහ පේ‍්‍රමය ආරම්භ වන්නේ කැමැත්ත” සිතිවිල්ල සහ කි්රයාවන් යන සියල්ලෙහි” විශ්වාසවන්තව සිටීමට කරනු ලබන්නාවු කැපවීමේ ගිවිසුමකි’ මෙයට විවාහ පිළිවෙත් මත බන්ධනිය ගිවිසුම් කොන්ත්‍රාන්තුවක් අඤල වෙයි’
සියල්ලන් අතහැර ජිවිතය තිබෙන තුරු එකිනෙකාට පමණක් බැඳි සිටීමට කරනු ලබන ගිවිසුමකි. මෙම ගිවිසුම් කැපවීම එනම් දෙදෙනාගේ පේ‍්‍රමයේ ඔප්පුව ඔවුන් දෙදෙනාගේ අන්නෝන්‍ය හා ඔවුනටම සීමාවු පේ‍්‍රමය කි‍්‍රයාවෙන් වැඩි වර්ධනය කළ යුතුය’
දෙවිවු ස්වාමින්වහන්සේ විවාහ බන්ධනය ස්ථාපිත කිරිමේ අරමුණ ඉතා පැහැදිලි ලෙස ශුද්ධ ලියවිල්ලෙහි දක්වා ඇත’ එය ස්ථාපිත කරන ලද්දේ ආදම් හට සහකාරියක්, ජිවිතය බෙදාගන්නා පංගුකාරියක්, හවුල්කාරියක් ලබා දෙන පිණිසය. ස්වාමිවු දෙවියන්වහන්සේ කථාකොට මනුෂ්‍යා තනිව සිටීම හොඳ නැත’ ඔහුට සුදුසු සහකාරියක් සදා දෙන්නෙමියි කී සේක’ (උත්පත්ති 2:1-18*
ආදම් ඒවනතෙක් මනුෂ්‍යා ඇසුරක් ලබා නොසිටි අයෙකි’ ඔහුට අද අප කථා කරන ලෙස කෙනෙකු සිට” එම අය නැතිවීමෙන් ඇතිවන තනිකම අත්දැකිමට” ඔහුට අයෙක් සිටියේ නැත’ ඔහු හුදකලාව සිටියේද නැත. ඔහුගේ මැවුම්කාර දෙවියන්වහන්සේ සමඟ ඔහු අඛන්ඩ සම්බන්ධතාවයේ සිටියේය. ආදම් නමැති මනුෂ්‍යයා දේව ස්වරූපයෙන් දෙවියන්වහන්සේගේ සමාන කමින් මවන ලද නමුත් ඔහු භූමියෙකි’ භූමිකය’ ඔහුට ඔහුගේ මනුෂ්‍ය ස්වභාවයට අයත් කාරණා පිළිබඳ පිළිතුරු දීමට සබඳතා පැවැත්වීමට අයෙක් නොසිටියේය’ ආදම් හට සතුන්ට නම් දීමට හා සියන්දා සතුන් පාලනය කිරිමට අවශ්‍ය මානසික ඥාණික දැනුම තිබුනි’ එමෙන්ම ආදම් චිත්තවේගී හැඟිම් ඇති ජිවියෙකු විය දෙවියන්වහන්සේට නමස්කාර කිරිමට චිත්තවේගී හැඟිම අවශ්‍යය’ දෙවිවු ස්වාමින්වහන්සේට පේ‍්‍රම කිරිමට චිත්තවේගී උද්වේගය අවශ්‍යය’ vනුඹේ මුන්දා හෘදයෙන්ද” නුඹේ මුන්දා ආත්මයෙන්ද” නුඹේ මුන්දා ශක්තියෙන්ද නුඹේ දෙවිවු ස්වාමින්වහන්සේට පේ‍්‍රම කරපන්න යන එකය’ (මාර්ක් 12:30*
මනුෂ්‍ය චිත්තවේගයන්ගේ ස්වභාවික ප්රකාශවීමේ ප්‍රමාණයක් ඇත’ vනුඹට මෙන් නුඹේ අසල්වැසියාට පේ‍්‍රම කරන්න’ භූමියේ සිටින මනුෂ්‍යයෙකු ලෙස ඔහුගේ සැබෑ මනුෂ්‍ය පැවැත්ම හා සමාජ සම්බන්ධතාවය අවශ්‍ය වුවකි’
මනුෂ්‍යා මනුෂ්‍ය ශරිරයක් ඇති අයෙකි’ මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ මැවුම්කාර කි‍්‍රයාවෙන් සැබෑ මනුෂ්‍යත්වයේ ශ්‍රේෂ්ඨත්වය ඇතිව මවන ලද්දෙකි’ තමන් විසින් පාලනය කරන ලද සතුන්ට මෙන්ම ආදම්ට ලිංගික අවශ්‍යතා සපුරා ගැනිමේ හැකිකම ඇතිව මවන ලදී. ඔහු සැබෑ ලෙසම අහිංසකව සිටියේය. පහත් හැඟිම් නොවීය. එහෙත් ඔහු ප්‍රජනන කි‍්‍රයාවලිය ගැන කිසිවක්ම දැන නොසිටි අයෙකුද නොවීය. ඔහුට සමහරෙකු විසින් vළමා මනුෂ්‍යයා යයි හඳුන්වනු ලැබුවද” ඔහු කෙසේවුවද මනුෂ්‍යයෙකි’
ආදම් තනිව සිටියේ තනිකමට සිටි අයෙක් නැතිවීමෙන් නොව, ඔහුගේ මනුෂ්‍ය ස්වභාවයේදි අඩුකම සපුරාලිය හැකි අයෙකු නොවීම නිසාය, ඔහුට සහයට අයෙක් අවශ්‍ය විය. තමන් මෙන් අයෙකු අවශ්‍ය විය. එසේවුවද තමන්ගෙන් වෙනස්වු අයෙකු අවශ්‍ය විය. ඔහුගේ පුර්ණ මනුෂ්‍යකම බාධකයෙන් තොරව පුර්ණ කල හැකි අයෙකු අවශ්‍ය විය’ එබැවින් විවාහය ස්ථාපිත කරනු ලැබුයේ අන්තර් පුද්ගල සබඳතාවයේ සහකරුභාවයට පංගුකාරකමටය’ එය ඉතාම සමීපතම සබඳතාවයේ එකක්ය’ එය අඤළ යුවලට පෞද්ගලිකව සීමා වුවකි’ විවාහ බන්ධනය තුල ස්ති‍්‍ර පුරුෂයින් තමන්වම දිමෙන් ඔවුන් එකිනෙකා විවාහ සම්බන්ධතාවයේ ජිවිතාන්තය දක්වා වන සම්බන්ධතාවයකට ඇතුලත් වෙති’
ආදම් සහ ඒවගේ එක්වීමෙන් දෙවියන්වහන්සේ අභිප්‍රාය කරන ලද්දේ ඔවුන් එකට වර්ධනය වීමය’ ඔවුන් දෙදෙනා එකිනෙකාගේ ජිවිත තුළ චරිතයේ අඩුව තිබෙන දේවල් සපුරා ගැනිම සඳහා එකිනෙකාගේ හැකියාවන් බෙදා ගැනිම මඟින් මෙය සිදුවීමය’ එබැවින් විවාහ ජිවිතයේ සාරය මිත්‍රත්වය හා යෝග්‍ය සහකාරකමය’ ජිවිතයේ වෙනස් වන්නාවු සියන්දා අත්දැකිම්වලදි පුරුෂයා සහ ස්ති‍්‍රය එකිනෙකාට උපකාර කළ යුතුය. සැනසිය යුතුය. නිරෝගිකමේ මෙන්ම රෝගී අවස්ථාවේද, සතුෙටි මෙන්ම ශෝකයේද, සෞභාග්යයේදී මෙන්ම දුර්භාග්යයේදි ද එකිනෙකා අනෙක් අයට උපකාරයද, සැනසීමද, සහභාගිත්වයද, ඇතිව සිටිය යුතුය.
විවාහය ස්ථාපිත කොට ඇත්තේ මිනිස් වර්ගයාගේ බෝවීම සඳහාද වේ’ දෙවියන්වහන්සේගේ නියෝගය වුයේ දෙවියන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළ සේක’ දෙවියන්වහන්සේ ඔවුන්ට කියන සේක්: නුඹලා බෝවී වැඩිවෙමින් පොළව පූර්ණ කොට ඒක යටත්කර ගනිව්’ (උත්පත්ති 1:28*
ජීවමාන සත්වයන් ඒ ඒ වර්ග ලෙස හටගන්වාවයි දෙවියන්වහන්සේ ප්‍රකාශ කළ සේක’ (උත්පත්ති 1:24* වර්ගයා බෝවීම මනුෂ්‍යයා වර්ගයා පමණක් නොව අනිකුත් සත්ව වර්ගයාද බෝවීම දේව නියමය හා අභිප්‍රාය විය’ මනුෂ්‍යා සහ සත්වයන් අතර වෙනස් විය’
සිව්පාවුන් හා සත්වයින් පුරුෂ ලිංගික හා ස්ති‍්‍ර ලිංගික ලෙස මවන ලද්දේ සහභාගිත්වය උදෙසා නොවේය’ ඔවුන් එසේ මවන ලද්දේ ඔවුන්ගේ වර්ගයේ බෝවීම සඳහාය’ මෙම බෝවීම සඳහා ඔවුන්ට කාලවල් නියම කොට ඇත’
මනුෂ්‍ය තලයේද ප්‍රජනන ව්‍යුහය නිර්මාණය කොට ඇති ප්‍රාථමික හේතුව මනුෂ්‍ය වර්ගයාගේ බෝවීම පිණිසය’ විවාහ බන්ධනය තුල කුමන හෝ ලිංගික පෙළඹිම් සම්පුර්ණ කරගන්නා ලද වුවද මිනිස් ප්‍රජනන පද්ධතිය සකසා ඇත්තේ ප්‍රජනන අරමුණ උදෙසාය’ මේ නිසා දෙවියන්වහන්සේ මනුෂ්‍යයා තමන්ගේ ස්වරූපයෙන් මැවු විට ඔවුන් පුරුෂයාද ස්ති්රයද ලෙස මැවු සේක’ මේ අනුව දෙවියන්වහන්සේගේ වචනයේ අනුමත කොට ඇත්තේ ප්‍රතිවිරුද්ධ ලිංගික, හෙවත් පුරුෂයෙක් සහ ස්ති‍්‍රයක් අතර විවාහයය.
දරුවන් නොමැතිවීම නැතහොත් වඳභාවය කණගාටුවට කරුණක් වුවත් එය දිව්‍යමය අප්‍රසාදයේ සලකුණක් නොවේය’ නමුත් යම් කිතුණු විවාහක යුවලක් තමන්ගේ තීරණයෙන් දරුවන් නැතිව සිටීමට තෝරා ගැනිම විවාහය පිළිබඳ බයිබලිය ඉගැන්වීමට පටහැනිවේ, සැලසුම් සහගතව දෙමාපියන් නොවීම” මව පියා නොවීම” ශුද්ධ විවාහය අභිප්‍රායට පටහැනිය’ විරුද්ධය’ නමුත් සමහර දරුවන් පිළිසිඳ ගැනිම විවාහක පුරුෂයාට හෝ ස්ති‍්‍රයට බාධාවක් වන වෛද්‍ය උපදේශාත්මක වැනි අවස්ථා ඇති බව පිළිගත යුතුව ඇත’
සම ලිංගිකත්වය
පුරුෂයා සහ ස්ති‍්‍රය විවාහය සහ ලිංගික කි‍්‍රයාවලිය සඳහා නීත්‍යානුකුල පංගුකරුවෝ වෙති’ සම ලිංගිකයින් ඔවුන්ගේ අයුතු ලිංගික එක්වීම් මඟින් මනුෂ්‍ය වර්ගයා බෝකරන්නේ නැත’ ඔවුන් අදහස් කරන්නේ ඔවුන්ගේ මුලික ලිංගිකත්වයේදි ඔවුන් දරුවන් බිහිකිරිමට බැඳී නැති බවය’ ප්‍රජනන හැකියාව ඇත්තේ පුරුෂයා සහ ස්ති‍්‍රය එක්වීමෙනි’ කි්රස්තුස්වහන්සේ පරිසිවරුන්ට ප්‍රකාශ කළ ලෙස දෙවිවු ස්වාමින්වහන්සේ ආරම්භයේදි මනුෂ්‍යයා පුරුෂයා සහ ස්ති‍්‍රය ලෙස මැවු සේක’ පුරුෂයා සහ ස්ති‍්‍රය” පුරුෂයා සහ භාර්්‍යාව ලෙස එක මාංශයක් වෙති’ (උත්පත්ති 2:23-24/ මතෙව් 19:3-6* අනෙකුත් සියන්දා එක්වීම් දෙවියන්වහන්සේගේ අනුමැතියෙන් නොවන්නේය. (ලෙවිකථාව 20:13”15”16/ රෝම 1:24-27/ 1කොරින්ති 6:9* මනුෂ්‍යයාගේ ලිංගික ස්වභාවය මනුෂ්‍යයාගේ වැටීමට පෙරද” දෙවියන්වහන්සේගේ පුර්ණ පිළිවෙලෙහි කොටසක් විය’ මැවුම්කරුවාණන් විසින් එය ඉතා යහපත් යැයි ප්‍රකාශ කළ සේක’ (උත්පත්ති 1:31* එක මාංශයේ සම්බන්ධතාවය හා බැඳිම ලිංගික සම්බන්ධතාවය තුල ස්ථාපිත කිරිම දෙවියන්වහන්සේ අදහස් කලා පමණක් නොව එය නිසි විවාහ පැවැත්ම සඳහා අවශ්‍යය විය’ සිවිල් නිතිය අනුව විවාහය ශාරිරික සම්බන්ධතාවයක් ඇති නොවී නම් එය බලරහිත බවට සැලකේ’ එක මාංශයේ සම්බන්ධතාවය සැලකිය යුතු වන්නේ එය දික්කසාදය සහ නැවත විවාහය නමැති විෂයට ඉතා වැදගත් වන කරුණක් වු බැවිනි’ විවාහය ස්ථාපිත කර ඇත්තේ ලිංගික සම්බන්ධතාවයේ පවිත්‍රතාවය උදෙසාය. මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මේ අඛණ්ඩභාවය සහතික වන්නේ ස්ති‍්‍ර පුරුෂයන් අතර ශාරිරික විවිධත්වය මත පමණක් නොව ඔවුන්ගේ අනනෝන්‍ය ආකර්ෂණයද මතය’ නිසැකවම මනුෂ්‍යය ස්වභාවය තුල ඇත්තාවු ඉතා ප්‍රබල ආශාවන් වන්නේ ලිංගික පෙළඹිමය’ මෙය සෑම පුද්ගලයා තුලම එලෙස ප්‍රබල නොවුවත් සමහර අයට මෙය මහත් ප්‍රබල පෙළඹිමක් විය හැකිය’ මේ පිළිබඳ පාවුල්තුමා ප්‍රකාශ කර ඇත්තේ vකාමඤහයv නමින්ය’ (1කොරින්ති 7:9*
බයිබලීය හා සමාජ ඉතිහාසය පුරා මහත්වු පාපයන් සිදුවී ඇත්තේ මෙම පාලනය කර නොගත් ලිංගික පෙළඹීම් නිසාය’ ඒවා නම් අපවිත්‍රකම” වෛශ්‍යාකම” සමලිංගික පාපය” දුෂණ්ය කිරිම යන මේවාය’ මේ සියල්ල දෙවි ස්වාමින්වහන්සේ ඉදිරියේ මහත් පාපයක්ය’ කිතුණුවන් මෙම පාපවලින් වැළකි සිටිය යුතුය’ ඔවුන් තමන්ගේ ශරිර මෙන්ම සිත්ද මෙම පාපයන්ගෙන් ආරක්ෂා කර ගත යුතුය’ (1තෙසලෝනි 4:3” 2තිමෝති 2:22*
කිතුණුවන් විසින් තමන්ගේ ශරිර කි‍්‍රස්තුස්වහන්සේගේ අවයව බවත්” ශුද්ධාත්මයාණන්ගේ මාළිගාව බවත් සලකමින් ඒවා ලිංගික අනාචාරයේ යෙදවිම නොකල යුතු බවත් සැලකිය යුතුය’ එහෙත් ශරිරය තිබෙන්නේ වෙශ්යාකම පිණිස නොව ස්වාමින්වහන්සේ උදෙසාය’ (1කොරින්ති 6:13”20* ලිංගික පෙළඹීම සපුරා ගැනිමේ එකම මාර්ගය විවාහ බන්ධනය තුලය’ පාවුල් අපෝස්තුන්දාතමා මෙසේ අනුශාසනා කරන වලදි’
vනමුත් වෙශ්‍යාකම් නිසා එක එක පුරුෂයා තම තමාගේ භාර්්යාවද එක එක ස්ති‍්‍රය තම තමාගේ පුරුෂයාද ඇතිව සිටීවා’ පුරුෂයා භාර්්‍යාවට යුතු දේ කර දේවා’ එසේම භාර්්‍යාවත් පුරුෂයාට කර දේවා’ භාර්්‍යාවගේ ශරිරය කෙරෙහි බලය ඇත්තේ ඈට නොව පුරුෂයාටය. එසේම පුරුෂයාගේ ශරිරය කෙරෙහි බලය ඇත්තේ ඔහුට නොව භාර්්යාවටය. (1කොරින්ති 7:2-4* මෙම පදනම යටතේ විවාහය ලිංගික අපවිත්රතාවයෙන් ආරක්ෂාවීමක්ය’
පාවුල්තුමා තවදුරටත් ප්‍රකාශ කරන ලද්දේ ලිංගික සම්බන්ධතාවය මඟින් එකිනෙකාගේ අවශ්‍යතා සපුරන ලෙසය’ ලිංගික සම්බන්ධතාවයෙන් ආත්මික කාරණා සඳහා (යාච්ඤාව සඳහා* කෙටි කලෙකට වුවත් බැහැර විය යුත්තේ අන්නෝන්‍ය එකඟතාවයෙනි’
vයාච්ඤාවේ යෙදී සිටීම පිණිස දෙදෙනාගේ කැමැත්ත ඇතුව” කලකට වෙන්ව සිටිනවා මිස” නැත්නම් වෙන්ව නොසිටිල්ලා’ එසේ කලහොත් නුඹලාගේ කාම ආශාව මැඩ පවත්වාගැනිම නොහැකි නිසා සාතන් නුඹලා පරික්ෂා නොකරන පිණිස නැවත එක්වෙයල්ලා’ නමුත් මෙය ආඥාවක් කොට නොව අවසරයක් කොට කියමි’ (1කොරින්ති 7:5-6*
විවාහ ජිවිතය තුල මෙම විවාහ යුතුකම් හා සම්බන්ධතාවය නොසැලකීමෙන් බොහෝ පරික්ෂාවන්ට සහ විවාහයේ අවිශ්වාසවන්තකම් වලට” අනියම් සම්බන්ධතාවයන්ට දොරවල් විවෘත වේ’
විවාහ ජිවිතයේ නීත්‍යාණුකූල සබඳතා අඩුවන විට සාතන් එයින් ප්‍රයෝජන ගනී’ (1කොරින්ති 7:5*
විවාහ ජිවිත කඩාවැටීමේ එක් හේතුවක් වන්නේ ලිංගික ආශාවන් සපුරාගැනිමට නොහැකිවීම නිසා පීඩනයට පත්වීමයි’ (හිතෝපදේශය 5:18-20සහ 1කොරින්ති 7:3*
පුරුෂයා” භාර්්‍යාව කෙරෙහි විවාහ වගකීමද” භාර්්‍යාව පුරුෂයා කෙරෙහි විවාහ වගකිමද ඉටුකර දේවා’ තවදුරටත් ශුද්ධ ලියවිල්ල දක්වන්නේ විවාහය මනුෂ්‍යාගේ පෞද්ගලික සංවර්ධනය සඳහාද බවය’ ආදම් සහ ඒව එක්කිරිමේදි දේව අභිප්‍රාය වුයේ ඔවුන් දෙදෙනා එක්ව වර්ධනය වීමය’ එක් අයෙක් අනෙක් අයගේ අඩුකම් පූර්ණ කිරිම හා ශක්තිමත් ක්‍රමවලින් එකිනෙකා වර්ධනය කිරිමය’
පේ්රතෘස්තුමා ප්‍රකාශ කරන ලද්දේ:
ජිවනයේ අනුග්‍රහයට හවුල් පංගුකාරියන් බැවින් පුරුෂයන් භාර්්‍යාවන් ගැන නිසි ලෙස සැලකීමය’ භාර්්‍යාවන්ට ගෞරව කරන ලෙස අනුශාසනා කරන ලදි. (1පේ්රතෘස් 3:7* බයිබල් අටුවාචාරි මැකිව් හෙන්රිගේ ප්රකාශනයක් මෙහිදි යෝග්‍යය: ස්ති‍්‍රය සාදන ලද්දේ පුරුෂයාගේ ඇලයෙන් ගන්නා ලද ඉල ඇටයකිනි’ පුරුෂයාව ආණ්ඩු කරන ලෙස පුරුෂයාගේ හිසෙන් නොගන්නා ලදි’ පුරුෂයා විසින් පාගා දමනු පිණිස ඔහුගේ පාදයෙන් නොගන්නා ලදි’ ඔහුගේ ඇලයෙන් ගන්නා ලද්දේ ඔහුට සමාන වන ලෙසය’ ඔහුගේ බාහුවට යටින් ගන්නා ලද්දේ ඔහු විසින් ආරක්ෂා කරනු ලබන පිණිසය’ ඔහුගේ හෘදයට ලඟින් ගන්නා ලද්දේ ඔහු විසින් පේ‍්‍රම කරන පිණිසය’
ජිවිත දෙකක් එක් කිරිමෙන් ඉවසීම අපේක්ෂා කරයි’ එමෙන්ම යටහත්ම හා ස්ව ත්‍යාගය අපේක්ෂා කරයි’ එබඳු අනුග්රහයන් කි‍්‍රයාත්මක කිරිමේදි එය පෞරුෂ චරිත වර්ධනයට මඟ පෙන්වයි’ විවාහ ජිවිතයේදි එකිනෙකා අනික් අයට නිසි ගෞරවය දිය යුතුය. භාර්්‍යාව පුරුෂයාට යටත්වීමෙන්ද, පුරුෂයා පූජාන්විත පේ‍්‍රමයෙන්ද යුතුව කි‍්‍රයා කළ යුතුය. (එපිස 5:21-28* මෙලෙස විවාහය ජේසුස්වහන්සේ සහ සභාව අතර ඇති අභිරහස්‍යමය සම්බන්ධතාවයේ සංකේතයක් වේ’ (එපිස 5:32* එය මනාළයා සහ මනාළියගේ එක්වීමකි’ (එළිදරව් 19:7” 21:9* වෙනස නම් ස්වාමිවු ජේසුස්වහන්සේ සමඟ එක්වීම උන්වහන්සේ හා එක ආත්මයක් හා එක්වීමක්ය’ පුරුෂයා තමාගේ භාර්්‍යාව සමඟ එක්වීම එක මාංශයක්වීමය’ (මතෙව් 19:5-6” 1කොරින්ති 6:16-17*
කි්රස්තුස්වහන්සේ හා සභාව එක්වීම” කි‍්‍රස්තුස්වහන්සේගේ මනාළිය වන සභාව හා එක්වීම පිළිබඳ උපහැරණමය දැක්වීම විවාහය එහි ඉතා උසස් තලයක තබයි’
එබැවින් මෙම විවාහය පිළිබඳ දි තිබෙන උසස් ස්වභාවය” අරමුණ අනුව මෙම සම්බන්ධතාවයට ලඟාවිය යුත්තේ ප්‍රඥාවන්තව ඉතා ප්රවේශම්කාරිවය’ මෙම විවාහ සම්බන්ධතාව නිතර වර්ධනය කර ගත යුතුය’ ගැඹුරු කර ගත යුතුය’ විවාහයේ විවිධ දෘෂ්ඨින් පිළිබඳ සමතුලිත විය යුතුය’ ඒවාට නිසි ස්ථානය දිය යුතුය’ නිසැකවම” විවාහක යුවලක් නිතරම නිසි පුරුෂයෙක් හා භාර්්‍යාවක් වන්නේ කෙසේද කියා ඉගෙන ගත යුතුය’ මෙම කැපවීම හඳුනාගෙන එයට කැපවී කි‍්‍රයා කිරිමේදි කිතුණුවා කි‍්‍රස්තුස්වහන්සේගේ ආදර්ශය ස්ථිරත්වය ර්ණ පූජාන්විත පරාර්ථකාමී උත්තරීතර පේ‍්‍රමය දකිනු ඇත’ එය ආදර්ශ කොට ගෙන කි‍්‍රයා කරනු ඇත’ විවාහ ජිවිතයේ වර්ධනය සඳහා කි්රස්තියානි හෝ බයිබලීය නොවන උපදෙස් හා උපකාර සඳහා සම්පත් ඇත’ ඒවා වෙත යා යුත්තේ ඉහත දැක්වු විශේෂිත කරුණු වන විවාහය දෙවියන්වහන්වහන්සේගේ මැවීමේ නියමයක් ධරා්සබසබට බව පෙරදැරිකොට ගෙනය’ එම කිතුණු හෝ බයිබලිය නොවන සියන්දා උපදෙස් ශුද්ධ ලියවිලි ප්‍රමිති මත විමසා බැලිය යුතුය’ බයිබලිය ප්‍රතිපත්ති අඤළ කිරිමෙන් පමණක් ඇදහිලිවතුන්ගේ විවාහයක් සැබෑ කිතුණු විවාහ බවට පත්වන්නේ ඒවා අඤළ කොට විවාහ ජිවිතය ගෙනයෑමෙන් හා වර්ධනය කර ගැනිමෙනි’
අප හට විවාහ ජිවිතය පිළිබඳ කාරණාව සැහැල්ලූ ලෙස” නොසලකන ලෙස අවවාද කොට ඇත’ විවාහ ජිවිතය ඉතා ගෞරවයෙන් හා ඉතා භාර¥ර ලෙස සලකා ඇතුලත් විය යුතු ජිවිත තත්වයකි’ ඉතා ප්‍රඥාවන්තව හා ¥රදර්ෂි ලෙස සලකා ඇතුලත් විය යුතු ජිවිතයකි’ දේව භයින් හා ගෞරවනීය ලෙස ඇතුලත් විය යුතු ජිවිත තත්වයකි’ විවාහක යුවල මෙම දේව භය පිළිබඳ අදහස් බෙදා ගත යුතුය’ ඔවුන් දෙවියන්වහන්සේ සමඟ කි්රස්තුස්වහන්සේ මඟින් තම සම්බන්ධතාවයේදි එක්නෙකාට උපකාර කළ යුතුය’ කිතුණුවන් තමන් ජිවිත සහකරු හෝ සහකාරියක ලෙස අදහන්නාවු අයෙකු තෝරා ගත යුතුය. (1කොරින්ති 7:39* ඔවුන් දෙදෙනා එක්ව මුන්දා ජිවිතයේ හා විවාහ ජිවිතයේදි ශුද්ධාත්මයාණන්ගේ මඟපෙන්වීම හා උපකාරය සෙවිය යුතුය.
නීති ප්‍රකාර විවාහ වීමෙන් කිතුණු හෝ කිතුණු නොවන විවාහ වලංගු බවට පත්වේ’ එමෙන්ම නිති ප්‍රකාර විවාහය යම් හේතුන් මත දික්කසාදවීමේ හැකියාවද ඇත’ නමුත් කිතුණු විවාහයක භාරදුර භාවය වන්නේ එය නිතී ප්‍රකාර හෝ සිවිල් විවාහයකට වඩා, දෙවිවු ස්වාමින්වහන්සේ තුල හා උන්වහන්සේ ඉදිරියේ ගිවිසුම් දීමෙන්ද, දෙවියන්වහන්සේට ගණන් දිය යුතු ජිවිත තත්වයන්ද වීමය. දේව වචනය එහි භාරදුර බව මෙසේ ප්‍රකාශ කර ඇත’ vමෙසේ ඔවුන් එවක් පටන් දෙදෙනෙක් නොව එකම මාංශය වෙති’ එබැවින් දෙවියන්වහන්සේ එක් කල දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේවයි කී සේක’ (මතෙව් 19:6*
විවාහ ජිවිතය හිතාමතාම කඩා බිඳ ගැනීම විවාහය පිළිබඳ දේව අරමුණ නිෂ්ඵල කර ගැනිමකි’ විවාහය පිළිබඳ දේව අරමුණ විවාහක එක්වීම ස්ථිර එකක් බවය’ විවාහය තමන් කැමති ලෙස තමන්ගේ පහසුව සඳහා තමන් කැමති ලෙස ඇති ඇති කරගන්නා හා තමන් කැමති ලෙස අවසන් කර ගත හැකි සමාජ කොන්ත්‍රාත්තුවක් නොවේය’ එය පාර්ෂව දෙකම ජිවත්ව සිටින තුරු පවතින ස්ථිර එක්වීමකි. (රෝම 7:2-3” 1කොරින්ති 7:39*
නමුත් විවාහ ජිවිතවල බිඳවැටීම් සිදුවේ’ සමහර විවාහක බිඳවැටීම් නැවත එක් කළ නොහැකි ලෙස සිදුවන ඒවා බව සත්‍යයකි’ මනුෂ්‍ය ඇස් හමුවෙහි වන විවාහ බන්ධනය කැඩෙන විවිධ කාරණා ගණනක් තිබිය හැකිය’ මෙම ලියවිල්ලෙහි අරමුණ වන්නේ ස්වාමිවු කි්රස්තුස්වහන්සේ විසින් විවාහ බන්ධනය බිඳ වැටීමේ එකම හේතුව ලෙස දක්වන ලද්දේ වෛශ්‍යාකමේ කි්රයාවය. (මතෙව් 19:9* වෛශ්‍යාකම සිදුවන්නේ විවාහක පුරුෂයා හෝ ස්ති‍්‍රය තුන්වැනි පාර්ශවයක් සමඟ සංවාසයේ යෙදිමෙනි’ මෙහිදී තවත් අයකු සමඟ එක මාංශය සම්බන්ධතාවයක් ඇතිවේ’ (1කොරින්ති 6:16* එවැනි එක්වීමක් නීති විරෝධි දෙවියන්වහන්සේගේ නීතියට විරුද්්ධ හා පාපීය එක්වීමකි’ එබඳු එක්වීමක් සැබෑ විවාහ ගිවිසුමක් බිඳ දමයි’ එම සිදුවීමම විවාහය අවලංගු නොකරන අතර එය අහිංසක හෙවත් නිවැරදි පාර්ශවයට දික්කසාද වීම සඳහා විවාහය අවලංගු කරගැනිම සඳහා නීතිය ඉදිරියට යාමට නීති්යාණුකූල පදනමක් ඇති කරයි’ එමෙන්ම කැමති වන වෙනත් විවාහ ගිවිසුමක් සඳහා පදනමක් වන්නේය’ කෙසේ වුවද සිහි තබාගත යුතු වන්නේ කමා කිරිම නිතරම කි්රස්තියානි මාර්ගය බවය’ එබඳු කමා කිරිම හා සමඟි කිරිම ඇති කරගෙන විවාහ සම්බන්ධතාවය නැවත ප්‍රතිස්ථාපනය කරගත හැකි විට එලෙස කි‍්‍රයා කළ යුතුය’
බයිබලිය ඉගැන්වීම අපගේ අවධානයට ලක් කරන්නේ විවාහය දෙවිවු ස්වාමින්වහන්සේ විසින් ආරම්භයේදිම ස්ථාපිත කරන ලද්දක් බවය’ එය ප්‍රතිවිරුද්ධ ලිංගික දෙදෙනෙකුට සීමා වුවකි’ ඔබ දෙදෙනාට පමණක්ම සීමාවුවකි’ එම විවාහය අවලංගු කළ නොහැකිය’ එය ගෞරවණිය ශුද්ධවු එකකි’ වෙනත් පාර්ශයක් විවාහයට නොමනා සම්බන්ධයකින් ඇතුන්දාවීම පිළිකුලකි’ එම අනිසි බලපැවැත්ම ලිංගික ස්වභාවයේ එකක් වන විට එය ඉතා බරපතල හා ඉඩ නොදිය හැකි වරදකි’
vවිවාහය සියල්ලන් අතරෙහි ගෞරව ඇතුව යහන් නොකින්දාටුව තිබේවා’ මක්නිසාද වෙශ්‍යාකම් කරන්නන්ද කාමමිත්යාචාරිකයන්ද දෙවියන්වහන්සේ විනිශ්චය කරන සේක’ (හෙබ්‍රෙව් 13:4*
No comments:
Post a Comment