අලූත් අදහස් පිළිබද ප්රශ්නය
”කිසිවෙක් තාන් රෙදිකෑල්ලක් පරණ වස්ත්‍රයකට මහන්නේ නැත; මක්නිසාද එසේ කලොත් අණ්ඩයට ගත් රෙදි කැබැල්ල වස්ත්‍රයෙන් ඇදී, වඩා ලොකු ඉරුමක් වේ. අලූත් මුද්‍රික පානය පරණ සම්භාජනවල වත් නොකරති. වත්කළොත් භාජන පැලී, මුද්‍රික පානය වැගිරී ගොස්, භාජනත් නාස්ති වන්නේය. නමුත් අලූත් මුද්‍රික පානය අලූත් සම්භාජනවල වත්කරති; එවිට දෙවගේම ආරක්ෂා වේ යයි කීසේක.” (මතෙව් 9:16-17*
ජේසුස්වහන්සේ තමන් මනුෂ්‍යයන් වෙතට අලූත් අදහස් සහ සත්‍යය පිළිබදව නව සංකල්ප සමඟ පැමිණි බව හොඳින්ම සිහි ඇතිව සිටි සේක. එමෙන්ම මනුෂ්‍ය සිත්වලට අලූත් අදහස් ඇතුල් කිරිම කොතරම් දුෂ්කර ද යන්න උන්වහන්සේ එලෙසම අවබෝධ ඇතුව සිටි සේක. එබැවින් ඕනෑම යුදෙව් මනුෂ්‍යයෙකුට තේරුම් ගතහැකි උපහැරණ කථා දෙකක් ජේසුස්වහන්සේ ඔවුන්ට ප්‍රකාශ කළ සේක.
1. කිසිදු අයෙක් පරණ ඇඳුමක ඉරී ගොස් සිදුරු වී ඇති කොටසක එම ඉරුණ, සිදුරු කොටස අන්ඩ දමා මැසිමේ දී අලූත් රෙදි කැබැල්ලක් එයට යොදා නොගනී. එසේ කළහොත් පළමු අවස්ථාවේ දී එම ඇඳුම තෙත් වනු ඇත. අලූතින් දැමු රෙදි කැබැල්ල ඇකිලීමට පත් වේ. එසේ ඇකිලීමේ දී රෙදි කැබැල්ල ඉරීමට පත්වේ. මේ ඇඳුම වඩා ඉරී දෙකට වෙන්වේ.
යුදෙව් ජනයා ඔවුන්ගේ පාරම්පරික ඉගැන්වීම් හා සම්ප්‍රදායන්ට මහත් ඕනෑකමින් ඇලී සිටියහ. යුදෙව් ආගමික නීති සංග්‍රහය හෙවත් ව්‍යවස්ථාව ඔවුනට දේවිවූ ස්වාමින්වහන්සේගේ අවසාන හා අන්තිම වචනය විය. එම වචනයට යමක් එකතු කිරීම හෝ එයින් වචනයක් ඉවත් කිරීම මරණීය පාපයකි. එකල සිටි යුදෙව් ආගමික නායකයින් කොටස් දෙකක් වු ලියන්නන් හා පරිසිවරුන් නැමැති යුදෙව් ආගමික නීති ඉතා තදින් පැවැත්වීමට උත්සාහ කළ නායක කණ්ඩායම් දෙකක් වන ඔවුන් යුදා ආගමික නීති සංග්‍රහය හෙවත් ව්‍යවස්ථාව වටා ”ආරක්ෂා පවුරක්” හෙවත් ”තාප්පයක්” ගොඩනැඟීය. ඔවුනට අලූත් අදහසක් යනු දෝෂයකටත් වඩා පාපයකි. ඉහත දැක්වු ආත්මය මරණයට පත් වී නැත. බොහෝ විට කිතුණු සභාව එම යම් අලූත් අදහසක් යම් ක්‍රමයක් යෝජනා කළ හොත් ඉක්මනින් විරෝධතාවයක් පැණ නඟිමින් මෙසේ කියති. ”අපි මින් පෙර කවදාවත් එලෙස කර නැහැ”
පරණ දේවල් වඩා හොඳයි.
මා හට වරක් දේවධර්මාචාරවරු දෙදෙනෙක් මෙලෙස කතා කරනු ඇසිණි. එක් අයෙක් තරුණ වු අතර ඔහු නිතර අලූතින් සිතන අයගේ නව චින්තකයින් ප්‍රකාශ කරන්නේ කුමක්ද කිය උනන්දුව සිටියේය. අනෙක් වයස්ගත නායකයා තමන්ගේ අදහස් වල දැඩිව සිටි පුරාණ චාරිත්‍ර ගරු කරන සම්මුතිගත සම්ප්රදානුකූල සම්මතයයි පිළිගත් මාර්ගවල තදින් බැඳුන අයෙකු විය. වයස්ගත නායකයා තරුණ නායකයාට ඇහුම් කන් දුන්නේ යම් ගරුසරු නැති අර්ධ සාවධ්‍ය ඉවසීමෙන්ය. ඔහු එම සාකච්ජාව අවසන් කළේ මෙසේය. ”පරණ දේ වඩාත් හොඳයි යනුවෙනි.”
සභා ඉතිහාසය පුරා සමහරු එලෙස පැරණි දේවල එල්බ ගෙන ඇත. ජේසුස්වහන්සේ ප්‍රකාශ කරන්නේ
”පැච් දැමීම” ”අන්ඩ දැමීම” මෝඩකමක්් අඥාණකමක් බව පෙනී යන කාලයක් පැමිණෙන බවය. කළ යුතු දේ වන්නේ එම දෙය පැරණි කැබැල්ල සම්පුර්ණයෙන් ඉවත් කර අලූතින් නැවත ආරම්භ කළ යුතු බවය. කිතුණු සභාවන්හි සභා පාලන ක්‍රම, කිතුණු සභාවන්හි නමස්කාර රටාවන් අප අපගේ ආගමික විශ්වාසයන් ප්‍රකාශ කරන වචන මාලාව, යන මේවා අප නිතර සකස් කරමින් යාච්ඤාවන් කිරිමට නැතිනම් සකස් කිරිමට උත්සාහ කරමු. අපි මෙවන් පැච් දැමීමට උත්සාහ කරමු. කිසිවෙකු කැමැත්තෙන් ප්රවේශම්කාරි නොවී අනුකම්පා විරහිතව, රළු දැඩි දයාවිරහිත ලෙස කාලයක් පුරා යහපත් යයි සලකනු ලැබු වර්ෂ ගණනක් මින් පෙර පරම්පරාව තම විශ්වාසය රැුඳවු තමන්ට සහනදායක ලෙස හැඟීම තිබු දේ අතහැර දමන්නේ නැත. නමුත් කරුණ වන්නේ මෙය දැනුමෙන් වර්ධනය වන්නාවු ප්‍රසාරණය හෙවත් පුළුල් වන ව්‍යාප්ත වන විශ්වයක් වීමය. පැච් දැමීමට ප්‍රයෝජන නොවන කාලයක් මතුවෙයි. සභාවකට සහ සභාවේ ජනයාට නව දේවල් පිළිබඳ අභියෝගයක් පැමිණෙන විට එය පිළිගැනිීම හෝ ඉවත්වී පසුපසට යාමට පුළුවන්කම ඇත. එසේ පසුපසට යාම සිදුවුවහොත් නමස්කාර කරන්නේ දෙවි වු ස්වාමින්වහන්සේ නොව අතීතයටය.
ජේසුස්වහන්සේ අලූත් මුද්‍රික යුෂ පැරණි සම් භාජනවලට දැමීමට උත්සාහ කළ බව කිසිවෙකු ප්‍රකාශ කරනු නොලද්දේය. පුරාණයේ මිදි යුෂ සම්භාජනවල හැර බෝතල්වල නොදමන ලද්දේය. අලූත් මිදි යුෂ සම්භාජනවලට දමන විට එම මිදි යුෂ තවදුරටත් පැසීමට පත්වේ. එම පැසීමෙන් ඇතිවන ගෑස් ස්වභාවය නිසා පීඩනය සම්භාජනය වෙත මුදාහරිනු ලැබේ. අලූත් සම්භාජනයක යම් ප්‍රමාණයක් ඇදෙන සුළු ස්වභාවය ප්ලාස්ටික් ස්වභාවයක් ඇත. එම ඇඳෙන සුළු ස්වභාවය නිසා පැමිණෙන පීඩනය දැරීමට හැකිකම ලැබේ. නමුත් පැරණි සම්භාජනවල මෙම ඇඳෙන සුළු ස්වභාවය නැති වී දැඩි බවට පත්වී ඇත. එහි එම ප්ලාස්ටික් ස්වභාවය නැතිව ගොස් ඇත. එම භාජනයට පැසෙන අලූත් මිදි යුෂ දමනු ලැබුවහොත් එයට එම උත්පාදනය වන ගෑස් බලයේ පීඩනය දැරිය නොහැකිය. සිදුවන්නේ එම සම්භාජනය පුපුරා යාම පමණි.
ඉහත උපහැරණය වර්තමාන කාරණාවන්ට අනුව සලකා බලන විට; අපගේ මනස, සිත, අලූත් අදහස් දැරිමට තරම් ප්‍රසාරණය ඇදෙන සුළු, ඉඩ ලැබෙන සුළු විය හැක. වර්ධනය පිළිබඳ ඉතිහාසය වන්නේ වර්ධනයට විරුද්ධව පූර්ව නිගමනයන් නැමැති වැසුනු සිත් හා අදහස් ජයගැනිමය. සෑම නව අදහසක් හා දර්ශනයක් ඊට විරුද්ධ වන්නාවු මිනිස් සිතේ වන ජම්මික විරුද්ධතාවයන් ජය ගත යුතුය.
මෝටර් රථය, දුම්රිය, ගුවන්යානය, යන මේ ප්‍රවාහන පහසුකම් සඳහා තනනු ලැබු දේවල් පවා ආරම්භයේ දී දක්නට ලැබුනේ සැක මුසු මනසකිනි. සිම්සම් නැමැත්තාට ශෛල්‍ය කර්ම සඳහා යොදාගන්නා ක්ලෝරෆෝම් හඳුන්වාදීම, රෝගකාරක ක්ෂුද්‍ර ජීවින් වැඞීම වළක්වන ක්‍රමය හඳුන්වා දුන් ලිස්ටර් හට එය ද හඳුන්වාදීමේදී පොරබැදීමට සිදුවිය. කොපර්නිකස් නම් විද්‍යාඥයා හට ඔහුගේ විද්‍යාත්මක සොයාගැනිම වු පොළව සුර්්‍යා වටා ගමන් ගන්නා බවට සුර්්‍යයා පොළොව වටා නොව යන ප්රකාශනය ඉල්ලා අස්කර ගැනීමට බල කරනු ලැබීය. බි්රතාන්ය ජාතික ජොනාස් ග්රැන්වේ හට කුඩය එම රටට හඳුන්වා දීමේදී කුඩයක් උසුලාගෙන ගමන් කිරිමෙදී ඔහුට පරිහාසයන්ට, සරදමට පත්වීමට සිදුවිය.
අලූත් දේවලට අකමැතිකම ජිවිතයේ සෑම අංශයකටම ඇතුල් විය. දුම්රිය පිළිබඳ විශේෂඥ වු නෝර්මන් මාර්ලෝ දුම්රිය පාපුවරුවේ සැතපුම් බොහෝ ගණනක් ගමන් කල අයෙකි. ඔහුගේ කෘතියක් වන ර්ණත්දදඑචක්එැ ්බා ීසටබ්ක ක්්ඉසබ” ”දුම්රිය පාපුවරුව හා සංඥා මැදිරිය” දුම්රිය සේවාවන් ඒකාබද්ධ කිරිමෙන් පසුව ඔහු ගමන්ගත් සංචාරයන් ගැන සඳහන් කර ඇත. එක් මාර්ගයක දුම්රිය ගමන්මාර්ග වලට නිපදවා තිබු දුම්රිය වෙනත් මාර්ග සඳහා පරික්ෂා කරන ලදී. ඔහු බි්රතාන්යයේ මැන්චැස්ටර් සිට පෙනොසාස් දක්වා වු ”ජුබිලි” දුම්රියෙන් 4-6-0 පන්තියේ පා පුවරුවේ ගමන් කළේය. එම දුම්රියේ දුම්රිය රියදුරු වුයේ ගේට් වෙස්ටර් දුම්රිය දෙපාර්තමේන්තුවේ ”කාසල්” පන්තියේ රියදුරකි. රියදුරා කිසිවක් නොකල අතර ඔහු කළේ ඔහු ධාවනය කරන දුම්රියේ එන්ජිමේ කාලකණ්ණි භාවය ගැන ඔහුගේ භාෂාවෙන් කියාපෑමය. ඔහු ”ජුබිලි” ඇන්ජිම සහ ”කාසල්” ඇන්ජිම සන්සන්ඳනය කරමින් කථා කළේය. ඔහු අලූත් එන්ජිම සඳහා වු කි‍්‍රයාකරවීමේ පද්ධතිය පාවිච්චි කිරිමට ප්‍රතික්ෂේප කළේය. නමුත් ඔහුට ඒවා කි‍්‍රයාකරවීම පිළිබඳ උපදෙස් දී තිබුනි. ඔහු ඒවා හොඳින් දැන සිටියේය. ඔහු ”ජුබිලි” දුම්රිය ධාවනය කරන ලද්දේ කොඳුරමින් එය ”කාසල්” දුම්රිය ලෙස සිතමිනි. ඔහුගේ මැසිවිලි වුයේ එය පැයට සැතපුම් 50 ට වඩා වේගයෙන් ගමන් නොකරන බවයි. ඔහු පුරුදුව සිටියේ ”කාසල්” එන්ජිමට වන අතර ඔහු තුළ වෙන කිසිවකට ඉඩක් නොතිබිනි. කෲ දුම්රිය ස්ථානයේදී වෙනත් දුම්රිය රියදුරෙක් දුම්රිය ධාවනය භාර ගත්තේය. ඔහු අවශ්‍ය නව කි්රයාකරවීම් වලට සකස්වීමට සුදානම්ව සිටියේය. ඉක්මනින්ම ”ජුබිලි” දුම්රිය පැයට සැතපුම් 80ක වේගයෙන් ධාවනය කරවීය. දුම්රිය එන්ජිම් රියදුරන් සමහරෙක් පවා නව අදහස් නොරිස්සු අය වුහ.
සභාවන් තුළද නව දේ නොරිස්සීම ස්වභාවය, සිරිත දක්නට ඇත. පැරණි අච්චුවට නව දේ දැමීමටද උත්සාහ කිරිමද ලොව පුරා දක්නට ලැබෙන ප්රශ්නයකි. අපි නව කිතුණු සභා කි‍්‍රයාකාරකම සඳහා පැරණි ගොඩනැඟිලිවල පැවති වැඩසටහන් ඉදිරිපත් කළද සමහරෙකුට ඒවා පි‍්‍රය නොවේ. අප නව සත්‍යය සොයාගැනීම් ගි‍්‍රක අධ්‍යාත්මික විද්‍යාව මත පදනම් වු දේවල් කිරිමට උත්සාහ කරමු. අප වර්තමාන උපදේශ පැරණි භාෂාවෙන් ඉදිරිපත් කිරිමට උත්සාහ කරමු. අපි 21 වැනි සියවසේ කිතුණුවන්ට දේවවචනය එළිසබෙත් යුගයේ ඉංගි්රසිවලින් ඉගැන්වීමට උත්සාහ කරමු. 21 වන සියවසේ කිතුණුවන්ට වර්ෂ 400 ක් පැරණි යාච්ඤා භාෂාව ඉදිරිපත් කරමු.
අප සිහිතබා ගතයුතු දෙයක් වන්නේ ඔිනෑම ජීවමාන දෙයක් වර්ධනය වීම නවතින්නේ නම් එය මරණයට පත්වීම ආරම්භ වන බවය. අප යාච්ඤා කල යුතු කරුණක් වන්නේ දෙවිවු ස්වාමින්වහන්සේ අප වැසීමට පත් වු මනසකින් සිතකින් නිදහස් කරන ලෙසය.
අපි ජීවත් වන්නේ ඉතා වේගවත්ව මහත් වෙනස්කම් සිදුවන ලෝකයක බවය. විස්කවුන්ට් සැමුවෙල් 1870 දී උපත ලැබිය. ඔහු බි්රතාන්යයේ ලන්ඩන් නුවර ඔහුගේ ළමා කාලය ගැන ඔහුගේ චරිත කතාවේ ලියා ඇත. එය මෙසේය. මාගේ ළමා කාලයේදී මොටර් රථ නොවීය. මෝටර් බස් නොවීය. ටැක්සි ද නොවීය. විදුලි දුම්රිය හෝ බයිසිකල් ද නොවීය. තිබුනේ විශාල ඉදිරි රෝදයක් සහ කුඩා පසු රෝදයක් සහිත පාපැදියක් පමණි. විදුලි ආලෝක, දුරකථන, සිනමා මේ කිසිවක් නොවීය. ඒ ශතවර්ෂයකට පෙරය. අප ජීවත් වන්නේ වෙනස් වන හා දැනුම හා සොයාගැනීම් ප්‍රසාරණය වන ලෝකයකය. ජේසුස්වහන්සේ අවවාද කරන ලද්දේ තමන් සභාව අතීතයේ දී පැවති ආයතනයක් පමණක් බවට පත්නොවීමටය.
උපුටා සැකසීම
The Daily Study Bible William Barclay
ධර්මාචාර්්ය විලියම් බාක්ලේ තුමන් විසින් සම්පාදිත දිනපතා අධ්‍යනය බයිබලයෙනි.
සභාසේවක බැසිල් සී. ප්‍රනාන්දු
No comments:
Post a Comment