ලිංගික සදාචාරය විමසීමට ලක්කරමු – සී.එස්. ලූවිස් (3 කොටස)
ඉහත පිළිගනු ලැබු සත්‍ය, ලිංගික ආශාව (පමණ ඉක්මවා වර්තමානයේ අවිචාර තත්වයන් හැරුණු විට) ස්වභාවික, සෞඛ්‍ය සම්පන්න, බවය. මෙහි ඇති ව්‍යාජය සහ බොරුව වන්නේ, ඔබ යමෙක් සිදු කරන ඔිනෑම ලිංගික ක්‍රියාවක්, යමෙක් පරික්ෂාවට පත්වන ඔිනෑම ලිංගික ක්‍රියාවක් එම අවස්ථාවේ සාමාන්‍ය හා සෞඛ්‍ය සම්පන්න බව සීතිමය. මෙය ඔිනෑම දෘෂ්ඨියකින්, ක්රිස්තියානිත්වයෙන් තොරව අර්ථ විරහිත අඥාණකමකි. යමෙකුගේ ආශාවන්ට වහල්වීමෙන් ඔහුව හෝ ඇයව ගෙනයනු ලබන්නේ, ශක්තිය නැති කර ගැනීමට, රෝගී බවට, වෛරයට, බොරුවට, සැඟවීමට, සෞඛ්‍ය සම්පන්න, නිරෝගී බවට සම්පුර්ණයෙන් විරුද්ධ දිශාවටය. එය සතුට හෝ අවංක බව නොවේය. මෙම ලෝකයේ ඇති ඔිනෑම සතුටකම, වැලකීම, හික්මීම, සංවරභාවය ද අවශ්‍යය. එබැවින් සෑම ආශාවක් යුක්ති සහගත බවට වන ප්‍රකාශන, එය බලවත් වු විට එය ඉටුකර ගත යුතු බව, එය නිරෝගී, හා තර්කානුකුල වන ඒවා නොවේය. සෑම බුද්ධිමත්, ශිෂ්ඨාචාර මනුෂ්‍යයා හටම යම් ආකාර ප්‍රතිපත්ති ඇතිව, එම ප්‍රතිපත්ති විසින් සමහර යහපත් ආශාවන් තෝරා ගැනීමටත් සමහර අයහපත් ආශාවන් ප්‍රතික්ෂේප කිරිමටත් හැකි විය යුතුය. එක් මනුෂ්‍යයෙකු මෙය කිතුණු ප්‍රතිපත්ති මත ඉටු කළ හැක. තවත් අයෙකු තමන්ගේ ආගමික හැඟීම් අනුවද අනෙක් අයෙකු සෞඛ්‍ය සම්පන්නකම උදෙසාද, එමෙන්ම සමාජ වටිනාකම් අනුව වෙනත් අයෙකු එසේ කළ හැකිය. සැබෑ ගැටුම ඇත්තේ, ස්වභාවය සහ කිතු දහම අතර නොව, ස්වභාවය පාලනය කරන කිතුණු ප්‍රතිපත්ති සහ අනිකුත් ප්‍රතිපත්ති අතරය. ස්වභාවය (ස්වභාවික ආශාවන් පිළිබඳ) කෙසේ වුවද පාලනය කරගත යුතුය. එසේ නොවුවහොත් ඔබගේ මුළු ජීවිතයම විනාශවී යනු ඇත. පිළිගත යුතු ලෙස අනිකුත් ප්‍රතිපත්තිවලට වඩා දැඩිය. ඔබ හට එම ප්‍රතිපත්තිවලට කීකරුවීමට උපකාර ලැබේ.
දෙවැනිව, බොහෝ ජනයා කිතුණු පවිත්‍රතාව, පිරිසිදු ජීවිතය පිළිබඳ දැඩඋනන්දුවක්්නොදක්වන්නේ (එය උත්සාහ කිරිමට පෙර) එය ඉටු කර ගත නොහැකි බව සිතීමෙන්ය. යමක් උත්සාහ කිරිමේදී එය ඉටු කර ගත හැකි හා නොහැකි බව නොසිතිය යුතුය. උදාහරණයක් ලෙස විභාගයක් සඳහා පෙනී සිට ප්‍රශ්ණ උත්තර ලිවීම ගැන සිතන්න. එක් අයෙකු එය කල හැකිද කල නොහැකිද කියා සිතනු ඇත. අනිවාර්ය ප්‍රශ්ණ ගැන සිතන්න. යමෙක් තමන්ට හැකි උපරිමයෙන් එයට පිළිතුරු සැපයිය යුතුය. ඔබගේ යම් අසම්පුර්ණ පිළිතුරකට ලකුණු ලැබිය හැකිය. ඔබ කිසිදු පිළිතුරක් නොලීවත් ඔබට කිසිදු ලකුණක් ලැඛෙන්නේ නැත. විභාග පරික්ෂණයේදී පමණක් නොව යුද්ධයකදී කන්දක් නැගීමේදී, පිහිනීමේදී, පාපැදියක් හෝ යතුරු පැදියක්, මෝටර් රථයක් පැදවීමේදී පළමුව ඔබට එය කල නොහැකියයි සිතීමට පුළුවන. සමහරෙකු උත්සාහ කිරිමක් නොමැතිව එය තමන්ට නොහැකියයි සිතා අත්හැර දමති. ඔබ උත්සාහ කරන විට පුදුම ලෙස ඔබට එම හැකියාව ඇති බව ඔබ අත් දකිනු ඇත.
අප හට සැබවින්ම සහතික වන්නේ සම්පුර්ණ පිරිසිදු ජීවිතය හෝ සම්පුර්ණ ප්‍රේමයේ ජීවිතය මනුෂ්‍ය උත්සාහයෙන් පමණක් අයත්කර ගත නොහැකි බවය. ඔබ දෙවියන්වහන්සේගේ උපකාර ඉල්ලා සිටිය යුතුය. ඔබ උපකාර ඉල්ලා සිටින විට පවා, ඔබ හට පෙනී යා හැක්කේ ඔබ හට උපකාර ලැබීමට ප්‍රමාදවීම හෝ ඔබ බලාපොරොත්තු වුවාට වඩා අඩු උපකාරයක් ලැබීය යන්න විය හැකිය. ඒ ගැන කරදර නොවන්න. සෑම අසමත්වීමකදීම දෙවියන්වහන්සේගෙන් කමාව ඉල්ලා සිටින්න. ඔබව ධෛර්‍ය් ගන්න. නැවත උත්සාහ කරන්න. බොහෝ විට දෙවියන්වහන්සේගෙන් ලැඛෙන උපකාරය වන්නේ එම ඉල්ලා සිටින ධර්ම ගුණයම නොව, එය ඉල්ලා නැවත ඉල්ලා සිටීමේ බලයය. පවිත්‍රතාවය කෙතරම් වැදගත් වුවද (නැතහොත් ධෛර්ය, සත්‍යවාදීභාවය, හෝ වෙනත් ධර්ම ගුණයක්) දෙවියන්වහන්සේගෙන් ඒ සඳහා උපකාරය ඉල්ලීමේ කි‍්‍රයාවලිය පුහුණුවීම ඉතා වැදගත්ය. එය අප හට අප පිළිබඳ ඇති මිත්‍යාවන් සුවපත් කොට දෙවියන්වහන්සේ කෙරෙහි රැඳී සිටීමට උගන්වයි. අප ඉගෙන ගන්නේ අපගේ ජීවිතවල යහපත් අවස්ථාවල පවා අප හට අපවම විශ්වාස කළ නොහැකි බවය. එමෙන්ම අපගේ ජීවිතවල ඉතා අවාසනාවන්ත, බරපතල අසමත්වීම්වලදී පවා අප එය අවබෝධ කරගත යුතුය. දෙවියන්වහන්සේ අපගේ අසමත්වීම් කමා කරන බව අවබෝධ කර ගත යුතුය. කණගාටුදායක කරුණ වන්නේ සම්පුර්ණත්වයට අඩු දෙයින් සතුටුවී පසෙකට වී බලා සිටීමය.
තුන්වැනිව මනුෂ්‍යයින් බොහෝ විට මනෝ විද්‍යාව උගන්වන අවරෝධනය, මර්දනය, නැතහොත් දමනය යන්න වරදවා තේරුම් ගනිති. එය උගන්වන්නේ ලිංගික ආශාවන් මර්දනය අනතුරු සහගත බවය. මෙහි මර්දනය යන්න යාන්ත්‍රික යෙදුමකි. මර්දනය යනුවෙන් අදහස් කරන්නේ එය ප්‍රතික්ෂේප කිරිම හෝ වැලකීම නොවේය. මර්දනය කරන ලද ආශාව හෝ සිතිවිල්ල එය යටි සිතට යොමු කරන ලද්දකි. (බොහෝ විට මුල් යුගයකදී) දැන් එය සිතට වෙනත් හඳුනාගත නොහැකි වෙස්වලාගත් ආකාරයකින් පැමිණිය හැකිය. මර්දනය කරනු ලැබු ලිංගික ආශාවන් ඉවසිලිවන්ත වු ලිංගිකත්වය ලෙස කිසිසේත් හැඳින්විය නොහැකිය. වයසේ හෝ වැඩිහිටියෙකු සිතේ අවබෝධයෙන් ආශාවක් මර්ධනය කරන විට ඔහු දමනය ගැන කි‍්‍රයා කරනවා හෝ දමනය කිරිමක අවම අනතුරක යෙදී සිටිනවා නොවේය. ඊට ප්‍රතිවිරුද්ධ ලෙස පවිත්‍ර ජීවිතයක් සඳහා මහත් ඔිනෑකමින් වීර්ය කරන අයෙක් එම සිතේ අවබෝධය ලෙස වෙනත් අයෙකුට වඩා ලිංගික ආශාවන් ගැන අවබෝධ කරගන්නවා ඇත. එය වෙලිංටන් නැපෝලියන්ව දැනගත් ලෙස හෝ ෂර්ලොක් හොල්ම්ස් මොරියාට් දැනගත් ලෙස, නැතහොත් මීයන් අල්ලන්නා මීයන් දන්නා ලෙස හෝ වතුර පයිප්ප වැඩ කරන්නා පළුදුවී වතුර ගලන ජල නල හඳුනා ගත්තා සේ පැහැදිලිය. ධර්ම ගුණයන් උත්සාහ කිරිම එය ආලෝකය ගෙන එයි. ඒවා නොනිසි සන්තර්පණය කරගැනීම එවායේ යෙදීම ජීවිතයට මීදුම ගෙන එයි. නිවැරදි දැකීම නැති කරයි.
අවසාන වශයෙන්, මා හට යම් දුරකට ලිංගිකත්වය ගැන කථා කිරිමට සිදුවුවද, මා හට හැකි පමණින් පැහැදිළි කළ යුතු දෙයක් නම්, මෙහි කිතුණු සදාචාරයේ, ශීල ගුණයේ කේන්ද්‍රය නොමැති බවය. යමෙකු විසින් කිතුණුවන් අපවිත්‍රතාවය, මහත්ම දුර්ගුණය ලෙස සලකන්නේ නම්, ඔහු සැබවින්ම වැරදිය. මාංශයේ පාප නරකය. ඒවා සියලූ පාපවලින් අඩුම වැරදිය. සියලූ වැරදි විනෝදයන් පිරිසිදුව ආත්මිකය. අනිකුත් මනුෂ්‍යයින් වරදට දැමීමේ විනෝදය, අනිකුත් අයව යටපත් කිරිමේ විනෝදය, අනිකුත් අය සමඟ මිත්‍ර ලීලාවෙන් ජීවත් වෙමින් ඔවුන් පහත් ලෙස සැලකීමේ විනෝදය, කී‍්‍රඩා තරඟවලදී අයුතු ලෙස ජය ගැනීමේ විනෝදය, නැති තැන අනුන්ගේ අගුණ කීමේ විනෝදය, බලයට ඇති තෘෂ්ණාවේ සන්තෘෂ්ඨය, ඊෂි්යාවේ සන්තෘෂ්ඨිය යන මේවාය. මා තුළ කාරණා දෙකක් ඇත. මම තරඟ වදින්න පැමිණි විට උත්සාහ කරන මනුෂ්‍ය ස්ථාර්ථය. ඒවා මෘග ස්වභාවයන්ය. අනෙක අමානුෂික ස්වභාවයය. අමානුෂික ආත්මය, නැතහොත් ස්වලක්ෂණ මේ දෙකින් භයානක එකය. ශීතල තමා දැහැමි බව ස්ව ධර්මිෂ්ඨකම ඇත්තා, ඔහු නිතර දේවස්ථානයට යන නමුත් වෛශ්‍යාවකට වඩා නිරයට සමීපව සිටියි. නමුත් මේ දෙවර්ගයටම අයත් නොවීම සැබවින්ම යහපත්ය.
සී, එස්. ලූවිස්
ඉහත ලිපියේ කර්තෘ පිළිබඳ හැඳන්වීමක්
සී. එස්. ලූවිස් 1898 දී අයර්ලන්තයේදි උපන් අයෙකි. මල්වෙන් විද්‍යාලයේ එක් වර්ෂයක් අධ්‍යාපනය ලැබීය. ඉන් පසු පොෟද්ගලික අධ්‍යාපනය ලැබීය. ඔහු ඔක්ස්පර්ඩ්, විශ්ව විද්‍යාල උපාධියක් ලැබ මැඩගලින් විද්‍යාලයේ 1925-1954 දක්වා ආචාර්යවරයෙකු ලෙස සේවය කළේය. ඔහු මධ්‍යගත යුගයේ පුනරුදය සාහිත්‍ය පිළිබඳ කේම්බි්රජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ධුරයක් හෙබවීය. ඔහු සුප්‍රසිද්ධ දේශකයෙකු වු අතර බොහෝ ශිෂ්‍ය, ශිෂ්‍යාවන් කෙරෙහි බලපැවැත්මක් ඇති කලේය.
සී. එස්. ලූවිස් බොහෝ වර්ෂ ගණනක් අදේවවාදියෙකු විය. ඔහු කිතු දහමට හැරීම මහත් පී‍්‍රතියෙන් විස්තර කර ඇත. 1929 ති‍්‍රත්ව යෙදුම ලෙස මම දෙවියන්වහන්සේ දෙවියන්වහන්සේ බවට පිළිගතිමි….. ඔහු මුළු එංගලන්තය පුරා ධෛර්යට පත්ව සිටි හා කිතු දහමට ප්‍රතිචාර දැක්වීමට මනාපයක් නොදක්වා සිටි අයෙකු විය. මෙම අත්දැකීම ආගම් පිළිගැනීමට අකමැති හා උදාසීන අය අවබෝධ කරගැනීමට සී. එස්. ලූවිස් හට උපකාරි විය. ලේඛකයෙකු ලෙස සී.එස්. ලූවිස් හට ඉතා දක්ෂ හැකියාවන් තිබු අතර ඔහු ඉතා තාර්කික තීක්ෂණ හා මනසකින් යුත් අයෙකු විය. ඔහුගේ ලේඛණ ශෛලිය, පැහැදිලි හා ජීවමාන විය.
ඔහු ළමුන් සඳහා පොත් මෙන්ම විද්‍යා ප්‍රබන්ධද රචනා කරන ලදී. ඔහුගේ කෘතීන් ලෝකයේ මිලියන ගණනකට පරිවර්තනය ලෙස ප්‍රචාරණය වී ඇත. ඔහු 1963 නොවැම්බර් 22 ඔක්ස්ට්රිඩ්හි ඔහුගේ නිවසේදී ස්වර්ගස්ත විය.
No comments:
Post a Comment