සමගි කිරීම පිළිබඳව වූ වටමේස සාකච්ඡාවකදී එක් සාමාජිකයෙක් ණැනවත්ව පැවසුවේ “සෙනග අතීතයේ සිරකරන්න එපා” කියාය. සෙනගට ඔවුන්ගේ වරද මතක් කරමින් ඔවුන්ට වෙනස් වීමට අවස්ථාවක් නොදීම ගැන ඔහු කථා කළේය.
පේතෘස්ගේ ජීවිතයේ බොහෝ එවැනි අවස්ථා තිබුණි. දෙවියන්වහන්සේට ඔහුව “අතීතය තුළ සිර කරන්නට” ඉඩ තිබුණි. නමුත් උන්වහන්සේ එසේ නොකළ සේක. පේතෘස් ආවේගශීලි ගෝලයාය. යේසුස්වහන්සේව නිවැරදි කිරීමට උත්සාහ කළේය. ස්වාමින්වහන්සේගෙන් දැඩි තරවටුවක් ලැබීය (මතෙව් 16:21-23). ඔහු ක්‍රිස්තුස්වහන්සේව ප‍්‍රතික්ෂේප කළේය (යොහන් 18:15-27). පසුව ඔහු ප්‍රතිෂ්ඨාපනය විය (21:15-19). එක් වරක් සභාව තුළ ජාතිවාදයටද රුකුළක් විය.
කේපස් යනුවෙන්ද හැඳින්වූ පේතෘස් හදිසියේ අන්‍ය ජාතිකයන්ගෙන් වෙන්වූ විට ගැටළුවක් මතු විය (ගලාති 2:11-12). ඊට ටික කලකට පෙර ඔහු අන්‍යජාතීන් හොඳින් ආශ්‍රය කර තිබුණි. නමුත් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවතුන්ට චර්මඡේදනය අවශ්‍ය බව යුදෙව්වෝ ප්‍රකාශ කළහ. ඒ හෙයින් පේතෘස් අචර්මඡේදිත අන්‍ය ජාතිකයන් ආශ්‍රය නැවැත්වීය. ඉන් අර්ථවත් වූයේ නැවත මෝසෙස්ගේ ව්‍යවස්ථාවට යාමය. පාවුල් පේතෘස්ගේ හැසිරීම වංචාවක් ලෙස හැඳින්වීය (13 පදය). පාවුල් ඊට නිර්භීතව ඉදිරිපත්වීම නිසා කාරණය විසඳිණි. දෙවියන්වහන්සේ අප වෙනුවෙන් තබා ඇති අලංකාර එක්සත් කමින් සේවය කිරීම එතැන් සිට පේතෘස් අඛණ්ඩව කර ගෙන ගියේය.
භයානක අවස්ථාවලදී අතීතයෙහි සිරවී සිටීමට කිසිවෙකුට අවශ්‍ය වන්නේ නැත. දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් අපට එකිනෙකා වැළඳ ගත හැකිය. එකිනෙකාගෙන් ඉගෙන ගත හැකිය. අවශ්‍ය වේලාවට එකිනෙකාට තරවටු කිරීමටද උන්වහන්සේගේ ප්‍රේමය තුළ වර්ධනය වීමටද අපට හැකිය