බයිබලය අවසාන කාලය පිළිබඳව බොහෝ දේ පවසා ඇත. බයිබලයේ බොහෝමයක්ම පොත් වල අවසාන කාලය පිළිබඳව අනාවැකි පවසා ඇත. මේ සියලු අනාවැකි සියල්ල එකට ගෙන සැලසුම් කිරීම අපහසුය. බයිබලයේ අවසාන කාලය පිළිබඳව සඳහන් කරන දේ අනුගමනය කිරීම සරළ සාරාංශයයි.
ක්‍රිස්තුස් වහන්සේ නැවත ඉපදුන කිතුනුවන් සියලු දෙනාව මේ පොළොවෙන් ඉවතට ගන්නා සේක, එය ඔසවා ගැනීම ලෙස හඳුන්වයි (1 තෙසලෝනික 4:13-18, 1 කොරින්ති 15:51-54). ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චාසනයේදී මේ ඇදහිලිවන්තයන්ට ඔවුන් මේ පොළොවේ සිටි කාල වකවානුවේදී කළ යහපත් ක්‍රියා වලට ත්‍යාග ප්‍රදානය කරයි, එසේම මේ සමහරුන්ට ත්‍යාග නැති වේ. නමුත් සදාකාල ජීවනය නොවේ, කීකරුකම හා ක්‍රියාවන් මද කම නිසා (1 කොරින්ති 3:11-15, 2 කොරින්ති 5:10).
අන්ත ක්‍රිස්තුස් (මෘගයා) බලයට පැමිණ ඊශ්‍රායෙලය සමග අවුරුදු 7 කට ගිවිසුමක් අත්සන් කරයි (දානියෙල් 9:27). මේ අවුරුදු 7ක කාලය “පීඩා” කාලය ලෙස හඳුන්වනු ලබයි. පීඩා කාලය තුළ භයානක යුද්ධ, සාගත, වසංගත, ස්වභාවික විපත් හට ගනී. දෙවියන් වහන්සේ උන් වහන්සේගේ උදහස වගුරවනවා පාපයට විරුද්ධව, නපුරට, දුෂ්ඨ කමට. මේ පීඩාච තුළ පීඩාවේ අසරුවන් හතර දෙනාද අඩංගුය, එමෙන්ම මුද්‍රා හත, හොරණෑව, විනිශ්චයේ පාත්‍ර.
මේ අවුරුදු 7 මැද භාගයේදී, අන්ත ක්‍රිස්තුස් ඊශ්‍රායෙලය සමග තැබූ සමාදානයේ ගිවිසුම කඩනු ලබයි. එමෙන්ම එයට (ඊශ්‍රායෙලයට) විරුද්ධව යුද්ධ කරයි. අන්ත ක්‍රිස්තුස් “පිළිකුල හා විනාශය (වියෝගය)” සිදු කරයි. එමෙන්ම යෙරුසලමේ දේව මාලිගාවේදී ඔහුව නමස්කාර කළ යුත්තෙක් ලෙසට හඳුන්වා දෙයි (දානියෙල් 9:27, 2 තෙසලෝනික 2:3-10), නැවත ගොඩ නගනු ලබන දෙවන කොටස “මහා පීඩා” කාලය ලෙසට හඳුන්වනු ලබයි (එළිදරව් 7:14) හා “යාකොබ්ගේ පීඩා කාලය” (යෙරමියා 30:7).
අවුරුදු 7ක පීඩා කාලය අවසානයේ, අන්ත ක්‍රිස්තුස් යෙරුසලමට විරුද්ධව අවසාන සටන දියත් කරයි, එය ආමගැඩන්ගේ යුද්ධය ලෙසට හඳුන්වයි. යේසුස් ක්‍රිස්තුස් නැවත පැමිණේ, අන්ත ක්‍රිස්තුස් හා ඔහුගේ සගයන්ව විනාශ කරයි, ඉන් පසු ඔවුන් ගිනි විලට හෙලනු ලබයි (එළිදරව් 19:11-21). ඉන් පසු ක්‍රිස්තුස් වහන්සේ සාතන්ව පාතාලයට අවුරුදු 1000 කට බඳිනු ලබයි. එම අවුරුදු 1000 උන් වහන්සේ මේ පොළොව පාලනය කරයි (එළිදරව් 20:1-6).
අවුරුදු 1000 අවසානයේදී, සාතන්ව නිදහස් කරනු ලබයි, නැවත පරාජය කර, ඊට පසු ඔහුව නැවත ගිනි විලට හෙලනු ලබයි (එළිදරව් 20:7-10) සාදාකාලයටම. ඊට පසු ක්‍රිස්තුස් වහන්සේ සියලු නොහැදිලිවන්තයින්ව විනිශ්චය කරයි (එළිදරව් 20:10-15) සුදු සිංහාසන විනිශ්චය මත, සියලු දෙනා ගිනි විලට හෙලනු ලබයි. ඊට පසු ක්‍රිස්තුස් වහන්සේ අළුත් අහස හා අළුත් පොළොව හා නව යෙරුසලමට යොමුවේ. එය ඇදහිලිවන්තයන්ගේ සදාකාල වැජඹෙන ස්ථානයයි. තවත් පාප එහි නොමැත, දුක හෝ මරණයද නොමැත (එළිදරව් 21-22).
උපුටා ගැනීම -
No comments:
Post a Comment