දෙවියන්වහන්සේ පේ‍්‍රමණීය දෙවිකෙනෙක් නිසා මෙවැනි නපුරු වසංගතයක් අප වෙත එවන්නේ නැති බව කීමට හෝ උන්වහන්සේ කෙරෙන් නපුරක් නිකුත්වන බව සැක කිරීමට හෝ කෙනෙකු ඉදිරිපත් වෙනවාද? එවැනි තර්කයක් ඉදිරිපත් කරන මිනිසා ගැන මම අනුකම්පා කරමි - ඔහුට දරුවන් සිටිනවාද? ඔහු කිසි විටෙක ඔවුන්ව නිවැරදි කරනවාද? ඔහු ප්‍රඥාවන්ත සහ අවබෝධයෙන් යුතු මිනිසෙකු නම් තම දරුවන් නිවැරදි කරන බවට මට කිසිම සැකයක් නැත. නමුත් ඔවුන්ව දඬුවම් කරන නිසා ඔහු ඔවුන්ට ද්වේෂ කරනවාද? ඔවුන් වැරදි කරන විට ඔවුන්ව නිවැරදි කිරීමෙන් ඔහුගේ උතුම් පේ‍්‍රමය විදහා දක්වන්නේ නැද්ද? එසේ නම් අපගේ ස්වර්ගීය පියාණන්ද එසේම නොකරනවාද? එසේය : ඇත්තෙන්ම ඔව් ! දෙවියන්වහන්සේ අපට ද්වේෂ නොකරන සේක : උන්වහන්සේ පේ‍්‍රමයේ සහ කරුණාවේ දෙවියන්වහනසේය. එමනිසා උන්වහන්සේ මිනිස් (සංහතිය* ජාතිය කෙරෙහි ¥රදර්ශී වූද, කරුණාබරිතවූ ද ආණ්ඬුකිරීමක් පවත්වන සේක. මේ අවස්ථාවේ අප කෙරෙහි පැමිණ ඇති වසංගතය තුළද උන්වහන්සේගේ පේ‍්‍රමය පවතින සේක. මේ ගව වසංගතය පේ‍්‍රමණීය වූද, ප්‍රඥාවන්ත වූද දෙවියන්වහනසේගේ ඇ`ගිල්ල වේ.
ෂෂග දෙවනුව, අප විසින් සලකා බැලිය යුතු කාරණාව වන්නේ මෙම ගව වසංගතය අප වෙත පැමිණ ඇත්තෙ ඇයි ? යන කරුණ වේ.
එම ප්‍රශ්ණයට මම පැකිලීමකින් තොරව පිළිතුරු දෙම්. එය අප වෙත පැමිණ ඇත්තේ අපගේ ජාතික අපරාධ නිසාය. උන්වහන්සේගේ ඇස් හමුයෙහි අප්‍රසන්න වන බොහෝ කාරණාවන් අප අතර ඇති නිසා දෙව්යන්වහන්සේට එංගලන්තය සම`ග නඩුවක් ඇත . උන්වහන්සේ අපගේ අපරාධයන් පිළිබඳ අපගේ සිහි කල්පනාව අවදි කරන සේක. මෙම ගව වසංගතය ස්වර්ගයෙන් අපට එවන පණිවිඩයකි.
පෞද්ගලික වශයෙන් ස්ත්රීන්ගේ සහ පුරුෂයන්ගේ පාප ඔවුන් ජීවත් වන විටම විනිශ්චයට පත් නොකෙරේ. එයට හේතුව වන්නේ විනිශ්චයේ දවසක් අනාගතයේ ඇති නිසාය. ඒ දවසේදී ”අප එක් එක්කෙනා තම තමාගැන දෙවියන්වහන්සේට ගණන් දෙනවා ඇත” (රෝම 14:12* ජාතීන්ට හෝ දේශයන්ට අනාගත විනිශ්චයේ දවසක් නැත. ඔවුන්ගේ පාප වලට විනිශ්චය පැමිණෙන්නේ වර්තමානයේදීය. යම් දේශයක විශේෂ පාප හෝ ¥ෂිත සහ නපුරු ක්‍රියා වලට විශේෂිත වූ දඬුවම් කිරීමත් ඇත. එංගලන්තයේ ඇති විශේෂ ජාතික පාප නිසා, මෙම ගව වසංගතය අපගේ දේශය විශේෂ ලෙස දඬුවම් කිරීමට පැමිණ ඇති බව මම විශ්වාස කරමි.
No comments:
Post a Comment