Wednesday, February 6, 2019

ශ‍්‍රී ලංකාව මුහුනදෙන දළඹු වසංගතයට එංගලන්තයේ මහා ගව වසංගතයෙන් යමක් ඉගෙනගත හැකිද? 01

දෙවියන්වහන්සේගේ ඇගිල්ල

ජේ සී රයිල් දේවගැති තුමා විසින්

පෙරවදන

1865 වසරේ එංගලන්තයේ මහා ගව වසංගතය පැමිණි 
අවස්ථාවේදී, (පසු කලෙක* ලිවර්පූල් හි බිසොප් තුමා වූ ජේ සී රයිල් දේව ගැති තුමා තම සමකාලීනයන් විසින් ම`ගහැර තිබුණු එක් සාධකයක් වෙත අවධානය යොමු කළේය. 

මෝසෙස්ගේ කාලයේදී ඊජිප්තුවේ වසංගත පැමිණි විට ඔවුන් විසින්  ඒවා  ” දෙවියන්වහන්සේගේ ඇ`ගිල්ල” කරණකොටගෙන බව පිළිගත්තහ. රයිල් දේව ගැතිතුමා විසින් තම රට වැසියන් වූ ඉංග‍්‍රීසි වාසීන්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ ජාතික ඛේදවාචකයද එම දෘෂ්ඨි කෝණයෙන්ම දැකගන්නා ලෙසටය. 

 ඔහුගේ කථාව මෙහි පරිවර්තනය කර ඇත. ඔහුගේ කථාවෙන් ඔහු පෙන්වා දෙන්නේ මු`ඵ මහත් ජනවර්ගයක් හෝ දේශයක් කෙරෙහි පැමිණෙන ඛේදවාචකයන් දෙවියන්වහන්සේගේ විනිශ්චයන් විය හැකි බව යන මූලධර්මය ස්ථාපිත කිරීමය. තව දුරටත් එවැනි තරවටු කිරීම්වල හේතූන්ද ඔහු සොයා බලන්නේය.

 මෑත කාලයේදී ලෝකයේ නොයෙකුත් රටවල් වලට පැමිණ තිබෙන මෙවැනි වසංගත හෝ ”ස්වාභාවික ආපදාවන් ” කෙරෙහි මෙතුමාගේ වචන කොපමණ දුරකට බලපාන්නේදැයි පාඨකයා විසින් විනිශ්චය කළ යුතුය.

මේ ලිපයෙහි මාතෘකාව වන වචන ගැන හොඳින් සලකා බලන්න. ඒවා මුලින්ම කථාකර ඇත්තේ වසර 3000කට පෙර ජීවත්වූ (මැවුම්කාර දෙවියන්වහන්සේව හ\ුනා නොගත් * අන්‍යභක්තීන් විසිනි. මේ වචන ඊජිප්තුවේ මායාකාරයින්ගේ තොල්වලින් පිටවුයේ ඊජිප්තුවට අප කවුරුත් දන්නා වසංගත පැමිණි අවස්ථාවේදීය. ” එවිට මායාකාරයෝ : මේක දෙවියන්වහන්සේගේ ඇ`ගිල්ලයැයි පාරාවෝට කීවෝය” (නික්මයාම 8:19* මේ ඊජිප්තුවරුන් වාගේම සියලූම එංගලන්ත වාසීන්ද ප‍්‍රඥාවන්ත වූවානම් කොපමණ යහපත්ද ! 
අපගේ දැඩි අවදානය ඉක්මනින්ම යොමු විය යුතු නපුරක් අප අතර ඇත. අප කැමති වූවත් නැති වූවත් එය බලහත්කාරයෙන් මෙන් අපගේ අවදානය වෙත කඩා පනී. එය විසින් මුලූ දේශයම ගෙලෙන් අල්ලාගෙන ඇත, එයට සවන් දිය යුතුය ඒ නපුර නම් කුර හා මුඛ රෝගයේ වසංගතයයි.

එය බරපතල ඛේදවාචකයකි. ගවයින් දස දහස් ගණනක් දැනටමත් මිය ගොස් ඇත. තවත් දස දහස් ගණන් මිය යනු ඇත. ජාතික ධනය කෙරෙහි වන මහත් අලාභයද , පෞද්ගලික ආර්ථිකයට සිදුවන හානියද ගැන සිතීම පවා භයංකරය. අපගේ රන් සහ රිදී සම්පත් උදුරා මුහුදට විසිකිරීම වැනි තත්වයකි . මහත් සම්පත් නැත්තටම නැතිවී ගොස් නැවත ලබාගත නොහැකි ත්තවයක් පවතී.

එය ඉතා පු`ඵල් ලෙස බලපාන   ඛේදවාචකයකි. එම`ගින් පාඩුවක් සිදු නොවු කිසිම ප‍්‍රාන්තයක් එංගලන්තයේ නොමැත. දැන් හෝ මතුවට එයින් දුක් විඳිමට පත් නොවන පවුලක් ඇත්තේ නැත. පොහොසත් මිනිසාගේ ආහාරයට ගන්නා මස් මාංසද පැල්පතෙහි සාදන කේජු (චීස්* සහ  අප සියලූ දෙනාගේම ආහාරයේ වැදගත් කොටස් වන කිරි සහ බටර් යන මේ සියලූ ආහාර කෙරෙහි බලපෑම් ඇතිවනු ඇත. වසංගතයේ ප‍්‍රතිඵල සියලූ නිවෙස් කරා යනු ඇත.  සියලූ නිවෙස් කරා වසංගතයේ විපාකය දැනෙනු ඇත. 
එය ඉතා ව්‍යාකූල (අවුල් විමිතිය* ව්‍යසනයකි. කිසිම  ෙඖෂධයක් හෝ ප‍්‍රතිකාරයක් හෝ ක‍්‍රමවේදයක් මේ රෝගය නතර කිරීමට සමත්ව නැත.

 විද්‍යාවේ මෙපමණ සොයාගැනීම්, වෛද්‍ය විශාරදයින් විසින් ලියවුණු යමක් හෝ මිනිසාගේ දක්ෂකම් සියල්ලක්ම මේ ව්‍යසනය ඉදිරියේ අඩපන වී ඇත. අපගේ නායකයන්ට හෝ දේශපාලඥයන්ට හෝ මේ සඳහා පිළිතුරු දීමට අපොහෝසත්වී ඇත. දහනව වන ශතවර්ෂය දක්වා එකතු වී ඇති සියලූම දැනුම, ප‍්‍රඥාව මේ සතුරා විසින් සහමුලින්ම පරදවා ඇත. දේශය කෙරෙහි අසරණ බවේ ශාපය පතිත වී ඇතිවාසේය.

මේ ගව වසංගතය පිලිබඳව මා කතා කිරීමට කැමති ක‍්‍රිස්තුස් වහන්සේගේ සේවකයෙක් ලෙසිනි. අපි දැනට මුහුණ පාන කරදර කාරීතත්වය මධ්‍යයේ අපට අමතක වී යා හැකි කරුණු එකක් හෝ දෙකක් වෙත අවදානය යොමු කිරීමට මම කැමැත්තෙමි. පාර්ලිමෙන්තුවේ මන්ත‍්‍රිවරුන් ගව වසංගතය දේශපාලන දෘෂ්ඨි කෝණයකින් දකිත්වා. වෛද්‍ය වරුන් සහ විද්‍යාඥයන් මෙයට ප‍්‍රතිකාර කිරිමේ සහ මර්දනය කිරීමේ නියායයන් ඉදිරිපත් කරාවා. මේ මුලූ මාතෘකාව පිළිබඳව සිතුවිලි කීහිපයක් ඔබ ඉදිරියේ තැබීමට බයිබලය විශ්වාස කරන්නෙකු සහ කිතුණුවෙකු ලෙස මම ඉල්ලා සිටිමි. 

ෂග පළමුව ”මේ ගව වසංගතය කොහේ සිට පැමිණියාදැ?” යි අපි සලකා බලමු. 
මගේ පිිළිතුර වන්නේ එය දෙවියන්වහන්සේගෙන් පැමිණෙන බවයි. එය මම නොපැකිලි ප‍්‍රකාශ කරමි. ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලූ දේ නියම කරන, - තමන්වහන්සේගේ ප‍්‍රඥාවන්ත සැපයීම තුළින් සියල්ල මෙහෙයවන්නාවු , උන්වහන්සේ නැතිව කිසිත් සිදු නොවන්නාවු - උන්වහන්සේම මෙම  දඬුවම (වසංගතය* අප වෙත එවා ඇති සේක. එය දෙවියන්වහන්සේගේ ඇ`ගිල්ල වේ ! 

මේ කාරණාව ඔප්පු කිරීමට මම කාලය නොගනිමි. සාක්ෂි අසන  ඕනෑම කෙනෙකුව මම යොමු කරන්නේ දෙවියන්වහන්සේගේ පම්පූර්ණ වචනය වෙතය. දෙවියන්වහන්සේ සැම විටම මේ පොළොවෙහි සියලූ දේ- එනම් කුඩා සිට මහත් වූ සියලූ දේ කෙරෙහි පාලකයා ලෙස කටයුතු කර ඇති බව හොඳින් සනිටුහන් කරගන්නා ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිමි.

 නෝවාගේ දවස්වලදී මහ ජලගැල්ම එවන ලද්දේ කා විසින්ද? (උප්පත්ති 6:17* දෙවියන්වහන්සේ විසින්ය. යෝසෙප්ගේ කාලයේදී සාගතය එවන ලද්දේ කා විසින්ද (උප්පත්ති 41:25*? දෙවියන්වහන්සේ විසින්ය. ඊජිප්තුවට වසංගත - විශේෂයෙන්ම ගව වසංගතය එවන ලද්දේ කා විසින්ද ( නික්මයාම 7:5; 9:3* ? දෙවියන්වහන්සේ විසින්ය. 

ගිවිසුම් පෙට්ටිය පිලිස්තිවරුන් අතර තිිබියදී ඔවුන් වෙත රෝග පැමිණුවේ කවුද (1 සාමුවෙල් 5:7; 6:3-7*? දෙවියන්වහන්සේමය. ද්‍රාවිත්ගේ කාලයේදී වසංගතය එවනු ලැබුවේ කා විසින්ද (2 සාමුවෙල් 24:15*? දෙවියන්වහන්සේ විසින්මය. එලිෂාගේ කාලයේදී සාගතයක් එව්වේ කවුද ( 2 රාජා 8:1*? දෙවියන්වහන්සේ මය. යෝනාගේ දවස්වලදී කුණාටුව සහ කැළඹීම එවන ලද්දේ කා විසින්ද (යෝනා 1:4*? දෙවියන්වහන්සේම විසින්ය !

මේ කාරණාව උදෙසා තවත් වෙහෙස වීම කාලය නාස්ති කිරීමක්යයි සලකමි. මේ ලෝකය කෙරෙහි දෙවියන්වහන්සේගේ සැපයීම විශ්වාස නොකරන කෙනෙකු ඇදහිලිවන්තයකු යැයි කියන්නේ කෙසේදැයි මට නොතේරෙයි. මා ගැනම කියනවානම් දෙවියන්වහන්සේ වෙනස් වී නොමැති බව මම තරයේම විශ්වාස කරමි. පරණ ගිවිසුම් දවස්වලදී කලා මෙන්ම අද දවසේදීත් දෙවියන්වහන්සේ පොළොවෙහි සියලූ කාරණා මෙහෙයවන බව මම තරයේ විශ්වාස කරමි.

 මේ ලෝකයේ ආණ්ඩුව පවත්වාගෙන යෑම පිණිස යුද්ධ, සාගත,  ගව වසංගත, යන සියල්ල උන්වහන්ේසගේ හස්තයෙහි මෙවලම් බව මම විශ්වාස කරමි. මේ හේතුව නිසා ගව වසංගතය වැනි ව්‍යසනයක් දකින විට එය එවන හස්තය ගැන මට සැකයක් නැත. ”ස්වාමින්වහන්සේ නොපැමිණෙවු විපත්තියක් නුවරක ඇත්තේද? ” (ආමොස් 3:6* එය දෙවියන්වහන්සේගේ ඇ`ගිල්ලය.

ගව වසංගතය පිළිබඳව වඩා හොඳ ගණනය කිරීමක් කාට හෝ දිය හැකිද? එසේ හැකි කෙනෙකු වේ නම් මිනිසෙකු ලෙස කතා කර එය පැමිනියේ ඇයි දැයි අපට කියනු මැන. එය වෙනත් රටක සිට පැමිනියායැයි කීම හෝ ? එය අලූත් නොව පරණ රෝගයක් බව කීම හෝ එය ඉතිහාසය පුරාම මහත් හානි කර ඇතැයි කීම යනාදිය මේ සියලූ දේ ප‍්‍රශ්නයට සෘජුව පිළිතුරු නොදී ම`ග හැරීමකි. මම අසන්නේ එය දැන් අප වෙත පැමිණ ඇත්තේ ඇයි ? කියාය. මේ කාලයේදීම මේ වසංගතය අප වෙත පැමිණ ඇති හේතුව වෙන කුමන ආකාරයකින් විස්තර කළ හැකිද? වසර සිය ගණනාවක් පුරාම නොපැවතුණු කුමාකාර හේතු කාරකයන් මේ උදෙසා පාදක විය හැකිද? මෙම ප‍්‍රශ්ණවලට පිළිතුරු දිය නොහැකි බව මම විශ්වාස කරමි. අවසානයේදී අප පැමිණෙන්නේ එකම හේතුවක් වෙතටය , එනම් මේ දෙවියන්වහන්සේගේ ඇ`ගිල්ලය .

මා තහවුරු කිරීමට තැත් කරන දෙය අසාධාරණ හෝ අයුක්ති සහගත බව කවරෙකු හෝ සිතනවාද? බොහෝ දෙනා එසේ සිතාවි යැයි මම සැක නොකරමි. මා සිතන ආකාරයට , බොහෝ දෙනා සිතන්නේ දෙවියන්වහන්සේ කිසිවිටක මේ ලෝකයේ කාරණා වලට මැදිහත් නොවන බවත් , උපද්‍රව සහ ගව වසංගත යම් යම් ස්වාභාව ධර්මයේ නියායන් අනුව නිතරම සිදුවන ඒවා බවත්ය. එසේ සිතන පුද්ගලයා ගැන මම දුක්වෙමි. 

ඔහු අදේව වාදියෙක්ද? මේ අලංකාර වූත් විශ්මිත වූත් ලෝකය මැවුම්කාරයෙක් නැතිව අහඹු ලෙස සැදුණායයි ඔහු විශ්වාස කරනවාද? එසේ නම් ඔහු ඉතා ලාමක කෙනෙකි. නමුත් දෙවියන්වහන්සේ ලොව මැවුවා යයි ඔහු විශ්වාස කරනවා නම්, දෙවියන්වහන්සේ එහි කටයුතු වලට මැදිහත් වනවායැයි කීම නිෂ්ඵල කතාවක්ද?

 විශ්වය දෙවියන්වහන්සේ මැවුසේක් නම්,  උන්වහන්සේට එය පාලනය කළ නොහැකි යයි කිව හැකිද? මේ නූතන අවිශ්වාසවන්තකමේ භංගත්වය ! එය සාමාන්‍ය දැනීමට පවා විරුද්ධව පිළිකුලක්ව පවතී.

 තම මැවිල්ලෙන් මැවුම්කරු වෙන්කරන්ට තැත් දරන්නා නිහඬ වෙත්වා. තම මැවුම්කාර ප‍්‍රඥාවේ ඇ`ගිල්ලෙන් ලෝකය ඇතිකලාවු තැනැන්වහන්සේ, තම සැපයීමේ ඇ`ගිල්ලෙන් මේ ලෝකය මෙහෙයවීම ක‍්‍රිස්තුස් වහන්සේගේ (දෙවැනි* පැමිණීම දක්වා නවත්වන්නේ නැත. මෙම ගව වසංගතය වනාහි දෙවියන්වහන්සේගේම ඇ`ගිල්ලය. 

1 comment:

About