“ඔසවා ගැනීම” යන වචනය බයිබලයේ සඳහන් නොවේ, ඔසවා ගැනීමේ අදහස ලියවිල්ලේ පැහැදිලිව සඳහන් කර තිබුනත්. ඔසවා ගැනීම නම් ක්‍රිස්තුස් වහන්සේ ඇදහිලිවන්තයන් මේ පොළොවෙන් ඉවතට ගැනීමයි. උන් වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය පොළොව මත සිදු කිරීමට පීඩා කාලය අතරතුර. ඔසවා ගැනීම ගැන 1 තෙසලෝනික 4:13-18 හා 1 කොරින්ති 15:50-54 හී විස්තරාත්මකව සඳහන් කර ඇත. දෙවියන් වහන්සේ විසින් මිය ගිය සියලු ඇදහිලිවන්තයන්ව උත්ථාන කරයි. ඔවුනට මහිමාන්විත ශරීර දෙනවා, ඊට පසු ඔවුන්ව පොළොවෙන් ඉවතට ගන්නවා, තවත් ජීවත්ව සිටින ඇදහිලිවතුන්ද සමග ඔවුන්ටද ඒ වන විට මහිමාන්විත ශරීර දී ඇත. “මක්නිසාද ස්වාමින් වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේව දූතයෙකුගේ හඬද දෙවියන් වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගයෙන් බස්නාසේක. ක්‍රිස්තුස් වහන්සේ තුළ මාළාවූ අය පළමු කොට නැගිටින්නෝය. එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එකවිටම ඔවුන් සමග ස්වාමින් වහන්සේ සම්මුඛවන පිණිස වලාකුල් වලින් අහසට ඇදගනු ලබන්නෙමුව. මෙසේ අපි නිතරම ස්වාමින් වහන්සේ සමග සිටින්නෙමුව” (1 තෙසලෝනික 4:16-17).
ඔසවා ගැනීම ස්වබාවධර්මයෙන්ම ක්ෂණයකින් සිදුවේ. එමෙන්ම අපට මහිමාන්විත ශරීර ලැබේ. එම මෙහොතේ “මෙන්න, නුඹලාට රහසක් කියමි. අපි සියල්ලෝම නොසැතපෙන්නෙමුව, නමුත් අන්තීම හොරණෑව පිඹින කළ මොහොතකින්, ඇසි පිය හෙළන ක්ෂණයකින්, අපි සියල්ලෝම වෙනස් කරනු ලබන්නෙමුව. මක්නිසද හොරණෑව පිඹිනු ලබන්නේය, එකල මළාහු නොදිරන ස්වභාවෙන් යුක්තව නැගුටුවනු ලබන්නෝය, අපිද වෙනස් කරනු ලබන්නෙමුව” (1 කොරින්ති 15:51-52). ඔසවා ගැනීම නම් අප සියලු දෙනා ආශාවෙන් බලා සිටිය යුතු මහිමාන්විත අවස්ථාවකි. අවසානයේදී අප පාපයෙන් නිදහස් වේ. දෙවියන් වහන්සේගේ අභිමුඛයේ අප සැම දෙනාම සාදා කාලෙටම සිටි. තවත් බොහෝ තර්ක ඇත ඔසවා ගැනීම පිළිබඳ අදහස් හා විශය පිළිබඳව. මෙය දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුව නොවේ. ඊට වඩා ඔසාවා ගැනීමට අදාල දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා “එකිනෙකා ධෛර්ය්යමත් කිරීමට මේ වචන වලින්” (1 තෙසලෝනික 4:18).
Wednesday, February 27, 2019
Sunday, February 24, 2019
අපගේ දිනපතා සටන
අපගේ දුක්
විඳීම සාතන් නිහඬ කරන්නේය. අපගේ දුක් විඳීම දෙවියන්වහන්සේ මහිමයට පත් කිරීමේ
හැකියාව ලබා දෙන්නේය. අපගේ දුක් විඳීම අපව වඩාත් ක්‍රිස්තුස්වහන්සේ මෙන් කරන්නේය.
අපගේ දුක්විඳීම් අප අගය කරන්නන් බවට පත් කරන අතර අවසානයේ අපගේ දුක් විදීම්
දෙවියන්වහන්සේ මත යැපෙන්නට අපට උගන්වන්නේය.
Friday, February 22, 2019
අවසාන කාලයේ අනාවැකි වලට අනුව සිදුවන්ට යන්නේ මොනවද?
බයිබලය අවසාන කාලය පිළිබඳව බොහෝ දේ පවසා ඇත. බයිබලයේ බොහෝමයක්ම පොත් වල අවසාන කාලය පිළිබඳව අනාවැකි පවසා ඇත. මේ සියලු අනාවැකි සියල්ල එකට ගෙන සැලසුම් කිරීම අපහසුය. බයිබලයේ අවසාන කාලය පිළිබඳව සඳහන් කරන දේ අනුගමනය කිරීම සරළ සාරාංශයයි.
ක්‍රිස්තුස් වහන්සේ නැවත ඉපදුන කිතුනුවන් සියලු දෙනාව මේ පොළොවෙන් ඉවතට ගන්නා සේක, එය ඔසවා ගැනීම ලෙස හඳුන්වයි (1 තෙසලෝනික 4:13-18, 1 කොරින්ති 15:51-54). ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චාසනයේදී මේ ඇදහිලිවන්තයන්ට ඔවුන් මේ පොළොවේ සිටි කාල වකවානුවේදී කළ යහපත් ක්‍රියා වලට ත්‍යාග ප්රදානය කරයි, එසේම මේ සමහරුන්ට ත්‍යාග නැති වේ. නමුත් සදාකාල ජීවනය නොවේ, කීකරුකම හා ක්‍රියාවන් මද කම නිසා (1 කොරින්ති 3:11-15, 2 කොරින්ති 5:10).
අන්ත ක්‍රිස්තුස් (මෘගයා) බලයට පැමිණ ඊශ්‍රායෙලය සමග අවුරුදු 7 කට ගිවිසුමක් අත්සන් කරයි (දානියෙල් 9:27). මේ අවුරුදු 7ක කාලය “පීඩා” කාලය ලෙස හඳුන්වනු ලබයි. පීඩා කාලය තුළ භයානක යුද්ධ, සාගත, වසංගත, ස්වභාවික විපත් හට ගනී. දෙවියන් වහන්සේ උන් වහන්සේගේ උදහස වගුරවනවා පාපයට විරුද්ධව, නපුරට, දුෂ්ඨ කමට. මේ පීඩාච තුළ පීඩාවේ අසරුවන් හතර දෙනාද අඩංගුය, එමෙන්ම මුද්‍රා හත, හොරණෑව, විනිශ්චයේ පාත්‍ර.
මේ අවුරුදු 7 මැද භාගයේදී, අන්ත ක්‍රිස්තුස් ඊශ්‍රායෙලය සමග තැබූ සමාදානයේ ගිවිසුම කඩනු ලබයි. එමෙන්ම එයට (ඊශ්රායෙලයට) විරුද්ධව යුද්ධ කරයි. අන්ත ක්‍රිස්තුස් “පිළිකුල හා විනාශය (වියෝගය)” සිදු කරයි. එමෙන්ම යෙරුසලමේ දේව මාලිගාවේදී ඔහුව නමස්කාර කළ යුත්තෙක් ලෙසට හඳුන්වා දෙයි (දානියෙල් 9:27, 2 තෙසලෝනික 2:3-10), නැවත ගොඩ නගනු ලබන දෙවන කොටස “මහා පීඩා” කාලය ලෙසට හඳුන්වනු ලබයි (එළිදරව් 7:14) හා “යාකොබ්ගේ පීඩා කාලය” (යෙරමියා 30:7).
අවුරුදු 7ක පීඩා කාලය අවසානයේ, අන්ත ක්‍රිස්තුස් යෙරුසලමට විරුද්ධව අවසාන සටන දියත් කරයි, එය ආමගැඩන්ගේ යුද්ධය ලෙසට හඳුන්වයි. යේසුස් ක්‍රිස්තුස් නැවත පැමිණේ, අන්ත ක්‍රිස්තුස් හා ඔහුගේ සගයන්ව විනාශ කරයි, ඉන් පසු ඔවුන් ගිනි විලට හෙලනු ලබයි (එළිදරව් 19:11-21). ඉන් පසු ක්‍රිස්තුස් වහන්සේ සාතන්ව පාතාලයට අවුරුදු 1000 කට බඳිනු ලබයි. එම අවුරුදු 1000 උන් වහන්සේ මේ පොළොව පාලනය කරයි (එළිදරව් 20:1-6).
අවුරුදු 1000 අවසානයේදී, සාතන්ව නිදහස් කරනු ලබයි, නැවත පරාජය කර, ඊට පසු ඔහුව නැවත ගිනි විලට හෙලනු ලබයි (එළිදරව් 20:7-10) සාදාකාලයටම. ඊට පසු ක්‍රිස්තුස් වහන්සේ සියලු නොහැදිලිවන්තයින්ව විනිශ්චය කරයි (එළිදරව් 20:10-15) සුදු සිංහාසන විනිශ්චය මත, සියලු දෙනා ගිනි විලට හෙලනු ලබයි. ඊට පසු ක්‍රිස්තුස් වහන්සේ අළුත් අහස හා අළුත් පොළොව හා නව යෙරුසලමට යොමුවේ. එය ඇදහිලිවන්තයන්ගේ සදාකාල වැජඹෙන ස්ථානයයි. තවත් පාප එහි නොමැත, දුක හෝ මරණයද නොමැත (එළිදරව් 21-22).
උපුටා ගැනීම -
GotQuestions
Thursday, February 21, 2019
ළමා ලිංගික අපචාර වලට වරදකරු වූ ඇමරිකාවේ හිටපු ප්‍රබල කාදිනල් අගරදගුරුවරයා පූජකතත්වයෙන් පහ කෙරේ
ඇමෙරිකාවේ වොෂිංටන් පදවියේ විශ්‍රාමික අගරදගුරු (හිටපු කාදිනල්) තියඩෝර් මැක්කෙරික් පූජකත්වයෙන් ඉවත් කිරීම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් සෙනසුරාදා (පෙබරවාරි 16) තහවුරු කළේය.
එදින නිකුත් කළ නිවේදනයක් මගින් වතිකානය මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය. "පාපොච්චාරණ සක්‍රමේන්තුව සම්ප්‍රයාචනය කිරීම (solicitation), සහ බාල වයස්කාරයන් සහ වැඩිහිටියන් සමග සවැනි දේව පනතට විරුද්ධ පාප සිදුකිරීම හා ඒ තුළ වඩා බරපතල ආකාරයෙන් බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙන්" මැක්කෙරික් ගේ පූජකත්වය ඉවත් කරන ලද බව එම නිවේදනය ප්‍රකාශ කරයි.
පූජකවරයකු සහ රදගුරුවරයකු ලෙස සිටි කාලය තුළ බාලවයස්කාරයන් සහ වැඩිහිටි යොවුන් දෙව්සත්හල් සිසුන්ට ලිංගික වශයෙන් අතවර කිරීම සහ ඒවාට ඔවුන් පොළඹවා ගැනීම සම්බන්ධයෙන් වොෂින්ටන් නුවර හිටපු අගරදගුරු වරයා වූ තියඩෝර් මැක්කෙරික්ට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.
මෙම වැරදි සම්බන්ධයෙන් ඔහු වැරදිකරු වී ඇති බව ඒ පිළිබඳව විභාග කළ වතිකානයේ විශ්වාස ධර්මය පිලිබඳ සසුන් පර්ෂදය ජනවාරි 11 වැනිදා තීරණය කළේය. එහෙත් මැක්කෙරික් ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළේය. එම අභියාචනය විශ්වාස ධර්ම පර්ෂදය විසින් පෙබරවාරි 13 වනදා ප්‍රතික්ෂේප කෙරිණි. එම තීරණය මැක්කෙරික් වෙත දැනුම් දෙන ලද්දේ පෙබරවාරි 15 වනදා ය. ඒ සමගම "එම තීරණය නීතියට අනුකුලව ගන්නා ලද නිශ්චිත තීරණයක් ලෙස" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් පිළිගනු ලැබිණි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් යළිත් වරක් අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව මැක්කෙරික්ට අහිමි විය.
පුදැදුරු තත්වයෙන් පහ කිරීම හේතුවෙන් පුදැදුරු වරයකු වීමට සම්බන්ධ සියලු අයිතිවාසිකම් සහ වගකීම් ඔහුට අහිමි වේ. ඔහුට පුදැදුරුවරයකු ලෙස පෙනී සිටිය නොහැකිය. කිසිදු ප්‍රසාද නිධානයක් දානය කිරීම හෝ සැමැරීම තහනම් වේ. ක්ෂණික මරණාසන්න මොහොතේ සිටින තැනැත්තකුට පව් සමාව දානය කිරීම හැරුණු කොට වෙනත් කිසිදු ප්‍රසාද නිධාන කාර්යයක් කල නොහැකිය. පූජකවරයකු සතු ගරු නාම භාවිත කිරීම ද කල නොහැකිය.
නූතන සභා ඉතිහාසය තුළ පුදැදුරු වරයෙන් ඉවත් කිරීම තරම් ඉහළ දඬුවමක් ලද සභාවේ ඉහළම ධුරයක් දැරූ තැනැත්තා ලොව නම් දැරූ ප්‍රබලම කාදිනල් වරකු මෙන්ම අගරදගුරු වරයකු ද වූ තියඩෝර් මැක්කෙරික්ය.
මෙම තත්වය තුළ වතිකානයේ ඉල්ලීම මත 2018 ජූලි මාසයේදී මැක්කෙරික් කාදිනල් පර්ෂදයෙන් ඉල්ලා අස්විය. එම අස්වීම පිළිගත් සුදොතුම් පියතුමා "යාච්ඥාවෙන් සහ පශ්චාත්තාපයෙන් යුත් හුදෙකලා ජීවිතයක්" ගත කරන ලෙස ඔහුට නියම කළේය.එදින සිට ඔහු මෙතෙක් ජීවත් වූයේ තාපසාරමයක හුදෙකලාවයි.
1977 දී පුදැදුරුවරය ලද මැක්කෙරික් 1981 දී නිව් යෝර්ක් හි සහායක රදගුරු ලෙස පත්කරන ලද්දේ ශු. දෙවන ජුවාම් පාවුළු පාප්තුමන් විසිනි. 1981 දී දෙවන ජුවාම් පාවුළු පාප්තුමා නිව් ජර්සි ජනපදයේ අලුතින් පිහිටුවන ලද මෙටුචෙන් පදවියේ ප්‍රථම රදගුරුවරයා ලෙස ඔහු පත් කළේය. පස්වරසකට පසුව නෙවාර්ක් පදවියේ අගරදගුරුවරයා ලෙසත්, වසර 2000 දී වොෂින්ටන් නුවර අගරදගරු ලෙසත් දෙවන ජුවාම් පාවුළු පාප්තුමන් විසින් ඔහු පත්කරන ලදී. 2001දී ඔහු කාදිනල් ධුරයට පත්කරන ලද්දේ ද එතුමන් විසිනි.
මේ අතර, තියඩෝර් මැක්කෙරික් ගේ ලිංගික අපචාර චෝදනා ගැන කටයුතු නොකිරීම ගැන වගකිව යුත්තේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා බවට චෝදනා කරමින් 2011 සිට 2016 දක්වා වොෂින්ටන් නුවර වතිකාන තානාපතිව සිටි කාලෝ මරිය විගානෝ අගරදගුරු තුමා 2018 අගෝස්තු මාසයේ පුවත්පත් කිහිපයකට නිකුත් කල ප්‍රකාශයක් මගින් චෝදනා කළේය. ඔහු පවසා තිබුනේ මැක්කෙරික්ට එරෙහිව සොළොස්වන බෙනඩික් පාප්තුමන් විසින් පනවා තිබූ තහංචි කිහිපයක් ප්‍රන්සිස් සුදොතුම් පියතුමා විසින් ඉවත් කරන ලද බවයි. මේ නිසා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉල්ලා අස්විය යුතු බවද ඔහු ප්‍රකාශ කර තිබුණේය.
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත. "එම දීර්ඝ ලියුම කියවා ඔබේ හැකියාව නුව පරීක්ෂණ සිදු කර ඒ ගැන ඔබම තීරණයකට එන්නැයි" මේ ගැන විමසු වාර්තාකරුවනට එතුමා කීවේය.
පසුව මේ සම්බන්ධයෙන් දීර්ඝ ලිපියක් ලියු වතිකානයේ රදගුරුවරුන් පිලිබඳ පර්ෂදයේ ප්‍රධානී කාදිනල් ඖලේ හිමි එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබිණි.
උපුටා ගැනීම - "වතිකාන සුළඟ"
එදින නිකුත් කළ නිවේදනයක් මගින් වතිකානය මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය. "පාපොච්චාරණ සක්‍රමේන්තුව සම්ප්‍රයාචනය කිරීම (solicitation), සහ බාල වයස්කාරයන් සහ වැඩිහිටියන් සමග සවැනි දේව පනතට විරුද්ධ පාප සිදුකිරීම හා ඒ තුළ වඩා බරපතල ආකාරයෙන් බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙන්" මැක්කෙරික් ගේ පූජකත්වය ඉවත් කරන ලද බව එම නිවේදනය ප්‍රකාශ කරයි.
පූජකවරයකු සහ රදගුරුවරයකු ලෙස සිටි කාලය තුළ බාලවයස්කාරයන් සහ වැඩිහිටි යොවුන් දෙව්සත්හල් සිසුන්ට ලිංගික වශයෙන් අතවර කිරීම සහ ඒවාට ඔවුන් පොළඹවා ගැනීම සම්බන්ධයෙන් වොෂින්ටන් නුවර හිටපු අගරදගුරු වරයා වූ තියඩෝර් මැක්කෙරික්ට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.
මෙම වැරදි සම්බන්ධයෙන් ඔහු වැරදිකරු වී ඇති බව ඒ පිළිබඳව විභාග කළ වතිකානයේ විශ්වාස ධර්මය පිලිබඳ සසුන් පර්ෂදය ජනවාරි 11 වැනිදා තීරණය කළේය. එහෙත් මැක්කෙරික් ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළේය. එම අභියාචනය විශ්වාස ධර්ම පර්ෂදය විසින් පෙබරවාරි 13 වනදා ප්‍රතික්ෂේප කෙරිණි. එම තීරණය මැක්කෙරික් වෙත දැනුම් දෙන ලද්දේ පෙබරවාරි 15 වනදා ය. ඒ සමගම "එම තීරණය නීතියට අනුකුලව ගන්නා ලද නිශ්චිත තීරණයක් ලෙස" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් පිළිගනු ලැබිණි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් යළිත් වරක් අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව මැක්කෙරික්ට අහිමි විය.
පූජක තත්වයෙන් පහ කිරීම යනු ...
"පූජක තත්වයෙන් පහකිරීම" නොහොත් ඉවත් කිරීම යන්න පැහැදිලිව තේරුම් ගත යුතුව තිබේ. කතෝලික සභාව උගන්වන ආකාරයට පුදැදුරුවරය හෙවත් පූජාත්වරය යනු ප්‍රසාද ස්නාපනය බඳු ජීවිතය පුරාම ආත්මයේ විශේෂ මුද්‍රාවක් සලකුනුවන සක්‍රමේන්තුවකි. පුදැදුරුවරයකු කිසියම් හේතුවක් මත පූජකතත්වයෙන් ඉවත් වූවද එම සලකුණ ඔහු වෙතින් ඉවත් වන්නේ නැත. එම සලකුණ ඉවත් කිරීම ද කිසිදු මනුෂ්‍යයකුට කළ නොහැකිය. මේ අනුව මැක්කෙරික් පූජක තත්වයෙන් පහ කිරීමේ දඬුවමේ අරුත වතිකානය විසින් පැහැදිලි කරනු ලැබ තිබේ.පුදැදුරු තත්වයෙන් පහ කිරීම හේතුවෙන් පුදැදුරු වරයකු වීමට සම්බන්ධ සියලු අයිතිවාසිකම් සහ වගකීම් ඔහුට අහිමි වේ. ඔහුට පුදැදුරුවරයකු ලෙස පෙනී සිටිය නොහැකිය. කිසිදු ප්‍රසාද නිධානයක් දානය කිරීම හෝ සැමැරීම තහනම් වේ. ක්ෂණික මරණාසන්න මොහොතේ සිටින තැනැත්තකුට පව් සමාව දානය කිරීම හැරුණු කොට වෙනත් කිසිදු ප්‍රසාද නිධාන කාර්යයක් කල නොහැකිය. පූජකවරයකු සතු ගරු නාම භාවිත කිරීම ද කල නොහැකිය.
නූතන සභා ඉතිහාසය තුළ පුදැදුරු වරයෙන් ඉවත් කිරීම තරම් ඉහළ දඬුවමක් ලද සභාවේ ඉහළම ධුරයක් දැරූ තැනැත්තා ලොව නම් දැරූ ප්‍රබලම කාදිනල් වරකු මෙන්ම අගරදගුරු වරයකු ද වූ තියඩෝර් මැක්කෙරික්ය.
ඉතිහාසය
මැක්කෙරික් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වූයේ තමන් වයස අවුරුදු 16 පූජා උදව් දරුවකු ලෙස සිටියදී මීසම් සේවක පියතුමා වූ මැක්කෙරික් තමන්ට ලිංගික අපචාරයක් සිදු කරන ලද බවට එක් පුද්ගලයෙක් චෝදනා කිරීමත් සමග ය. එම චෝදනාව සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්ෂණයේ දී එය "පදනමක් සහිත, විශ්වසනීය" එකක් ලෙස තීරණය කල නිව් යෝර්ක් අගරදගුරු පදවිය වැඩිදුර කටයුතු සඳහා එය වතිකානයට යොමු කළේය. ඒ සමගම මැක්කෙරික් පිළිබඳව එතෙක් ප්‍රසිද්ධ රහස් ලෙස තිබුණු අපචාර චෝදනා රැසක් ද හෙළිදරව් වන්නට පටන් ගත්තේය.මෙම තත්වය තුළ වතිකානයේ ඉල්ලීම මත 2018 ජූලි මාසයේදී මැක්කෙරික් කාදිනල් පර්ෂදයෙන් ඉල්ලා අස්විය. එම අස්වීම පිළිගත් සුදොතුම් පියතුමා "යාච්ඥාවෙන් සහ පශ්චාත්තාපයෙන් යුත් හුදෙකලා ජීවිතයක්" ගත කරන ලෙස ඔහුට නියම කළේය.එදින සිට ඔහු මෙතෙක් ජීවත් වූයේ තාපසාරමයක හුදෙකලාවයි.
අගරදගුරු කාලෝ විගානෝ චෝදනාව
තියඩෝර් මැක්කෙරික් පුදැදුරු සමයේ සිටම බාල වයස්කාරන් මෙන්ම යොවුන් දෙව්සත්හල් සිසුන් ද ලිංගික අපචාවරලට යොදා ගත්බව ප්‍රසිද්ධ රහසක් ව තිබූ බවට මේ වන විට තොරතුරු ලැබී තිබුනේය. මේ නිසා ඔහු පුදැදුරු වරයකු ගේ සිට රදගුරු, අගරදගුරු මෙන්ම ලොව ප්‍රසිද්ධම සහ ප්‍රබලම ස්ථානයක් වන වොෂින්ටන් නුවර අගරදගුරු-කාදිනල් ධුරය දක්වා සභා ධුරාවලියේ ඉහලට ගමන් කලේ කෙසේදැයි ප්‍රශ්න නැගෙන්නට විය.1977 දී පුදැදුරුවරය ලද මැක්කෙරික් 1981 දී නිව් යෝර්ක් හි සහායක රදගුරු ලෙස පත්කරන ලද්දේ ශු. දෙවන ජුවාම් පාවුළු පාප්තුමන් විසිනි. 1981 දී දෙවන ජුවාම් පාවුළු පාප්තුමා නිව් ජර්සි ජනපදයේ අලුතින් පිහිටුවන ලද මෙටුචෙන් පදවියේ ප්‍රථම රදගුරුවරයා ලෙස ඔහු පත් කළේය. පස්වරසකට පසුව නෙවාර්ක් පදවියේ අගරදගුරුවරයා ලෙසත්, වසර 2000 දී වොෂින්ටන් නුවර අගරදගරු ලෙසත් දෙවන ජුවාම් පාවුළු පාප්තුමන් විසින් ඔහු පත්කරන ලදී. 2001දී ඔහු කාදිනල් ධුරයට පත්කරන ලද්දේ ද එතුමන් විසිනි.
මේ අතර, තියඩෝර් මැක්කෙරික් ගේ ලිංගික අපචාර චෝදනා ගැන කටයුතු නොකිරීම ගැන වගකිව යුත්තේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා බවට චෝදනා කරමින් 2011 සිට 2016 දක්වා වොෂින්ටන් නුවර වතිකාන තානාපතිව සිටි කාලෝ මරිය විගානෝ අගරදගුරු තුමා 2018 අගෝස්තු මාසයේ පුවත්පත් කිහිපයකට නිකුත් කල ප්‍රකාශයක් මගින් චෝදනා කළේය. ඔහු පවසා තිබුනේ මැක්කෙරික්ට එරෙහිව සොළොස්වන බෙනඩික් පාප්තුමන් විසින් පනවා තිබූ තහංචි කිහිපයක් ප්‍රන්සිස් සුදොතුම් පියතුමා විසින් ඉවත් කරන ලද බවයි. මේ නිසා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉල්ලා අස්විය යුතු බවද ඔහු ප්‍රකාශ කර තිබුණේය.
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත. "එම දීර්ඝ ලියුම කියවා ඔබේ හැකියාව නුව පරීක්ෂණ සිදු කර ඒ ගැන ඔබම තීරණයකට එන්නැයි" මේ ගැන විමසු වාර්තාකරුවනට එතුමා කීවේය.
පසුව මේ සම්බන්ධයෙන් දීර්ඝ ලිපියක් ලියු වතිකානයේ රදගුරුවරුන් පිලිබඳ පර්ෂදයේ ප්‍රධානී කාදිනල් ඖලේ හිමි එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබිණි.
උපුටා ගැනීම - "වතිකාන සුළඟ"
Thursday, February 7, 2019
ශ්‍රී ලංකාව මුහුනදෙන දළඹු වසංගතයට එංගලන්තයේ මහා ගව වසංගතයෙන් යමක් ඉගෙනගත හැකිද? 02
දෙවියන්වහන්සේ පේ‍්‍රමණීය දෙවිකෙනෙක් නිසා මෙවැනි නපුරු වසංගතයක් අප වෙත එවන්නේ නැති බව කීමට හෝ උන්වහන්සේ කෙරෙන් නපුරක් නිකුත්වන බව සැක කිරීමට හෝ කෙනෙකු ඉදිරිපත් වෙනවාද? එවැනි තර්කයක් ඉදිරිපත් කරන මිනිසා ගැන මම අනුකම්පා කරමි - ඔහුට දරුවන් සිටිනවාද? ඔහු කිසි විටෙක ඔවුන්ව නිවැරදි කරනවාද? ඔහු ප්‍රඥාවන්ත සහ අවබෝධයෙන් යුතු මිනිසෙකු නම් තම දරුවන් නිවැරදි කරන බවට මට කිසිම සැකයක් නැත. නමුත් ඔවුන්ව දඬුවම් කරන නිසා ඔහු ඔවුන්ට ද්වේෂ කරනවාද? ඔවුන් වැරදි කරන විට ඔවුන්ව නිවැරදි කිරීමෙන් ඔහුගේ උතුම් පේ‍්‍රමය විදහා දක්වන්නේ නැද්ද? එසේ නම් අපගේ ස්වර්ගීය පියාණන්ද එසේම නොකරනවාද? එසේය : ඇත්තෙන්ම ඔව් ! දෙවියන්වහන්සේ අපට ද්වේෂ නොකරන සේක : උන්වහන්සේ පේ‍්‍රමයේ සහ කරුණාවේ දෙවියන්වහනසේය. එමනිසා උන්වහන්සේ මිනිස් (සංහතිය* ජාතිය කෙරෙහි ¥රදර්ශී වූද, කරුණාබරිතවූ ද ආණ්ඬුකිරීමක් පවත්වන සේක. මේ අවස්ථාවේ අප කෙරෙහි පැමිණ ඇති වසංගතය තුළද උන්වහන්සේගේ පේ‍්‍රමය පවතින සේක. මේ ගව වසංගතය පේ‍්‍රමණීය වූද, ප්‍රඥාවන්ත වූද දෙවියන්වහනසේගේ ඇ`ගිල්ල වේ.
ෂෂග දෙවනුව, අප විසින් සලකා බැලිය යුතු කාරණාව වන්නේ මෙම ගව වසංගතය අප වෙත පැමිණ ඇත්තෙ ඇයි ? යන කරුණ වේ.
එම ප්‍රශ්ණයට මම පැකිලීමකින් තොරව පිළිතුරු දෙම්. එය අප වෙත පැමිණ ඇත්තේ අපගේ ජාතික අපරාධ නිසාය. උන්වහන්සේගේ ඇස් හමුයෙහි අප්‍රසන්න වන බොහෝ කාරණාවන් අප අතර ඇති නිසා දෙව්යන්වහන්සේට එංගලන්තය සම`ග නඩුවක් ඇත . උන්වහන්සේ අපගේ අපරාධයන් පිළිබඳ අපගේ සිහි කල්පනාව අවදි කරන සේක. මෙම ගව වසංගතය ස්වර්ගයෙන් අපට එවන පණිවිඩයකි.
පෞද්ගලික වශයෙන් ස්ත්රීන්ගේ සහ පුරුෂයන්ගේ පාප ඔවුන් ජීවත් වන විටම විනිශ්චයට පත් නොකෙරේ. එයට හේතුව වන්නේ විනිශ්චයේ දවසක් අනාගතයේ ඇති නිසාය. ඒ දවසේදී ”අප එක් එක්කෙනා තම තමාගැන දෙවියන්වහන්සේට ගණන් දෙනවා ඇත” (රෝම 14:12* ජාතීන්ට හෝ දේශයන්ට අනාගත විනිශ්චයේ දවසක් නැත. ඔවුන්ගේ පාප වලට විනිශ්චය පැමිණෙන්නේ වර්තමානයේදීය. යම් දේශයක විශේෂ පාප හෝ ¥ෂිත සහ නපුරු ක්‍රියා වලට විශේෂිත වූ දඬුවම් කිරීමත් ඇත. එංගලන්තයේ ඇති විශේෂ ජාතික පාප නිසා, මෙම ගව වසංගතය අපගේ දේශය විශේෂ ලෙස දඬුවම් කිරීමට පැමිණ ඇති බව මම විශ්වාස කරමි.
Wednesday, February 6, 2019
ශ්‍රී ලංකාව මුහුනදෙන දළඹු වසංගතයට එංගලන්තයේ මහා ගව වසංගතයෙන් යමක් ඉගෙනගත හැකිද? 01
දෙවියන්වහන්සේගේ ඇගිල්ල
ජේ සී රයිල් දේවගැති තුමා විසින්
පෙරවදන
1865 වසරේ එංගලන්තයේ මහා ගව වසංගතය පැමිණි
අවස්ථාවේදී, (පසු කලෙක* ලිවර්පූල් හි බිසොප් තුමා වූ ජේ සී රයිල් දේව ගැති තුමා තම සමකාලීනයන් විසින් ම`ගහැර තිබුණු එක් සාධකයක් වෙත අවධානය යොමු කළේය.
මෝසෙස්ගේ කාලයේදී ඊජිප්තුවේ වසංගත පැමිණි විට ඔවුන් විසින් ඒවා ” දෙවියන්වහන්සේගේ ඇ`ගිල්ල” කරණකොටගෙන බව පිළිගත්තහ. රයිල් දේව ගැතිතුමා විසින් තම රට වැසියන් වූ ඉංග්‍රීසි වාසීන්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ ජාතික ඛේදවාචකයද එම දෘෂ්ඨි කෝණයෙන්ම දැකගන්නා ලෙසටය.
ඔහුගේ කථාව මෙහි පරිවර්තනය කර ඇත. ඔහුගේ කථාවෙන් ඔහු පෙන්වා දෙන්නේ මු`ඵ මහත් ජනවර්ගයක් හෝ දේශයක් කෙරෙහි පැමිණෙන ඛේදවාචකයන් දෙවියන්වහන්සේගේ විනිශ්චයන් විය හැකි බව යන මූලධර්මය ස්ථාපිත කිරීමය. තව දුරටත් එවැනි තරවටු කිරීම්වල හේතූන්ද ඔහු සොයා බලන්නේය.
මෑත කාලයේදී ලෝකයේ නොයෙකුත් රටවල් වලට පැමිණ තිබෙන මෙවැනි වසංගත හෝ ”ස්වාභාවික ආපදාවන් ” කෙරෙහි මෙතුමාගේ වචන කොපමණ දුරකට බලපාන්නේදැයි පාඨකයා විසින් විනිශ්චය කළ යුතුය.
මේ ලිපයෙහි මාතෘකාව වන වචන ගැන හොඳින් සලකා බලන්න. ඒවා මුලින්ම කථාකර ඇත්තේ වසර 3000කට පෙර ජීවත්වූ (මැවුම්කාර දෙවියන්වහන්සේව හ\ුනා නොගත් * අන්යභක්තීන් විසිනි. මේ වචන ඊජිප්තුවේ මායාකාරයින්ගේ තොල්වලින් පිටවුයේ ඊජිප්තුවට අප කවුරුත් දන්නා වසංගත පැමිණි අවස්ථාවේදීය. ” එවිට මායාකාරයෝ : මේක දෙවියන්වහන්සේගේ ඇ`ගිල්ලයැයි පාරාවෝට කීවෝය” (නික්මයාම 8:19* මේ ඊජිප්තුවරුන් වාගේම සියලූම එංගලන්ත වාසීන්ද ප්‍රඥාවන්ත වූවානම් කොපමණ යහපත්ද !
අපගේ දැඩි අවදානය ඉක්මනින්ම යොමු විය යුතු නපුරක් අප අතර ඇත. අප කැමති වූවත් නැති වූවත් එය බලහත්කාරයෙන් මෙන් අපගේ අවදානය වෙත කඩා පනී. එය විසින් මුලූ දේශයම ගෙලෙන් අල්ලාගෙන ඇත, එයට සවන් දිය යුතුය ඒ නපුර නම් කුර හා මුඛ රෝගයේ වසංගතයයි.
එය බරපතල ඛේදවාචකයකි. ගවයින් දස දහස් ගණනක් දැනටමත් මිය ගොස් ඇත. තවත් දස දහස් ගණන් මිය යනු ඇත. ජාතික ධනය කෙරෙහි වන මහත් අලාභයද , පෞද්ගලික ආර්ථිකයට සිදුවන හානියද ගැන සිතීම පවා භයංකරය. අපගේ රන් සහ රිදී සම්පත් උදුරා මුහුදට විසිකිරීම වැනි තත්වයකි . මහත් සම්පත් නැත්තටම නැතිවී ගොස් නැවත ලබාගත නොහැකි ත්තවයක් පවතී.
එය ඉතා පු`ඵල් ලෙස බලපාන ඛේදවාචකයකි. එම`ගින් පාඩුවක් සිදු නොවු කිසිම ප්‍රාන්තයක් එංගලන්තයේ නොමැත. දැන් හෝ මතුවට එයින් දුක් විඳිමට පත් නොවන පවුලක් ඇත්තේ නැත. පොහොසත් මිනිසාගේ ආහාරයට ගන්නා මස් මාංසද පැල්පතෙහි සාදන කේජු (චීස්* සහ අප සියලූ දෙනාගේම ආහාරයේ වැදගත් කොටස් වන කිරි සහ බටර් යන මේ සියලූ ආහාර කෙරෙහි බලපෑම් ඇතිවනු ඇත. වසංගතයේ ප්‍රතිඵල සියලූ නිවෙස් කරා යනු ඇත. සියලූ නිවෙස් කරා වසංගතයේ විපාකය දැනෙනු ඇත.
එය ඉතා ව්‍යාකූල (අවුල් විමිතිය* ව්‍යසනයකි. කිසිම ෙඖෂධයක් හෝ ප්‍රතිකාරයක් හෝ ක්‍රමවේදයක් මේ රෝගය නතර කිරීමට සමත්ව නැත.
විද්‍යාවේ මෙපමණ සොයාගැනීම්, වෛද්‍ය විශාරදයින් විසින් ලියවුණු යමක් හෝ මිනිසාගේ දක්ෂකම් සියල්ලක්ම මේ ව්‍යසනය ඉදිරියේ අඩපන වී ඇත. අපගේ නායකයන්ට හෝ දේශපාලඥයන්ට හෝ මේ සඳහා පිළිතුරු දීමට අපොහෝසත්වී ඇත. දහනව වන ශතවර්ෂය දක්වා එකතු වී ඇති සියලූම දැනුම, ප්‍රඥාව මේ සතුරා විසින් සහමුලින්ම පරදවා ඇත. දේශය කෙරෙහි අසරණ බවේ ශාපය පතිත වී ඇතිවාසේය.
මේ ගව වසංගතය පිලිබඳව මා කතා කිරීමට කැමති ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයෙක් ලෙසිනි. අපි දැනට මුහුණ පාන කරදර කාරීතත්වය මධ්‍යයේ අපට අමතක වී යා හැකි කරුණු එකක් හෝ දෙකක් වෙත අවදානය යොමු කිරීමට මම කැමැත්තෙමි. පාර්ලිමෙන්තුවේ මන්ත්‍රිවරුන් ගව වසංගතය දේශපාලන දෘෂ්ඨි කෝණයකින් දකිත්වා. වෛද්‍ය වරුන් සහ විද්‍යාඥයන් මෙයට ප්‍රතිකාර කිරිමේ සහ මර්දනය කිරීමේ නියායයන් ඉදිරිපත් කරාවා. මේ මුලූ මාතෘකාව පිළිබඳව සිතුවිලි කීහිපයක් ඔබ ඉදිරියේ තැබීමට බයිබලය විශ්වාස කරන්නෙකු සහ කිතුණුවෙකු ලෙස මම ඉල්ලා සිටිමි.
ෂග පළමුව ”මේ ගව වසංගතය කොහේ සිට පැමිණියාදැ?” යි අපි සලකා බලමු.
මගේ පිිළිතුර වන්නේ එය දෙවියන්වහන්සේගෙන් පැමිණෙන බවයි. එය මම නොපැකිලි ප්‍රකාශ කරමි. ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලූ දේ නියම කරන, - තමන්වහන්සේගේ ප්‍රඥාවන්ත සැපයීම තුළින් සියල්ල මෙහෙයවන්නාවු , උන්වහන්සේ නැතිව කිසිත් සිදු නොවන්නාවු - උන්වහන්සේම මෙම දඬුවම (වසංගතය* අප වෙත එවා ඇති සේක. එය දෙවියන්වහන්සේගේ ඇ`ගිල්ල වේ !
මේ කාරණාව ඔප්පු කිරීමට මම කාලය නොගනිමි. සාක්ෂි අසන ඕනෑම කෙනෙකුව මම යොමු කරන්නේ දෙවියන්වහන්සේගේ පම්පූර්ණ වචනය වෙතය. දෙවියන්වහන්සේ සැම විටම මේ පොළොවෙහි සියලූ දේ- එනම් කුඩා සිට මහත් වූ සියලූ දේ කෙරෙහි පාලකයා ලෙස කටයුතු කර ඇති බව හොඳින් සනිටුහන් කරගන්නා ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිමි.
නෝවාගේ දවස්වලදී මහ ජලගැල්ම එවන ලද්දේ කා විසින්ද? (උප්පත්ති 6:17* දෙවියන්වහන්සේ විසින්ය. යෝසෙප්ගේ කාලයේදී සාගතය එවන ලද්දේ කා විසින්ද (උප්පත්ති 41:25*? දෙවියන්වහන්සේ විසින්ය. ඊජිප්තුවට වසංගත - විශේෂයෙන්ම ගව වසංගතය එවන ලද්දේ කා විසින්ද ( නික්මයාම 7:5; 9:3* ? දෙවියන්වහන්සේ විසින්ය.
ගිවිසුම් පෙට්ටිය පිලිස්තිවරුන් අතර තිිබියදී ඔවුන් වෙත රෝග පැමිණුවේ කවුද (1 සාමුවෙල් 5:7; 6:3-7*? දෙවියන්වහන්සේමය. ද්රාවිත්ගේ කාලයේදී වසංගතය එවනු ලැබුවේ කා විසින්ද (2 සාමුවෙල් 24:15*? දෙවියන්වහන්සේ විසින්මය. එලිෂාගේ කාලයේදී සාගතයක් එව්වේ කවුද ( 2 රාජා 8:1*? දෙවියන්වහන්සේ මය. යෝනාගේ දවස්වලදී කුණාටුව සහ කැළඹීම එවන ලද්දේ කා විසින්ද (යෝනා 1:4*? දෙවියන්වහන්සේම විසින්ය !
මේ කාරණාව උදෙසා තවත් වෙහෙස වීම කාලය නාස්ති කිරීමක්යයි සලකමි. මේ ලෝකය කෙරෙහි දෙවියන්වහන්සේගේ සැපයීම විශ්වාස නොකරන කෙනෙකු ඇදහිලිවන්තයකු යැයි කියන්නේ කෙසේදැයි මට නොතේරෙයි. මා ගැනම කියනවානම් දෙවියන්වහන්සේ වෙනස් වී නොමැති බව මම තරයේම විශ්වාස කරමි. පරණ ගිවිසුම් දවස්වලදී කලා මෙන්ම අද දවසේදීත් දෙවියන්වහන්සේ පොළොවෙහි සියලූ කාරණා මෙහෙයවන බව මම තරයේ විශ්වාස කරමි.
මේ ලෝකයේ ආණ්ඩුව පවත්වාගෙන යෑම පිණිස යුද්ධ, සාගත, ගව වසංගත, යන සියල්ල උන්වහන්ේසගේ හස්තයෙහි මෙවලම් බව මම විශ්වාස කරමි. මේ හේතුව නිසා ගව වසංගතය වැනි ව්‍යසනයක් දකින විට එය එවන හස්තය ගැන මට සැකයක් නැත. ”ස්වාමින්වහන්සේ නොපැමිණෙවු විපත්තියක් නුවරක ඇත්තේද? ” (ආමොස් 3:6* එය දෙවියන්වහන්සේගේ ඇ`ගිල්ලය.
ගව වසංගතය පිළිබඳව වඩා හොඳ ගණනය කිරීමක් කාට හෝ දිය හැකිද? එසේ හැකි කෙනෙකු වේ නම් මිනිසෙකු ලෙස කතා කර එය පැමිනියේ ඇයි දැයි අපට කියනු මැන. එය වෙනත් රටක සිට පැමිනියායැයි කීම හෝ ? එය අලූත් නොව පරණ රෝගයක් බව කීම හෝ එය ඉතිහාසය පුරාම මහත් හානි කර ඇතැයි කීම යනාදිය මේ සියලූ දේ ප්‍රශ්නයට සෘජුව පිළිතුරු නොදී ම`ග හැරීමකි. මම අසන්නේ එය දැන් අප වෙත පැමිණ ඇත්තේ ඇයි ? කියාය. මේ කාලයේදීම මේ වසංගතය අප වෙත පැමිණ ඇති හේතුව වෙන කුමන ආකාරයකින් විස්තර කළ හැකිද? වසර සිය ගණනාවක් පුරාම නොපැවතුණු කුමාකාර හේතු කාරකයන් මේ උදෙසා පාදක විය හැකිද? මෙම ප්‍රශ්ණවලට පිළිතුරු දිය නොහැකි බව මම විශ්වාස කරමි. අවසානයේදී අප පැමිණෙන්නේ එකම හේතුවක් වෙතටය , එනම් මේ දෙවියන්වහන්සේගේ ඇ`ගිල්ලය .
මා තහවුරු කිරීමට තැත් කරන දෙය අසාධාරණ හෝ අයුක්ති සහගත බව කවරෙකු හෝ සිතනවාද? බොහෝ දෙනා එසේ සිතාවි යැයි මම සැක නොකරමි. මා සිතන ආකාරයට , බොහෝ දෙනා සිතන්නේ දෙවියන්වහන්සේ කිසිවිටක මේ ලෝකයේ කාරණා වලට මැදිහත් නොවන බවත් , උපද්‍රව සහ ගව වසංගත යම් යම් ස්වාභාව ධර්මයේ නියායන් අනුව නිතරම සිදුවන ඒවා බවත්ය. එසේ සිතන පුද්ගලයා ගැන මම දුක්වෙමි.
ඔහු අදේව වාදියෙක්ද? මේ අලංකාර වූත් විශ්මිත වූත් ලෝකය මැවුම්කාරයෙක් නැතිව අහඹු ලෙස සැදුණායයි ඔහු විශ්වාස කරනවාද? එසේ නම් ඔහු ඉතා ලාමක කෙනෙකි. නමුත් දෙවියන්වහන්සේ ලොව මැවුවා යයි ඔහු විශ්වාස කරනවා නම්, දෙවියන්වහන්සේ එහි කටයුතු වලට මැදිහත් වනවායැයි කීම නිෂ්ඵල කතාවක්ද?
විශ්වය දෙවියන්වහන්සේ මැවුසේක් නම්, උන්වහන්සේට එය පාලනය කළ නොහැකි යයි කිව හැකිද? මේ නූතන අවිශ්වාසවන්තකමේ භංගත්වය ! එය සාමාන්‍ය දැනීමට පවා විරුද්ධව පිළිකුලක්ව පවතී.
තම මැවිල්ලෙන් මැවුම්කරු වෙන්කරන්ට තැත් දරන්නා නිහඬ වෙත්වා. තම මැවුම්කාර ප්‍රඥාවේ ඇ`ගිල්ලෙන් ලෝකය ඇතිකලාවු තැනැන්වහන්සේ, තම සැපයීමේ ඇ`ගිල්ලෙන් මේ ලෝකය මෙහෙයවීම ක්‍රිස්තුස් වහන්සේගේ (දෙවැනි* පැමිණීම දක්වා නවත්වන්නේ නැත. මෙම ගව වසංගතය වනාහි දෙවියන්වහන්සේගේම ඇ`ගිල්ලය.
Subscribe to:
Posts (Atom)