GETTY IMAGES
(බීබීසී ලෝක සේවයේ එම්රේ අසිස්ලේර්ලි (Emre Azizlerli) සකස් කළ ලිපියක් ඇසුරෙනි)
"ඔබ කොහොමද තුර්කියේ නත්තල සමරන්නේ?"
නත්තල උත්කර්ෂවත් ලෙස සමරන රටකට ගිය විට නොවරදවා අසන්නට ලැබෙන ප්‍රශ්නයකි.
ඔබ නත්තල සාමාන්‍ය දිනයක් ලෙස පැවසුවහොත් ඔවුන් පුදුමය පළ කරනු ඇත.
එය යුදෙව්, හින්දු හෝ මුස්ලිම් දින දර්ශනවලට අනුව නිවාඩු දිනයක් ද නොවේ.
GETTY IMAGESකවුද මේ 'ඊසා'?
නමුත්, විශ්මය දනවන තොරතුරු නැතුවා නොවේ.
ඉස්ලාම් දහමට අනුව ඔවුන් ජේසුස් ක්‍රිස්තුන්වහන්සේගේ උපන් දිනය සමරන්නේ නැතිමුත් ක්‍රිස්තුන්වහන්සේ පුජනීයත්වයෙන් වන්දනා කරයි.
තමන්ගේ ආගමික විශ්වාසයේ කොටසක් ලෙස ක්‍රිස්තියානි දහමේ නායකයාට මුස්ලිම්වරු මහත් ගෞරවයක් දක්වති.
UNKNOWN
නබිනායකතුමන් අනුව යමින්, ජේසුස් වහන්සේ වඩාත් වන්දනාමානයට ලක්වන පුද්ගලයන්ගෙන් කෙනෙක් ලෙස කුරානය සලකයි.
කෙසේවුවත් ජේසුස් වහන්සේ, එසේත් නැත්නම්, අරාබි භාෂාවෙන් හඳුන්වන 'ඊසා' පිළිබඳ, නබි නායකතුමන් ගැන සඳහන් වන වාර ගණනට වඩා වැඩි වාරයක් කුරානයේ සඳහන් වී තිබේ.
තවදුරටත්, මෙම පූජනීය ග්‍රන්ථයේ එක් කාන්තාවක් ගැන පමණක් නමින් හඳුන්වා දී ඇත.
කවුද මේ 'මරියම්'?
ඇය කන්‍යා මරියතුමිය වන අතර, අරාබි භාෂාවෙන් මරියම් ලෙස හදුන්වයි. කුරානයේ සම්පුර්ණ පරිච්ඡේදයක් කන්‍යා මරියතුමිය වෙනුවෙන් වෙන්කර ඇත.
නමුත්, ඉස්ලාම් උත්පත්ති කතාවේ ජෝසෆ් හෝ අනාවැකිකරුවන් පිළිබඳ සඳහනක් නැත.
කුරානයට අනුව, මේරි දරුවා බිහි කර ඇත්තේ වියළි කාන්තාරයක් මධ්‍යයේ මැරුණු ඉඳි ගසක් යට තනිවමය.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ එහිදී ඇයට ආහාරයට ගැනීම පිණිස ඉදුණු රට ඉඳි කඩා වැටී ඇති අතර, පය පාමුලින් දිය උල්පතක් ද මතු වී තිබේ.
දරුවා සමග සිටි අවිවාහක කාන්තාවගේ සිල්වත් භාවය පිළිබඳ ප්‍රශ්න කිරීමකට ලක්වූ අතර අලුත උපන් ජේසු බිලිඳා දෙවියන් ලෙස කතා කිරීමට පටන් ගත්තේය.
GETTY IMAGESආත්මයේ ශාස්තෘවරයා
ජේසුස් වහන්සේ පිළිබඳ සඳහන් කරද්දී "සාමය ඔහු සමග පවතීවා" යනුවෙන් යාඥා කිරීමට මුස්ලිම්වරු කටයුතු සිටිති.
ඉස්ලාමීය විශ්වාස අනුව, විනිශ්චයට භාජනය වන දිනයේ මිහිමත යුක්තිය ඇති කිරීමට මුලින්ම පැමිණෙන්නේ ජේසුස් වහන්සේය.
කෙසේවෙතත්, මුස්ලිම් සාහිත්‍යය මෙහිදී කුරානය අභිබවා යන්නේය.
සුෆී දාර්ශනිකයෙක් වූ අල්-ගසාලි (Al-Ghazali) ඔහු "ආත්මයේ ශාන්තුවරයා" ලෙස හඳුන්වයි.
ඉබ්න් ඇරබි, ජේසුස් වහන්සේ හඳුන්වා ඇත්තේ, "සාන්තුවරයන්ගේ මුද්‍රාව" ලෙසිනි.
'ඊසා' ලෙස නම් කළ දරුවන් ද, මරිය මව්තුමිය සිහි කරමින් 'මරියම්' ලෙස නම් කළ දැරියන් ද මුස්ලිම් සමාජය පුරා හමුවේ.
7 වන සියවසේ ඉස්ලාම් දහම ආරම්භ වන විට ක්‍රිස්තියානි දහම මැද පෙරදිග හොඳින් තහවුරු වී තිබුණි.
GETTY IMAGES
GETTY IMAGES
ඉස්ලාම් දහමෙන් ජේසුස් ක්‍රිස්තුන්වහන්සේ පූජනියත්වයෙන් සැලකුවද, කතෝලික පල්ලිය සැම විටම ඊට කෘතවේදී නොවීය.
15 වෙනි සියවසයේ ඉතාලියේ බොලොග්නා නගරයේ ඉදිවූ 'San Petronio' පල්ලියේ ඇති සුප්‍රකට බිතු සිතුවමක අපායේදී යක්‍ෂයන් විසින් වද දෙන මුස්ලිම් සාන්තුවරයෙක් නිර්මාණය කර තිබේ.
යුරෝපය පුරා නිර්මාණය වූ කළා කෘති තුළ මේ අන්දමේ නින්දා කිරීම් හමුවේ.
එනමුත් වර්තමාන කතෝලික පල්ලිය මෙලෙස අවඥා සහගතව නොබලයි.
No comments:
Post a Comment