Tuesday, January 1, 2019

එක්සත්කම රැකගැනීමේ අවශ්‍යතාවය ( 3 )

එක්සත්කමට නිශ්චිත සතුරෝ
එබැවින් අප එක්සත්කම වර්ධනය කිරිම සඳහා දුර්ගුණයන්ට විරුද්ධව ආරක්ෂාකාරි විය යුතුය. පාවුල්තුමා කරණකොට නැවතද අවවවාද  කරන්නේ, සියලූ තිත්තකමත්, කෝපයත්, උදහසත්, කෝලහාලත්, අපහාසයත්, සියලූ ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහකරනු ලැබේවා. (එපිස 4:31)

තිත්තකමින් පිරුණු මනුෂ්‍යයෝ අමනාපයෙන් නොරිසුම්කමින් නිතර කෙඳරිලි සහිතව ජීවත්වන අන්‍යයන්ට පහරදීමට සුදානම්ව සිටින අය වෙති. තිත්තකම අපගේ කථාවට බලපැවැත්වෙයි. අපගේ කල්පනා කිරිමට සහ ප‍්‍රතිකි‍්‍රයා දැක්වීමට සම්බන්ධවේ. එය අමනාප නොරිස්සුම් අත්මයක් ඇතිකොට සමඟිවීම ප‍්‍රතික්ෂේප කරයි.

සැර වියරුවෙන් හැසිරීම බලවත් චිත්ත වේගයකි. එය චිත්තවේග කෙරෙහි ආක‍්‍රමණයක් වන අතර එයට හේතු හෝ දිසාවන් නැත. එහි මාර්ගයෙහි විනාශය ඇත. කෝපයේ බොහෝ ප‍්‍රකාශවීම් ඇත. දැල්වෙන කෝපාග්ගින්න පෞද්ගලික වෛරය, එදිරිය, ද්වේෂය, විරෝධය, ඇතුලාන්ත නොරිස්සුම, අමනාපය, අකමැතිවීමේ  හැඟිම හෙවත් ඇතුලාන්ත වෛරය සහ පලිගැනිමේ ආශාව යන මේවා සැරෙන් කතා, බැණ වැඳිම මොහොතක පිපිරිමක් වුවත්, කෝපය ඇතුලාන්තයේ කිඳා බැස ඇති සිතේ ගතියකි. බොහෝ දෙනෙකුට අවශ්‍යව ඇත්තේ සමහර මනෝවිද්‍යාඥයින් පවසන ලෙස කෝපය නිදහසේ පාවීමට හැරීමටය. එම පුද්ගලයෝ නිතරම කෝපයෙන් සිටින අතර ඒ මන්දැයි ඔවුන් නොදනිති. කුඩා ඇවිස්සීම් මහත් පිපිරිම්වලට වඩා ඇති විය හැකිය.

No comments:

Post a Comment

About