Sunday, January 6, 2019

එක්සත්කම රැකගැනීමේ අවශ්‍යතාවය ( 4 )

පාවුල්තුමා ඝෝෂා සහිත සණ්ඩු සරුවල් වලට විරුද්ධව අවවාද කර ඇත. සන්ඩුකාරයා, ඝෝෂාකරන්නා විරුද්ධකාරයාගේ හඬ නිශ්ශබ්ද කිරිම සඳහා ඝෝෂාවෙන් චෝදනා කරයි. ඝෝෂාකරමින් බැණවදින අය තමන්ගේම මාර්ග ඉටුකර ගැනිම සඳහා  තදබල තර්ජනද කරයි. ඔවුන් සිතන්නේ තමන්ගේ කථාව සහ කි‍්‍රයාවන් අන්‍යයන් තමන්ගේ කැමැත්තට එකඟ කිරිමට බලපෑමක් වනු ඇත කියාය. සන්ඩුකාරයෝ, අපවාද කරන්නෝ තමන්ගේ කෝපය ප‍්‍රදර්ශනය කරමින්  ප‍්‍රශ්න පැමිණි විට සැනින් අන්‍යයන්ට වරද තබති. සංඩුකාරකම නොමේරූ බව ප‍්‍රදර්ශනය කිරිමකි. එමෙන්ම දෙවියන්වහන්සේට යටත් නොවු සිතක ප‍්‍රකාශවීමකි. මෙම අභක්තික හැසිරිම වාද භේද මත ගැටුම් ඇති කරයි. දේව භක්තික ජනතාව අතර වේදනාව සහ අපහසුතාවය ඇති කරයි. 


කේලම්කීම තවත් අයෙකුගේ චරිතය තත්වය විනාශ කිරිමට හිතා මතා කරන භියගුළු කි‍්‍රයාවකි. කේලම් කියන්නෝ බොරු ප‍්‍රවෘති, කටකථා, ප‍්‍රකාශ කරමින් අන්‍යයන්ව සුළු කරති. බොහෝ විට එම කථා කියන විට ඊට අදාළ අය එයට පිළිතුරු දීමට හැකි විටක එය කරති. මෙම විස්තරය සාතන් ගැනද කිව හැකිය. සාතන් දෙවියන්වහන්සේගේ  මනුෂ්‍යයින් විනාශ කිරිම සඳහා බොරු චෝදනා නගති. එමඟින් දේව රාජ්‍යයේ අව්‍යාජත්වයට අවහිර කරති. මම ළමයෙක්ව සිටි විට, මා හට යමෙක් යම් පහත් දෙයක් ප‍්‍රකාශ කළ විට, මා හට මෙම වචන මහත් වේ. දඬුමුඟරු මාගේ ඇටකටු බිදිමට නොහැකියකාරණය වන්නේ නපුරු, ක්‍රෝධ සිතිවිලිය, වචන සිත් තුවාල කරයි. විනාශකාරී වචන හෘද වේදනා ඇති කරන අතර එක්සත්කම බිඳ දමති.




No comments:

Post a Comment

About