Thursday, December 13, 2018

සමහර දේව සේවකයින් අසමත් වන්නේ මන්ද?



සමහර දේව සේවකයින් අසමත් වන්නේ මන්ද යන්න අපි සලකා බලමු. දෙවියන්වහන්සේ විසින් කැඳවනු ලැබු දේව සේවකයකු අසමත්වීම කණගාටු දායක කරුණකි. මෙම අධ්‍යනයේ අරමුණ වන්නේ, දේව සේවකයාගේ ජිවිතයෙහි සතුරා විසින් ඔහුව මළපතකට පත් කිරිමට සොයා ගන්නා  දුර්වල ස්ථාන ගැන අවධානයට යොමු කිරිමය.

 යම් දේව සේවකයෙකුගේ දේව සේවය වර්ධනයවී එක්වර එම නැගීම වෙනුවට වැටීමක් සිදුවීම කෙතරම් කණගාටු දායකද? සැබවින්ම මෙය සිදු නොවිය යුත්තකි. දේව සේවකයා වඩාත් අත්දැකිම් බහුල වන  විට වඩාත් ප‍්‍රගුන, ප‍්‍රවීන, පළපුරුදු අයෙකු  විය යුතුය. ඔහුගේ ඇදහිල්ල උසස් මට්ටමකට වර්ධනය  විය යුතුය. ඔහු මහත් ජයග‍්‍රහණයක් ලබා ගත යුතුය. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙකු දෙවියන්වහන්සේ සදාකාල තේජසට කැඳවන තුරු ඔහු උසස් සේවා මට්ටමක රැදී සිටිය යුතුය

එය දානියෙල්ගේ ජිවිතයේ සිදුවු අකාර විය යුතුය. රජවරු රජ විය. ඔවුන්ගේ රජකම නිම විය. රාජ්‍යයන් ඇතිවිය. නැති විය. නමුත් දානියෙල්ගේ  සඵලවත් සේවය සිය වසක් පුරා පැවතුනි.  එම කාලය තුල ඔහු එදා පැවති දර්ශනය පාලනය කරන ලදි. ඔහුගේ යාච්ඤාවන් කරණකොටගෙන තම ජනයාවු ඊශ‍්‍රයෙල් නැවත ජේරුසලමේ ප‍්‍රතිස්ථාපනය කරනලදි.


ලෝකයේ පව් දුරු කිරිමට පැමිණෙන මිදුම්කරුවාණන් ගැන දර්ශණය දානියෙල්ට ලැබුනි. නැවතද එම  මිදුම්කරුවාණන් සදාකාල රාජ්‍ය පිහිටුවීමට මහිමයෙන් පැමිණිමේ දර්ශනය දානියෙල්තුමාට ලැබුනි. දානියෙල්ගේ ජිවිතය ඉතා අනර්ඝ දෙවියන්නහන්සේගේ මනුෂ්‍යයෙකුගේ ජිවිත ආදර්ශයකි. ඔහුගේ  ජිවිතය මුළුල්ලේ ඔහුගේ ආත්මික බලයේ හීනතාවයක් නොවීය.

No comments:

Post a Comment

About