Wednesday, December 26, 2018

එක්සත්කම රැකගැනීමේ අවශ්‍යතාවය ( 2 )



කිතුණුවන් ඔවුන්ගේ මහත්ම සතුරන් විය හැකිය


යාකොබ් ආත්මයාණන් කරණකොට ගෙන මෙසේ ලියා ඇත. නුඹලා අතරේ යුද්ධත්, ඩබරත් කොයින්ද? ඒවා පැමිණෙන්නේ නුඹලාගේ අවයවයන් තුළ යුද්ධ කරණකොටගෙන නුඹලාගේ තෘෂ්ණාවලින් නොවේද? (යාකොබ් 4:1)

බොහෝ විට එක්සත්කමට බාධකය ලෝකයේ කි‍්‍රයාවන් නොවේය. බාධක අපම නිර්මාණය කරගත් ඒවාය. පුද්ගල ආකල්ප සහ රුචි, අරුචිකම්,  එක්සත්කම සඳහා දිව්‍යමය කැඳවීම නොසලක හැරිමට හේතු පාදක වේ. එකට වැඩ කිරිම වෙනුවට සමහරෙක් එකිනෙකාට විරුද්ධව කි‍්‍රයා කරති. නැතහොත් පසකටවී හුදකලාව සිටිති. අපගේ මාංශය අපව පාලනය කරන විට වරදවා තේරුම්ගැනීම අපට වේදනාගෙන එයි. එය පසුව තිත්තකමට පත් කරයි. නමුත් අසමගිය, අසම්මුතිය, විරුද්ධකම සහ බෙදීම් මාංශයේ කි‍්‍රයාවන්ය. පාවුල්තුමා කරණකොට මෙසේ ලියා ඇත.

ඉදින් මාංශයේ කි‍්‍රයා ප‍්‍රකාශව තිබේ. එනම් වෙශ්‍යාකම, අපවිත‍්‍රකම, සල්ලාලකම, රූපවැදීම, ඊර්ෂියාව, ක්‍රෝධ, පක්ෂවාදිකම්, භේද, ලබ්දිභේද, වෛර, බීමත්කම, මංගල්‍ය ඝෝෂා සහ තවත් එවැනි දේවල්ය. මෙවැනි දේ කරන්නන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම නුඹලාට කී ලෙසම, දැනුත් කලින් නුඹලාට කියමි. (ගලාති 5:19-21)

ඔබ ඉහත යම් හැසිරිමක් ඇතිව සිටින්නේ නම් ඔබගේ ජිවිතය ගැන දෙවියන්වහන්සේට ප‍්‍රසන්න කමක් නොමැත.

No comments:

Post a Comment

About