කිතුනුවන් වු අප ආත්ම දිනානොගන්නේ ඇයි දැයි
පැහැදිලි කරන හේතු හතරකි.
1 යක්ෂයාගේ විවිධ
විරෝධතාවන්
අද විශ්වය තුල මිනිසුන්ගේ ආත්ම සඳහා විශාල
සටනක් සිදුවෙමින් පවතී. ජීවමානවු සදාකාලීක සත්‍ය වු දෙවිමහෝත්තමයාණන් එක පසකද, දුෂ්ඨවු
යක්ෂයා සහ උගේ සේනාව තව පසකද සිටිති. දෙවියන්වහන්සේගේ පරමාර්ථය නම් මිනිසුන්
යේසුස්වහන්සේ වෙතට ගෙන ඒමත්, ඔවුන් ක්‍රිස්තුස්වහන්සේගේ සමාන කමට පත්
කිරීමත්ය. (රෝම 8:29) වංචාකාරවු
විනාශකාර වු යක්ෂයා මිනිසුන් සදාතනික ගින්නට ඇද දැමීමට ප්රයත්න දරයි.
මෙය අපට එතරම් පැහැදිලිව නොපෙනුනත්, එය ඉතා දක්ෂ
ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් පන්දුව ලබා ගැනීමට දරන විශාල පරික්ශ්රමයකට
සමාන කල හැකිය. සෑම පව්කාරයෙකුගේම ආත්මය සහ ජීවිතය උදෙසා දෙවියන්වහන්සේ සහ යක්ෂයා
විශාල සටනක් කරයි. (දෙවියන්වහන්සේ උත්තම බව විශ්වාස කරන අතර, උන්වහන්සේ ක්‍රියා
කරන්නේ ස්වකීය කැමැත්ත අනුව බවද, අප දනිමු.
මෙය ගැළවීමේ කාර්ය යේ එක පැත්තක්
පමණි. මේ අවස්ථාවේදී අප සලකා බලන්නේ එහි අනික් පැත්තයි. ශුභාරංචිය මිනිසුන් වෙත
යාම වැලැක්වීමට යක්ෂයා හැම පරිශ්‍රමයක්ම දරයි. ශුභාරංචි ඇසු හා අසන අයව භය කරමින්, අන්ධ කරමින්, රවටමින්, ඔවුන්ගේ
මාංශයේ ආශා අවුස්සමින්, ඔවුන් නොමඟ
යැවීමට යක්ෂයා සෑම විටම උත්සාහ දරයි. ගැලවීම වෙනුවට සංස්ථාමය වු ආගමක්ද නැවත ඉපදීම
වෙනුවට සුළු අලූත්වැඩියාවක්ද ඉදිරිපත් කරමින් මිනිසුන් නොමඟ යවයි. ඔහු දේව වචනයටද
දේව සේවකයාටද, දෙවියන්වහන්සේගේ
සභාවටද පහර ගසයි.
ඒ නිසා යම් කෙනෙක් ක්‍රිස්තුස්වහන්සේගේ බැටළු ගාලට ඇතුළු වනවා
නම් එසේ වන්නේ දෙවියන්වහන්සේගේ අසීමිත කරුණාව නිසාමය. බොහෝ දෙනෙක් පහසු මාර්ගයේ
ගොස් විනාශය කරා යන බවද, ඉතා ස්වල්ප
දෙනෙක් පමණක් පටු මාර්ගයේ ගොස් ගැලවෙන බවද, ස්වාමින්වහන්සේ ප්‍රකාශ කලේ මේ නිසාය.
පව්කාරයෙකු ශුභාරංචි අසා ක්‍රිස්තුස්වහන්සේ තුල ගැලවීම ලැබ, ශුද්ධාත්මයාණන්
වහන්සේගෙන් නැවත උත්පදානය වී නව මැවිල්ලක් වු පමණින් සටන නිම නොවේ. නමුත් එය බලවත්
වේ. මක්නිසාද යක්ෂයා තව තවත් සියුම් උපා යොදමින් නැවත උපන් අයව පවා තම දැලට හසුකර
ගන්නට මාන බලයි.
ඒ නිසා යුද්ධයේ නියම බැරෑරුම්කම වටහා ගන්නේ, මේ සියළු ප්‍රශ්න පීඩා නොතකා ඉදිරියට යන අය පමණය. බොහෝ
විට නැවත උපන් අයගෙන් බොහෝ දෙනෙක්ම ගැළවීමේ පලමු පියවරටවත් සමීප නොවී ඇඳ වැටෙති. ඒ
නිසා අප දෙවියන්වහන්සේගේ ශක්තියෙන් සතුරා ජය ගැනීමට උගත යුතුමය. නැත්නම් අපද අතර
මඟදී වෙහෙස වී තුවාල වී ඇඳ වැටෙන්නට පුළුවන.
No comments:
Post a Comment