" හිමිදින " කිතුනු ඒකාංගික ටෙලි නාට්‍යය රූගතකිරීම් අතරතුරදී ( 2018 - 11 - 28 ) වැල්ලවත්ත
Friday, November 30, 2018
Tuesday, November 20, 2018
Monday, November 19, 2018
ශ්‍රී ලංකාව උදෙසා පිබිදීමේ යාච්ඤා රැළිය
ශ්‍රී ලංකාව
පිළිබඳව දෙවතාවක් ඉතා ප්‍රබල ආනාගතවාක්‍යන් ( සුනාමිය පැමිණීම )පැවසූ අනාගතවාක්‍යයේ ආලේපලත් බලවත් දේවගැතිවරයෙකුවන
රේ හියුස් දේවගැතිතුමන් සහභාගීවන ශ්‍රී ලංකාව උදෙසා පිබිදීමේ යාච්ඤා රැළිය,
2018 දෙසැම්බර්මස 7,8,
යන දිනතුළ,මාතර හා ජා ඇල යන ප්‍රදේශයන්හීදී
පැවැත්වේ.
මේපිළිබඳ වැඩි
විස්තර පහත නම් සඳහන් දේවගැතිවරුන්ගේ දුරකථන අංකවලට ඇමතීමෙන් ලබාගතහැක.
අන්තර් නිකාය
පාලකවරුන්ගේ,නායකයන්ගේ හා
ඇදහිලිවන්තයන්ගේ යාච්ඤා රැස්වීම
දෙසැම්බර් 7 මාතර සණස දේශන ශාලාව
නූපේ හංදිය.
පෙ.ව. 9 සිට ප.ව. 4 දක්වා
දේවගැති සිසිර
077 162 1464 - දේවගැති නිමල්
077 253 9702
දේවගැති
මාර්ක් 077 790 9877 - සහෝදර ඉන්ද්‍රජිත්
077 384 9792
දෙසැම්බර් 8 ජා - ඇල කල්වාරි මධ්‍යස්ථානය,16 දුම් රිය පාර,කපුවත්ත
පෙ.ව. 9 සිට ප.ව. 4 දක්වා
දේවගැති
වීරසිංහ 077 253 9731 - දේවගැති ක්‍රිෂාන්තන්
077 631 3620
දේවගැති අජිත්
සොලමන්ස් 072 486 1776
සංවිධානය -
නවෝදය - NCEASL
Thursday, November 15, 2018
ආත්ම දිනාගත යුත්තේ ඇයි? 13
බොහෝ දෙනා
ලජ්ජාව සහ භිය නිසා ආත්ම දිනා ගැනීමට ඉදිරිපත් නොවෙති.
ඕනෑම මාතෘකාවක්
යටතේ කථාකල හැකි, ප්‍රසිද්ධියේ විවිධ දේ
ගැන දේශනාකල හැකි කිතුනුවා ක්‍රිස්තුස්වහන්සේ ගැන කථා කරන විට දී මුනිවත රකිති.
මයිනන් හා ගිරවුන් මෙන් සමාජය ගැන,
දේශපාලනය ගැන, දේශගුණය ආදී නොයෙකුත් දේ ගැන දොඩමළු වන අප
බොහෝ දෙනා, සමාජයට ඇති බිය නිසාත්
සමාජයෙන් කොන්වේය යන හැඟීම නිසාත්,
ක්‍රිස්තුස්වහන්සේ
ගැන කථා නොකරති.
Tuesday, November 13, 2018
Sunday, November 11, 2018
ඇමරිකානු දේශයේ දේව සේවා සංචාරය - Pastor Basil C. Fernando is in USA visiting church friends
Pastor Basil C. Fernando is in USA
visiting church friends. From 10th – 12thNovember
2018 he is staying in Kansas City and from 13th – 20th He
will be in Philadelphia, in Pennsylvania.
If you wish to contact him please call
below mentioned number.
Kansas City
Bro. Yuwan Handunge
Telephone: 001-630-999-5129
Philadelphia
Pastor. Philip Underwood
Telephone: 001-610-764-5727
Saturday, November 10, 2018
යම් දිනෙක සගලොවදී අප සැම මුණගැසෙන තෙක් ඔබට සුබ පැතුම්!
කෝල්ටන් වික්‍රමරත්න දේවගැතිතුමා ගේ
ස්වර්ගස්ථ ගතවීම පිළිබඳව අප කණගාටු නොවෙමු.මක්නිසාදයත්,ඔහු ඇදහිල්ලේ
වික්‍රමාන්විත ගමන ස්වාමින්වහන්සේ තුළ ජයග්‍රහනය කරනුලැබඇත.
ස්වර්ගීය පුරවැසිභාවය
ලද එතුමෝ තව බොහෝ කලක් අප අතර සිටියානම්, එය අපගේ කිතුනු ආත්මික ජීවිතයට තවතවත් ආලෝකයක්
වනු ඇත.එකී අර්ථයෙන් ගත්කළ අපගේ මේ සුසුම් ලෑම,හදපිරි වේදනාව,නෙතඟින් වැටෙන
කඳුළු ඟංගාව කෙසේනම් නවතන්නද ?
ඉතිං සදාදර ප්‍රේමාන්විත ආත්මික පියතුමෙණි,යම් දිනෙක
සගලොවදී අප සැම මුණගැසෙන තෙක් ඔබට සුබ පැතුම්!
වික්‍රමාන්විත ඇදහිල්ලේ ගමන ජයග්‍රහනය කළවගයි.
PASTOR COLTON GONE HOME TO BE WITH HIS
MAKER
FUNERAL ARRANGEMENTS
1. Friday 9th November from 6 pm onwards at no. 16/9,
Averhihena Road, Colombo 05.
2. Sunday 11th November from 3 pm onwards at People’s
Church, 160/30, Kirimandala Mawatha, Colombo 05.
FUNERAL SERVICE
Monday 12th November at 2:30 pm at
People’s Church. Cortege leaves at 4 pm for burial at General Cemetery,
Borella.
Sunday, November 4, 2018
ආත්ම දිනාගත යුත්තේ ඇයි? 12
කිතුනුවන් වු අප ආත්ම දිනානොගන්නේ ඇයි දැයි
පැහැදිලි කරන හේතු හතරකි.
1 යක්ෂයාගේ විවිධ
විරෝධතාවන්
අද විශ්වය තුල මිනිසුන්ගේ ආත්ම සඳහා විශාල
සටනක් සිදුවෙමින් පවතී. ජීවමානවු සදාකාලීක සත්‍ය වු දෙවිමහෝත්තමයාණන් එක පසකද, දුෂ්ඨවු
යක්ෂයා සහ උගේ සේනාව තව පසකද සිටිති. දෙවියන්වහන්සේගේ පරමාර්ථය නම් මිනිසුන්
යේසුස්වහන්සේ වෙතට ගෙන ඒමත්, ඔවුන් ක්‍රිස්තුස්වහන්සේගේ සමාන කමට පත්
කිරීමත්ය. (රෝම 8:29) වංචාකාරවු
විනාශකාර වු යක්ෂයා මිනිසුන් සදාතනික ගින්නට ඇද දැමීමට ප්‍රයත්න දරයි.
මෙය අපට එතරම් පැහැදිලිව නොපෙනුනත්, එය ඉතා දක්ෂ
ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් පන්දුව ලබා ගැනීමට දරන විශාල පරික්ශ්‍රමයකට
සමාන කල හැකිය. සෑම පව්කාරයෙකුගේම ආත්මය සහ ජීවිතය උදෙසා දෙවියන්වහන්සේ සහ යක්ෂයා
විශාල සටනක් කරයි. (දෙවියන්වහන්සේ උත්තම බව විශ්වාස කරන අතර, උන්වහන්සේ ක්‍රියා
කරන්නේ ස්වකීය කැමැත්ත අනුව බවද, අප දනිමු.
මෙය ගැළවීමේ කාර්‍ය යේ එක පැත්තක්
පමණි. මේ අවස්ථාවේදී අප සලකා බලන්නේ එහි අනික් පැත්තයි. ශුභාරංචිය මිනිසුන් වෙත
යාම වැලැක්වීමට යක්ෂයා හැම පරිශ්‍රමයක්ම දරයි. ශුභාරංචි ඇසු හා අසන අයව භය කරමින්, අන්ධ කරමින්, රවටමින්, ඔවුන්ගේ
මාංශයේ ආශා අවුස්සමින්, ඔවුන් නොමඟ
යැවීමට යක්ෂයා සෑම විටම උත්සාහ දරයි. ගැලවීම වෙනුවට සංස්ථාමය වු ආගමක්ද නැවත ඉපදීම
වෙනුවට සුළු අලූත්වැඩියාවක්ද ඉදිරිපත් කරමින් මිනිසුන් නොමඟ යවයි. ඔහු දේව වචනයටද
දේව සේවකයාටද, දෙවියන්වහන්සේගේ
සභාවටද පහර ගසයි.
ඒ නිසා යම් කෙනෙක් ක්‍රිස්තුස්වහන්සේගේ බැටළු ගාලට ඇතුළු වනවා
නම් එසේ වන්නේ දෙවියන්වහන්සේගේ අසීමිත කරුණාව නිසාමය. බොහෝ දෙනෙක් පහසු මාර්ගයේ
ගොස් විනාශය කරා යන බවද, ඉතා ස්වල්ප
දෙනෙක් පමණක් පටු මාර්ගයේ ගොස් ගැලවෙන බවද, ස්වාමින්වහන්සේ ප්‍රකාශ කලේ මේ නිසාය.
පව්කාරයෙකු ශුභාරංචි අසා ක්‍රිස්තුස්වහන්සේ තුල ගැලවීම ලැබ, ශුද්ධාත්මයාණන්
වහන්සේගෙන් නැවත උත්පදානය වී නව මැවිල්ලක් වු පමණින් සටන නිම නොවේ. නමුත් එය බලවත්
වේ. මක්නිසාද යක්ෂයා තව තවත් සියුම් උපා යොදමින් නැවත උපන් අයව පවා තම දැලට හසුකර
ගන්නට මාන බලයි.
ඒ නිසා යුද්ධයේ නියම බැරෑරුම්කම වටහා ගන්නේ, මේ සියළු ප්‍රශ්න පීඩා නොතකා ඉදිරියට යන අය පමණය. බොහෝ
විට නැවත උපන් අයගෙන් බොහෝ දෙනෙක්ම ගැළවීමේ පලමු පියවරටවත් සමීප නොවී ඇඳ වැටෙති. ඒ
නිසා අප දෙවියන්වහන්සේගේ ශක්තියෙන් සතුරා ජය ගැනීමට උගත යුතුමය. නැත්නම් අපද අතර
මඟදී වෙහෙස වී තුවාල වී ඇඳ වැටෙන්නට පුළුවන.
Friday, November 2, 2018
Subscribe to:
Posts (Atom)