Wednesday, December 26, 2018

එක්සත්කම රැකගැනීමේ අවශ්‍යතාවය ( 2 )



කිතුණුවන් ඔවුන්ගේ මහත්ම සතුරන් විය හැකිය


යාකොබ් ආත්මයාණන් කරණකොට ගෙන මෙසේ ලියා ඇත. නුඹලා අතරේ යුද්ධත්, ඩබරත් කොයින්ද? ඒවා පැමිණෙන්නේ නුඹලාගේ අවයවයන් තුළ යුද්ධ කරණකොටගෙන නුඹලාගේ තෘෂ්ණාවලින් නොවේද? (යාකොබ් 4:1)

බොහෝ විට එක්සත්කමට බාධකය ලෝකයේ කි‍්‍රයාවන් නොවේය. බාධක අපම නිර්මාණය කරගත් ඒවාය. පුද්ගල ආකල්ප සහ රුචි, අරුචිකම්,  එක්සත්කම සඳහා දිව්‍යමය කැඳවීම නොසලක හැරිමට හේතු පාදක වේ. එකට වැඩ කිරිම වෙනුවට සමහරෙක් එකිනෙකාට විරුද්ධව කි‍්‍රයා කරති. නැතහොත් පසකටවී හුදකලාව සිටිති. අපගේ මාංශය අපව පාලනය කරන විට වරදවා තේරුම්ගැනීම අපට වේදනාගෙන එයි. එය පසුව තිත්තකමට පත් කරයි. නමුත් අසමගිය, අසම්මුතිය, විරුද්ධකම සහ බෙදීම් මාංශයේ කි‍්‍රයාවන්ය. පාවුල්තුමා කරණකොට මෙසේ ලියා ඇත.

ඉදින් මාංශයේ කි‍්‍රයා ප‍්‍රකාශව තිබේ. එනම් වෙශ්‍යාකම, අපවිත‍්‍රකම, සල්ලාලකම, රූපවැදීම, ඊර්ෂියාව, ක්‍රෝධ, පක්ෂවාදිකම්, භේද, ලබ්දිභේද, වෛර, බීමත්කම, මංගල්‍ය ඝෝෂා සහ තවත් එවැනි දේවල්ය. මෙවැනි දේ කරන්නන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම නුඹලාට කී ලෙසම, දැනුත් කලින් නුඹලාට කියමි. (ගලාති 5:19-21)

ඔබ ඉහත යම් හැසිරිමක් ඇතිව සිටින්නේ නම් ඔබගේ ජිවිතය ගැන දෙවියන්වහන්සේට ප‍්‍රසන්න කමක් නොමැත.

එක්සත්කම රැකගැනීමේ අවශ්‍යතාවය ( 1 )

දෙවියන්වහන්සේ විසින් දෙනු ලැබු එක්සත්කම ආරක්ෂාකර ගැනිම හා රැකගැනිම අවශ්‍යය. කි‍්‍රස්තුස්වහන්සේගේ උත්තම පූජක යාච්ඤාවේ දී උන්වහන්සේ තමන් වහන්සේ ගැන, තම ශ‍්‍රාවකයින් ගැන මෙන්ම පසුව උන්වහන්සේ මිදුම්කරුවාණන් ලෙස පිළිගන්නාවු අය ගැනද යාච්ඤා කළ සේක. ඒ අනුව උන්වහන්සේ අප ගැන යාච්ඤා කළ සේක.

තම ස්වර්ගීය පියාණන්වහන්සේ සහ පුත‍්‍රයාණන්වහන්සේ ඒකත්වයක්ව සිටින්නාක් මෙන් අපද ඒකත්වයක් වන පිණිස යාච්ඤා කළ සේක. අප එක්සත්කමින් තබන ලෙස ජේසුස්වහන්සේ අදද යාච්ඤා කරන සේක. අයදින සේක.

ගංවතුරෙන් උතුරේ වැසියන් 86,000ක් විපතේ..

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරු ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්වය නිසා පවුල් 27,656 කට අයත් පුද්ගලයින් 86,695 දෙනෙකු විපතට පත්ව ඇති අතර පූර්ණ නිවාසද 86 ක් විනාශ වී ඇති අතර අර්ධ වශයෙන් නිවාස 1308කට හානි අද (26) වන විට සිදුව ඇති බවට ජාතික ආපාදාකලමනාකරන ඒකකයේ වාර්ථා අනුව පෙන්වා දෙයි.
මේ අනුව විපතට පත් වැසියන්ගෙන් පවුල් 2686 කට අයත් පුද්ගලයින් 8693 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 25 ක රඳවා සිටින බවටද යාපනය මරදන්කේනි ප්‍රදේශයේ සහ කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රදේශයන්හි මරණ දෙකක් වාර්ථා වී ඇති බවට ආපදා කලමනාකරන ඒකකය විසින් පෙන්වා දෙයි.
මේ අනුව වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රීක්කය වන අතර එහි කරච්චි, කණ්ඩාවලෙයි සහ පච්චිලෙයිපල්ලි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 15,198 කට අයත් පුද්ගලයින් 47,578 දෙනෙකු විපතට පත්ව ඇති අතර එහිදී නිවාස පූර්ණ 25ක් සහ අර්ධ නිවාස 505 කට හානි සිදුව ඇත.
උතුරු පලාතෙන් දෙවනුව වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ මුලතිව් දිස්ත්‍රීක්කයේ වන අතර එහිදී ඔඩ්ඩුසුඩාන්, පුදුකුඩිඉරිප්පු, තුනුක්කායි, මැරටියන්පත්තු, මාන්තෙයි නැගෙනහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 8025 කට අයත් පුද්ගලයින් 25,889 දෙනෙකු විපතට පත්ව ඇති අතර පූරණ නිවාස හානි 65ක් හා අර්ධ නිවාස හානි 801 වාර්ථා වී ඇත.
අනතරුව මන්නාරම් නගරයේ සහ නානාට්ටාන් ප්‍රදේශයන්හි පවුල් 27 කට අයත් පුද්ගලයින් 85 දෙනෙකුද වව්නියාව දිස්ත්‍රීක්කයේ පවුල් 149 කට අයත් පුද්ගලයින් 501 දෙනෙකුද යාපනය දිස්ත්‍රීක්කයේ මරදන්කේනි ප්‍රදේශයේ 4257 කට අයත් පුද්ගලයින් 12,642 දෙනෙකුද විපතට පත්ව ඇති බවට ආපදාකලමනාකරන ඒකකය විසින් පෙනවා දෙයි.

සබන් කියා ‘බේතින් බාර්’ විකුණා පාරිභෝගිකයින් මුලා කරයි..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
සබන් කියා බේතින් බාර් විකුණා පාරිභෝගිකයින් මුලා කිරීමඅපිට නොදැනි අපි විකිණෙන අමුතු රටක් මේක!
ඈත අතීතයේ සිටම මිනිසා ශරීරය පිරිසිදු කර ගැනීම සදහා සබන් භාවිතා කර ඇත. ඒ නිසාම බොහෝ පාරිභෝගිකයින් පුරුදුවී ඇත්තේ කඩේට ගොස් ඇගේ ගාන සබන් කැටයක් ඉල්ලීමටය නැතහොත් සබන් කැටයක් මිලදී ගැනීමටය. එහෙත් වර්තමානයේ පාරිභෝගිකයින් සබන් කියා මිලදී ගෙන ඇගේ ගාන්නේ සබන් නොව බේතින් බාර්ය.
අධික ලාබ ලබා ගැනීම සඳහා මහාපරිමාණ සමාගමක් විසින් සබන්වලට කෘත්‍රිම රසායනික සංයෝග එකතුකර බේදින් බාර් යන කාණ්ඩය යටතේ සබන් වලට වඩා මිළෙන් අඩු සබන් වැනි වූ සේදුම්කාරකයක් සඳහා SLS ප්‍රමිතියක් සකස්කරවා ගෙන ඇත.
ලංකාවේ වලංගු ප්‍රමිතීන්ට අනුව ඇ‍ඟේ ගාන සබන් කැටයක් ලෙස හැඳින්වීම සදහා TFM (Total fatty matter ) අගය 76.5% ට වඩා වැඩි විය යුතුය.  TFM අගය 76.5% ට වඩා අඩු නම් එම නිෂ්පාදනය සබන් කියා හැඳන්විය නොහැක. ඒවා බේදින් බාර් (Bathing Bar)ලෙස හඳුන්වයි.
අප සබන් කියා ඇ‍ඟේ ගාන බේදින් බාර් කැටයක අඩංගු TFM  අගය 40% ක් දක්වා අඩු විය හැකිය. අපි රෙදි සේදීමට ගන්නා කෘතිම සේදුම් කාරක අඩංගු නැති සබන් කැටයක TFM අගය 59% කි. බේදින් බාර්වල කෘත්‍රිම සේදුම්කාරක කොටස සඳහා එක් මහා පරිමාණ සමාගමක් විසින් ලොව පුරා රෙදි සෝදන කුඩු සහ පිඟන් සෝදන දියර සෑදීමට ගන්නා සෝඩියම් ඩොඩෙසයිල් බෙන්සීන් සල්ෆොනේට් – Sodium Dodecyl  Benzene Sulfonate (SDBS) නැමති කෘත්‍රිම සේදුම් කාරකය එක්කර ඇත.
එම SDBS නැමති කෘත්‍රිම සේදුම් කාරකය ඇඟ ගල්වන නිෂ්පාදනවලට යෙදීමෙන් ඇස්වලට සහ සමට හානි සිදු විය හැකි බව පරියේෂණ මගින් ඔප්පු වී ඇත.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Monday, December 24, 2018

" හිමිදින " ජාතික පොදු කිතුනු පුවත්පත












" හිමිදින " ජාතික පොදු කිතුනු පුවත්පත ( පිටු අංක 12 )


" හිමිදින " ජාතික පොදු කිතුනු පුවත්පත ( පිටු අංක 11 )


" හිමිදින " ජාතික පොදු කිතුනු පුවත්පත ( පිටු අංක 10 )


" හිමිදින " ජාතික පොදු කිතුනු පුවත්පත ( පිටු අංක 09 )


" හිමිදින " ජාතික පොදු කිතුනු පුවත්පත ( පිටු අංක 08 )



" හිමිදින " ජාතික පොදු කිතුනු පුවත්පත ( පිටු අංක 06 - 07 )


" හිමිදින " ජාතික පොදු කිතුනු පුවත්පත ( පිටු අංක 05 )


" හිමිදින " ජාතික පොදු කිතුනු පුවත්පත ( පිටු අංක 04 )


" හිමිදින " ජාතික පොදු කිතුනු පුවත්පත ( පිටු අංක 03 )


" හිමිදින " ජාතික පොදු කිතුනු පුවත්පත ( පිටු අංක 02 )


" හිමිදින " ජාතික පොදු කිතුනු පුවත්පත ( පිටු අංක 01 )


Thursday, December 13, 2018

හිමිදින සමඟ එක්වන්න ! සුහද ඇරයුම්.....


මේක ඇත්තද ?


උපුටා ගැනීමකි

"හිමිදින" ජාතික කිතුනු පුවත්පත ළඟදීම.....


සමහර දේව සේවකයින් අසමත් වන්නේ මන්ද?



සමහර දේව සේවකයින් අසමත් වන්නේ මන්ද යන්න අපි සලකා බලමු. දෙවියන්වහන්සේ විසින් කැඳවනු ලැබු දේව සේවකයකු අසමත්වීම කණගාටු දායක කරුණකි. මෙම අධ්‍යනයේ අරමුණ වන්නේ, දේව සේවකයාගේ ජිවිතයෙහි සතුරා විසින් ඔහුව මළපතකට පත් කිරිමට සොයා ගන්නා  දුර්වල ස්ථාන ගැන අවධානයට යොමු කිරිමය.

 යම් දේව සේවකයෙකුගේ දේව සේවය වර්ධනයවී එක්වර එම නැගීම වෙනුවට වැටීමක් සිදුවීම කෙතරම් කණගාටු දායකද? සැබවින්ම මෙය සිදු නොවිය යුත්තකි. දේව සේවකයා වඩාත් අත්දැකිම් බහුල වන  විට වඩාත් ප‍්‍රගුන, ප‍්‍රවීන, පළපුරුදු අයෙකු  විය යුතුය. ඔහුගේ ඇදහිල්ල උසස් මට්ටමකට වර්ධනය  විය යුතුය. ඔහු මහත් ජයග‍්‍රහණයක් ලබා ගත යුතුය. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙකු දෙවියන්වහන්සේ සදාකාල තේජසට කැඳවන තුරු ඔහු උසස් සේවා මට්ටමක රැදී සිටිය යුතුය

එය දානියෙල්ගේ ජිවිතයේ සිදුවු අකාර විය යුතුය. රජවරු රජ විය. ඔවුන්ගේ රජකම නිම විය. රාජ්‍යයන් ඇතිවිය. නැති විය. නමුත් දානියෙල්ගේ  සඵලවත් සේවය සිය වසක් පුරා පැවතුනි.  එම කාලය තුල ඔහු එදා පැවති දර්ශනය පාලනය කරන ලදි. ඔහුගේ යාච්ඤාවන් කරණකොටගෙන තම ජනයාවු ඊශ‍්‍රයෙල් නැවත ජේරුසලමේ ප‍්‍රතිස්ථාපනය කරනලදි.


ලෝකයේ පව් දුරු කිරිමට පැමිණෙන මිදුම්කරුවාණන් ගැන දර්ශණය දානියෙල්ට ලැබුනි. නැවතද එම  මිදුම්කරුවාණන් සදාකාල රාජ්‍ය පිහිටුවීමට මහිමයෙන් පැමිණිමේ දර්ශනය දානියෙල්තුමාට ලැබුනි. දානියෙල්ගේ ජිවිතය ඉතා අනර්ඝ දෙවියන්නහන්සේගේ මනුෂ්‍යයෙකුගේ ජිවිත ආදර්ශයකි. ඔහුගේ  ජිවිතය මුළුල්ලේ ඔහුගේ ආත්මික බලයේ හීනතාවයක් නොවීය.

Friday, November 30, 2018

" හිමිදින " කිතුනු ඒකාංගික ටෙලි නාට්‍යය

" හිමිදින " කිතුනු ඒකාංගික ටෙලි නාට්‍යය රූගතකිරීම් අතරතුරදී  ( 2018 - 11 - 28 )  වැල්ලවත්ත




" හිමිදින " කිතුනු ඒකාංගික ටෙලි නාට්‍යය

" හිමිදින " කිතුනු ඒකාංගික ටෙලි නාට්‍යය රූගතකිරීම් අතරතුරදී  ( 2018 - 11 - 28 )  වැල්ලවත්ත


" හිමිදින " කිතුනු ඒකාංගික ටෙලි නාට්‍යය

" හිමිදින " කිතුනු ඒකාංගික ටෙලි නාට්‍යය රූගතකිරීම් අතරතුරදී  ( 2018 - 11 - 28 )  වැල්ලවත්ත



" හිමිදින " කිතුනු ඒකාංගික ටෙලි නාට්‍යය

" හිමිදින " කිතුනු ඒකාංගික ටෙලි නාට්‍යය රූගතකිරීම් අතරතුරදී ( 2018- 11- 28 ) වැල්ලවත්ත



Monday, November 19, 2018

Prayer for Revival in SRI LANKA


ශ්‍රී ලංකාව උදෙසා පිබිදීමේ යාච්ඤා රැළිය

ශ්‍රී ලංකාව පිළිබඳව දෙවතාවක් ඉතා ප්‍රබල ආනාගතවාක්‍යන් ( සුනාමිය පැමිණීම )පැවසූ  අනාගතවාක්‍යයේ ආලේපලත් බලවත් දේවගැතිවරයෙකුවන රේ හියුස් දේවගැතිතුමන් සහභාගීවන ශ්‍රී ලංකාව උදෙසා පිබිදීමේ යාච්ඤා රැළිය, 2018 දෙසැම්බර්මස 7,8, යන දිනතුළ,මාතර හා ජා ඇල යන ප්‍රදේශයන්හීදී පැවැත්වේ.


මේපිළිබඳ වැඩි විස්තර පහත නම් සඳහන් දේවගැතිවරුන්ගේ දුරකථන අංකවලට ඇමතීමෙන් ලබාගතහැක.

අන්තර් නිකාය පාලකවරුන්ගේ,නායකයන්ගේ හා ඇදහිලිවන්තයන්ගේ යාච්ඤා රැස්වීම

දෙසැම්බර් 7 මාතර සණස දේශන ශාලාව නූපේ හංදිය.
පෙ.ව. 9 සිට ප.ව. 4 දක්වා

දේවගැති සිසිර 077 162 1464  -  දේවගැති නිමල් 077 253 9702

දේවගැති මාර්ක් 077 790 9877  -   සහෝදර ඉන්ද්‍රජිත් 077 384 9792

දෙසැම්බර් 8  ජා - ඇල කල්වාරි මධ්‍යස්ථානය,16 දුම් රිය පාර,කපුවත්ත
පෙ.ව. 9 සිට ප.ව. 4 දක්වා

දේවගැති වීරසිංහ 077 253 9731 - දේවගැති ක්‍රිෂාන්තන් 077 631 3620

දේවගැති අජිත් සොලමන්ස් 072 486 1776

සංවිධානය - නවෝදය - NCEASL

About