Monday, August 11, 2014

ලකුණු ගහන්න අවස්ථාව ලැබෙන්න කියලා දෙවියන්ට යාඥා කළා – ඇන්ජලෝමැතිව්ස්



පකිස්තානයට එරෙහිව ඊයේ (ඉරිදා) අවසන් වූ තරඟයේ අවසන් පන්දු වාර 15ල බාධාවකින් තොරව ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස තමන් දෙවියන්ට යාඥා කරමින් සිටි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
 ර්‍ණයාඥා කරමින් සිටියේ මුළු වෙලාවෙම අපිට ගහන්න ලබෙයි කියලාල අවසන් පන්දුවාර 15 ” පකිස්තානය කඩුළු හතකින් පරාජය කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේය.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භයේ සිට ම වර්ෂාව ඇද වැටීමේ ලකුණු දක්නට ලැබුණු අතර පන්දු යවන්නන්ට මෙන්ම ශ්‍රී ලංකා පිතිකරුවන්ට වර්ෂාව සමග ද සටනක නිරත වීමට සිදු විය.
කෙසේ නමුත් වර්ෂාව ඇදහැලීමට විනාඩියකට පමණ පෙර තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.
 "ඕවර 5ක් තියෙද්දී විනිසුරුවන් කිව්වා මේක තමයි අන්තිම ඕවරේ කියලා. මෙතනින් එහාට අපිට ගහන්න බැහැ කියලාල ඉතින් මම යාඥා කළා කොහොම හරි මේ ලකුණු ගහන්න අවස්ථාව ලැබෙන්න කියලා”
 "අපිට වාසනාව තිබුනා. මම ජයග්‍රාහී ලකුණ ගත්තත් එක්කම වහින්න පටන් ගත්තා. අපි ඒකට දෙවියන්ට ස්තුති වෙන්න ඕනේ” ඇන්ජලෝ මැතිව්ස් තවදුරටත් පැවසීය.
මෙම ජයග්‍රහණය මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට කළ සේවයට ලබා දුන් තිළිණයක් බව පැවසූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා එම ජයග්‍රහණයට මූලිකත්වය දුන් රංගන හේරත් ගැන ද සදහනක් කිරීමට අමතක නොකළේය.
 "පසුගිය තරඟ තුනට පමණක් ඔහු පන්දු වාර 250 කට වඩා යවල තියෙනවාල ඔහුගේ දණහිස් දෙකත් එක්ක ඔහු විශාල කැපවීමක් කර තිබෙනවා. ඒ සේවය විශිෂ්ටයි.” ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කළේය.

2014/8/11 ReadSrilanka   Link

Monday, August 4, 2014

යහතින් අවසන් නම් යහපත්.

යහතින් අවසන් නම් යහපත්.
හොඳින් අවසන් නම්  හොඳයි.

              අපට වරද කළ අයට අප කමා කලාක් මෙන් අපේ වරදට අපට කමා වුව මැනවි (මතෙව් 6:12) කමා කිරිම යනු කෙනෙකු පාපයේ බරින් නිදහස් කරගෙන දෙවියන්වහන්සේ විසින් කෙනෙකු පත්වේයයි අපේක්ෂිත තත්වයට පත්වීම සඳහා නිදහස් අයෙකුවීමයි.

     1961 දී තරුණයෝ අතලොස්සක් ද්විතීය පාසැලකින් ස්වාමින්වහන්සේ වෙතට පැමිණියහ. එම කුඩා කණ්ඩායම එම ස්වාධින සභාවේ ආරම්භයට සහ උපකාරයටද ධර්ම දුතික සේවයටද උපකාරක කණ්ඩායම විය. මමද එම කණ්ඩායමේ අයෙක්වු අතර එම තරුණ කණ්ඩායම අතරින් 1968 බයිබල් විදුහලකින් උපාධි ලබා ගත් අයෙක්ද විමි.

           

දුර නොයනු මැන මා ලඟින්

දුර නොයනු මැන මා ලඟින්


දරා සෝගිනි වෙහෙසවී මහ මාවතේ දුක් වින්දෙමි
සොරෙකු මෙන් මා සැඟව සිටියෙමි නොකල වරදට සමිඳුනි. 

දෙමව්පිය සොහොයුරන් මා හැර ගිය බැවින් මා තනි වුනි. 
බැලූ සැම දසතකම සංකා හිස් බවින් කළකිරුනෙමි. 

පවුරු පදනම් වැටකඩොලූ බාධක යදම් බැද සිරවුනි. 
නැති නමුත් සතුරෙක් නසන්නෙක් පලා යන්නට සිදුවුනි. 


ඔබට එරෙහිව අකීකරුවු පාපයට කුළියක් ලොවේ 
ගෙවන්නට මා අපොහොසත් විය, කිසිදිනක මට හැකි නොවේ. 


About