Thursday, July 10, 2014

යේසුස් වහන්සේ නිතරම ඔබ සමගයි

දුර නොයනු මැන මා ලඟින්


දුර නොයනු මැන මා ලඟින්



දරා සෝගිනි වෙහෙසවී මහ මාවතේ දුක් වින්දෙමි
සොරෙකු මෙන් මා සැඟව සිටියෙමි නොකල වරදට සමිඳුනි. 

දෙමව්පිය සොහොයුරන් මා හැර ගිය බැවින් මා තනි වුනි. 
බැලූ සැම දසතකම සංකා හිස් බවින් කළකිරුනෙමි. 

පවුරු පදනම් වැටකඩොලූ බාධක යදම් බැද සිරවුනි. 
නැති නමුත් සතුරෙක් නසන්නෙක් පලා යන්නට සිදුවුනි. 


Wednesday, July 9, 2014

මැවීම්වාදයේ මිත්‍යාව සහ සත්‍යය- සම්මන්ත‍්‍රණය -අසේල ගුණරත්න.

මැවීම්වාදයේ මිත්‍යාව සහ සත්‍යය- සම්මන්ත‍්‍රණය

මැවීම්වාදයේ මිත්‍යාව සහ සත්‍යය යනුවෙන් සංවාදශිලී සම්මන්ත‍්‍රණයක් පසුගියදා කොළඹ බොරැුල්ල කොටා පාරේ පිහිටි ආචාර්්‍ය ඇන් ඇම් පෙරේරා අනුස්මරණ කේන්දායේදී පැවැත්විනි. 

කිතුණු ජනමාධ්‍ය සහ ජනසංනිවේදන පදනම මඟින් සංවිධානය කරන ලද එම සම්මන්ත‍්‍රණ  මාලාවේ ප‍්‍රධාන ආරාධිත දේශකතුමා වුයේ කැනඩාවේ බි‍්‍රටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයට අනුබද්ධ රීජන්ට් දේවධර්ම විද්‍යාලයෙන් කිතුණු අධ්‍යයන පිළිබඳ ශ‍්‍රාස්ත‍්‍රපති උපාධිධාරියෙකු වන දශකයකට අධික කාලයක සිට කොළඹ දේව ධර්ම ශ‍්‍රාස්ත‍්‍රාලයේ කිතුණු දේවධර්මය හා ඉතිහාසය විෂයන් උගන්වන, එමෙන්ම එම ශ‍්‍රාස්ත‍්‍රාලයේ වර්තමාන උපවිදුහල්පති ධූරය හොබවන ප‍්‍රබෝ මිහිඳුකුලසූරිය මහතාය. 

සර්වබලධාරි දෙවියන්වහන්සේ කෙනෙක් දින හයකින් මුලූ විශ්වයම මැව්වාද? බයිබලයේ මැවීම් කතාවේ සැබෑ අරුථ කුමක්ද? මැවීම් පුවත මානව ශිෂ්ඨාචාරයට කේන්දාිය වන්නේ ඇයි?  වෙන්වු මාතෘකා කිහිපයක් ඔස්සේ ප‍්‍රබෝ මිහිඳුකුලසූරිය මහතා තම දේශනය පැවැත්විනි.

දේශනයේ අවසානයේ එහි අන්තර්ගතය ඒ පිළිබඳව සංවාදය පැවැත්වින. එහිදී අපොස්තලික සභාවේ ජේෂ්ඨ දේවසේවක බැසිල් ප‍්‍රනාන්‍දු, වෙරිටේ රිසර්ච් අධ්‍යක්ෂ නිශාන් ද මෙල් සහ දේශපාලන විශ්ලේෂක හා කථිකාචාර්්‍ය සුමිත් චමින්ද යන අය තම අදහස් පළ කර සිටියහ. 

අසේල ගුණරත්න.


මෙතොදිස්ත සභාවේ 200 වැනි සංවත්සරය

තවත් ආගමක් හෙළා දැකීම තමන්ගේ ආගමට කරන නිග්‍රහයක්

අන්තවාදීන් තමන්ගේ ආගමටවත් සාධාරණයක් ඉටු කරන්නේ නැහැ

ගාල්ල කොටුව මෙතොදිස්ත දේවස්ථානය ප්‍රතිසංස්කරණය කැර නැවත භාර දීමේ උත්සවයේ දී ජනපති කියයි
ආගම නිසි ලෙස අදහන කෙනා සාධාරණ සහ යුක්තිගරුක විය යුතුයි
අන්‍යාගමිකයන් නුරුස්සන ජනතාවක් සිටින බව පෙන්වීමට උත්සාහයක්
ආගමික සංහිඳියාව මේ මඟින් ලොවටම පෙන්වන්න හැකි වෙනවා
තවත් කෙනකුගේ ආගමක් හෙළා දැකීම හෝ ඊට විරුද්ධව වැඩ කිරීම තමන්ගේ ආගමට කරන නිග්‍රහයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කෙළේ ප්‍රතිසංස්කරණය කෙරුණු ඵෙතිහාසික ගාල්ල කොටුව, මෙතොදිස්ත දේවස්ථානය නැවත භාර දීමේ අවස්ථාවට ඊයේ (4) එක් වෙමිනි.
දේවස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා සමරු ඵලකය නිරාවරණය කරමින් දේවස්ථානය යළි දේව ගෞරවයට කැප කෙළේය. ශ්‍රී ලංකා මෙතොදිස්ත සභාවේ 200 වැනි සංවත්සරය නිමිත්තෙන් ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම මත රුපියල් ලක්ෂ 40කට අධික මුදල් වැය කැර දේවස්ථානය ප්‍රතිසංස්කරණය කෙරුණේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙනි .
අනතුරුව දේවස්ථානයේ පැවැති විශේෂ දේව මෙහෙයට සහභාගී වූ ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණක් ද ප්‍රදානය කෙරිණි.

About